28 July, 2017

"ලස්සන නිසා" ඕෂදි කරන්න හදන බිස්නස් එක මෙන්න

Oshadee Himasha - 13

වසර කිහිපයක් තිස්සේ නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනා සිටින ඕෂදි හිමායා ඉදිරියේදී සිනමා නිර්මාණ කිහිපයක් තුළින්ද දැක ගැනීමට හැකිවේ. ඒ උදයකාන්ත වර්ණසූරියගේ ‘වස්සානේ සඳ’ හා හර්ෂ උඩකන්දගේ ‘ෆේස් ටු ෆේස්’ චිත්‍රපට තුළිනි. 

රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපිකාවක් ලෙසද කටයුතු කරමින් සිටින ඕෂදි ඉදිරියේදී ව්‍යාපාරික කටයුත්තක් සඳහාද මුල පුරන්නට අදහස් කරමින් සිටියි.

ඒ පිළිබඳව ඇය අපිට පැවසුවේ මෙවැනි අදහසක්. 

“නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් වුණාට අපිට හැමදාම මේ ක්ෂේත්‍ර තුළම රැඳිලා ඉන්න අමාරුයි. අපේ ලස්සන නැති වුණ දවසට අපිට මේ ක්ෂේත්‍රවලට සමුදෙන්න වෙනවා. 

ඉතින් මම සැලසුම් කරමින් ඉන්නවා ඉදිරියේදී මගේම කියලා ව්‍යාපාරික කටයුත්තකට මුලපුරන්න.

ව්‍යාපරය පටන් ගන්න කියලා දිනයක් තාම තීරණය කරලා නැහැ. නමුත්, ඉක්මනින් ඒ සඳහා යොමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

පසුගිය දවස්වල චිත්‍රපටයේ රූපගත කිරීම් හා නිරූපණ කටයුතුවල නිරත වෙලා හිටිය නිසා කාර්යබහුල වටපිටාවක මම හිටියේ. 

ඒත්, දැන්නම් ඒ කාර්ය බහුලත්වය මට නැති නිසා ව්‍යාපාරික කටයුත්ත පිළිබඳව මේ දිනවල අවධානය යොමු කරමින් ඉන්නවා.’’

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""ලස්සන නිසා" ඕෂදි කරන්න හදන බිස්නස් එක මෙන්න"

    Post a Comment