31 July, 2017

දවසේ කාටූන් – 2017.07.31

දවසේ පුවත්පත් සහ වෙබ් අඩවි කාටූන්.

Daily newspapers and website cartoons.

Cartoon - Divaina - 2017.07.31

දිවයින කාටූන් - Divaina Cartoon


ලක්බිම කාටූන් - Lakbima Cartoon

ලංකාදීප කාටූන් - Lankadeepa Cartoon



මව්බිම කාටූන් - Mawbima Cartoon

රිවිර කාටූන් - Rivira Cartoon

දිනමිණ කාටූන් - Dinamina Cartoon

අද කාටූන් - Ada Cartoon

දෙරණ වෙබ් බුවා කාටූන් - Derana Web Buwa Cartoon

ඩේලි මිරර් කාටූන් - Daily Mirror Cartoon

ද අයිලන්ඩ් කාටූන් - The Island Cartoon

සිලෝන් ටුඩේ කාටූන් - Cylon Today Cartoon

ටැමිල් මිරර් කාටූන් - தமிழ் மிரர் கார்ட்டூன் - Tamil mirror Cartoon


වීරකේසරී කාටූන් - வீரகேசரி கார்ட்டூன் - Virakesari Cartoon

කැලෑ හඳක්වත් නැති අපේ සිනමාව

Cinema - Films - Camera

ලෝක සිනමාව නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට යමින් පවතී. ඒ නවීණ තාක්ෂණය සමඟ අපේ සිංහල සිනමාව පවතින්නේ කොතනද යන්න අද දවසේ අප සාකච්ඡා කළ යුතුය. ගෙවී ගිය වසර 60ක කාලය තුළ සිංහල සිනමාව ඉතා අසීරු ගමනක පැමිණි බව කිවයුතුය. 70 දශකය සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස අප ආඩම්බරයෙන් කතා කළත් 80 දශකයත් සමඟ අප නොසිතූවිරූ ලෙස සිංහල සිනමාව බිඳවැටෙන්නට පටන්ගත්තේය.

විශේෂයෙන්ම 83 වසරේදී මේ රට තුළ ඇවිලීගිය ජාතිවාදී අරගලයන් සමඟ සිංහල සිනමාවටද කණකොකා හඬන්නට විය. ද්‍රවිඩ ජාතිකයන්ට අයත්ව තිබූ සිනමා ශාලා රැසක් එහිදී ගිනිබත් විය. ගාමිණී මරදාන, ට්‍රියො - දෙහිවල, රාජ් - මීගමුව, සිත්තම්පලම් - අනුරාධපුරය ආදී සිනමා ශාලා මෙන්ම හැඳල විජය චිත්‍රාගාරයද ජාතියට අහිමිවිය . ජාතිවාදි කලබල සමඟ හදිසි නීතියද රට පුරා ක්‍රියාත්මක වීමෙන් රාත්‍රී චිත්‍රපට දර්ශනයද අවලංගු විය. ඒ වගේම රාත්‍රී බස්රථ සේවාද නතරවීමෙන් ප්‍රේක්ෂකයන් විශාල වශයෙන් සිනමාශාලාවලින් ඈත්වූ බව රහසක් නොවේ.

මෙවැනි හැලහැප්පීම් මැද චිත්‍රපට නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් පාඩු ලැබූ සිනමාශාලා රැසක් වැසීගියේය. අධික විදුලි ගාස්තු, ප්‍රවේශ පත්‍ර මිල ඉහළයාම, සේවක වැටුප් ඉහළයාම, සිනමාශාලා නඩත්තුව, පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපට නොමැතිවීම, සෑම රූපවාහින චැනලයකම සතියේ දින හතේම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ආදී හේතු කාරණා මත සිනමාශාලා වැසීයාමට මූලික විය. නගරබදව සිනමාශාලා කීපයක් දහවල් දර්ශන පමණක් පවත්වාගෙන ගියේය.

විශේෂයෙන්ම පැරණි සිනමාශාලා රැසක් එනම් මීට වසර 40 ක 50 කට පෙර ඉදිකළ ඒවාය. එම සිනමාශාලා ප්‍රමාණයෙන් විශාලය. ආසන 400කට වඩා වැඩි සංඛ්‍යාවක් තිබිණි. මේවා නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැයවිණි. ආදායම පහත වැටීමත් සමඟ මෙම සිනමාශාලා නඩත්තුකිරීම් නවතා දැමිණි. අබලන් වූ මකුණන් සහිත ආසන, ප්‍රක්ෂේපණ යන්ත්‍ර හා ඉන් නිකුත්වන රූප අපැහැදිලිවීම, ශබ්ද රටා දුර්වලවීම, අපිරිසුදු වැසිකිළිවල දුර්ගන්ධය හේතුවෙන් මෙවැනි සිනමාශාලා තුළ චිත්‍රපට නැරඹීම ප්‍රේක්ෂකයා විසින් ප්‍රතික්ෂේප කරන්නට විය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි සඳලංකා සිනමාශාලාව අංග සම්පූර්ණ සිනමාශාලාවකි. මෙය පාලනය වන්නේ සඳලංකා සමූපකාර සමිතියෙනි. නව තාක්ෂණය යටතේ මෙම සිනමාශාලාවේ ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍ර සවිකිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක් පමණ වැයවන බව එහි සේවකයකු සඳහන් කළේය. සිනමා ශාලාව විශාල නිසා (බැල්කනි සහ Box පහසු කම් ද සහිත, එතරම් විශාල මුදලක් වැයවන බව නවීණ තාක්ෂණයෙන් යුතු ප්‍රක්ෂේපණ යන්ත්‍ර ගෙන්වන සමාගමක් විසින් සඳහන් කර ඇත.

D. T. S. තාක්ෂණය සහිත සිනමාශාලාද ඇත්තේ අතළොස්සකි. D.T.S තාක්ෂණයද දැන් යල්පැනගිය ක්‍රමයකි. D.T.S වෙනුවට ඊට වඩා තාක්ෂණයෙන් ඉහළ 2 – K3 - D සහ E සිනමා නමින් අති නවීණ තාක්ෂණයෙන් යුතු සිනමාශාලා කීපයක් මේ වනවිට අප රටෙහි ඉදිකර ඇත.

සැවෝයි, රිට්ස්, රීගල්, සමන්තා, මැජෙස්ටික්, ලිබර්ටි, සිටි සිනමා ගල්කිස්ස, ඇමිටිලයිට් - මහරගම, ස්කයි ලයිට් මාලබේ, විස්ටාලයිට් - ජාඇල, ඕඩියන් - ගල්කිස්ස, සිනෙමැක්ස් - ජා ඇල ,එම්පයර් ඇතුළු කොළඹ නගරය හා

ඒ අවට සිනමා ශාලාව මෙන්ම රීගල් - ගම්පහ විල්මැක්ස් - අනුරාධපුර, ක්වීන්ස් - ගාල්ල, ජෝති - රත්නපුර, සිනෙක්ස්පෝ - කුරුණෑගල, නිව් ඉම්පීරියල් - කුරුණෑගල, ජයබිම - ගම්පොල, මිලානෝ - කෑගල්ල, සීගිරි - බණ්ඩාරවෙල, නිව් ඉම්පීරියල් - රත්නපුර, ප්ලාසා - කළුතර, විජයන්ති - කඩුවෙල, හිමාලි - කිරිබත්ගොඩ, මේඛලා - ගම්පහ, ඡායා - කෑගල්ල, එමෙස් - මොරටුව, සෙන්ට්‍රල් - මාතලේ, මිනර්වා - කලුතර, මහලේකම් - කුලියාපිටිය, චාන්දනී - වැලිගම, රෙක්ස් - බදුල්ල, චන්ද්‍රා - අවිස්සාවේල්ල, එරීනා - කටුගස්තොට, සිනෙස්ටාර් - අනුරාධපුරය, ඇතුලු සිනමා ශාලා ඉහත තාක්ෂණය ඔස්සේ ඩිජිටල් කරණය වූ සිනමා අතර වෙයි.

මීට වසර ගණනාවකට පෙර ඉදිකළ මෙම සිනමාශාලා ප්‍රමාණයෙන් ඉතා විශාල බැවින් ඩිජිටල් තාක්ෂණයට මෙන්ම වායුසමනයටද විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇත. මීට විකල්පයක් ලෙස (mini cinema) කුඩා ප්‍රමාණයේ ආසන 100ත් 150ත් අතර සිනමා ශාලා ජනප්‍රිය කළ යුතුය.

සුපිරි වෙළෙඳසැල් සමඟ මෙම මිනි සිනමාශාලා ඉදිකිරීම සඳහා ආයෝජකයන් දිරිමත් කිරීමේ වැඩසටහන කඩිනම් කළ යුතුය. ඒ වගේම දැනට පවතින ප්‍රවේශපත්‍ර මිලද ඉතා අධිකය. මේ සඳහා සාධාරණ මිලකට ප්‍රවේශ අ‍ෙලවිකිරීමට පියවර ගත යුතුය. O. D. C. ටිකට්පතක් රුපියල් 300 – 400 ත් අතර ය. බැල්කනි 450 – 500ත් අතරය. මේ මිල කිසිසේත් සාධාරණ නැත. පවුලේ සාමාජිකයන් 5 දෙනකු චිත්‍රපටයක් බැලීමට ගියවිට අඩුම තරමින් රුපියල් දෙදහසක් හෝ ඊට වැඩි මුදලක් වැය වෙයි. 2-K - 3 - D – e - සිනමා පහසුකම් ඇති සිනමා ශාලාවල මෙම මිල ගණන් මීට වඩා ඉහළය. මේ හේතුවෙන් පවුලේ සැමට චිත්‍රපට නැරඹීමේ අවස්ථාව අහිමිකර ඇත.

මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ට ඒ අහිමි වු අවස්ථාව යළි ලබාදීමට නම් ප්‍රවේශපත්‍රවල මිල යම් ප්‍රමාණයකින් හෝ අඩුකළ යුතුය. සිනමාශාලාවලින් ඈත්වූ ප්‍රේක්ෂක ජනතාව නැවත සිනමාශාලා කරා ගෙන්වා ගැනීම හෙට දවසේ ඇති විශාල අභියෝගයකි.

