01 April, 2017

රට පුරාම වෛරස් උණ…! අසනීපෙන් බේරෙන්න උපදෙස් මෙන්න..!

Swine Flu Diseases Masks Germs

මේ දිනවල දිවයින පුරාම ව්‍යප්තව ඇති උණ සහ සෙම්ප්‍ර‍තිශාව A H1N1 වෛරසය ඇතුළු රෝග කාරක කිහිපයක් හේතුවෙන්ම ඇති වන බව ළමාරෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

මේ දිනවල කිවිසුම් යෑම, සොටු දියර ගැලීම, උණ යන රෝග ලක්ෂණ පහල වන්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවන ලෙස පවසන විශේෂඥ වෛද්‍යවරයා රෝගය බෝ වීම අවම කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග කිහිපයක් සිහිපත් කළා.

නිතරම දෑත් හොඳින් සෝදා පිරිසිදුව තබා ගැනීම, ලේන්සු වෙනුවට ටිෂූ භාවිතය සහ එ්වා නිසිපරිදි ඉවත් කිරීම, කිවිසුම් යනවිට අත්ල නාසයට ළං කිරීම වෙනුවට වැලමිට පෙදෙසින් නාසය ආවරණය කර ගැනීම ඉන් ප්‍ර‍ධාන වනවා. කුඩා දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ ළදරු පාසල් වැනි පොදු පරිසරයන්ට යොමු කිරීම හැකිතාක් අවම කරගන්නා ලෙසද දීපාල් පෙරේරා මහතා පවසනවා.

එමෙන්ම වයස අවුරුදු 02ට අඩු දරුවන්, වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් සහ ගැබිණි මව්වරුන් මෙවැනි උණ රෝගී තත්වයකට ගොදුරුව ඇතිනම් ඒ සම්බන්ධයෙන් වඩාත්ම සැලකිළිමත්වන ලෙසයි පෙන්වා දෙන්නෙ. (nethgossip)

ටීම් එකට තේරෙන්න නම් බිරිඳ හරි පෙම්වතිය හරි දෙන්න වෙනවා

slcricket-03

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය යනු කාලෙන් කාලෙට විවිධ රස පුවත් මවන කතන්දර ලෝකයක්.

එම ආයතනය දෙසින් වාර්තා වන පුවත්වල වැඩි වශයෙත්ම ගෑවී ඇත්තේ ලිංගිතත්වය වීම විශේෂත්වයක්.

මේ කාළයේ වාර්තා වන මේ පුවත කි‍්‍රකට් තේරීම් කමිටුවේ ඉන්නාවු ඉහළ නිළධාරියෙකු සම්බන්ධවයි.

ඔහු කණ්ඩායමට කී‍්‍රඩකයින් ඇතුලත් කිරීමට තරඟ මුදලින් හරි අඩක්, ක‍්‍රීඩකයාගේ බිරිද හෝ පෙම්වතිය ඉල්ලා සිටින බව මේ වන විට වාර්තා වනවා.

මේ දිනවල කණ්ඩායමෙන් කැපී සිටින ක‍්‍රීඩකයින් පිරිසක් විසින් මේ බව අනාවරණය කරනු ලබන අතර ඔවුන් මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩා ඇමතිට පැමිණිළි කිරීමට ද සූදනම්බව සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙකු ද වන මෙම තේරීම් කමිටු සාමාජිකයා කාන්තාවන්ට හා මුදල් වලට දැඩි ලොල් කමක් ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ.

ඔහු තරුණ ක‍්‍රීඩකයින්ගෙන් මෙම ඉල්ලීම සිදු කරන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කර සිටිනවා.

මම හිතින් මුතූට ආදරය කරනවා

Dasun Nishan de Silva-Interview-31-03-2017

• දසුන් කාර්යබහුලයි වගේ?
ඔව්. මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි.

• ඔච්චර කාර්යබහුල වෙන හේතුවත් කියමු?
මේ දවස්වල ලිලන්ත කුමාරසිරිගේ මුතුමාලි ටෙලිනාට්‍ය වගේම 'කවුරුන්ද නුඹ මගේ', 'පැහැසරා' කියන නාට්‍ය විකාශය වෙනවා. දෙරණ නාළිකාවෙන් කරන 'ස්ටාර් සිටි' වැඩසටහන එක්කත් කාර්යබහුල වෙලා හිටියා.

