31 July, 2017

මහ දාවලේ යාපනයේ පොලීස් නිළධාරීන් දෙදෙනා කඩුවලින් කපා දැමූ කල්ලිය සොය මෙහෙයුම්

Police attack

යාපනය කෝපායි පොලීස් වසමේ තුන්කාල් ප‍්‍රදේශයේ ඹ්න්ඩි විච්චි නානාදාය් කෝවිල අසලදී ඊයේ දහවල් යතුරු පැදියකින් දිවා මුර සංචාරයේ යෙදී සිටි කෝපායි පොලීසියේ පොලීස් කොස්තාපල් වරුන් දෙදෙනෙකුට සන්නද්ධ කල්ලියක් පහර දී තිබෙනවා.

යතුරුපැදි පහකින් ෆුල්ෆේස්ට් හෙල්මට් පැළඳ රෙදිකඩකින් මුහුණු බාගෙට වසා ගෙන කරේ ලේන්සුවක් බැඳ කඩු රැගත් සන්නද්ද කල්ලියක් ඔවුන්ට පහර දී තුවාල සිදු කොට පලාගොස් තිබේ.

තුවාල ලැබූ පොලීස් නිළධාරීන් දෙදෙනා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ දහවල් 12.20ට පමණ සිදුවී ඇති එම ප‍්‍රහාරය සඳහා පැමිණියේ ආවා කල්ලියක්ද නැතහොත් එවැනි අන්දමට හිස එසවීමට උත්සහ දරන තවත් කඩු කල්ලියක් ද යන්න ගැන පොලීසියට සක මතුවී ඇතැයි ඒ පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන උසස් පොලීස් නිළධාරියකු පැවසීය.

කෙසේ වෙතත් යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි පොලීස් නිලධාරීන් දෙදෙනාට, කඩු කල්ලිය විසින් ප‍්‍රහාර තුනක් පමණ අත් පාවලට එල්ල කොට පලාගොස් ඇති බවද පොලීසිය පැවසීය.

අදාල සිද්ධිය සිදු වූ විගස එම ස්ථානයට ගොස් ඇති යාපනය ප‍්‍රදේශ භාර නියෝජ්‍ය පොලීස්පතී පාලිත ප‍්‍රනාන්දු මහතා විසින් පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලීස් කණ්ඩායම් 04 ක් යොදවා තිබේ.

ඒ අනුව අදාල පොලීස් කණ්ඩායම විසින් මෙම පොලීස් නිළධාරින්ට මෙම පහර දීම සිදු කර ඇත්තේ කුමන පදනමක් යටතේ ද යන්න සොයා බලනු ඇති. (ජනයුගය)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මහ දාවලේ යාපනයේ පොලීස් නිළධාරීන් දෙදෙනා කඩුවලින් කපා දැමූ කල්ලිය සොය මෙහෙයුම්"

    Post a Comment