සිනමාව යනු කලාවක් සේම කර්මාන්තයකි. කෙතරම් චිත්‍රපට නිෂ්පාදනය කළත් ඒවා ප්‍රේක්ෂකයන් නරඹන්නේ නැත්නම් කර්මාන්තයක් වශයෙන් එය කඩාවැටීම නොවැළැක්විය හැකි ය. ඒ වගේම චිත්‍රපට නැරඹීම සඳහා නවීන පහසුකම් සහිත සිනමාශාලා බිහිවිය යුතුය. නළු නිළියන්, කාර්මික ශිල්පීන්, සිනමාශාලා හිමිකරුවන් ඇතුළු සිනමා කර්මාන්තයට ඍජුව හා වක්‍රව සම්බන්ධවන විශාල පිරිසක් සිටිති. එබැවින් සිනමාව කලාවක් සේම කර්මාන්තයක් ලෙස නඟා සිටුවීමේ අභියෝගය කෙළින්ම එල්ලවී ඇත්තේ චිත්‍රපට සංස්ථාවටය. රාජ්‍ය මැදිහත්වීමක් නොමැතිව සිනමාව ගොඩනැඟිය නොහැකිය. වැසුණු සිනමාශාලා යළි ඇරඹීම, නවීන තාක්ෂණයෙන් යුතු සිනමාශාලා ඉදිකිරීම, චිත්‍රපට බෙදාහැරීම, සිනමා ශිල්පීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැන්වීම, ප්‍රේක්ෂක ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම චිත්‍රපට සංස්ථාවේ පූර්ණ වගකීමකි. මෙම වගකීම් සියල්ල හරි හැටි ඉටු නොකළහොත් ලෝක සිනමාව ඉදිරියේ සිංහල සිනමාවේ රිදීතිරය අඳුරුවී යනු ඇත.

රත්නසිරි පතිරණ (දිනමිණ)

කවුද කියන්නෙ මම මල් සින්දු කියනවා කියලා....

Romesh Sugathapala

රොමේෂ් “මන්දාකිණි” ත් එක්ක වුණු වෙනස මොකද්ද?

මගේ මියුසික්වල වෙනසක් කරන්න ඕනෑ කියලා හිතපු නිසා මම ටික කාලයක් නිශ්ශබ්දව හිටියා. මේ දවස්වල සංගීතයේ ඒකාකාරී හඬක් ඇහෙන නිසා ටිකක් නිහඬව ඉන්න හිතුණා. ඒකත් එක්ක තමයි මම “මන්දාකිණි” එක්ක ටිකක් වෙනස් වුණේ.

“මන්දාකිණි” වෙනස වුණේ කොහොමද?

2017-07-27-ent-44ඒක ක්ලැසිකල් මියුසික්, ඩබ් ස්ටෙප් වගේ සංගීත රටා එකතුවෙලා නිර්මාණ වුණු ගීතයක්. දැන් යන විරහ ගීත රටාවේ යන ගීතයක් නෙවෙයි මේක. ඒ නිසා මන්දාකිණි මගේ ආදරණීය රසික රසිකාවියන්ට වෙනසක් වේවි.

මේ වීඩියෝ එක ටිකක් වෙනස් නේද?

ඔව්... මෑත කාලයේදී වීඩියෝවලට ගත්තේ අපේ රටේ නළු නිළියන්වනේ. මේක ටිකක් වෙනස්. මේ වීඩියෝ එකෙන් අලුත් මුහුණු දෙකක් අපි හඳුන්වලා දෙනවා. මේ කතාව අනුව ඔහු ව්‍යායාම් උපදේශකවරයෙක්. ගැහැනු ළමයා ශ්‍රී ලංකා එයාර් ලයින් එකේ සේවය කරන්නේ. මේ වීඩියෝ එකේ තේමාවත් ටිකක් වෙනස්.

පහුගිය කාලවලදී බොහෝ වීඩියෝවල ප්‍රදර්ශනය වුණේ නිරුවත අඩනිරුවත එක්ක. රොමේෂ් කියන්නෙත් මේ රාමුවෙම කෙනෙක්ද?

නෑ... මේකෙ නිරුවත පෙන්නන්නේ නෑ. එහෙම නිරුවත පෙන්නුවොත් මම මෙතෙක් ගොඩනගාගත්තු මගේ ප්‍රතිරූපයට හානි වෙනවා. අනික නිරුවත දැන් පෙන්නන්නේ එහෙම ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීතවලට නෙවෙයි. අලුත් ළමයිගේ ගීත සම්බන්ධ කරගෙන වීඩායෝවලින් නිරුවත පෙන්නනවා. මම ඒක පිළිගන්නේ නෑ. මම හිතනවා අපේ රටේ සංස්කෘතියත් එක්ක සංගීතයත් බලපානවා කියලා. අපිට ශ්‍රී ලාංකිකයන් විදිහට සංස්කෘතියක් තියෙනවා. අපේ සංගීතය හැදිලා තියෙන රටාවක් තියෙනවා.

කාලයක් රොමේෂ්ටත් සමහරු කිව්වා නේද මල් සින්දු කියනවා කියලා?

ඔව්නේ... මටත් සමහරු කිව්වනේ මල් සින්දු කියනවා කියලා. එහෙම මම “මල්” සින්දු කියලත් නෑ. සමහරු ඔය විරහ ගීතයක් ගායනා කළාම කියන්නේ මල් සින්දු කියනවා කියලයි. ඒක හරි වැරදියි. එහෙම කියනවනම් මිල්ටන් මල්ලවආරච්චි කොච්චර විරහ ගීත ගැයූ ගායකයෙක්ද? ඉතින් මම “මල්” ගීතකාරයෙක් නෙමේ. සමහර ගීතවල රොමෑන්ටික් දර්ශන තිබුණා. හැබැයි අද කාලේ බොහෝ වීඩියෝවල ඒ රොමෑන්ටික් දර්ශන උපරිමයට ගිහින්. ඒ නිසා මේ වීඩියෝවෙත් රොමෑන්ටික් දර්ශන තියෙනවා. ඒත්... අනවශ්‍ය දර්ශන නෑ. අලුත් නිර්මාණ වේදින්ගේ ගීතවලට කරලා තියෙන දේ ගැන ඇත්තටම දුකයි...

රොමේෂ් ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ ආරම්භයක් තියෙනවනේ.රොමේෂ්ගේ ආරම්භය මතක් කළොත්.

ඇත්තටම මෙතනට එන්න මම පුදුම විදිහට දුක් වින්දා. පුදුම කට්ටක් කෑවා. 2003 “වසන්තයේ සිත සැළුණා” ගීතයෙන් ඇරඹුණු ගමන තමයි මේ. ඒ ගමන මාත් එක්ක ආපු ලක්ෂානුත් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉස්සර අපිට නිර්මාණ කරන්න සල්ලි නෑ. චැනල් දෙකක වගේ තමයි අපේ ගීත ප්‍රචාරය වුණේ. සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ආවට පස්සේ අපිට රංග දසනායක අයියව මුණගැහුණා. එයා අපිට ගොඩක් උදව් කළා. ඒ කාලේ සී.ඩී එකක් කළොත් තමයි ගායකයෙක් වෙන්නේ. අද වගේ වෙබ් සයිට් කිසි දෙයක් ඒ කාලේ තිබුණේ නෑ. චැනල් එකකට යන්නත් හරි අමාරුයි. ඒ හැම දේකින්ම අද මම ජයග්‍රහණය කරලා තියෙනවා.

මන්දාකිණිය කරන්න ඇයි ඔච්චර නිහඬ වුණේ?

මම ආස ගීත විතරක් කලොත් මගේ ගීත විරහ ගීත විතරක් වේවි. ඒ නිසා මම පොඩි බ්‍රේක් එකක් ගත්තා. එතකොට මගේ රසික රසිකාවියන්ට මගේ හොඳ නිර්මාණයක් දකින්න ලැබේවි. ඒ නිසා මම මාස හත අටක් හිටියා. මගේ ගීතවල මුල් කාලයේදීත් මම මේ මියුසික් කළා. මේ නිර්මාණය රිගින්ටෝන් වලින් යූටියුබ්වලින් ආදායම් ලබන්න කරපු නිර්මාණයක් නෙමෙයි.

කෝ අද ලක්ෂාන්?

ලක්ෂාන් ජීවත් වෙන්නේ කැනඩාවේ. ඔහු එහේ හොඳ රැකියාවක් කරනවා. හොඳ දරු පවුලක් ඉන්නවා. ඇත්තටම ලක්ෂාන් හරිම සතුටින් ඉන්නවා. අපි දෙන්නා ෆෝන් එකෙන් කතාබහ කරනවා. රටවල් දෙක අතර වෙලාවල් වෙනස්. හැබැයි ලක්ෂාන්ව මම අවුරුදු අටකින් දැකලා නෑ. හැබැයි අපි කතාබහ කරනවා.

රොමේෂ් කොහොමද දැන් ඔයාගෙයි ඔමාලිගෙයි ජීවිතේ?

අපි දෙන්නා හරිම සතුටින් ජීවත් වෙනවා. කලාකරුවෙකු වුණාම හොඳ පවුල් ජීවිතයක් තිබිය යුතුයි. සාර්ථක මනුස්සයෙක්ට සාර්ථක පවුල් ජීවිතයක් තියෙන්න ඕනේ. ඔමාලි මුලදී රැකියාවක් කළා. දැන් රැකියාවක් කරන්නෙ නෑ. දැන් පුතාට අවුරුදු දෙකයි. පුතාගේ නම චෙනිත ලිමත්. මගේ කොලු පැටියා ළඟ දාංගලයකුත් කියෙනවා. කොල්ලෙක් වුණාම එහෙම දඟලන්නත් ඕනෙනෙ. එයත් මියුසික් වලට හරි කැමතියි. මම ස්ටුඩියෝ එකේ වැඩ කරද්දි ඇවිත් බලාගෙන ඉන්නවා. සමහර ඒවා එයාට කටපාඩම්.