• දැන් දසුන් වැඩිපුර පේන්න ඉන්නේ වැඩියෙන් වැඩ ලැබෙන නිසාද?
වැඩ කරන්න ගත්ත දවසේ ඉඳන්ම මට ඉල්ලුම තිබුණා. මම හිමින් ගමනක් යන්න කැමැතියි. එක වතාවකට එක නාට්‍යයයි මම කරන්නේ. නමුත් හිතුවේ නැති විදියට නාට්‍ය තුනක් එකපාර විකාශය වෙන්න ගත්තා. ඒකෙන් වාසියකුත් වෙන්න පුළුවන්, අවාසියකුත් වෙන්න පුළුවන්.

• වැඩි නිර්මාණ ප්‍රමාණයක එක පාර පේන්න ඉද්දී දසුන්ට ඔය තියෙනවා කියන වාසියි - අවාසියි මොනවද?
වාසිය තමයි ජනප්‍රියතාව වැඩි වෙන එක. හැබැයි වැඩිපුර පේන්න හිටියම මිනිසුන්ට එපා වෙන්නත් පුළුවන්.

• සමහරු නම් නිතර පේන්න ඉන්න කැමැතියි. දසුන්ට හැම නාළිකාවෙම නිතරම පේන්න ඉන්න වුවමනාවක් නැද්ද?
මම වැඩිය පේන්න ඉන්න කැමැති නැහැ. මම කැමැති පාඩුවේ ඉන්න. කලාව වෘත්තිය විදියට තෝරා ගත්තට කැපී පෙනෙන චරිතයක් වෙන්න මම කැමැති නැහැ.

• මේ දවස්වල වැඩිපුර පේන නිසා ප්‍රතිචාරත් වැඩි ඇති?
කොහේ ගියත් මට ප්‍රතිචාර තියෙනවා. දැන් ගොඩක් අය අහනවා වැඩිපුර පේන්න ඉන්නවා නේද කියලා... වැඩිපුර පේන එකේ වරදක් නැහැ. හැබැයි ඉතින් අපි වැඩිපුර පේන්න ඉද්දීත් අගයක් නැති වෙනවා තමයි.

• දසුන් එකට වැඩ කරන්න කැමැති රංගන ශිල්පිනියන් කවුද?
මම එකට වැඩ කරන්න ආසම රංගන ශිල්පිනියන් දෙන්නෙක් ඉන්නවා. ඒ දිනක්‍ෂි සහ ශලිනි.

• මේ දවස්වල ශලිනිට නම් පෙම් කරනවා නේද?
ශලිනිට කෙසේ වෙතත් මම මුතූට ආදරේ කරනවා. 'මුතුමලි' ටෙලි නාට්‍යයේ ශලිනි නිරූපණය කරන්නේ මුතුගේ චරිතය. ඉතින් මම මුතූට තමයි හිතින් ආදරේ කරන්නේ.

• ක්‍ෂේත්‍රයේ ආදර සම්බන්ධතා ගොඩනැඟෙන ඇයිහොඳයියක් දසුන්ට ඇතිවෙලාම නැද්ද?
මම හැමෝම එක්ක ආශ්‍රය කරනවා. හැබැයි ප්‍රේම සම්බන්ධතා තරම් දුරදිග ගිය ඇයිහොඳයියක් නම් නැහැ.

• හැබැයි කොහේ හරි හිතගියපු කෙනෙක් ඇතිනේ?
හිත ගියපු කෙනෙක් ඉන්නවා. ඒ හිත ගියපු තැන හිත දන්නවා.

• දැන් පුංචි තිරයටම සීමාවෙලා ඉන්නද කල්පනාව?
නැහැ. මම ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්‍ෂණය රපු දේදුණු ආකාසේ චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒක ඉදිරියේදී තිරගත වෙයි. තව චිත්‍රපට දෙක තුනකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒවා තාම ස්ථිර නැහැ.

• ඒ කියන්නේ දසුන් ඉදිරියේදී සිනමාවෙනුත් දිගටම දකින්න ලැබෙයි?
රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියකගේ අවසාන අරමුණ තමයි සිනමාවට යන එක. කෙනෙක්ට කෙළින්ම සිනමාවට ප්‍රවිශ්ට වෙන්න අමාරුයි. මමත් පුංචි තිරයට ආවේ සිනමාවට යන්නත් බලාපොරොත්තුවෙන්. ඉතින් මට වැඩ පෙන්වන්න පුංචි තිරය මුලින්ම හොඳයි කියලා හිතුවා.

• සිනමාවේ මාකට් එකක් හදාගෙන ඉන්න රොෂාන්, හේමාල්ගේ තැන දසුන්ටත් හදාගන්න පුළුවන්ද?
ඒකට තමයි උත්සාහ කරන්නේ. අනිවාර්යයෙන්ම දවසක මම ඒ තැන හදාගන්නවා.

