29 July, 2017

මමනම් ගොඩක් වෙලාවට තැනට ගැලපෙන විදියට තමයි අඳින්නේ - චමී

Chami Dilrukshi
Chami Dilrukshi

චමී කියමුකෝ ඔයා ඉගෙන ගත්තේ කොහේද? ඉන්නේ කොහේද කියලා?
මම ඉන්නේ මහරගම. ඉගෙන ගත්තේ දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා පාසැලේ.

එතකොට කොහොමද මේ ක්ෂේත්‍රයට ආවේ?
ඉස්කෝලෙ යන කාලෙදි මට එහෙම නිරූපණ ක්ෂේත්‍රයට එන්න කැමැත්තක් තිබුණේ නෑ. ඉස්කෝලේ අධ්‍යාපනය ඉවර වුණාට පස්සේ මම අහම්බෙන් තමයි මේ ක්ෂේත්‍රයට යොමු වුණේ. කොහොමටත් ඉස්කෝලේ යන කාලෙදීත් මට එහෙම ලොකු හීන තිබුණේ නෑ.

අහම්බෙන් ලැබිච්ච අවස්ථාව ගැන කතාකළොත්...
ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ මම රැකියාවක් කළා. ඒක කරන අතරතුරේදී Facebook එක හරහා මාව අඳුරගත්තු කෙනෙක් මට photoshoot එකකට කතාකළා. ඒ කරලා මම පේපර් ඇඩ්වර්ටීස්මන්ට් එකක් කළා. එතනින් කට්ටිය මාව දැනහඳුනගෙන තමයි මෙහෙම නිරූපණ ක්ෂේත්‍රයට මාව යොමු වුණේ.

මේ වෙනකොට චමී වෘත්තියෙන් නිරූපණ ශිල්පිනියක්ද?
මම රැකියාවෙන් අයින් වුණා. දැන් මම උත්සව සංවිධානය කරනවා. ඊට අමතරව මම මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉඩ ලැබෙන වෙලාවට ලැබෙන විදියට මම නිරූපණ කටයුතුවලත් නිරත වෙනවා.

නිරූපණ ශිල්පිනියක් වුණාම බොහෝ අය විවේචනය කරනවා. බොහෝ වෙලාවට නිරූපණ ශිල්පිනියන් අඩ නිරුවත් වෙනවා. චමී මොකද ඒ ගැන කියන්නේ?
මෙහෙමයි... මමනම් ගොඩක් වෙලාවට තැනට ගැලපෙන විදියට තමයි අඳින්නේ. පන්සල් ගියත් එතනට ගැලපෙන විදියට අඳිනවා. මළගෙදරක ගියොත් එතනට ගැලපෙන විදියට අඳිනවා. පාටියකට ගියොත් එතනට ගැලපෙන විදියට අඳිනවා. මම හිතන්නේ ගොඩක් අය තැනට ගැලපෙන්න අඳින්නේ නැති නිසයි ඔය කතාව මිනිස්සු හදන්නේ.

එතකොට පාටියකට වගේ යද්දී චමීට හිතුණ හිතුණ විදියට ඇඳගෙන යනවද? ඇඳුමක් තෝරද්දි ඔයා සැලකිලිමත් වෙන්නේ කොහොමද?
මම මුලින්ම බලන්නේ කරන දේ වැදගත්ද නැද්ද කියලයි. වැඩේ වැදගත්නම් මම ඒක කරනවා.

වෙළඳ දැන්වීම්වලට එහෙම චමීට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවද?
මම ළඟකදීනම් වෙළඳ දැන්වීම්වලට පෙනී ඉඳලා නෑ. ෆීල්ඩ් එකට ආපු අලුත මම දෙක තුනක් කළා. ඊට අමතරව විෂුවල් දෙක තුනක් මම කරලා තියෙනවා. හැබැයි ළඟකදීනම් එවන් දේකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. මම වැඩිපුරම කළේ photoshoot තමයි.

ඔයාට රඟපාන්න අවස්ථාව ලැබිලා නැද්ද?
නාලන් මෙන්ඩිස් සර්ගේ දූවරු ටෙලිනාට්‍යයේ මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ නාට්‍යවලට සම්බන්ධ වුණේ නෑ. අවස්ථා කීපයක්ම ලැබුණා. ඒත්... ඒකට යොදවන කාලයත් එක්ක අනිත් වැඩ කරන්න. අමාරු නිසා මම ඒ දේවල් බාරගන්නේ නෑ.

මේ වෙනකොට චමී පෙම්වතියක්ද?
නෑ... මේ වෙනකොට පෙම්වතියක් නෙවේ. මම කාලයක් පිරිමි ළමයෙක්ට ආදරේ කළා. ඒත්... ඒ ආදරේ නතර කරන්න සිද්ධ වුණා.

Chami Dilrukshi - 02
Chami Dilrukshi - 03
Chami Dilrukshi - 04

► Hair & Make-up: Dayan Indrajith / Location: White Villa Residence - Mulleriyawa /
Text – Dishani / Pic – Malaka Waligodapola (දේශය)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මමනම් ගොඩක් වෙලාවට තැනට ගැලපෙන විදියට තමයි අඳින්නේ - චමී "

    Post a Comment