ඔමාලියි රොමේෂුයි එකතුවෙලා සින්දුවක් කළානේ. ආයේ දෙන්නා එකතුවෙලා සින්දුවක් එහෙම කරන්නේ නැද්ද?

අපි දෙන්නා පුතා හම්බෙන්න කලින් “තරු පොදි” කියලා සින්දුවක් කළානේ. ඊට පස්සෙනම් අපි ආයෙත් සින්දුවක් කරන්න උත්සාහ කළේ නෑ. පුතාගේ වැඩත් එක්ක ඒක ටික ටික පස්සට ගියා. බලමු නේද... ඉස්සරහට තවත් නිර්මාණයක් එහෙම කරන්න.

Text – Dishani / Pic - internet (සාරවිට)

නුවන් ප්‍රදීප් ගැන විරාත් කෝලි කියපු අමුතු කතාව

Virat Kohli - Nuwan Pradeep

ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජය කර දැමුවද ඔවුන් නොසැලකිලිමත් දුර්වල කණ්‌ඩායමක්‌ බව තමන් විශ්වාස නොකරන බවත් අවාසනාවකට සිදුවූ සිදුවීම් කිහිපයක්‌ ඇති බවත් ඉන්දියානු නායක විරාට්‌ කෝලි පවසයි.

"ඇත්තටම මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාව නොසැලකිලිමත් දුර්වල කණ්‌ඩායමක්‌ කියලා. ඔවුන්ට අවාසනාවන්ත ඉරණම් කිහිපයකට මුහුණ දෙන්න සිදුවුණා. උපුල් තරංග හොඳින් ලකුණු අතර සිටිද්දී දුවද්දී දැවී යැම. ඒ වගේම ඇන්ජලෝ හොඳ තත්ත්වයකට පත්වෙලා තිබුණ වෙලාවෙදී දැවී යැම වගේ දේවල්. මම හිතන්නේ අපි ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ඉන්න විට ප්‍රතිවාදීන්ටත් නිතරම පීඩනය දැනෙනවා."

තම කණ්‌ඩායම අංක එකට පත්වූයේ පසුගිය වසර දෙක තුළ නෙළා ගත් අස්‌වැන්නක ප්‍රතිඵලය බවත් විරාට්‌ කෝලි පවසයි., "පසුගිය අවුරුදු දෙකේදී අපි බොහෝ දේවල් සැලසුම් කළා. ඒ කාලයේ හිටපු තරුණ ක්‍රීඩකයන් දැන් ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීම ගැන පැසසුමකට ලක්‌ විය යුතුයි. ඒක තමයි මගේ කණ්‌ඩායමේ දකින ලොකුම වෙනස."

පළමු තරගය ජය ගත්තද තමන්ගේ කණ්‌ඩායමේ තවත් හදාගත යුතු තැන් ඇති බවද කෝලි පවසයි, "අපිට අපේ සැලැස්‌මවල් දියුණුකර ගන්න තවත් අවශ්‍යයි. පසුගිය පෙබරවාරි මාසයේ සිට අපි ගොඩක්‌ම ක්‍රීඩා කළේ එක්‌දින තරග. ඒ නිසා ටෙස්‌ට්‌ ක්‍රීඩාවේදී තව බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා."

නුවන් ප්‍රදීප්ගේ පන්දු යෑවීම විශිෂ්ට බවත් ඔහු පළමු ඉනිමේදී පැමිණි සෑම විටකම කඩුල්ලක්‌ දවා ගත් බවත් පවසන විරාට්‌ කෝලි ඉදිරියේදී ශ්‍රී ලංකාවට හොඳ පන්දු යවන්නෙක්‌ බවට පත්වන බවද වැඩිදුරටත් පැවසීය.

මහ දාවලේ යාපනයේ පොලීස් නිළධාරීන් දෙදෙනා කඩුවලින් කපා දැමූ කල්ලිය සොය මෙහෙයුම්

Police attack

යාපනය කෝපායි පොලීස් වසමේ තුන්කාල් ප‍්‍රදේශයේ ඹ්න්ඩි විච්චි නානාදාය් කෝවිල අසලදී ඊයේ දහවල් යතුරු පැදියකින් දිවා මුර සංචාරයේ යෙදී සිටි කෝපායි පොලීසියේ පොලීස් කොස්තාපල් වරුන් දෙදෙනෙකුට සන්නද්ධ කල්ලියක් පහර දී තිබෙනවා.

යතුරුපැදි පහකින් ෆුල්ෆේස්ට් හෙල්මට් පැළඳ රෙදිකඩකින් මුහුණු බාගෙට වසා ගෙන කරේ ලේන්සුවක් බැඳ කඩු රැගත් සන්නද්ද කල්ලියක් ඔවුන්ට පහර දී තුවාල සිදු කොට පලාගොස් තිබේ.

තුවාල ලැබූ පොලීස් නිළධාරීන් දෙදෙනා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ දහවල් 12.20ට පමණ සිදුවී ඇති එම ප‍්‍රහාරය සඳහා පැමිණියේ ආවා කල්ලියක්ද නැතහොත් එවැනි අන්දමට හිස එසවීමට උත්සහ දරන තවත් කඩු කල්ලියක් ද යන්න ගැන පොලීසියට සක මතුවී ඇතැයි ඒ පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන උසස් පොලීස් නිළධාරියකු පැවසීය.

කෙසේ වෙතත් යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි පොලීස් නිලධාරීන් දෙදෙනාට, කඩු කල්ලිය විසින් ප‍්‍රහාර තුනක් පමණ අත් පාවලට එල්ල කොට පලාගොස් ඇති බවද පොලීසිය පැවසීය.

අදාල සිද්ධිය සිදු වූ විගස එම ස්ථානයට ගොස් ඇති යාපනය ප‍්‍රදේශ භාර නියෝජ්‍ය පොලීස්පතී පාලිත ප‍්‍රනාන්දු මහතා විසින් පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලීස් කණ්ඩායම් 04 ක් යොදවා තිබේ.

ඒ අනුව අදාල පොලීස් කණ්ඩායම විසින් මෙම පොලීස් නිළධාරින්ට මෙම පහර දීම සිදු කර ඇත්තේ කුමන පදනමක් යටතේ ද යන්න සොයා බලනු ඇති. (ජනයුගය)

ජනපති දියනියක් බිළිදාට කිරි දෙන සරාගී දසුන දැක අන්තාර්ජාලය කැළඹෙයි

Alia Shugheva - Feeding

අලීයා ෂගීවා කියන්නේ ප‍්‍රකට ජන නායකයෙක් ගේ දියනයක්. ඇය කර්ගීසියාවේ ජනාධිපති අල්මාෂ්බෙක් අතම්බයෙෆ්ගේ බාල දියණිය.

ජනාධිපති වරයාගේ දියනිය මේ දිනවල සමාජ මාධ්‍ය තුළ අතිශයින්ම ජනප‍්‍රය පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා.

ඒකට හේතුව ඇය විසින් අන්තර් ජාලයට මුදා හරින ලද චායාරූපයක්.

ඇත්තටම මේ චායාරූපය අන්තර්ජාලයට නිකුත් වූ වහාම එය අතිවිශාල සමාජ මතවාදයක් ගොඩ නගන්න සමත් වුනා කිව්වොත් නිවරදි.

චායාරූපයෙන් දැක්වෙන්නේ ජනාධිපති වරයාගේ දියණිය තම දරුවාට උඩකය විවර කරමින් මව් කිරි ලබා දෙන දර්ශනයක්.

මෙම සේයා රුව ඇය අන්තර් ජාලයට මුදා හැරිය මොහොතේ එහි අපූරු මාතෘකාවක් සටහන් කරලා තිබුනා .

ඒ මම මගේ බිළිදාට බඩගිණි වූ ඔිනම මොහොතක ඔිනම තැනක මව් කිරි ලබා දෙන්න සූදානම් යනුවෙන් එහි දක්වා තිබුනා.

ඒ සමගම ලොව පුරා ඇති වුණ විවාදය වුනේ මෙය මව් කිරි පොවන දසුනක්ද නැතහොත් සරාගීත්වය පෙන්වන දසුනක්ද යන කාරනය එක්ක.

කෙසේ වෙතත් මෙම චායාරූපය අසැබි චායාරූපයක් යන මතය සමාජය තුළ ගොඩ නැගෙනවත් සමගම ඇය එය සිය සමාජ ජාලා වෙබ් අඩවියෙන් ඉවත් කර ගෙන තිබුනා.

කොහොම වුනත් ඇය මේ ක‍්‍රියාව සදාරීනි කරනය කිරීම උදෙසා විදේශ මාධ්‍යට සම්මුඛ සාකච්චාවක් ලබා දී තුබුනා.

එහිදි ඇය සඳහන් කර තිබුනේ ” මගේ සිරුර සරාගී එකක් නෙමෙයි. එය ප‍්‍රායෝගීක දෙයක්.මගේ සිරුර ක‍්‍රියාත්මක වෙන්නේ මගේ දරුවාගේ අවශ්‍යතා වෙනුවෙන්” .

කෙහොම වුනත් ඇගේ මේ ක‍්‍රියාව ඇගේ පියා වන ජනපති වරයා පමණක් නෙවෙයි ඇගේ මවත් අනුමත කළේ නැහැ කියලා ඇය එම ලෝක මාධ්‍ය සේවය සමග පවසලා තිබුනා.

30 July, 2017

සංගීතයේ සම්බාධක සහ හීනමානය

Chester Bennington - Linkin park

ප්‍රකෘතිය මහගමසේකර ශූරින්ට අනුව සුන්දර ය. ඔහුට එසේ වූ පමණින් සියල්ලෝ ප්‍රකෘතිය වැළඳගන්නෝ නොවෙති. කලාවේ නීති රීති නැත. එය අපි අත් දකින බොහෝ සමාජ ප්‍රපංචයන්ට වඩා වෙනස් ය. සමාජය තුළ අන්‍යයන්ගේ කැමැත්ත අකැමැත්ත අනුව ජීවත් වන අය කලාව සමඟ ඒකාත්මික වූ පසු ස්වාධීන ජීවිහූ වෙති. සැබෑ ලෝකයේ අත්දැකීමක් නොවන තමන්ට කැමති ඕනෑම අයෙකු වීමේ අවස්ථාව කලාව හිමි කර දෙයි.