• ගේමක් දෙන්නද ලෑස්ති වෙන්නේ?
මම මේ වෙනකල් කාටවත් ගේම් දීලත් නැහැ. ගේම් දෙන්නෙත් නැහැ. විවිධ පරාසවල රංගන ශිල්පීන් ක්‍ෂේත්‍රයට බිහිවෙන්න ඕන. එතකොටයි ක්‍ෂේත්‍රය දියුණු වෙන්නේ. අලුත් දේවල් නිර්මාණය වෙන්නේ.

• වේදිකා නාට්‍යවලට ආයෙත් සම්බන්ධ වුණේ නැද්ද?
දමයන්ති ෆොන්සේකාගේ ගාස්තුව කීයද? වේදිකා නාට්‍යයට මම සම්බන්ධ වුණා. වේදිකාවට ආසයි. නමුත් කාර්ය බහුලත්වය එක්ක අලුත් නිර්මාණයකට සම්බන්ධ වෙන්න බැරි වුණා. හොඳ අවස්ථාවක් ලැබුණොත් හැමදේම පැත්තකින් තියලා වේදිකා නිර්මාණයකටත් සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

පොළොන්නරුවේ ඉහළ යන පිරිමි අසහනය - "ස්ත්‍රී දූෂණ 63 යි" - 10 ක් ම 16 ට අඩු දැරියන්

father-rape-daughter

පසුගිය 2016 වර්ෂය තුල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ත්‍රී දූෂණ 63 ක් වාර්තාවී ඇති බව පොළොන්නරුව කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය පවසනවා.

ඒ අතරින් 10 දෙනෙක්ම වයස අවුරුදු 16 ට අඩු දැරියන් වන අතර අනෙතුත් 53 දෙනාගෙන් 49 දෙනෙක්ම දූෂණයට ලක්වී ඇත්තේ ප්‍රේම සබදතා මත සිදුවූ සිද්ධීන්ගෙන් බවයි වාර්තා වන්නේ.

පසුගියදා දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවති විදුහල්පතිවරු දැනුවත් කිරීමේ වැඩසටහනකදී මෙම තොරතුරු අනාවරණය කළේ පොළොන්නරුව කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක විනිප්‍රීඩා සංජීවනී මහත්මිය විසිනුයි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය පැවසුවේ දෙමව්පියන්, වැඩිහිටියන් හා ගුරුභවතුන් දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් මීටත් වඩා උනන්දුවෙන් කටයුතු කළහොත් ඉදිරියේ මෙම තත්ත්වය ඉතා අවම කරගත හැකිබවයි.

රන්පුහුලාව නම් සොඳුරු ඉසව්ව


ලෝකයාගෙන් වසන් වූ කැලෑවක් මැද පිහිටි ඓතිහාසික උරුමයක් ඇතැයි සැලකෙන සුන්දර ඉසව්වක් දැක බලා ගැනීමේ අවස්ථාවක් පසුගිය දිනෙක අප හට උදාවිය.

දුන්හිද දියඇල්ලට නෑකම් කියන බදුලු ඔයේ අවසන් භාගයේ පිහිටි රන්පුහුලාවල මේ අපූරු ඉසව්වයි.

බදුල්ල මහියංගණ මාර්ගයේ බදුල්ල සිට කිලෝමීටර් 16ක් පමණ ගමන් කළ විට හමුවන ගල්ගේලන්ද හංදියෙන් වම්පසට වැටී, බදුලු ඔයට සමාන්තරව දිවෙන පරණ නුවර නම් වූ පටු මාර්ගය ඔස්සේ කිලෝමීටර් දහයක් පමණ ගමන් කිරීමෙන් මෙම ස්ථානය වෙත පැමිණිය හැකිය.

එසේත් නැතහොත් කන්දකැටිය, මාලියද්ද මාර්ගයේ වැවැතැන්න පාසැල ආසන්නයෙන් දිවෙන අලියාවැටුණුතැන්න මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගමන් කිරීමෙන්ද මෙම ස්ථානය වෙත පැමිණිය හැක.

මෙම කුමන මාර්ගයක පැමිණියත් ගමනේ යෙදෙන්නන්ට මාර්ග දුෂ්කරතා විඳගෙන මෙම ඉසව්ව කරා ළඟාවීමට සිදුවන අතර, ජීප් රථ, ත්‍රිරෝද රථ, යතුරුපැදි ආදිය ගමන සඳහා බෙහෙවින්ම යෝග්‍ය වන බවද කිවයුතුම කරුණකි.

