01 April, 2017

සමුගැනීමට තිත තබමින් සංගක්කාර යළි ශ්‍රී ලංකා පිලට? – ඇත්ත කතාව මෙන්න

Kumar Sangakkara-08

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වත්මන් පසුබැසීම සැලකිල්ලට ගනිමින් කුමාර් සංගක්‌කාර මීළග තරගාවලියේ සිට කණ්‌ඩායමට එක්‌ කිරීමට තේරීම් කමිටුව කටයුතු කරමින් සිටින බව අද ප්‍රධාන පුවත් පතක් වාර්තා කර තිබිණ.

2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ක්‍රිකට්‌ පිටියට සමුදුන් කුමාර් සංගක්‌කාර යළිත් චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින තරගාවලියේ සිට ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට නියමිත බවත් එහිදි වැඩිදුරටත් අණාවරණය කර තිබුණි.

කෙසේ වෙතත් මෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ක්‍රිකට් ආරංචි මාර්ග පැවසීය.

පසුගිය වසරේද අප්‍රේල් 1වනදාට යෙදී ඇති මෝඩයින්ගේ දිනයේ මෙවැනිම පුවත් කිහිපයක් පළවී තිබිණ. (nethgossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සමුගැනීමට තිත තබමින් සංගක්කාර යළි ශ්‍රී ලංකා පිලට? – ඇත්ත කතාව මෙන්න"

    Post a Comment