එකී කලාව සමීපතමයෙකු බවට පත්වන්නේ නිර්මාපකයාගේ ආනුභාවයෙනි. කලා නිර්මාණයක් රස විඳීමේදි තමන් තනිවී නැති බවක් හැඟේ නම් එම නිර්මාණ කාර්‍යය සාර්ථක ය. තමන්ගේ සිතැඟි සමග මුහුවෙන කලාකරුවාට අපි ආශක්ත වන්නෙමු. ඔහු හෝ ඇයව ඇගයීමට ආශා කරන්නෙමු. ලෝකවාසී බහුතරයකගේ ආදරය දිනාගත් එවන් කලාකරුවෙක් පසුගිය දා ජීවන ගීතය ගයා නිම කළේ ය.

ඔහු නමින් චෙස්ටර් බෙනින්ග්ටන් ය. අන්තර්ජාලයේ පඬිවදන් දෙන කලාව පිළිබඳ හැඟීමක් නොමැති සරිගම කන්නන් වන්දනාමාන කරන පාත්‍ර වර්ගයාට ඔහු අමුතු සත්වයෙකි. නමුත් තමන් කවුදැයි යන්න කිසිවෙකු හඳුනා නොගත් ලෝකයක අවතැන් වූවන්ට ඔහු ළඟම මිතුරෙකි. අනාදිමත් කාලයක සිට තරුණ හදවත් අමන්දානන්දයට පත් කළ ලින්කින් පාක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා ඔහුයි. මේ සංගීත කණ්ඩායම ලෝකය පුරා ජනාදරයට පත් වීමට හේතුව ප්‍රකෘතියේ දක්නට ලැබෙන එහෙත් කිසිවෙකුගේ අවධානයට ලක් වන්නේ නැති සංවේදි දෑ නිර්මාණයට අනුභූත කර ගැනීම ය.

තරුණ ආතුරයන්ගේ හිස්ගෙඩි තුළ ජීවත් වූ යක්ෂයා පළවා හැරීමට ආ යකැදුරාට අවසානයේ යක්ෂයා ඉදිරියේ පැරදුම වැළඳ ගැනීමට සිදු විය. චෙස්ටර් බෙනින්ග්ටන් සියදිවි නසා ගත්තේ ය. එය ජීවිතය සම්බන්ධයෙන් කිසිසේත්ම අනුමත කළ නොහැකි අවසානයක් වුවත් නිධාන කතා සැපයීමට අපට කිසිදු අවසරයක් නැත. මරණයක අමිහිර ජීවත්ව සිටින්නන්ට දැනෙන්නකි. චෙස්ටර්ගේ අකල් වියෝවෙන් කම්පා වූ ලක්ෂ සංඛ්‍යාත රසික හදවත් සමූහය ඒ අත්දැකීමේ කොටස්කරුවෝ වූහ.

අන්තර්ජාලය යනු ගොසිප් වෙබ් අඩවි පවත්වා ගැනීමට, අසැබි වීඩියෝපට සහ විකෘති කරන ලද ඡායාරූප මුදා හැරීමට පමණක් උපන් දෙයක් නොවේ. මිනිස් සිතක ඇති වන හැඟීම් සහ සිතුවිලිවල සිරකාරයෙකු නොවී ඒවා සංයමයෙන් යුතුව ප්‍රකාශ කිරීමට අන්තර්ජාලය හොඳ වේදිකාවකි. චෙස්ටර්ගේ මරණය අන්තර්ජාලයම කඳුළු ගඟක් බවට පත් කළේය. මෙය කීප දෙනෙකුට කහඹිලියා ගෑවුණාක් වැනි අත්දැකීමක් විය.

වෙනත් රටක ගායකයෙකු වෙනුවෙන් ලාංකිකයන්ගේ සිතේ ඇතිවන හැඟීම ලංකාවේ කලාකරුවන් වෙනුවෙන් ඇති නොවන බවක් ඔවුහු පුන-පුනා කීහ. මේ ඊනියා 'සිය රට දේ සිරි සැප දේ' නඩයේ බොහෝ දෙනෙකු ස්වදේශීය සේවයේ එෆ්.එම් සංඛ්‍යාතය පවා නොහඳුනයි. නමුත් ඔවුන් විස්සෝප වන්නේ දේශීය දේවල් අගය නොකරන ගුණමකු ජාතියක් තුළ ජනිත වූවන් සේය. හොඳ කලා නිර්මාණයක් ඇගයීමට කලාවෙන් පවා නැති සම්බාධක ය. යමෙක් බටහිර නිර්මාණයක් අගය කරයිද ඔහු දේශිය නිර්මාණ බැහැර කරනු ඇතැයි අපිට සිතිය නොහැක. 

මේ ලංකා පුත්‍රයන් විසින් ම කලාකෘති පරිශීලනය කිරීම වැනි අතිශය සංවේදි කාරණාවක් මත සමාජය දෙකට බෙදා ඇත. බටහිර නිර්මාණ ඇසුරු කරන්නන් 'පොෂ්' වන අතර දේශීය නිර්මාණ හා බැඳුණු ජීවිත 'ගොඩේ' වේ. ඌරන් කැකුණ තලන විට රජමගුල් සමරන හබන් කුකුළන් ද ඇත. ජනප්‍රිය සංස්කෘතිය යනු බටහිර සංස්කෘතිය පමණක් වන බව සහ දේශීය නිර්මාණ ඒවා දේශීයත්වය එක්කොට සෑදුණු ඒවා නිසාම ඇසුරු නොකළ යුතුය යන හීනමානයෙන් පෙළෙන්නෝ ද නැතුවා නොවේ. භේදයකින් තොරව සංගීතය රස විඳින කලාකාමීන්ට මුවා වී මොවුහු මේ නාටකය රස විඳිති.

අතීතකාමයේ අල්ප මාත්‍රයක් හෝ ශේෂගතව හැම මිනිසෙකු තුළම ඇත. චෙස්ටර් බෙනින්ග්ටන්ගේ මරණය දේශසීමා අතික්‍රමණය කරමින් හදවත් දවන්නේ මේ නිසාය. ඔහු වෙනුවෙන් දුක්වන බොහෝ දෙනා ළමා කාලය කෙමෙන් ඉක්මවා තරුණ වියට එළඹෙන්නේ ලින්කින් පාක් කණ්ඩායමේ ගීත අසමිනි. ඔහුගේ සංගීතය මග හැරුණු කීප දෙනා සැබෑ අවාසනාවන්තයෝ වෙති. ජීවිතයේ ලස්සනම අවධියක මුණ ගැසෙන අය මෙන්ම ඇස නොගැසෙන මෙවන් චරිත ද අමතක කළ නොහැක. අනවශ්‍ය ලෙස පුද්ගලයන් කලාව නිසා කොටස් දෙකකට බෙදී කුළල් කා ගැනීම දැකීමට තරම් චෙස්ටර් බෙනින්ග්ටන් පව් කර නැත.

තිසරණී විජයබණ්ඩාර @Thizuu (දිනමිණ)

29 July, 2017

දවසේ කාටූන් – 2017.07.29

දවසේ පුවත්පත් සහ වෙබ් අඩවි කාටූන්.

Daily newspapers and website cartoons.

Cartoon Cmn - 2017.07.29

දිවයින කාටූන් - Divaina Cartoon

දිනමිණ කාටූන් - Dinamina Cartoon

ද අයිලන්ඩ් කාටූන් - The Island Cartoon

රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රිය නිර්දේශ බැලුවම හිනා ගියා - ගොසිප් නිසා ආදර සම්බන්ධයක් පටන් ගන්නත් බෑ

Rithu Akarsha - 2017-07-29_11-39-04

රිතූ ගොඩක් කාර්යබහුලයි වගේ..?
ඔව්. මේ දවස්වල රංගන කටයුතු එක්ක ගොඩක් කාර්යබහුලයි. මම සම්බන්ධ වෙන සසර සේයා සහ තුරුම්පු ආසියා කියන ටෙලි නාට්‍ය දෙක විකාශය වෙනවා. ඊට අමතරව "තුත්තිරි" සහ "චුට්ටේ" කියන ටෙලි නාට්‍ය දෙකටත් රංගනයෙන් සම්බන්ධ වෙනවා.

ඒ කියන්නේ රිතූට වැඩවල අඩුවක් නෑ වගේ..?
මට කවදාවත් වැඩ අඩු වුණේ නැහැ. මම ක්ෂේත්‍රයට ආපු කාලේ වගේම අඩුවක් නැතිව මට රංගන වැඩ කටයුතුවලට ආරාධනා ලැබෙනවා.

වැඩ ජයටම ලැබෙන්නේ රිතූගේ දක්ෂතාව නිසාද..? නැත්තම් ලැබීම හොඳ නිසාද..?
ක්ෂේත්‍රයේ යම්කිසි තැනකට යන්න නම් දක්ෂකමයි, ලැබීමයි දෙකම තියෙන්න ඕන. මම හිතන්නේ මේ දෙකම මට තියෙනවා.

රංගන ක්ෂේත්‍රයේ නිළියෝ වැහි වැහැලා. නිළියෝ වැඩි වෙද්දි රිතූට තරගකාරිත්වයක්දැ නිලම නැද්ද..?
මට හැමදාම තරගය තිබ්බේ මාත් එක්ක. මම මට ලැබෙන වැඩේ හරියට කළා. අනෙක් අය ගැන හිත හිත හිටියොත් මම කරන වැඩේ හරියට කෙරෙන්නේ නැතිවෙයි. ලැබෙන දේ හරියට කරන නිසා තමයි අධ්‍යක්ෂවරු මාව නිර්මාණවලට සම්බන්ධ කරගන්නේ.