එතරම් උස් නොවූවත් මනරම් දසුනක් මවාපාමින් ඇදහැලෙන සුන්දර දියඇල්ලකින් සේම අක්කර ගණනාවක් පුරා පැතිර ගිය නිල් ජලය රැඳි සුවිසල් තටාකයකින්ද, තවත් පරිවාර ජල තටාක රැසකින්ද සමන්විත වූ රන්පුහුලාවල සොබාදහමේ අපූරු දායාදයකි.

කලකට පෙර බදුල්ල සිට මහනුවර දක්වා ඉදිවී තිබූ ප්‍රධාන මාර්ගයක්ද මේ ආසන්නවම ගමන් ගන්නා අතර, අද වන විට එය දැඩි සේ අබලන්ව අඩි පාරක තත්ත්වයට පත්ව ඇති අයුරු මේ ගමනේදී දැකගන්නට ලැබේ.

මෙම මාර්ගයේ පිහිටීම නිසාම මෙම ස්ථානයේ කිසියම් ඓතිහාසික බවක් ගැබ් වී ඇතැයි ගැමියන් තුළ පවත්නා විශ්වාශයද අපට කිසිසේත් බැහැර කළ නොහැක.

පුහුලක හැඩය ගත් විශාල ජල තටාකයත්, එහි පිහිටි වතුර වළෙන් විටෙක මතුවෙතැයි කියන රන් පුහුලක් නිසාත් මෙම ස්ථානයට මේ නම ලැබී ඇතැයි ප්‍රදේශයේ තරුණයෙකු වූ ඩී.එම් දිසානායක පැවසීය

ප්‍රදේශයේ ජනතාව රන්පුහුලාවල ගැන දක්වන්නේ අසීමිත බියකි. වසරකට වරක්වත් මෙම ස්ථානයේ මිනිසෙකු බිලිගන්නා බවද අවට ගම්වල ජනතාව පවසති.

ඩී.එම් දිසානායක තවත් විස්තර රැසක්ම අප හා පැවසීය.



''මෙතන තියෙන විශාල වළේ නිධානයක් තියෙනවලු. ඒ වගේම කාලෙකට සැරයක් මෙතනින් රත්තරන් පුහුල් ගෙඩියක් උඩ එන බවත් එය ගන්නට ගිය කීපදෙනෙක්ම මේ වළට වැටිලා මිය ගිය බවත් අපේ සීයලා අපිට කියල තියෙනවා. මේ වළට වැටෙන විශාල වතුර පාර යන තැනක් පේන්න නැහැ. ඒ නිසා මේ වළට වැටුණොත් ගොඩ එන්න විදිහකුත් නැහැ.

හුඟදෙනෙක් මෙතෙනට එන්නේ බයෙන්. මෙතන බිලිගන්නවා කියල ගොඩදෙනෙක් විශ්වාස කරනවා. මේ ගල්තලාවේ හැමතැනම එක එක ප්‍රමාණයේ විශාල වළවල් තියෙනවා. ඒක ස්වාභාවික පිහිටීමක් කියල කියන්න අමාරුයි. මේවා කවුරු හරි ඉස්සර හාරපුව කියල තමයි හුඟදෙනෙක් කියන්නේ.

ඒ වගේම මේ ගලේ උඩහ පැත්තේ මිනිස් පා සටහන් වගයක් කොටල තියෙනවා. එහෙම කොටල තියෙන්නේ කාට හරි යන්න පහසු වෙන්නයි. මේ අඩි පාරවල් වල හැටියට ඉස්සර කාලේ විශාල පිරිසක් මේ ස්ථානය හරහා කොහේ හෝ ගමන් කර ඇති බව තමා හිතන්න තියෙන්නේ''

රන්පුහුලාවල අවට කොතරම් ගුප්ත බවක් ගැබ්වී තිබුණද එහි ඇති සුන්දරත්වයද අපමණය. සුන්දර ගල්තලාව, එහි හැපී ගලා වැටෙන දිය දහරවල්, තැන තැන පිහිටි කුඩා ජල තටාක, අවට පරිසරයේ පිහිටි ගහකොළ , එම ගහකොළ අතර සැරිසරණ අනේක විද විහඟුන් මේ පරිසරයට එක් කරන්නේ අපූරු සුන්දරත්වයකි.

වචනයෙන් කිසි ලෙසකත් වැනිය නොහැකි මේ සුන්දර ඉසව්ව බදුලු පුරවරයට පැමිණෙන ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බව මෙහි පැමිණියහොත් ඔබට සිතෙනු නොඅනුමානය.

