29 July, 2017

ඔබේ මේසය ටච් ස්ක්‍රීන් එකක් කරන ප්‍රොජෙක්ටර් ලයිට් බල්බ්

Touch Screen Table

ලොව ප්‍රමුඛතම විද්‍යායතනයක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ, පෙන්සිල්වේනියා ජනපදයේ කානගී මෙලන් විශ්ව විද්‍යාලයේ නව ව්‍යාපෘතියක් හරහා ඔබේ මුළු මේසයම ටච් ස්ක්‍රීන් එකක් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ, අනන්‍ය වස්තූන්, සැබෑ වස්තූන් සමඟ අන්තර්ක්‍රියාකාරී කිරීමට මඟ පාදමින්.

මෙලොව වෙසෙන බොහෝ දෙනකුගේ මේස පරිදිම ඔබේ මේසයත්, ස්ක්‍රීන් කිහිපයක්, කීබෝඩ් සහ තවත් අඩුම කුඩුම සීසීකඩ දමා අවුල් වියවුල්වලින් පිරි ඉඩක් සොයාගත නොහැකි තත්ත්වයක තිබෙන්නට පුළුවන්. (මේස උඩ තබන කෑම බීමත් ඊට එක්විය හැකියි) එම නිසා වැඩක් කරගන්නට අවශ්‍ය වූ විටක ඉඩක් හොයා ගන්නත් අවශ්‍යම දෙයක් තබා ගන්නටත් බැරිවුණු අවස්ථාත් එමට ඇති.

ඔබේ මේසයේ එවැනි අඩුම කුඩුම අවශ්‍ය වෙලාවට පමණක් මැවෙන්නත්, භාවිත නොකරන වෙලාවට අතුරුදන් වෙන්නටත් පුළුවන් මැජික් බලයක් මේසයට හෝ ඔබට ලැබෙනවා නම් එය සතුටට කාරණයක් විය හැකියි. මැජික්වලින්වත් කරන්නට බැරි ආශ්චර්යයන් කිරීමට සියවසකට වඩා කැපවුණු විද්‍යායතනයක් වන කානගී මෙලන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් උඩින් පිහිටි ප්‍රොජෙක්ටරයක් සහ ගැඹුරු සංවේධකයක් පමණක් භාවිතයෙන් ඕනෑම අතත්‍ය අන්තර්ක්‍රියාකාරී සංදර්ශකයක් ඕනෑම මේසයක් මත පතිත කිරීමට හැකි උපාංගයක් නිමවා තිබෙනවා.

මෙම ගැඹුර සංවේධකයට ඔබ මේසයේ පෘෂ්ඨය මත කරන අභිනයන් හඳුනාගත හැකිවන අතර එයට අනුගත වන පරිදි ඔබට උපකාරි ඇප් සහ පිටු සියල්ලක්ම මැණික් කටුව මඳක් සෙලවීමෙන් පමණක් ලබාදෙන්නට ප්‍රොජෙක්ටර් එකට හැකියාවක් තිබෙනවා. ඔබට මෙම අතත්‍ය වස්තූන් රිසි සේ විශාලත්වය අඩු වැඩි කරන්නත් එහේ මෙහේ කරන්නත් වාගේම මේසය මත තිබෙන භෞතික වස්තූන්ට සම්බන්ධ කරන්නත් පුළුවන්.

මීට පෙර නිමැවුණු අතත්‍ය පද්ධති භාවිත කිරීමට සිදුවූයේ මේසය මත ඇති භෞතික වස්තු මඟ හරිමින් එම බාධාවට මුහුණ දීමට සිදුවන බැවින් ඩෙස්ක්ටොපෝග්‍රැෆි යනුවෙන් හඳුන්වන මෙහි සුවිශේෂත්වය වන්නේ එයට අතත්‍ය වස්තූන් සහ භෞතික වස්තූන් දෙවර්ගයම එකම අවකාශයක හසුවන්නට හැකිවීමයි.

කානගී මෙලන් පර්යේෂකයන් මෙම ඩෙස්ක්ටොපෝග්‍රැෆි මූලාදර්ශය නැතහොත් ප්‍රතිරූපකය නැති නම් වඩාත් පහසුවෙන් අවබෝධ කර ගත හැකි භාෂාවෙන් කියනවා නම් ප්‍රෝටොටයිප් එක නිමවා ඇත්තේ සාමාන්‍ය මේස ලාම්පුවකට ප්‍රොජෙක්ටර සහ ගැඹුර සංවේදකය ලයිට් බල්බයේ සොකට් එකට සවි කිරීමෙනි. (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඔබේ මේසය ටච් ස්ක්‍රීන් එකක් කරන ප්‍රොජෙක්ටර් ලයිට් බල්බ්"

    Post a Comment