26 October, 2016

මහසෝනාට සහ රීරි යකාට T-56ක් පූජා කරලා : සිව් පුද්ගල ඝාතනයෙන් පසු හෙළි වූ අමුතු කතාව

මට්ටක්කුලිය ප්‍රදේශයේ පසුගිය දා සිදු වූ සිව් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් ප්‍රබල පාතාල කි‍්‍රයාකාරිකයෙකු වන ප‍්‍රසාද් කුමාර නොහොත් කුඩු රොෂාන් ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුරයේ දී.

කුඩු රොෂාන් නමැත්තා මහසෝනා සහ රීරි යකා යන යක්ෂයින් අදහන්නෙකු බව යි වාර්තා වන්නේ.

මෙම ඝාතනය සඳහා ටී-56 වර්ගයේ අවියක් යොදාගෙන ඇති බවට සැක කෙරෙන අතර ඝාතනය සිදු කිරීම සඳහා එම අවිය භාවිත කිරීමට පෙර එය කඩවත ප්‍රදේශයේ දේවාලයක තබා පේ කොට තිබෙන බව පැවසෙනවා.

ඝාතනය සිදු වූ දින මෙම අවිය කුඩු රොෂාන් වෙත ලබා දී ඇත්තේ පෙර කී දේවාලයේ කපුවාගේ බෑණාවන තැනැත්තෙකු විසින්.

අපරාධය සිදු කළ පසු ද කුඩු රොෂාන් නැවත එම දේවාලය වෙත ගොස් ගිනි අවිය මහසෝනාට සහ රීරි යකාට පූජා කොට ඇති බව ද වාර්තා වෙනවා.

evil

රූ රැජින වෙන්න රට ගිහින් අන්තිමයා වී පියුමි ගෙදර ආපු හැටි

ටෙලිනාට්‍ය නිළි පියුමි හංසමාලී කොහොමටත් ෆේස්බුක් සමාජ ජාලයේ ජනප්‍රිය චරිතයක්.

ඇය ඇගේ ෆේස්බුක් ගිණුම නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමත්, විවිධාකාරයේ සෙල්ෆි ඡායාරූප නිතර පළ කිරීමත් නිසා එම ජනප්‍රියත්වය එලෙසින්ම පවත්වාගෙන යාමට පියුමි සමත් වී තිබෙනවා.

කොහොම වුණත් පසුගිය දිනෙක ඇය ඉදිරිපත් වූ මෙරට විවාහක රූ රැජින තේරීමේ තරගයක දී ඇය හැසිරුණු ආකාරය නිසා පියුමි පිළිබඳ කතාබව තව තවත් ඉහළයාම සිදු වුණා.

අදාළ තරගයේ කිරුළ තමන් සතු නොවීම හේතුවෙන් ඇය වේදිකාවෙන් බැස ගියේ කෝපයෙන්.

එමෙන්ම පසුව ඇය චෝදනා කළේ එම තරගය පිටුපස ලිංගික අල්ලස් ගැනීමක් තිබූ බව යි.

කෙසේ වෙතත් එම උණුසුම මැකී යාමට මත්තෙන් ජාත්‍යන්තර රූ රැජින තරගයකට පියුමි ඉදිරිපත් වුණේ තව තවත් රසික අවධානය දිනාගනිමින්.

මිස් ඇන්ඩ් මිසිස් ඒෂියා නෝබල් ක්වින් නමැති මෙම රූ රැජින තරගය පැවැත්වු‍ණේ මැලේසියාවේ දී.

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර මෙන්ම මැලේසියාවට ගිය පසුව ද පියුමි තමන් සහභාගීවන තරගය පිළිබඳ බොහෝ උනන්දුවෙන් ඡායාරූප, සෙල්ෆි වීඩියෝ ආදියෙන් සිය රසික රසිකාවියන් දැනුවත් කළත් ඇයට නැවත මෙරටට පැමිණීමට සිදු වූයේ ජයග්‍රහණයකින් තොරව යි.