මෙහි පැමිණෙන්නේ නම් ඔබට දිය යුතු උපදෙසක් තිබේ. ඉඳහිට පිරිසක් මෙහි පැමිණියද තවමත් මෙම පරිසරයට ඔවුන්ගෙන් කිසිදු හානියක් සිදුවී නැත. පොලිතීන් කැබැල්ලක්, වීදුරු බෝතලයක් හෝ මිනිසුන් රැගෙන එන කිසිදු දෙයක් මේ පරිසරයේ තවමත් දක්නට නොමැත. ඒ තත්ත්වය ඉදිරියටත් සුරැකීම ඔබගේද යුතුකමකි.

එසේම මෙහි ඇති ඇතැම් ගල්තලා මෙන්ම වතුර වළවල් මත ගමන් කිරීම අතිශය අනතුරුදායකය. ඒවා මගහැර ආරක්ෂිතව රැඳී සිටින්නට, දිය නාන්නට ඕනෑතරම් ස්ථාන මෙහි ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වීමට ඔබ තරයේ වග බලාගත යුතුය.










එන්.කේ නිශ්ශංක මීගහකිවුල - ada.lk

දික්වැල්ල සහ මෙන්ඩිස් හදිසියේම පන්නල! (Photos)

” මේ නංගිලා මල්ලිලා කවුරුත් හිතන්න එපා අපි ප්‍රධාන පාසලක ලමයි නෙවෙයි කියලා. තමන්ගේ පාසල ලොකු තැනකට ගේන වැඩේ පටන් ගන්න. ගමනක් නිම කරනවාද කියන එක තීරණය වෙන්නේ අපි ගමන පටන් ගන්නවා ද කියන එකෙන්. ඔයාලා දැන් ගමනක් පටන් ගන්න හදනවා. ඒක ජය වෙන්න කියලා අපි හැමෝම සුබ පතනවා.”

නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි යොවුන් පිතිකරුවා මෙම අදහස් පල කලේ පන්නල ජාතික පාසලේ පැවති උත්සවකට ඊයේ සහභාගී වෙමිනි.

පන්නල ජාතික පාසල සහ එහි ආදි ශිෂ්‍ය සංගමය එක්ව ඊයේ මෙම සුවිශේෂි උත්සවය සංවිධාන කර තිබිණ. ඒ ලබන 04 වැනිදා හලාවත ආනන්ද විද්‍යාලය සමගින් තමන් සහභාගී වන පලමු විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරගයට සහභාගී වන පන්නල ජාතික පාසල් ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතීම වෙනුවෙනි. මෙම අවස්ථාවට හදිසියේ සහභාගී වූ ක්‍රිකට් තරු කිහිපයක් නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම දරුවෝ ද විමතියට පත්වුහ. එසේම එය ඔවුන්ගේ මහත් ප්‍රබෝධයට ද හේතු වූ බව පෙනෙන්නට තිබිණ.

මෙලෙස එම ස්ථානයට පැමිණියේ අජන්ත මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ලංකා ද සිල්වා ( ශ්‍රී ලංකා ක්‍රිකට් දක්ෂතා කලමණාකරු), දර්ශන ගමගේ ( ජාතික වේගපන්දු සංචිතයේ පුහුණුකරු) ඇතුළු කිහිප දෙනෙකි. පාසලේ 99 සහ 2002 ආදි සිසු කණ්ඩායමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ පැමිණීම සටහන් විය.

එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයකු වන ශ්‍රී ලංකා A කණ්ඩායමේ අභ්‍යාසක ඩිල්ෂාන් ෆොන්සේකා මේ සදහා මූලිකව ක්‍රියා කර තිබිණ. ඩිල්ෂාන්ගේ පන්ති සගයෙකු වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා මානසික අභිප්‍රේරකයා ලෙස සැලකෙන භාතිය අර්ථනායක මෙම උත්සවය සංවිධාන කිරීමට වඩාත් උනන්දු වී තිබුණේ එය ක්‍රීඩකයින්ගේ මානසිකත්වය උපරිම තලයට ඔසවා තබන බවට පූර්ව විශ්වාසය පෙරදැරිවය.

“ඔයාලා සෙල්ලම් කරන්නේ මොන පාසලටද කියන එක අදාලම නෑ. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතා කුඩා පාසලේ ඉන්න දක්ෂතා ඇති දරුවන් පවා උඩට ගේන්න වැඩක් හදලා තියෙනවා. ගහන ක්‍රිකට් එක උපරිමයෙන් ගහන්න. ඔබවත්, ඔබේ පාසලත් උඩට ගේන්න ඒකෙන් පුළුවන්”. හිටපු ටෙස්ට් ක්‍රීඩක ලංකා ද සිල්වා මහතා සභාව අමතමින් කීවේය.

