01 April, 2017

මහ වැස්සේ ත්‍රී රෝද රියට නැඟි අවිවාහක කතගේ පියයරු අතගෑ රියදුරු අත්අඩංගුවට

Three Wheel Lady

අනුරාධපුර උදය මාවතේ පිහිටි නිවසට යාම සදහා ත්‍රීරෝද රථයකට ගොඩවූ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනියකගේ පියයුරු මිරිකා ලිංගික අතවරයක් සිදුකල බව කියන ත්‍රීරෝද රථ රියදුරෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් පෙරේදා (29) සවස සැකපිට අත්අඩංගුටගෙන තිබේ.

අනුරාධපුර නගර ආසන්නයේ රජයේ කාර්යාලයක සේවයේ නියුතු 38 හැවරදි අවිවාහක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය සිදුකල පැමිණිල්ලට අනුව අනුරාධපුර නගර සභාව ඉදිරිපිට ත්‍රීරෝද රථගාලේ සේවයේ නියුතු 44 හැවරදි විවාහක පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිලිකාරිය මැදවච්චිය ප්‍රදේශයේ ස්ථිරව පදිංචිවී සිටින බව පවසන පොලිසිය ඇය දැනට අනුරාධපුර උදය මාවත ප්‍රදේශයේ කූලී නිවසක සිය වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයා සමග පදිංචිවී සිටින බව පැවසුවේය.

සිද්ධියවූ දිනයේ ඇය මැදවච්චියේ පදිංචිවී සිටින මව බැලීම සදහා ඥාති පුත්‍රයා සමග ගොස් නැවතත් මගී බස් රථයකින් අනුරාධපුර නගරයට පැමිණ ඇති බවත් අනුරාධපුර නගරයට පැමිණෙද්දී අධික වර්ෂාව ඇතිවී තිබූ නිසා වර්ෂාවෙන් බේරිම සදහා බස් රථයෙන් බැසගත් සැනින්ම නවතා තිබූ ත්‍රීරෝද රථයට ගොඩවී ඇතිබව පොලිසිය පැවසුවේය.

ඇය ත්‍රී රෝද රථයට නැග පිටුපස අසුනේ වාඩිවනවාත් සමගම සැකකාර ත්‍රී රෝද රථ රියදුරා ඇගේ පියයුරු තදින් මිරිකා අත අතගෑ බවට පොලිසියට පැමිණිලිකරමින් කියා තිබුණි.බස් රථයේ පැමිණි ඥාති පුත්‍රයා ප්‍රමාදවී ත්‍රීරෝද රථයට පැමිණි බවත් ඇය පොලිසියට පවසා තිබුණි.පැමිණිලිකාරියගේ ඥාති පුත්‍රයා පොලිසියට පවසා ඇත්තේ සිය පුංචි අම්මා ත්‍රී රෝද රථ රියදුරු සමග බහින් බස් වෙමින් සිටින අයුරු දුටු බවයි.

ත්‍රීරෝද රථ රියදුරා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිලි කරමින් කියා ඇත්තේ කාන්තාව සිය ත්‍රීරෝද රථයට නැග බහින්බස් වීමක් ඇතිකරගත් බවයි.අත්අඩංගුවටගත් සැකකරු ඊයේ (30) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පැමිණිල්ල සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මහ වැස්සේ ත්‍රී රෝද රියට නැඟි අවිවාහක කතගේ පියයරු අතගෑ රියදුරු අත්අඩංගුවට"

    Post a Comment