හැබැයි සමහරු නම් කියනවා නිළියන් තැන හදාගන්න අධ්‍යක්ෂවරු එක්ක විශේෂ හිතවත්කම් හදාගන්නවා කියලා. සල්ලිවලටත් චාන්ස් ලැබෙනවලු. ඔය එක ක්‍රමයක්වත් රිතූ පාවිච්චි කරන්නේ නැද්ද..?
සල්ලි, බලය ඔය එක එක ක්‍රමවලින් මේ ක්ෂේත්‍රයේ ර¼දාපවතින්න නම් බෑ. ප්‍රේක්ෂකයෝ ආදරය කරනකල් තමයි අපිට මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන්. අපි නිහතමානි, දක්ෂ කලා ශිල්පිනියෝ වුණොත් මේ ක්ෂේත්‍රයේ පවතින්න පුළුවන්. අනෙක් ක්‍රම පාවිච්චි කරන්න නම් මට වුවමනා නැහැ.

ලැබීම් හොඳ වුණත් සම්මානනීය ලැබීම් නම් රිතූට දුරයි වගේ..?
මේ පාර රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රිය නිර්දේශ බැලුවම නම් මට හිනා ගියා. ඒ අතරේ මගේ නම නොතිබුණා නම් හොඳයි කියලා තමයි මට හිතුණේ. කොහොම වුණත් අන්තිම තීරණය තියෙන්නෙ ප්‍රේක්ෂකයෝ අතේ. මම ක්ෂේත්‍රයට ආපු කාලේ ඉඳන් ජනප්‍රිය සම්මානයට නිර්දේශ වුණා.

කවදාහරි මගේ ප්‍රේක්ෂකයෝ ඒ ජනතා සම්මානය මට දෙයි. කොහොම වුණත් ජනතාවගේ ආදරය මට අඩුවක් නැතිවම ලැබෙනවා. අපි කරන චරිතයකින් ප්‍රේක්ෂකයන් අපිව හඳුන්වනවා කියන්නෙම අපි ජනතාව අතරට ගිහින් කියන එක. මම කරපු වරුණිගේ චරිතයෙන්, කාසි වත්තේ චුක්කිගේ චරිතයෙන් තාමත් ප්‍රේක්ෂකයෝ මට කතා කරනවා.

ජනප්‍රියත්වය එක්ක අනෙක් පසින් ලැබෙන දෙයක් තමයි විවේචන, ගොසිප්. මේ දේවල්වලට රිතූට ශක්තිමත්ව මුහුණ දෙන්න හැකියාව තියෙනවද..?
දැන් ගොසිප් සයිට් Views ප්‍රමාණය වැඩි කරගන්න කලා ශිල්පීන්ට මඩ ගහනවා. එයාලගේ ගොසිප් විකුණගන්න අපිට මඩ ගහන්න වෙනවා. මගේ නමට කැත නාමයක් ගෑවෙනවට මම කැමැති නැහැ. ඒ නිසා මම ගොසිප්වලට බයයි.

වැරැද්දක් නොකළොත් බය වෙන්න දෙයක් නෑ නේද..?
අද කාලේ හරියට හිටියත් මඩ ගහනවා. යන්තම් චරිතයක් කළොත් බේරිලා ඉන්න පුළුවන්. ප්‍රධාන චරිත කළොත් නම් මඩවලින් බේරිලා ඉන්න අමාරුයි. ඉස්සර තමයි කිව්වේ ගින්නක් නැතිව දුමක් නඟින්නේ නෑ කියලා. හැබැයි දැන් ගිනි නැතිවම තමයි දුම් නඟින්නේ.

පසුගිය කාලේ රිතූගේ කියලා වීඩියෝ එකකුත් අන්තර්ජාලේ හරි හරියට සැරිසැරුවා නේද..?
ඔව්. එහෙම එකක් ගියා. හැබැයි ඒක මගේ නෙවෙයි. අපේ නම් කැත කරන්න ඔය වගේ දේවල් කරන්නේ. ඒ වීඩියෝවේ හිටියේ ඉන්දියන් ගැහැනු ළමයෙක්. තමන්ගේ ඍඪඥඹඵ වැඩිකරගන්න කාට වුණත් ඒ වගේ දේවල් කරන එක වැරැදියි.

රිතූට ක්ෂේත්‍රයේ ඇතුළේ කැපිලි නැද්ද..?
අම්මෝ ක්ෂේත්‍රයේ අයගෙන් නම් මට කවදාවත් කැපිලි ඇවිත් නැහැ. මම කා එක්කවත් තරහා අමනාපකම් වෙලා නැහැ. මොකද මම ක්ෂේත්‍රයයි පෞද්ගලික ජීවිතයයි පටලවා ගන්නේ නෑ. ක්ෂේත්‍රයේ අය මම පෞද්ගලිකව ආශ්‍රය කරන්නේ නැති තරම්. දැන් අපේ ගොඩක් ආටිස්ලාට වෙලා තියෙන්නේ තමන්ට පෞද්ගලික ජීවිතයක් තියෙනවා කියලා අමතක වෙලා. ගොසිප් සයිට් වුණත් කලාකරුවන්ට පෞද්ගලික ජීවිතයක් තියෙනවා කියලා අමතක කරලා. දැන් ඔක්කොම දේවල් පැටලිලා තියෙන්නේ.

රිතූ පුංචි තිරයට විතරක් සීමා වෙන්නද අදහස..?
මම අවස්ථා හොයාගෙන ගිය කෙනෙක් නෙවෙයි. අවස්ථා මං ළඟට එනකල් මම බලාගෙන හිටියා. හරි කාලෙදි මට හැමදේම ලැබුණා. සිනමාවේ හොඳ නිර්මාණයක් ලැබුණොත් මම භාර ගන්නවා.

දැන් ඉතිං රිතූ ආදර සම්බන්ධයකත් පැටලිලා ඇතිනේ..?
ආදර සම්බන්ධයක් පටන් ගන්නවත් බෑනේ දැන් තියෙන ගොසිප් නිසා. දැන් එක නළුවෙක් එක්ක නාට්‍ය දෙකක රගපෑවත් ඒ නළුවා එක්ක යාළුයි කියලා ගොසිප් හදනවා. ඒ නිසා තාම නම් මට එහෙම ආදරවන්තයෙක් නෑ.

රිතූ කවදා හරි තෝරගන්න ආදරවන්තයා ක්ෂේත්‍රයේ කෙනෙක් වෙයිද..?
මගේ ආදරවන්තයා කවදා කොයි විදියට මුණගැහෙයිද දන්නේ නෑ. හැබැයි ඒ කෙනා කලා ක්ෂේත්‍රයේ කෙනෙක් නම් වෙන එකක් නැහැ. මොකද මම ටිකක් ඊර්ෂ්‍යයි. වෙන කෙනෙක් එක්ක මගේ ආදරවන්තයා රඟපානවා බලද්දි මට ඊර්ෂ්‍යා හිතෙයි. ඒ නිසා ජීවිතේට නළුවෙක්ට නම් මම ආදරේ කරන එකක් නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ (මව්බිම)

ජීවිතය අපිට ආපස්සට හරවන්න බෑ

Girl Looking

ඇය මට ජීවිතයේ අලුත් පිටුවක් පෙරළන්න නිහඬවම ඇරයුම් කරමින් හිටියා. ඇගේ සීතල ලොකයේ සීතලත් මගේ උණුසුම් ලෝකයේ අප්‍රමාණ උණුසුමත් අතර අපේ ආදරණීය අතීතයේ මතක හිත කොනිත්ත කොනිත්ත කතා කරන්න පටන් ගත්තා. ඇය මගේ ජීවිතයේ ළඟින්ම උන් කාලය මට හීනයක් සේ දැනෙමින් තිබුණා.

මේ හැමදේම අදින් ඉවරෙටම ඉවරයි ආයෙත් මගේ ජීවිතයේ රෝස් කෙනෙක් නෑ...
නැහැ... මට කවදාවත් උඹව අමතක කරන්න බෑ... අනිත් එක උඹ අද ඉන්නේ එදා මම හිටියටත් වඩා අසරණකමකින්. 