පසුගිය 21 වැනි දා මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර මෙම තරගාවලියේ අවසාන මහා තරගය පැවැත්වු‍ණේ විවාහක සහ අවිවාහක යන අංශ දෙකම නියෝජනය කරමින්.

එයට තරගකාරියන් 19 දෙනෙකු සහභාගී වූවා.

ඒ අවිවාහක අංශයේ තරගාකාරියන් 11 දෙනෙකු හා විවාහක අංශයේ තරගකාරියන් 8 දෙනෙකු ලෙස යි.

පියුමි සහභාගී වූ විවාහක අංශය නියෝජනය කළ තරගකාරියන් 8දෙනාගෙන් සිව්දෙනෙකුම මැලේසියානු ජාතික තරුණියන් වූ අතර අනෙක් සිවුදෙනා නියෝජනය කළ රටවල් වූයේ ජපානය, මොන්ගෝලියාව, පිලිපීනය හා ශ්‍රී ලංකාව යි.

කෙසේ වෙතත් තරගකාරියන් 8දෙනා අතුරින් ශ්‍රී ලංකාව නියෝජනය කළ පියුමිට හිමි වූයේ 8වෙනි ස්ථානය නොහොත් අන්තිම ස්ථානය යි.

මෙරට රූ රැජින තරගයේ දී විනිශ්චය භාර ගැනීමට අකමැති වුවත් තමන් අන්තිමයා බවට පත් වූ ජාත්‍යන්තර තරගයේ දී නම් එවැන්නක් පැවසූවේ නැහැ.

අවසාන 8දෙනා අතරට යාම පිළිබඳ තමා ඉතා සතුටට පත්වන බව යි පියුමි සිය ෆේස්බුක් ගිණුම හරහා අදහස් පළකොට තිබුණේ.

piyumi-hansamali-12

piyumi-hansamali-mss-norbal

piyumi-hansamali-10

piyumi-hansamali-11

ලංකාවේ අවුරුදු 114ක ආච්චිගෙන් ගිනස් වාර්තාවක්

අරණායක ගැවිලිපිටියේ උපන් අනුලාවතී මාතාවට දැන් වයස අවු. 114ක්. කෑගල්‍ලේ පැවැති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙ‍ලේදී අපූරු ගිනස් වාර්තාවක් තබන්නට ඇයට හැකි වුණා. 

ඇය ක්‍රීඩා උළෙ‍ලේ ඉසව් දෙකකට සහභාගි වුණා. 

ඒ හෙල්ල විසි කිරීම හා යගුලිය විසි කිරීම වන අතර එම ඉසව් දෙකෙන්ම රන් පදක්කම් හිමිකර ගැනීමට ඇය සමත් වූවා. 

ඡායාරූපයෙන් දැක්වෙන්නේ යගුලිය විසි කිරීමේ තරග ඉසව්වට ඇය එක් වූ අවස්ථාවයි.

grand-mother-114-sl

ඡායාරූපය - ප්‍රදීප් කුමාර ධර්මරත්න - අරණායක

නරුමයින්ගේ පහර දීමකින් හිස්කබලක් නොමැතිව දුක් විඳිනා තරුණයෙක්

අම්බලන්ගොඩ ප්‍රදේශයේ තරුණයෙකුට පුද්ගලයන් සිව්දෙනෙක් විසින් පහරදීම නිසා මේවනවිට ඉතාමත් අවාසනාවන්ත ලෙස මව්පිය සෙවණේ ඇප උපස්ථාන ලබමින් ජීවත්ව සිටීමට සිදුවුණු පුවතක් වාර්තාවුණා.

18 හැවිරිදි මේ තරුණයා මීට වසරකට පමණ පෙරදී තරුණියක් දෙස බැලූ වරදට පුද්ගලයන් සිව්දෙනෙක් විසින් පොල්ලකින් පහරදී තිබෙනවා.

