29 July, 2017

ඇමෙරිකාවේ සම්බාධකවලට රුසියාව 'එකට එක කරයි'

US Embassy in Moscow

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පණවන ලද නව සම්බාධක සම්බන්ධයෙන් රුසියාව එකට එක කිරීමේ ප්‍රතිචාරයක් දක්වා තිබේ.

මොස්කව් අගනුවර පිහිටි තානාපති කාර්යාලයේ සේවය කරන පිරිස 455 දක්වා අඩුකරන මෙන් ඇමෙරිකාවට දැනුම් දුන් රුසියාව, තානාපති කාර්යාලයට අයත් ඇතැම් දේපොළ පරිහරණය කිරීම ද තහනම් කර තිබේ.

ඒ අනුව ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන පිරිස, වොෂින්ටන් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ සේවක පිරිස හා සමාන සංඛ්‍යාවකි.

එමෙන්ම එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් රුසියාව තුළ නිවාඩු ගතකිරීම පිණිස භාවිත කරන නිවාස සහ ඔවුන්ගේ ගබඩා සංකීර්ණයක් ද පවරා ගනු ලබන බවත් රුසියාවේ විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

යුක්රේනයේ කොටසක්ව තිබූ ක්‍රිමියාව 2014 දී රුසියාව විසින් පවරාගනු ලැබීම ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාවට එරෙහිව නව සම්බාධක පැණවීමට එක හේතුවකි.

ඇමෙරිකාව එම සම්බාධක නිවේදනය කළේ 2016 ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පාක්ෂික අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ගේ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙබ් අඩවිවලට රහසිගතව ඇතුළුවීමේ චෝදනාව මත ජනාධිපති බරක් ඔබාමා ගේ පරිපාලනය විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමෙන් මාස කිහිපයකට පසුවය.

ඒ අවස්ථාවේ ඇමෙරිකාවේ පිහිටි රුසියානු රාජ්‍යතාන්ත්‍රික සංකීර්ණ දෙකක් පවරාගත් ඔබාමා පරිපාලනය, රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 35 දෙනෙකු පිටුවහල් කළේය.

සිකුරාදා (ජුලි 28) නිවේදනයක් නිකුත් කරන රුසියාවේ විදේශ අමාත්‍යාංශය "අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ ව්‍යාජ චෝදනාව යොදාගනිමින් එකක් පසුපස එකක් ලෙසින් දැඩි රුසියානු විරෝධී පියවර," ගනිමින් සිටින බවට එක්සත් ජනපදයට චෝදනා කරයි.

එමෙන්ම රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් පිටුවහල් කිරීම "රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ වියෙනා ප්‍රඥප්තිය මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ පිළිගත් ක්‍රමවේදයන් ද උල්ලංඝනය කිරීමක්," බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඇමෙරිකාවේ සම්බාධකවලට රුසියාව 'එකට එක කරයි'"

    Post a Comment