මගේ අසරණකම මම බලා ගන්නම් ඒක උඹට වැඩක් නෑ...
මාව උඹට වැඩක් නැති වුණාට මට උඹව ඕන...
කාගෙවත් ජීවිතයට බලෙන් රිංගන්න හදන්න එපා රෝස්...
මම ඔයාගේ ජීවිතයෙන් අලුත් ඉඩක් ඉල්ලුවේ නෑ දුල්යානා... මම ඉල්ලුවේ මීට හුඟ කාලයකට ඉස්සර උඹ උඹේ ජීවිතයෙන් මට දීලා තිබ්බ ඉඩ ටික විතරයි. ඒ ඉඩ මට හැමදාම අයිතියි... ඒ ඉඩ මම කවදාවත් අතහරින්නේ නෑ දුල්යානා...
පොරොන්දු කඩන්න එපා රෝස්...
මම පොරොන්දු කැඩුවේ නෑ...
උඹ මට පොරොන්දු වුණා... උඹගේ හිත නිදහස් කරගත්ත දවසට මගේ ජීවිතෙන් ඈතකටම යනවා කියලා...
ඔව්...
ඉතින්...
ඉතින් දැන් මම උඹව අහගෙන හිටියා... දැන් උඹ මගේ ජීවිතේ අහලකවත් ඉන්න එපා...
දුල්යානා... කවදාවත් කියලා ඉවර කරන්න බැරි තරම් දේවල් මට උඹට කියන්න තියෙනවා...
මට සමාවෙයන් රෝස් මට ඒ කිසි දෙයක් අහන්න බෑ...
නෑ, මට කියන්න ඕන හැමදේම උඹ අහන්න ඕන...
දෙවියනේ මේ මොන ශාපයක්ද? ඇයි මට කිසිම දෙකින් සැනසීමක් නැත්තේ... කිසිම දෙකින් ගැලවීමක් නැත්තේ...
දුල්යානා... අංජලී මැරුණේ නෑ...
දැන් උඹමනේ කීවේ අංජලී ලේ පිළිකාවක් හැදිලා මැරුණා කියලා...
නෑ.. මම ඒ උඹට කීවේ බොරු... අංජලී මැරැණේ නෑ...
කෝ දැන් අංජලී...
උඹට ඒක දැනගන්නම ඕනද දුල්යානා...
ඔව් මට ඒක දැනගන්නම ඕන...
මම උඹට ඒ හැමදේම කියන්නම්... හැබැයි එක කොන්දේසියක් උඩ
කොන්දේසියක්?
ඔව්... කොන්දේසියක්
මට මැරිච්ච මිනිස්සුත් එක්ක කොන්දේසියක් නෑ... මට ගනුදෙනු තියෙන්නේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුත් එක්ක විතරයි...
ඇයි උඹ අපේ අතීතය මේ විදිහට අමතක කරලා දාන්නේ...
දෙයියන්ගේ නාමෙන් මට සැනසීමෙන් ඉන්න දියන්... මම එකවරම ඇගේ සීතල අත ගසා දමා නැගිට්ටා. මට යන්න ඕන වුණේ මගේම ලෝකයක තනිවෙන්න. මම දුවලා ගියේ පල්ලිය ඇතුළට.
දුල්යනා...
දෙවියනේ... මම එතනම ගැල්ගැහී නැවතුණා...
සිස්ටර් සේරා මා වෙත එමින් හිටියා...
ඔයා මොකද්ද මේ නටන නාඩගම... රෑ තිස්සේ පල්ලියේ සොහොනට වෙලා ඔයා මොනවද මේ කරන්නේ... මොකක්ද ඔයාට මැරිච්ච මිනිස්සුත් එක්ක තියෙන ගනුදෙනුව...
මැරිච්ච මිනිස්සුත් රෑට සොහොන්වලින් නැගිටලා එනවා සිස්ටර්...
ඔයාට මොකද්ද ඒ මිනිස්සු එක්ක තියෙන ගනුදෙනුව... ඔයාගේ කවුද එතන ඉන්නේ?
මගේ කවුරුත් එතන නෑ... ඒත් කොහේදෝ ඉඳන් මගේ කෙනෙක් හැමදාමත් එතෙන්ට එනවා... එයා එන්නෙ එයාගේ කතාව කියන්න... ඒක කවදාවත් ඉවරයක් කරන්න බැරි කතාවක්...
දෙවියන් ඉන්න තැනකට මළවුන්ට එන්න බෑ දුල්යානා...
එයා සොහොන් බිමෙන් එහා සීමාවට එන්නෙ නෑ සිස්ටර්...
එයා කවුද ඔයාගේ...
කාලයක් මගේ ජීවිතේ ළඟින්ම හිටපු කෙනෙක්...
මට දැනගන්න ඕනෑ ඒ කවුද කියලා..
රෝස්මරි...
රොස්මරි කීවේ... අර ඔයා දවසක් කීව ඔයාගෙ යාළුවාද?
ඔව් සිස්ටර්...
දෙවියන්ගෙ නාමෙන් දෙවියන් එක්ක මිසක මළවුන් එක්ක සම්බන්ධකම් තියාගන්න එපා දුල්යානා...
මැරුණත් අතීතය අමතක කරන්න බැරිනම්...
දුල්යානා... කරුණාකරලා ඔයා හෙට උදේම මේ පල්ලියෙන් යන්න... ඔයාව දැන් අපට අයිති නෑ. මේ පල්ලියේ කිසිම දෙයක් ඔයාට අයිති නෑ.
මගේ ජීවිතේ අවුරුදු විසි ගාණක් මම ගතකළේ මෙතන සිස්ටර්...

ජීවිතය අපිට ආපස්සට හරවන්න බෑ දුල්යානා... ඔයා දැන් ජීවිතෙන් ඇත්තට මූණ දෙන්න... මායාවක් පස්සෙ දුවන එක දැන්වත් නතර කරන්න. (දේශය)

මමනම් ගොඩක් වෙලාවට තැනට ගැලපෙන විදියට තමයි අඳින්නේ - චමී

Chami Dilrukshi
Chami Dilrukshi

චමී කියමුකෝ ඔයා ඉගෙන ගත්තේ කොහේද? ඉන්නේ කොහේද කියලා?
මම ඉන්නේ මහරගම. ඉගෙන ගත්තේ දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා පාසැලේ.

එතකොට කොහොමද මේ ක්ෂේත්‍රයට ආවේ?
ඉස්කෝලෙ යන කාලෙදි මට එහෙම නිරූපණ ක්ෂේත්‍රයට එන්න කැමැත්තක් තිබුණේ නෑ. ඉස්කෝලේ අධ්‍යාපනය ඉවර වුණාට පස්සේ මම අහම්බෙන් තමයි මේ ක්ෂේත්‍රයට යොමු වුණේ. කොහොමටත් ඉස්කෝලේ යන කාලෙදීත් මට එහෙම ලොකු හීන තිබුණේ නෑ.

අහම්බෙන් ලැබිච්ච අවස්ථාව ගැන කතාකළොත්...
ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ මම රැකියාවක් කළා. ඒක කරන අතරතුරේදී Facebook එක හරහා මාව අඳුරගත්තු කෙනෙක් මට photoshoot එකකට කතාකළා. ඒ කරලා මම පේපර් ඇඩ්වර්ටීස්මන්ට් එකක් කළා. එතනින් කට්ටිය මාව දැනහඳුනගෙන තමයි මෙහෙම නිරූපණ ක්ෂේත්‍රයට මාව යොමු වුණේ.

මේ වෙනකොට චමී වෘත්තියෙන් නිරූපණ ශිල්පිනියක්ද?
මම රැකියාවෙන් අයින් වුණා. දැන් මම උත්සව සංවිධානය කරනවා. ඊට අමතරව මම මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉඩ ලැබෙන වෙලාවට ලැබෙන විදියට මම නිරූපණ කටයුතුවලත් නිරත වෙනවා.

නිරූපණ ශිල්පිනියක් වුණාම බොහෝ අය විවේචනය කරනවා. බොහෝ වෙලාවට නිරූපණ ශිල්පිනියන් අඩ නිරුවත් වෙනවා. චමී මොකද ඒ ගැන කියන්නේ?
මෙහෙමයි... මමනම් ගොඩක් වෙලාවට තැනට ගැලපෙන විදියට තමයි අඳින්නේ. පන්සල් ගියත් එතනට ගැලපෙන විදියට අඳිනවා. මළගෙදරක ගියොත් එතනට ගැලපෙන විදියට අඳිනවා. පාටියකට ගියොත් එතනට ගැලපෙන විදියට අඳිනවා. මම හිතන්නේ ගොඩක් අය තැනට ගැලපෙන්න අඳින්නේ නැති නිසයි ඔය කතාව මිනිස්සු හදන්නේ.

එතකොට පාටියකට වගේ යද්දී චමීට හිතුණ හිතුණ විදියට ඇඳගෙන යනවද? ඇඳුමක් තෝරද්දි ඔයා සැලකිලිමත් වෙන්නේ කොහොමද?
මම මුලින්ම බලන්නේ කරන දේ වැදගත්ද නැද්ද කියලයි. වැඩේ වැදගත්නම් මම ඒක කරනවා.

වෙළඳ දැන්වීම්වලට එහෙම චමීට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවද?
මම ළඟකදීනම් වෙළඳ දැන්වීම්වලට පෙනී ඉඳලා නෑ. ෆීල්ඩ් එකට ආපු අලුත මම දෙක තුනක් කළා. ඊට අමතරව විෂුවල් දෙක තුනක් මම කරලා තියෙනවා. හැබැයි ළඟකදීනම් එවන් දේකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. මම වැඩිපුරම කළේ photoshoot තමයි.

ඔයාට රඟපාන්න අවස්ථාව ලැබිලා නැද්ද?
නාලන් මෙන්ඩිස් සර්ගේ දූවරු ටෙලිනාට්‍යයේ මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ නාට්‍යවලට සම්බන්ධ වුණේ නෑ. අවස්ථා කීපයක්ම ලැබුණා. ඒත්... ඒකට යොදවන කාලයත් එක්ක අනිත් වැඩ කරන්න. අමාරු නිසා මම ඒ දේවල් බාරගන්නේ නෑ.

මේ වෙනකොට චමී පෙම්වතියක්ද?
නෑ... මේ වෙනකොට පෙම්වතියක් නෙවේ. මම කාලයක් පිරිමි ළමයෙක්ට ආදරේ කළා. ඒත්... ඒ ආදරේ නතර කරන්න සිද්ධ වුණා.

Chami Dilrukshi - 02
Chami Dilrukshi - 03
Chami Dilrukshi - 04

► Hair & Make-up: Dayan Indrajith / Location: White Villa Residence - Mulleriyawa /
Text – Dishani / Pic – Malaka Waligodapola (දේශය)

ඔබේ මේසය ටච් ස්ක්‍රීන් එකක් කරන ප්‍රොජෙක්ටර් ලයිට් බල්බ්

Touch Screen Table

ලොව ප්‍රමුඛතම විද්‍යායතනයක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ, පෙන්සිල්වේනියා ජනපදයේ කානගී මෙලන් විශ්ව විද්‍යාලයේ නව ව්‍යාපෘතියක් හරහා ඔබේ මුළු මේසයම ටච් ස්ක්‍රීන් එකක් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ, අනන්‍ය වස්තූන්, සැබෑ වස්තූන් සමඟ අන්තර්ක්‍රියාකාරී කිරීමට මඟ පාදමින්.

මෙලොව වෙසෙන බොහෝ දෙනකුගේ මේස පරිදිම ඔබේ මේසයත්, ස්ක්‍රීන් කිහිපයක්, කීබෝඩ් සහ තවත් අඩුම කුඩුම සීසීකඩ දමා අවුල් වියවුල්වලින් පිරි ඉඩක් සොයාගත නොහැකි තත්ත්වයක තිබෙන්නට පුළුවන්. (මේස උඩ තබන කෑම බීමත් ඊට එක්විය හැකියි) එම නිසා වැඩක් කරගන්නට අවශ්‍ය වූ විටක ඉඩක් හොයා ගන්නත් අවශ්‍යම දෙයක් තබා ගන්නටත් බැරිවුණු අවස්ථාත් එමට ඇති.