එම පහර දීම නිසා ඔහුගේ හිසට බරපතල ලෙස තුවාල සිදුවූ බවයි ඔහුගේ මව්පියන් සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇඳ උඩ අසරණව සිටින්නේ ඉෂාන් කුමාර නමැති අයෙක් වන අතර මේ වෙද්දී සැත්කම් කිහිපයක්ම සිදුකළ බවයි ඔවුන් තවදුරටත් පැවසුවේ.

පපඩම් කර්මාන්ත ශාලාවක සේවකයෙක් ලෙස සිය ජීවිකාව කළ ඔහු අද වනවිට ඉතාමත් අසරණවෙලා. ඒ ඔහුට ප්‍රතිකාර සඳහා මුදල් හිඟවීමෙනි.

දැනට මේ තරුණයා ජිවත් වන්නේ හිස්කබලක් නොමැතිවයි.

තුවාල ලැබූ හිස් කබල ඉවත් කර කෘතීම හිස් කබලක් සවි කළද එය නරක්වීම නිසා තවත් ශල්‍යකර්මයකින් එම හිස්කබල ඉවත්කර ඇත.

මේ හේතුවෙන් ඔහුගේ හිස සවිමත්ව තිබෙන්නේ සම මගින් පමණි.

අවස්ථා කිහිපයකදී ශල්‍යකර්ම කිහිපයක් කර තිබෙන්නේ විවධ පුද්ගලයන්ගේ ආධාර ලබා ගැනීමෙනි.

මෙලෙස අසරණව සිටින තරුණයාට තවත් වැඩිමහල් සහෝදරයෙක් සහ තවත් සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා.

මේ තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට කව්රුන් හෝ ඉදිරිපත් වන්නේ නම් එය විශාල පිනකි.

ඔහුගේ බෙහෙත් සඳහා මාසයකට විශාල මුදලක් වැය වන නිසා ඔහුගේ මව්පියන් ඉතාම අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ වගේම සිය දරුවාට උපස්ථාන කිරීමට සිදුවන නිසා මවට සහ පියාට නිවසින් බැහැරටවත් යාමට නොහැකිවීමෙන් ඔවුන් තවදුරටත් අසරණ වී තිබෙනවා.

තරුණයාගේ පියාට රැකියාවකට යාමට නොහැකිව ඇත්තේ ඇස් පෙනීම දුර්වල නිසාය.

මේ හේතුවෙන් ඔවුන් මේ දිනවල ජිවත්වන්නේ කව්රුන් හෝ දෙන දෙයක් නිසයි.

ඔහුගේ අනෙක් සහෝදරියන්ටද ඔහුට පිහිට වීම සඳහා ඒ තරම් වත්කමක් නැති නිසා කාගෙන් හෝ පිහිටක් ඉල්ලා සිටින්නේ ඉතා කරුණාවෙන්ය.

එම තරුණයාගේ ඡායාරූප කිහිපයක් පහතින්......
skull-without-suffering-youth



























ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක

උස අනුව ජොබ් දුන්නු සජිත් අලුත් නිවාස දෙන හැටිත් එළියට

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇමතිතුමා ගැන පසුගිය කාලයේ කතා බහ වැඩි වුණා.

ඒකට හේතුව වුණේ උස්නම් සිකුරිටි මිටිනම් කම්කරු වීඩියෝවෙ.

කොහොම වුණත් සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ එයා පවත්වන සියලුම සාකච්ඡා වගේ ෆේස්බුක් හරහා සජීවිව පෙන්වන කෙනෙක්.

මේ පහතින් දැක්වෙන්නේ ද එතුමා විසින් පසුගිය දිනක පවත්වන ලද මහජන හමුවකට අදාළ වීඩියෝවක්.

sajith-premadasa-public-service


නඩුකාරයෙක් වගේ ඉන්න හදන “ඇපපිට ඉන්න චිලී පොරක් වෙන්න“ තාප්පයේ ගහපු දැන්වීම

පුද්ගලයකුට පහරදීම හේතුවෙන් අත්අඩංගුවටපත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටි චිලී නමැති ගායකයා ඊයේ (25) ඇපමත මුදාහැරුණා.

