28 July, 2017

ලිංගික හිංසන මැඩලීමය 'කාන්තාවන් පමණයි' පොලිස් ඒකක

Women Police Units

ලිංගික හිංසන මැඩලීමේ එක් පියවරක් වශයෙන් ඉන්දියාවේ ඇතැම් නගර තුළ කාන්තා පොලිස් ඒකක ක්‍රියාත්මක වේ.

රාජස්තාන් ප්‍රාන්තයට අයත් ජායිපූර් නගරයේ ක්‍රියාත්මක කාන්තා පොලිස් ඒකකය ඒ අතරින් එකකි.

සේවය සඳහා යෙදවීමට පෙර කාන්තා නිලධාරිනියන්ට නීතිය හා සටන් කලාව පිළිබඳ මාස ගණනක පුහුණුවක් සැපයේ.

කාන්තාවන් ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම සහ හිංසනයට ලක්වීම වළකාලීම සඳහා පොලිස් නිලධාරිනියෝ පාසල්, බස් නැවතුම් සහ උද්‍යාන ආසන්නයේ මුර සේවයේ යෙදෙති.

කාන්තා පොලිස් ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ඇතැම් පුරුෂයන් ද දක්වන්නේ සාධනීය ආකල්පයකි.

"මේක හරිම හොඳ වැඩක් මොකද රාජකාරියේ නිරත මේ කාන්තාවන් දැක්කම මිනිස්සු බය වේවි. එක පිරිමියෙක් ගුටි කෑවොත් වැරදි කරන අනෙක් පිරිමින්ට නිකන්ම ඒක දැනේවි. ඒකයි මම හිතන්නේ මේක හොඳ අදහසක් කියලා" යනුවෙන් ජායිපූර්හි වෙසෙන පුරුෂයෙක් පැවසීය.
දුරකතනයෙන් හෝ 'වට්ස්ඇප්' ඔස්සේ

දුරකතනයෙන් හෝ වට්ස්ඇප් ඔස්සේ උදව් ඉල්ලා තමන් ඇමතිය හැකි බව කාන්තා පොලිස් ඒකකය පවසයි.

ලිංගික අපරාධ පිළිබඳ පොලිස් නිලධාරීන් වෙත පැමිණිලි කිරීමට ඇතැම් කාන්තාවෝ බියක් දක්වති.

සිය ඒකකය ආරම්භ කිරීමෙන් අනතුරුව අපරාධ සිදු වීමේ සහ වාර්තා වීමේ පැහැදිලි අඩුවක් දක්නට ඇති බව ජායිපූර් නගරයේ කාන්තා පොලිස් ඒකකය වැඩිදුරටත් පැවසීය. 

Women Police Units - 02

(බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to " ලිංගික හිංසන මැඩලීමය 'කාන්තාවන් පමණයි' පොලිස් ඒකක"

    Post a Comment