ඔබේ මේසයේ එවැනි අඩුම කුඩුම අවශ්‍ය වෙලාවට පමණක් මැවෙන්නත්, භාවිත නොකරන වෙලාවට අතුරුදන් වෙන්නටත් පුළුවන් මැජික් බලයක් මේසයට හෝ ඔබට ලැබෙනවා නම් එය සතුටට කාරණයක් විය හැකියි. මැජික්වලින්වත් කරන්නට බැරි ආශ්චර්යයන් කිරීමට සියවසකට වඩා කැපවුණු විද්‍යායතනයක් වන කානගී මෙලන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් උඩින් පිහිටි ප්‍රොජෙක්ටරයක් සහ ගැඹුරු සංවේධකයක් පමණක් භාවිතයෙන් ඕනෑම අතත්‍ය අන්තර්ක්‍රියාකාරී සංදර්ශකයක් ඕනෑම මේසයක් මත පතිත කිරීමට හැකි උපාංගයක් නිමවා තිබෙනවා.

මෙම ගැඹුර සංවේධකයට ඔබ මේසයේ පෘෂ්ඨය මත කරන අභිනයන් හඳුනාගත හැකිවන අතර එයට අනුගත වන පරිදි ඔබට උපකාරි ඇප් සහ පිටු සියල්ලක්ම මැණික් කටුව මඳක් සෙලවීමෙන් පමණක් ලබාදෙන්නට ප්‍රොජෙක්ටර් එකට හැකියාවක් තිබෙනවා. ඔබට මෙම අතත්‍ය වස්තූන් රිසි සේ විශාලත්වය අඩු වැඩි කරන්නත් එහේ මෙහේ කරන්නත් වාගේම මේසය මත තිබෙන භෞතික වස්තූන්ට සම්බන්ධ කරන්නත් පුළුවන්.

මීට පෙර නිමැවුණු අතත්‍ය පද්ධති භාවිත කිරීමට සිදුවූයේ මේසය මත ඇති භෞතික වස්තු මඟ හරිමින් එම බාධාවට මුහුණ දීමට සිදුවන බැවින් ඩෙස්ක්ටොපෝග්‍රැෆි යනුවෙන් හඳුන්වන මෙහි සුවිශේෂත්වය වන්නේ එයට අතත්‍ය වස්තූන් සහ භෞතික වස්තූන් දෙවර්ගයම එකම අවකාශයක හසුවන්නට හැකිවීමයි.

කානගී මෙලන් පර්යේෂකයන් මෙම ඩෙස්ක්ටොපෝග්‍රැෆි මූලාදර්ශය නැතහොත් ප්‍රතිරූපකය නැති නම් වඩාත් පහසුවෙන් අවබෝධ කර ගත හැකි භාෂාවෙන් කියනවා නම් ප්‍රෝටොටයිප් එක නිමවා ඇත්තේ සාමාන්‍ය මේස ලාම්පුවකට ප්‍රොජෙක්ටර සහ ගැඹුර සංවේදකය ලයිට් බල්බයේ සොකට් එකට සවි කිරීමෙනි. (මව්බිම)

ඇමෙරිකාවේ සම්බාධකවලට රුසියාව 'එකට එක කරයි'

US Embassy in Moscow

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පණවන ලද නව සම්බාධක සම්බන්ධයෙන් රුසියාව එකට එක කිරීමේ ප්‍රතිචාරයක් දක්වා තිබේ.

මොස්කව් අගනුවර පිහිටි තානාපති කාර්යාලයේ සේවය කරන පිරිස 455 දක්වා අඩුකරන මෙන් ඇමෙරිකාවට දැනුම් දුන් රුසියාව, තානාපති කාර්යාලයට අයත් ඇතැම් දේපොළ පරිහරණය කිරීම ද තහනම් කර තිබේ.

ඒ අනුව ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන පිරිස, වොෂින්ටන් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ සේවක පිරිස හා සමාන සංඛ්‍යාවකි.

එමෙන්ම එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් රුසියාව තුළ නිවාඩු ගතකිරීම පිණිස භාවිත කරන නිවාස සහ ඔවුන්ගේ ගබඩා සංකීර්ණයක් ද පවරා ගනු ලබන බවත් රුසියාවේ විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

යුක්රේනයේ කොටසක්ව තිබූ ක්‍රිමියාව 2014 දී රුසියාව විසින් පවරාගනු ලැබීම ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාවට එරෙහිව නව සම්බාධක පැණවීමට එක හේතුවකි.

ඇමෙරිකාව එම සම්බාධක නිවේදනය කළේ 2016 ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පාක්ෂික අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ගේ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙබ් අඩවිවලට රහසිගතව ඇතුළුවීමේ චෝදනාව මත ජනාධිපති බරක් ඔබාමා ගේ පරිපාලනය විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමෙන් මාස කිහිපයකට පසුවය.

ඒ අවස්ථාවේ ඇමෙරිකාවේ පිහිටි රුසියානු රාජ්‍යතාන්ත්‍රික සංකීර්ණ දෙකක් පවරාගත් ඔබාමා පරිපාලනය, රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 35 දෙනෙකු පිටුවහල් කළේය.

සිකුරාදා (ජුලි 28) නිවේදනයක් නිකුත් කරන රුසියාවේ විදේශ අමාත්‍යාංශය "අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ ව්‍යාජ චෝදනාව යොදාගනිමින් එකක් පසුපස එකක් ලෙසින් දැඩි රුසියානු විරෝධී පියවර," ගනිමින් සිටින බවට එක්සත් ජනපදයට චෝදනා කරයි.

එමෙන්ම රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් පිටුවහල් කිරීම "රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ වියෙනා ප්‍රඥප්තිය මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ පිළිගත් ක්‍රමවේදයන් ද උල්ලංඝනය කිරීමක්," බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ. (බීබීසී)

පරිසරය නැසීමේ ප්‍රතිඵල මෙන්න

Environment pollution - Garbage - Waste

වහිනවිට කාලගුණය අයහපත් ලෙස දකින අයට පායනවිට කාලගුණය යහපත් වන්නේ කෙසේදැයි පැනයකි. ළැව්ගිනි, වගා හානි, විදුලිය කැපිලි සිදුවන්නේ පායනවිට නොවේද? දේශපාලනයද එයට සමානයි. විපක්ෂයේ සිටිනවිට යහපත් ලෙස දකින දේ බලය ගත්විට අයහපත් ලෙස පෙනීමද විහිළුකි. පායනවිට වැසි යදින අපිම දිනක් දෙකක් වහිනවිට වැස්සට ශාප කරයි. එසේම විපක්ෂයේ අය බලයට රැගෙනවිත් සතියෙන් දෙකෙන් ඔවුන් එපා වී දෙස් දෙවොල් තැබීම අපේ පුරුද්දකි. මෙවැනි මිත්‍යාවන්ගෙන් මිදෙන තුරු අපට අනාගතයක් නැත.

නියගයෙන් සහ ගංවතුරින් සිදුවන පීඩාවන් අවමකර ගැනීමට ලොකු කුඩා ජලාශ හෑරිය යුතුය. සමහර ජලාශවල උපන්දා පටන් රොන් මඩ ඉවත්කර නැත. සමහර ජලාශ විනාශ වීමද ගැටලුවවකි. ජලාශවල රොන්මඩ ඉවත්කර ගැඹුරු කිරීමෙන් ජල ධාරිතාව පුළුල් වී ගං වතුරටත් නියගයටත් විශාල සෙතක් අත්වනු ඇත.

පරිසරයටද හානියක් වන වැලි ඉල්ලුම වැඩිවීමට ප්‍රධානම හේතුව බ්ලොක්ගල් නිෂ්පාදනයයි. බ්ලොක්ගල් නිවාසවල රශ්මියද වැඩි වන අතර එය නිවාලීමට විදුලිපංකා, වායුසමන යන්ත්‍රද සවිකළ යුතු වේ. නමුත් මැටි ගඩොල් වලට රශ්මිය උරා ගැනීමේ ශක්තිය ඇති බැවින් විදුලි බිලටද සහනයක් ලැබේ. උළු සෙවිලි කිරීමෙන්ද නිවසට සිසිල ලැබෙන අතර අකුණුසැර වැදීමේ අවදානමද පහවේ. ටකරන්, ඇස්බැස්ටස්වලට වැය වන විනිමයද ඉතිරිවේ.

ජලාශ ගොඩවීම හේතුවෙන් දිනක් දෙකක් වහින විට පිරී ඉතිරී පිටාර ගලමින් ගම්බිම් යටවන අතර සතියක් දෙකක් පායන විට වැව් සිඳී වගා බිම්ද විනාශ වේ. මෙය විසඳිය හැකි ජාතික ගැටලුවකි. එක ප්‍රදේශයක් නියගයට ගොදුරුවනවිට තව ප්‍රදේශයක් ගංවතුරට යටවේ. එදා අප රජදරුවන් රට ජාතියට ආලය කරමින් කලා වැව, පරාක්‍රම සමූද්‍රය, සීගිරිය වැනි දායාද උරුමකර දුනි.

අද වනවිට ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඉවත්වනු පෙනේ. එයට හේතුව ගොවිතැනින් ලැබෙන ආදායම යුගයේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට ප්‍රමාණවත් නොවීමයි. විශේෂයෙන් වී ගොවියන් මෙම අර්බුදයට මුහුණපෑමෙන් වී මිලත් ඉහළ ගොස් ඇත. වී අතිරික්ත ඇති බවට හඬනැඟූ දිනවලද පොදු ජනතාව කුස පිරෙන්න බත් කෑවේ නැත. ආගන්තුක සත්කාර සහ බලු කපුටු දාන දුන්නේද නැ. අසරණ ගොවි ජනතාවගේ අතමිට සරු වූයේද නැත. වැව් අමුණු සංරක්ෂණය කර කන්න හතරක් වී වගාව කිරීමෙන් වී මිලද පහත වැටී සහල් පරිභෝජනයද වැඩි වී ගොවියාත් පාරිභෝගිකයාත් රැකෙනු ඇත. කුඹුරුවලට නිවාඩු නොදිය යුතුය. මාස දෙක, දෙක හමාරේ වී නිපදවා කන්න හතරක් වගා කිරීමෙන් ගොවි ජනතාවගේ රැකියාවද ස්ථාවර වේ.