පන්නල ජාතික පාසල් කණ්ඩායමේ නිල ඇදුම වෙනුවෙන් මොබිටෙල් අනුග්‍රහය ලැබී තිබේ. එය මෙම අවස්ථාවේදී එලිදක්වනු ලැබිය. අජන්ත මෙන්ඩිස්ගේ හා දික්වැල්ල අතින් ක්‍රීඩකයින්ට ක්‍රීඩා භාණ්ඩ බෙදාදිමක් ද සිදුවිය. උත්සවයෙන් අනතුරුව ඔවුන් පන්නල ජාතික පාසල් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු සැසියක් නිරීක්ෂණය කල අතර ක්‍රීඩකයින්ගේ වැරදි නිවැරදි කර ගැනීමට උපදෙස් ද ලබා දුන්හ.

ක්‍රිකට් ජනප්‍රිය කිරීම සදහා ක්‍රීඩකයින් මෙලෙස ස්ව කැමැත්තෙන් ජනතාව අතරට පැමිණීම අගය කල යුුුතුය. උත්සවය අවසානයේ ඔවුන්ට ජායාරූප ලබා ගැනීම සදහා දරුවන්ගේ ඉල්ලුම නිමක් නොවූ අතර, දික්වැල්ල මෙන්ම මෙන්ඩිස්ද දරුවන්ගේ ඒ ඉල්ලීම්වලට කිසිදු වෙහෙසකින් තොරව මුහුණ දුන්නේ සිහ නිහතමානීකම සිනහවෙන් හුවා දක්වමිනි.

Dikwella-Mendis-At-Pannala-01

Dikwella-Mendis-At-Pannala-02

Dikwella-Mendis-At-Pannala-03

Dikwella-Mendis-At-Pannala-04

Dikwella-Mendis-At-Pannala-05

Dikwella-Mendis-At-Pannala-06

Dikwella-Mendis-At-Pannala-07

“වස්ති” අනුෂ්ක සහ දසුන් පතිරණ අතර සමලිංගික සම්බන්ධයක්? (Photos)

Anushka-Udana-Liyanage-Relationship-Dasun-Pathirana

නව පරපුරේ නිශ්පාදන කණ්ඩායමක් වන “වස්ති” හි ප්‍රධානතම හවුල්කරුවකු වන අනුෂ්ක උදාන සහ රංගන ශිල්පී දසුන් පතිරණ අතර අනියම් සම්බන්ධයක් පවතින බවට ෆේස්බුක් මාධ්‍ය ජාලය හරහා කට කතාවක් පැතිර යමින් තිබෙනවා.

ඒ අනුෂ්ක උදාන විසින් සිය ෆේස් බුක් ගිණුමේ In a relationship with Dasun Pathirana යනුවෙන් සම්බන්ධතා සටහනක් පළ කිරීම නිසා.

බොහෝ දෙනෙක් ඒ Relationship Status එකට සමලිංගික පෙමක් ඇත්ද යන්න විමසමින් අදහස් පළ කර තිබෙනවා.

නමුත් ඔවුන් දෙදෙනා එක්ව යම් නව නිර්මාණයක් කිරීමට සූදානමක් පවතින බැවින් මෙලෙස Relationship Status එකක් පල කරන්නට ඇති බවටද ඔහුට සමීප හිතවතෙකු අප සමඟ ප්‍රකාශ කලා.

අනුෂ්කගේ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.

Anushka-Udana-Liyanage-Relationship-Dasun-Pathirana-Vasthi

ඉදිරි මැතිවරණයට ඉරාජ් "යූඑන්පි" යෙන් - ජයග්‍රහණයෙන් පසු "ගිනියම් රෑ" වැනි අළුත් වෙනසකට පොරොන්දු

Iraj April 1st Status

මේ ඉරාජ් සිය නිළ ෆේස්බුක් ගිණුමට එක්කරමින් පවසා ඇත්තේ ඉදිරියේදී තමන් මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය ලබාගැනීමෙන් පසු ගිණියම් රෑ වැනි වෙනස් ගීත බොහොමයක් රසිකයන් වෙනුවෙන් ඉදිරිපත්කරන බවත් ඉරාජ් එම සටහනිනන් දන්වා තිබෙනවා.

අදාළ සටහන පහතින්.

පුරුෂ ලිංගයක් සහිත උමං දුම්රියේ ආසනය (Video)

mexico Subway train seat with manhood

මෙක්සිකෝ නගරයේ උමං දුම්රියක හදිසියේම අමුතුම මාදිලියේ ආසනයක් සවි කර තිබෙනවා.

ඒ එක් ආසනයක පුරුෂ ලිංගයක් සහ පුරුෂයකුගේ පපුව විදහා දැක්වෙන අයුරින් නිර්මාණය කර තිබීම නිසායි.

