01 April, 2017

පුරුෂ ලිංගයක් සහිත උමං දුම්රියේ ආසනය (Video)

mexico Subway train seat with manhood

මෙක්සිකෝ නගරයේ උමං දුම්රියක හදිසියේම අමුතුම මාදිලියේ ආසනයක් සවි කර තිබෙනවා.

ඒ එක් ආසනයක පුරුෂ ලිංගයක් සහ පුරුෂයකුගේ පපුව විදහා දැක්වෙන අයුරින් නිර්මාණය කර තිබීම නිසායි.

නගරයේ බලධාරීන් උමං දුම්රියේ “පුරුෂයන්ට පමණක්” වෙන් වූ එම ආසනය සවිකරනු ලැබුවේ පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් මුහුණදෙන ලිංගික අතවර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ බලාපොරොත්තුවෙන්.

“මෙහි අසුන් ගැනීම අපහසු විය හැකිය,” යනුවෙන් ආසනයට ඉහලින් සවිකරන ලද දැන්වීමක සටහන් වී තිබෙනවා.

එහෙත් ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් දිනපතා මුහුණදෙන ලිංගික ප්‍රචණ්ඩත්වයට සාපේක්ෂව මෙය නිර්මාණය කර ඇති අතර මෙම ආසනය උමං දුම්රියේ ස්ථිරව සවි කිරීම බලධාරීන්ගේ බලාපොරොත්තු නොවන බවත් සඳහන්.

එය, පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාව මුහුණදෙන ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳවදැනුවත් කිරීමේ අරමුණින් තාවකාලිකව එය සවිකරනු ලැබුවේ කාන්තාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UN Women) සහ මෙක්සිකෝ නගර බලධාරීන් විසින්.

එහෙත් මෙක්සිකෝවාසීන්ගෙන් එයට පළ වූයේ මිශ්‍ර ප්‍රතිචාරයක්.

ගතවගිය දින දහය ඇතුලත මෙම ආසනය පිළිබඳ වීඩියෝවක් ලක්ෂ හතකට අධික පිරිසක් නරඹා තිබෙන අතර, ඇතැමුන් එම අදහසට ප්‍රසංශා කළ නමුත් “පුරුෂෝත්තමවාදී” බව සහ පුරුෂයන්ට අසාධාරණයක්වන බව පවසමින් තවත් සමහරෙක් එය දැඩි විවේචනයට ලක් කර තිබෙනවා.

කෙසේවෙතත් මෙක්සිකෝවේ අගනුවර පොදු ප්‍රවාහන සේවාවන්හි කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කලක් මුළුල්ලේම පවතින්නේ යහපත් වාතාවරණයක් නොවන බවත් එරට මාධ්‍ය වාර්තා කරනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පුරුෂ ලිංගයක් සහිත උමං දුම්රියේ ආසනය (Video)"

    Post a Comment