ජේ. කණ්ඩම්බි - නායක නව ජාතික පෙරමුණ (දිනමිණ)

රාජ්‍ය සමාගම් දෙකක් කොටස් වෙළෙඳපොළට

Rajeeva Bandaranaike - CEO - CSE

ඉදිරියේ දී රාජ්‍ය සමාගම් දෙකක් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වනු ඇති බව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ අද දෙරණ Biz සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

“රාජ්‍ය සමාගම් කොටස් වෙළෙඳපොළට ගැනීම සඳහා රජය මේ වන විට කටයුතු කරමින් යනවා. අපට ඉදිරියේ දී බලාපොරොත්තු වෙන්න පුළුවන් අඩුතරමින් එවැනි සමාගම් දෙකක් හරි කොටස් වෙළෙඳපොළට සම්බන්ධ වෙයි කියලා. ඒ වගේම පුද්ගලික අංශයේ සමාගම් කිහිපයක්ම කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. වසරේ අවසාන කාර්තුවේ දී මූලික කොටස් නිකුතු කිහිපයක් අපිට දකින්න ලැබේවි“, යැයි බණ්ඩාරනායක මහතා පැවසීය.

මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.



(දෙරණ)

ස්ම්‍රිති මන්ධනා අධ්‍යාපනයට හිනාවෙයි

Smriti Mandhana

සාමාන්‍යයෙන් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෙම්බඳින ශ්‍රී ලාංකිකයන් සොයා ගැනීම අපහසු වූවත් ඇයට පෙම්බඳින්නන් සොයා ගැනීම නම් එතරම් අපහසු නොවේ. ස්ම්රිතිගේ රූසපුව සහ ක්‍රිකට් දක්ෂතා අතර ඇත්තේ කිට්ටු සම්බන්ධයකි. එසේ කීමට හේතුව ඒ දෙකම ඉහළ මට්ටමේ පැවතීමයි.

පසුගියදා අවසන් වූ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය තුළදී එංගලන්තයට එරෙහිව පන්දු 72කදී ලකුණු 90ක් රැස්කළ ස්ම්රිතිට ශ්‍රී ලාංකිකයන්ගේ ආදරය හිමිවීමට හේතු වූ තවත් කරුණක් ඇත. ඒ ඇගේ ප්‍රියතම පිතිකරු ශ්‍රී ලාංකිකයෙකු වීමයි. ඇගේ සිත්ගත් පිතිකරු ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරයි.

ඈ විසින් මවන ලද නවතම පුවත එය නොවේ. අධ්‍යාපනය ගැන මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කරන ලද අවස්ථාවේ ඇය විසින් සිනාසෙමින් ලබා දුන් පිළිතුරයි.

“අන්තිම අවුරුදු තුනේදීම මම විද්‍යාලයේ පළමු වසරේ තමයි හිටියේ. අසමත් වෙලා නෙමෙයි, මම විභාගයට සහභාගී නොවුණු නිසා.”

21 හැවිරිදි ස්ම්රිතිට ඉන් සිදු වූ පාඩුවක් නම් පෙනෙන්නට නැත. ලෝක කුසලාන තරගාවලිය දක්වා ඉන්දියානු කාන්තා කණ්ඩායමේ ස්ථානය ලබා ගැනීමට විභාගවලට වඩා ඇයට උපකාර වී ඇත්තේ පුහුණුව සහ තරග අත්දැකීම් ය.

ඇයට මේ වන විට ආබාධ තත්වයක් උද්ගතව ඇතත් ඇය තවදුරටත් පවසන්නේ එය සුව වීමෙන් පසුව 100%ක ශරීර සුවතාවයට පත්වීම තමන්ගේ බලාපොරොත්තුව බවයි.

“100%ක ශරීර සුවතාවයට ඇවිත් පළමු තරග දෙක හොඳින් ක්‍රීඩා කරලා ඉදිරියටත් එය පවත්වාගෙන ගිහින් වඩා හොඳ ක්‍රීඩිකාවක් වීම තමයි මගේ බලාපොරොත්තුව.” (ද පපරේ)

28 July, 2017

ලිංගික හිංසන මැඩලීමය 'කාන්තාවන් පමණයි' පොලිස් ඒකක

Women Police Units

ලිංගික හිංසන මැඩලීමේ එක් පියවරක් වශයෙන් ඉන්දියාවේ ඇතැම් නගර තුළ කාන්තා පොලිස් ඒකක ක්‍රියාත්මක වේ.

රාජස්තාන් ප්‍රාන්තයට අයත් ජායිපූර් නගරයේ ක්‍රියාත්මක කාන්තා පොලිස් ඒකකය ඒ අතරින් එකකි.

සේවය සඳහා යෙදවීමට පෙර කාන්තා නිලධාරිනියන්ට නීතිය හා සටන් කලාව පිළිබඳ මාස ගණනක පුහුණුවක් සැපයේ.

කාන්තාවන් ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම සහ හිංසනයට ලක්වීම වළකාලීම සඳහා පොලිස් නිලධාරිනියෝ පාසල්, බස් නැවතුම් සහ උද්‍යාන ආසන්නයේ මුර සේවයේ යෙදෙති.

කාන්තා පොලිස් ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ඇතැම් පුරුෂයන් ද දක්වන්නේ සාධනීය ආකල්පයකි.

"මේක හරිම හොඳ වැඩක් මොකද රාජකාරියේ නිරත මේ කාන්තාවන් දැක්කම මිනිස්සු බය වේවි. එක පිරිමියෙක් ගුටි කෑවොත් වැරදි කරන අනෙක් පිරිමින්ට නිකන්ම ඒක දැනේවි. ඒකයි මම හිතන්නේ මේක හොඳ අදහසක් කියලා" යනුවෙන් ජායිපූර්හි වෙසෙන පුරුෂයෙක් පැවසීය.
දුරකතනයෙන් හෝ 'වට්ස්ඇප්' ඔස්සේ

දුරකතනයෙන් හෝ වට්ස්ඇප් ඔස්සේ උදව් ඉල්ලා තමන් ඇමතිය හැකි බව කාන්තා පොලිස් ඒකකය පවසයි.

ලිංගික අපරාධ පිළිබඳ පොලිස් නිලධාරීන් වෙත පැමිණිලි කිරීමට ඇතැම් කාන්තාවෝ බියක් දක්වති.

සිය ඒකකය ආරම්භ කිරීමෙන් අනතුරුව අපරාධ සිදු වීමේ සහ වාර්තා වීමේ පැහැදිලි අඩුවක් දක්නට ඇති බව ජායිපූර් නගරයේ කාන්තා පොලිස් ඒකකය වැඩිදුරටත් පැවසීය. 

Women Police Units - 02

(බීබීසී)

"ලස්සන නිසා" ඕෂදි කරන්න හදන බිස්නස් එක මෙන්න

Oshadee Himasha - 13

වසර කිහිපයක් තිස්සේ නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනා සිටින ඕෂදි හිමායා ඉදිරියේදී සිනමා නිර්මාණ කිහිපයක් තුළින්ද දැක ගැනීමට හැකිවේ. ඒ උදයකාන්ත වර්ණසූරියගේ ‘වස්සානේ සඳ’ හා හර්ෂ උඩකන්දගේ ‘ෆේස් ටු ෆේස්’ චිත්‍රපට තුළිනි. 

තලවතුගොඩ සුපිරි ගණිකා නිවාසයක් වටලද්දී සුරූපී කතුන් තිදෙනෙක් කොටුවුණු හැටි


prostitutes SL

තලවතුගොඩ ප්‍රදේශයේ සුපිරි නිවසක් කුලී පදනම මත ගෙන සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් තලංගම පොලීසිය විසින් වටලා තිබේ. 

මෙම වැටලීමේදී සුරූපී කතුන් තිදෙනෙක් සහ එහි කළමනාකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කතුන් තිදෙනා නුවර,ගලේවෙල,පාදුක්ක යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21 ත් 39 අතර පසුවන්නියන් වන අතර 39 හැවිරිදි කාන්තාවට වයස අවුරුදු 4ක දරුවෙකු සිටින බවත් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි කාන්තාවට මාස 4ක දරුවෙකු සිටින බවත් පොලිසිය පවසනවා.

අනෙක් 29 හැවිරිදි කාන්තාව අවිවාහක බවද මෙහිදී හෙළිවී තිබේ.

මෙම සුපිරි සම්භාහන මධ්‍යස්ථානයට ඇතුළු වීමට රුපියල් 1500ක මුදලක් ලබාගන්නා අත‍ර සම්භාහනයෙන් අනතුරුව අනෙකුත් ලිංගික සේවාවන් ලබාගැනීම සඳහා 6000 ක මුදලක් අයකරගන්නා බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් තලංගම පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

දවසේ කාටූන් – 2017.07.28

දවසේ පුවත්පත් සහ වෙබ් අඩවි කාටූන්.

Daily newspapers and website cartoons.

Cartoon Cmn - 2017.07.28

දිවයින කාටූන් - Divaina Cartoon


ලක්බිම කාටූන් - Lakbima Cartoon

රිවිර කාටූන් - Rivira Cartoon

මව්බිම කාටූන් - Mawbima Cartoon

දිනමිණ කාටූන් - Dinamina Cartoon

අද කාටූන් - Ada Cartoon

දෙරණ වෙබ් බුවා කාටූන් - Derana Web Buwa Cartoon

ඩේලි මිරර් කාටූන් - Daily Mirror Cartoon

ද අයිලන්ඩ් කාටූන් - The Island Cartoon

සිලෝන් ටුඩේ කාටූන් - Cylon Today Cartoon