නගරයේ බලධාරීන් උමං දුම්රියේ “පුරුෂයන්ට පමණක්” වෙන් වූ එම ආසනය සවිකරනු ලැබුවේ පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් මුහුණදෙන ලිංගික අතවර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ බලාපොරොත්තුවෙන්.

“මෙහි අසුන් ගැනීම අපහසු විය හැකිය,” යනුවෙන් ආසනයට ඉහලින් සවිකරන ලද දැන්වීමක සටහන් වී තිබෙනවා.

එහෙත් ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් දිනපතා මුහුණදෙන ලිංගික ප්‍රචණ්ඩත්වයට සාපේක්ෂව මෙය නිර්මාණය කර ඇති අතර මෙම ආසනය උමං දුම්රියේ ස්ථිරව සවි කිරීම බලධාරීන්ගේ බලාපොරොත්තු නොවන බවත් සඳහන්.

එය, පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාව මුහුණදෙන ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳවදැනුවත් කිරීමේ අරමුණින් තාවකාලිකව එය සවිකරනු ලැබුවේ කාන්තාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UN Women) සහ මෙක්සිකෝ නගර බලධාරීන් විසින්.

එහෙත් මෙක්සිකෝවාසීන්ගෙන් එයට පළ වූයේ මිශ්‍ර ප්‍රතිචාරයක්.

ගතවගිය දින දහය ඇතුලත මෙම ආසනය පිළිබඳ වීඩියෝවක් ලක්ෂ හතකට අධික පිරිසක් නරඹා තිබෙන අතර, ඇතැමුන් එම අදහසට ප්‍රසංශා කළ නමුත් “පුරුෂෝත්තමවාදී” බව සහ පුරුෂයන්ට අසාධාරණයක්වන බව පවසමින් තවත් සමහරෙක් එය දැඩි විවේචනයට ලක් කර තිබෙනවා.

කෙසේවෙතත් මෙක්සිකෝවේ අගනුවර පොදු ප්‍රවාහන සේවාවන්හි කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කලක් මුළුල්ලේම පවතින්නේ යහපත් වාතාවරණයක් නොවන බවත් එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඉස්කෝලෙට ආ අගමැති එක්ක සෙල්ෆි ගන්න පොරයක් (Photos)

selfies with PM Ranil-01

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද හබරණ ඉසුරු ද්විතීක පාසලට පැමිණියහ.

ඒ ත්‍රීකුණාමලයේ පැවැත්වෙන් යොවුන්පුරය වැඩසටහනට සහභාගී වන අතරතුරයි.

මෙහිදී පාසලේ දරු දැරියන්ගෙන් මෙන්ම ගුරුවරුන්ගෙන්ද අග්‍රාමාත්‍යවරයාට උනුසුම් පිළිගැනීමක් ලැබිණ.එමෙන්ම අග්‍රාමත්‍යවරයා සමග සෙල්ෆි ඡායාරූප ගැනීමටද ඔවුන් අතර තිබුණේ පොරයකි.

මේ ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සිට ෆේස්බුක් පිටුවේ දමා තිබූ සටහනයි.

‘‘අද ත්‍රීකුණාමලයේ යොවුන්පුරය වැඩසටහනට සහභාගීවීමට යන අතරතුර හබරණ ඉසුරු ද්විතීක පාසලට යාමට අවස්ථාවක් ලැබුණා. එහිදී එම පාසලේ දරු දැරියන් හා ගුරුවරුන් සමග හෝරාවක පමණ කාලයක් ගත කළ අතර සෙල්ෆී ඡායාරූප සදහාද පෙනී සිටින්නට අවස්ථාවක් ලැබුණා.

කොළඹින් දුර බැහැර පාසල් වලද සිසු සිසුවියන්ගේ තාක්ෂණික හා අධ්‍යාපනික උනන්දුව මෙන්ම තොරතුරු තාක්ෂණය කෙරෙහි ඔවුන්ගේ ඇති නැඹුරුව මාගේ අවධානයට ලක් වූවා. ලෝකය තවදුරටත් හුදෙකලා වූ දුෂ්කර හෝ නාගරික නොවන, දැනුමෙන් දුරස්ථ ප්‍රදේශ යනුවෙන් වෙන්කළ නොහැකි තරමට තොරතුරු තාක්ෂණය දියුණු වී ඇති අතර එය තරුණ තරුණියන්ගේ, සිසු සිසුවියන්ගේ හා ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයක් බවට පත්වී තිබෙනවා. අප කළාපයේ රටවල් අතර ශ්‍රී ලංකාව එහි පෙරමුණේ සිටිනවා‘‘. (nethgossip)

