01 April, 2017

ඉස්කෝලෙට ආ අගමැති එක්ක සෙල්ෆි ගන්න පොරයක් (Photos)

selfies with PM Ranil-01

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද හබරණ ඉසුරු ද්විතීක පාසලට පැමිණියහ.

ඒ ත්‍රීකුණාමලයේ පැවැත්වෙන් යොවුන්පුරය වැඩසටහනට සහභාගී වන අතරතුරයි.

මෙහිදී පාසලේ දරු දැරියන්ගෙන් මෙන්ම ගුරුවරුන්ගෙන්ද අග්‍රාමාත්‍යවරයාට උනුසුම් පිළිගැනීමක් ලැබිණ.එමෙන්ම අග්‍රාමත්‍යවරයා සමග සෙල්ෆි ඡායාරූප ගැනීමටද ඔවුන් අතර තිබුණේ පොරයකි.

මේ ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සිට ෆේස්බුක් පිටුවේ දමා තිබූ සටහනයි.

‘‘අද ත්‍රීකුණාමලයේ යොවුන්පුරය වැඩසටහනට සහභාගීවීමට යන අතරතුර හබරණ ඉසුරු ද්විතීක පාසලට යාමට අවස්ථාවක් ලැබුණා. එහිදී එම පාසලේ දරු දැරියන් හා ගුරුවරුන් සමග හෝරාවක පමණ කාලයක් ගත කළ අතර සෙල්ෆී ඡායාරූප සදහාද පෙනී සිටින්නට අවස්ථාවක් ලැබුණා.

කොළඹින් දුර බැහැර පාසල් වලද සිසු සිසුවියන්ගේ තාක්ෂණික හා අධ්‍යාපනික උනන්දුව මෙන්ම තොරතුරු තාක්ෂණය කෙරෙහි ඔවුන්ගේ ඇති නැඹුරුව මාගේ අවධානයට ලක් වූවා. ලෝකය තවදුරටත් හුදෙකලා වූ දුෂ්කර හෝ නාගරික නොවන, දැනුමෙන් දුරස්ථ ප්‍රදේශ යනුවෙන් වෙන්කළ නොහැකි තරමට තොරතුරු තාක්ෂණය දියුණු වී ඇති අතර එය තරුණ තරුණියන්ගේ, සිසු සිසුවියන්ගේ හා ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයක් බවට පත්වී තිබෙනවා. අප කළාපයේ රටවල් අතර ශ්‍රී ලංකාව එහි පෙරමුණේ සිටිනවා‘‘. (nethgossip)

selfies with PM Ranil-02

selfies with PM Ranil-03

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉස්කෝලෙට ආ අගමැති එක්ක සෙල්ෆි ගන්න පොරයක් (Photos)"

    Post a Comment