01 April, 2017

පොළොන්නරුවේ ඉහළ යන පිරිමි අසහනය - "ස්ත්‍රී දූෂණ 63 යි" - 10 ක් ම 16 ට අඩු දැරියන්

father-rape-daughter

පසුගිය 2016 වර්ෂය තුල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ත්‍රී දූෂණ 63 ක් වාර්තාවී ඇති බව පොළොන්නරුව කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය පවසනවා.

ඒ අතරින් 10 දෙනෙක්ම වයස අවුරුදු 16 ට අඩු දැරියන් වන අතර අනෙතුත් 53 දෙනාගෙන් 49 දෙනෙක්ම දූෂණයට ලක්වී ඇත්තේ ප්‍රේම සබදතා මත සිදුවූ සිද්ධීන්ගෙන් බවයි වාර්තා වන්නේ.

පසුගියදා දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවති විදුහල්පතිවරු දැනුවත් කිරීමේ වැඩසටහනකදී මෙම තොරතුරු අනාවරණය කළේ පොළොන්නරුව කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක විනිප්‍රීඩා සංජීවනී මහත්මිය විසිනුයි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය පැවසුවේ දෙමව්පියන්, වැඩිහිටියන් හා ගුරුභවතුන් දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් මීටත් වඩා උනන්දුවෙන් කටයුතු කළහොත් ඉදිරියේ මෙම තත්ත්වය ඉතා අවම කරගත හැකිබවයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පොළොන්නරුවේ ඉහළ යන පිරිමි අසහනය - "ස්ත්‍රී දූෂණ 63 යි" - 10 ක් ම 16 ට අඩු දැරියන්"

    Post a Comment