29 July, 2017

රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රිය නිර්දේශ බැලුවම හිනා ගියා - ගොසිප් නිසා ආදර සම්බන්ධයක් පටන් ගන්නත් බෑ

Rithu Akarsha - 2017-07-29_11-39-04

රිතූ ගොඩක් කාර්යබහුලයි වගේ..?
ඔව්. මේ දවස්වල රංගන කටයුතු එක්ක ගොඩක් කාර්යබහුලයි. මම සම්බන්ධ වෙන සසර සේයා සහ තුරුම්පු ආසියා කියන ටෙලි නාට්‍ය දෙක විකාශය වෙනවා. ඊට අමතරව "තුත්තිරි" සහ "චුට්ටේ" කියන ටෙලි නාට්‍ය දෙකටත් රංගනයෙන් සම්බන්ධ වෙනවා.

ඒ කියන්නේ රිතූට වැඩවල අඩුවක් නෑ වගේ..?
මට කවදාවත් වැඩ අඩු වුණේ නැහැ. මම ක්ෂේත්‍රයට ආපු කාලේ වගේම අඩුවක් නැතිව මට රංගන වැඩ කටයුතුවලට ආරාධනා ලැබෙනවා.

වැඩ ජයටම ලැබෙන්නේ රිතූගේ දක්ෂතාව නිසාද..? නැත්තම් ලැබීම හොඳ නිසාද..?
ක්ෂේත්‍රයේ යම්කිසි තැනකට යන්න නම් දක්ෂකමයි, ලැබීමයි දෙකම තියෙන්න ඕන. මම හිතන්නේ මේ දෙකම මට තියෙනවා.

රංගන ක්ෂේත්‍රයේ නිළියෝ වැහි වැහැලා. නිළියෝ වැඩි වෙද්දි රිතූට තරගකාරිත්වයක්දැ නිලම නැද්ද..?
මට හැමදාම තරගය තිබ්බේ මාත් එක්ක. මම මට ලැබෙන වැඩේ හරියට කළා. අනෙක් අය ගැන හිත හිත හිටියොත් මම කරන වැඩේ හරියට කෙරෙන්නේ නැතිවෙයි. ලැබෙන දේ හරියට කරන නිසා තමයි අධ්‍යක්ෂවරු මාව නිර්මාණවලට සම්බන්ධ කරගන්නේ.

හැබැයි සමහරු නම් කියනවා නිළියන් තැන හදාගන්න අධ්‍යක්ෂවරු එක්ක විශේෂ හිතවත්කම් හදාගන්නවා කියලා. සල්ලිවලටත් චාන්ස් ලැබෙනවලු. ඔය එක ක්‍රමයක්වත් රිතූ පාවිච්චි කරන්නේ නැද්ද..?
සල්ලි, බලය ඔය එක එක ක්‍රමවලින් මේ ක්ෂේත්‍රයේ ර¼දාපවතින්න නම් බෑ. ප්‍රේක්ෂකයෝ ආදරය කරනකල් තමයි අපිට මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන්. අපි නිහතමානි, දක්ෂ කලා ශිල්පිනියෝ වුණොත් මේ ක්ෂේත්‍රයේ පවතින්න පුළුවන්. අනෙක් ක්‍රම පාවිච්චි කරන්න නම් මට වුවමනා නැහැ.

ලැබීම් හොඳ වුණත් සම්මානනීය ලැබීම් නම් රිතූට දුරයි වගේ..?
මේ පාර රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රිය නිර්දේශ බැලුවම නම් මට හිනා ගියා. ඒ අතරේ මගේ නම නොතිබුණා නම් හොඳයි කියලා තමයි මට හිතුණේ. කොහොම වුණත් අන්තිම තීරණය තියෙන්නෙ ප්‍රේක්ෂකයෝ අතේ. මම ක්ෂේත්‍රයට ආපු කාලේ ඉඳන් ජනප්‍රිය සම්මානයට නිර්දේශ වුණා.

කවදාහරි මගේ ප්‍රේක්ෂකයෝ ඒ ජනතා සම්මානය මට දෙයි. කොහොම වුණත් ජනතාවගේ ආදරය මට අඩුවක් නැතිවම ලැබෙනවා. අපි කරන චරිතයකින් ප්‍රේක්ෂකයන් අපිව හඳුන්වනවා කියන්නෙම අපි ජනතාව අතරට ගිහින් කියන එක. මම කරපු වරුණිගේ චරිතයෙන්, කාසි වත්තේ චුක්කිගේ චරිතයෙන් තාමත් ප්‍රේක්ෂකයෝ මට කතා කරනවා.