selfies with PM Ranil-02

selfies with PM Ranil-03

සමුගැනීමට තිත තබමින් සංගක්කාර යළි ශ්‍රී ලංකා පිලට? – ඇත්ත කතාව මෙන්න

Kumar Sangakkara-08

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වත්මන් පසුබැසීම සැලකිල්ලට ගනිමින් කුමාර් සංගක්‌කාර මීළග තරගාවලියේ සිට කණ්‌ඩායමට එක්‌ කිරීමට තේරීම් කමිටුව කටයුතු කරමින් සිටින බව අද ප්‍රධාන පුවත් පතක් වාර්තා කර තිබිණ.

2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ක්‍රිකට්‌ පිටියට සමුදුන් කුමාර් සංගක්‌කාර යළිත් චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින තරගාවලියේ සිට ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට නියමිත බවත් එහිදි වැඩිදුරටත් අණාවරණය කර තිබුණි.

කෙසේ වෙතත් මෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ක්‍රිකට් ආරංචි මාර්ග පැවසීය.

පසුගිය වසරේද අප්‍රේල් 1වනදාට යෙදී ඇති මෝඩයින්ගේ දිනයේ මෙවැනිම පුවත් කිහිපයක් පළවී තිබිණ. (nethgossip)

මහ වැස්සේ ත්‍රී රෝද රියට නැඟි අවිවාහක කතගේ පියයරු අතගෑ රියදුරු අත්අඩංගුවට

Three Wheel Lady

අනුරාධපුර උදය මාවතේ පිහිටි නිවසට යාම සදහා ත්‍රීරෝද රථයකට ගොඩවූ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනියකගේ පියයුරු මිරිකා ලිංගික අතවරයක් සිදුකල බව කියන ත්‍රීරෝද රථ රියදුරෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් පෙරේදා (29) සවස සැකපිට අත්අඩංගුටගෙන තිබේ.

අනුරාධපුර නගර ආසන්නයේ රජයේ කාර්යාලයක සේවයේ නියුතු 38 හැවරදි අවිවාහක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය සිදුකල පැමිණිල්ලට අනුව අනුරාධපුර නගර සභාව ඉදිරිපිට ත්‍රීරෝද රථගාලේ සේවයේ නියුතු 44 හැවරදි විවාහක පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිලිකාරිය මැදවච්චිය ප්‍රදේශයේ ස්ථිරව පදිංචිවී සිටින බව පවසන පොලිසිය ඇය දැනට අනුරාධපුර උදය මාවත ප්‍රදේශයේ කූලී නිවසක සිය වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයා සමග පදිංචිවී සිටින බව පැවසුවේය.

සිද්ධියවූ දිනයේ ඇය මැදවච්චියේ පදිංචිවී සිටින මව බැලීම සදහා ඥාති පුත්‍රයා සමග ගොස් නැවතත් මගී බස් රථයකින් අනුරාධපුර නගරයට පැමිණ ඇති බවත් අනුරාධපුර නගරයට පැමිණෙද්දී අධික වර්ෂාව ඇතිවී තිබූ නිසා වර්ෂාවෙන් බේරිම සදහා බස් රථයෙන් බැසගත් සැනින්ම නවතා තිබූ ත්‍රීරෝද රථයට ගොඩවී ඇතිබව පොලිසිය පැවසුවේය.

ඇය ත්‍රී රෝද රථයට නැග පිටුපස අසුනේ වාඩිවනවාත් සමගම සැකකාර ත්‍රී රෝද රථ රියදුරා ඇගේ පියයුරු තදින් මිරිකා අත අතගෑ බවට පොලිසියට පැමිණිලිකරමින් කියා තිබුණි.බස් රථයේ පැමිණි ඥාති පුත්‍රයා ප්‍රමාදවී ත්‍රීරෝද රථයට පැමිණි බවත් ඇය පොලිසියට පවසා තිබුණි.පැමිණිලිකාරියගේ ඥාති පුත්‍රයා පොලිසියට පවසා ඇත්තේ සිය පුංචි අම්මා ත්‍රී රෝද රථ රියදුරු සමග බහින් බස් වෙමින් සිටින අයුරු දුටු බවයි.

ත්‍රීරෝද රථ රියදුරා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිලි කරමින් කියා ඇත්තේ කාන්තාව සිය ත්‍රීරෝද රථයට නැග බහින්බස් වීමක් ඇතිකරගත් බවයි.අත්අඩංගුවටගත් සැකකරු ඊයේ (30) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පැමිණිල්ල සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.