ජනප්‍රියත්වය එක්ක අනෙක් පසින් ලැබෙන දෙයක් තමයි විවේචන, ගොසිප්. මේ දේවල්වලට රිතූට ශක්තිමත්ව මුහුණ දෙන්න හැකියාව තියෙනවද..?
දැන් ගොසිප් සයිට් Views ප්‍රමාණය වැඩි කරගන්න කලා ශිල්පීන්ට මඩ ගහනවා. එයාලගේ ගොසිප් විකුණගන්න අපිට මඩ ගහන්න වෙනවා. මගේ නමට කැත නාමයක් ගෑවෙනවට මම කැමැති නැහැ. ඒ නිසා මම ගොසිප්වලට බයයි.

වැරැද්දක් නොකළොත් බය වෙන්න දෙයක් නෑ නේද..?
අද කාලේ හරියට හිටියත් මඩ ගහනවා. යන්තම් චරිතයක් කළොත් බේරිලා ඉන්න පුළුවන්. ප්‍රධාන චරිත කළොත් නම් මඩවලින් බේරිලා ඉන්න අමාරුයි. ඉස්සර තමයි කිව්වේ ගින්නක් නැතිව දුමක් නඟින්නේ නෑ කියලා. හැබැයි දැන් ගිනි නැතිවම තමයි දුම් නඟින්නේ.

පසුගිය කාලේ රිතූගේ කියලා වීඩියෝ එකකුත් අන්තර්ජාලේ හරි හරියට සැරිසැරුවා නේද..?
ඔව්. එහෙම එකක් ගියා. හැබැයි ඒක මගේ නෙවෙයි. අපේ නම් කැත කරන්න ඔය වගේ දේවල් කරන්නේ. ඒ වීඩියෝවේ හිටියේ ඉන්දියන් ගැහැනු ළමයෙක්. තමන්ගේ ඍඪඥඹඵ වැඩිකරගන්න කාට වුණත් ඒ වගේ දේවල් කරන එක වැරැදියි.

රිතූට ක්ෂේත්‍රයේ ඇතුළේ කැපිලි නැද්ද..?
අම්මෝ ක්ෂේත්‍රයේ අයගෙන් නම් මට කවදාවත් කැපිලි ඇවිත් නැහැ. මම කා එක්කවත් තරහා අමනාපකම් වෙලා නැහැ. මොකද මම ක්ෂේත්‍රයයි පෞද්ගලික ජීවිතයයි පටලවා ගන්නේ නෑ. ක්ෂේත්‍රයේ අය මම පෞද්ගලිකව ආශ්‍රය කරන්නේ නැති තරම්. දැන් අපේ ගොඩක් ආටිස්ලාට වෙලා තියෙන්නේ තමන්ට පෞද්ගලික ජීවිතයක් තියෙනවා කියලා අමතක වෙලා. ගොසිප් සයිට් වුණත් කලාකරුවන්ට පෞද්ගලික ජීවිතයක් තියෙනවා කියලා අමතක කරලා. දැන් ඔක්කොම දේවල් පැටලිලා තියෙන්නේ.

රිතූ පුංචි තිරයට විතරක් සීමා වෙන්නද අදහස..?
මම අවස්ථා හොයාගෙන ගිය කෙනෙක් නෙවෙයි. අවස්ථා මං ළඟට එනකල් මම බලාගෙන හිටියා. හරි කාලෙදි මට හැමදේම ලැබුණා. සිනමාවේ හොඳ නිර්මාණයක් ලැබුණොත් මම භාර ගන්නවා.

දැන් ඉතිං රිතූ ආදර සම්බන්ධයකත් පැටලිලා ඇතිනේ..?
ආදර සම්බන්ධයක් පටන් ගන්නවත් බෑනේ දැන් තියෙන ගොසිප් නිසා. දැන් එක නළුවෙක් එක්ක නාට්‍ය දෙකක රගපෑවත් ඒ නළුවා එක්ක යාළුයි කියලා ගොසිප් හදනවා. ඒ නිසා තාම නම් මට එහෙම ආදරවන්තයෙක් නෑ.

රිතූ කවදා හරි තෝරගන්න ආදරවන්තයා ක්ෂේත්‍රයේ කෙනෙක් වෙයිද..?
මගේ ආදරවන්තයා කවදා කොයි විදියට මුණගැහෙයිද දන්නේ නෑ. හැබැයි ඒ කෙනා කලා ක්ෂේත්‍රයේ කෙනෙක් නම් වෙන එකක් නැහැ. මොකද මම ටිකක් ඊර්ෂ්‍යයි. වෙන කෙනෙක් එක්ක මගේ ආදරවන්තයා රඟපානවා බලද්දි මට ඊර්ෂ්‍යා හිතෙයි. ඒ නිසා ජීවිතේට නළුවෙක්ට නම් මම ආදරේ කරන එකක් නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රිය නිර්දේශ බැලුවම හිනා ගියා - ගොසිප් නිසා ආදර සම්බන්ධයක් පටන් ගන්නත් බෑ "

    Post a Comment