මහමග ගමන් ගත් පෞද්ගලික බස්‌ රියැදුරකුට තර්ජනය කර පහර දී බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි චිලී හෙවත් තිවංක විදුෂ කඩුවෙල අධිකරණය මගින් මෙසේ මුදා හැරුණේ රුපියල් දසදහසක මුදල් සහ ලක්‍ෂ 5 ක ශරීර ඇප යටතේය.

පැමිණිල්ල කැඳවූ අවස්‌ථාවේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සන්ධ්‍යා තල්දුව සැකකරු දින 14 ක්‌ රිමාන්ඩ් භාරයට පත්වී ඇත්තේ පුද්ගලයකුට පහරදී සුළු තුවාල සිදු කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලකට අනුව බවත්, මෙය සමථ මණ්‌ඩලයට යොමු කර විසඳා ගැනීමට බලාපොරොත්තු වන නිසා ඇප පනතේ 14 දරන වගන්තිය යටතේ ඕනෑම කොන්දේසියක්‌ යටතේ ඔහු මුදාහැරීමට නියෝගයක්‌ ලබාදෙන ලෙසට ඉල්ලා සිටියා. 

තවද තම සේවාදායක සැකකරු ඉදිරි පරීක්‍ෂණවලදී පැමිණිලිකරුට හෝ වෙනත් කිසිම පාර්ශවයකට බලපෑම් හෝ තර්ජනය කිරීම් නොකරන බවට සහතික වන බවද ප්‍රකාශ කළා.

මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සජිත ජයවර්ධන අධිකරණයට පැවසුවේ මෙය සුළු පහරදීමක්‌ නොව ඔහුගේ දිව කැඩී මැහුම් දෙකක්‌ දමා තිබූ බවය.

“මොහු නිවසේ ජීවත් වන්නේ අධිකරණයක ඉහළ නිලධාරියකුටත් වඩා ඉහළ මට්‌ටමින්
 බවත්, ඔහු පදිංචි ගෙදර බිත්තියේ “නෝ පාකිං එස්‌එස්‌පී නුගේගොඩ” යනුවෙන් දැන්වීමක්‌ යොදා ඇති බවත් නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා. 

මෙලෙස දැන්වීම් පලකළ හැක්කේ අදාල කොට්ඨාශය භාර ජේෂ්‍යඨ පොලිස් අධිකාරීවරයාගේ අවසරය මත පමණි. 

පෞද්ගලික නිවසක තාප්පයේ එවැනි නියෝගයක් පලකිරීමට අවසර ලබාදෙන්නේද නැත.

සියලු කරුණු සැලකිල්ලට ගත් විනිසුරු ධම්මික හේමපාල සැකකරුට පනවන ලද රුපියල් 10000 ක මුදල් හා ලක්‍ෂ 05 ක ශරීර ඇප කොන්දේසිවලට අමතරව සෑම මසකම අවසාන ඉරිදා දින තලංගම පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට ද නියම කළා.

chillie-thilanka-nor-parking

25 October, 2016

රොහානි වීරසිංහගේ වීඩියෝවක් අසභ්‍ය වෙබ් අඩවියක

ටෙලිනාට්‍ය රංගන ශිල්පිණී රොහානි වීරසිංහ පෙනීසිටින වීඩියෝවක් අසභ්‍ය වෙබ් අඩවියක පලවීමේ පුවතක් සම්බන්ධයෙන් මේ දිනවල ආන්දෝලනාත්මක කතා බහක් ඇති වී තිබෙනවා.

වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ඇය රඟපෑ DVD චිත්‍රපටයක දර්ශන මෙසේ අසභ්‍ය වීඩියෝවකට එකතු කර ඇති බව යි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් පළ කර ඇති රොහානි නම් පවසා ඇත්තේ එම ජවනිකාවේ සිය සිරුර සහ පාද වඩාත් නිරුවත්වන ආකාරයෙන් පෙන්වා ඇති බව යි.

තමා එම දර්ශනවලට පෙනී සිටියේ ඇඳුණුම්කමට බවත් මෙසේ සිදුවේවියි තමා නොසිතූ බවත් ඇය පවසා තිබෙනවා.

එසේම මෙම සිද්ධියෙන් පසු නැවතත් ඇඳුණුම්කමට වැඩ නොකරන බව යි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.

මෙම සිදුවීම පිළිබඳව රොහානි ජාතික පුවත්පතක් වෙත පවසා තිබුණේ මෙවැන්නක්.

DVD චිත්‍රපටවල රඟපාන්න ගිහින් රොහානිට ලොකු අලකලංචියක් සිද්ධ වුණාලු නේද?

ඒක නම් කියලා වැඩක් නෑ. වස විලිලැජ්ජාවක් වුණේ.

හරි වෙච්ච දේ පුළුවන් විදිහට කියන්නකෝ..?

පසුගිය දවස්වල මම DVD චිත්‍රපට දෙකක රඟපෑවා. එහෙම රඟපාන්න ලැබුණු චිත්‍රපටයක කොටසක් එක්තරා ලිංගික ජවනිකා අඩංගු වෙබ් අඩවියක පළවෙලා තිබ්බා. මං ඒ ගැන ගොඩක් අප්සට් එකෙන් ඉන්නෙ.

ඉතිං රොහානි ඒ DVD ජවනිකාවල පෙනි සිටි දර්ශන දැකලා කවුද මුලින්ම කිව්වෙ..?

ක්ෂේත්‍රයේ එක්තරා මිතුරියක් මට ඒ ලින්ක් එක එවලා තිබුණා. ඒක බැලුවාම මගෙ ඇඟත් එක්ක හීතල වෙලා ගියා.

ඇයි එච්චරටම අවුල්ද..?

ඒකනේ කියන්නෙ මට නම් හිතාගන්නවත් බෑ.

රොහානි ඇත්තටම ඒ වගේ දර්ශනවලට පෙනී හිටියනෙ..?

මේකනෙ මම නිළියක්. අනෙක ඒ ජවනිකාවේ මගෙ කකුලයි ශරීරයයි වැඩිපුර නිරුවත් වෙනවා පෙන්වලා තියෙනවා. කවුරු මේවා කරනවද මන්දා. ඒකෙ වැඩිය පෙනුණෙ නෑ.

ඒ අනෙක් අසභ්‍ය දර්ශනවල රූගත කරන තැන රොහානි හිටියද..?

නෑ කපල් එකක් ඉන්නවා ඒ හැම චිත්‍රපටවලම රඟපාන.

ෆිල්ම් එක හදපු කට්ටිය මොකද කියන්නෙ ඒ ගැන..?

ඒ අයට මම කතා කළා. ඒගොල්ලො කියන්නෙ DVD එක ගත්ත කෙනෙක් වීඩියෝ එක අසභ්‍ය ජවනිකා තියෙන වෙබ් අඩවියකට අප්ලෝඩ් කරන්න ඇති කියලා. මමත් ඔය DVD එකේ රඟපෑවේ අඳුනනකමට. ඉතිං ඔහොම දෙයක් වෙයි කියලා කවුද හිතුවෙ.

යාලුකමට වැඩ කරලා රොහානි හොඳටම මට්ටු වෙලාද ඉන්නෙ..?

ඔව්. ආයෙමත් යාළුකම්වලට වැඩ කරන්නෙ නෑ. මේ මට්ටුව හොඳටම ඇති.

ඒ අය ගැන නීතිමය පියවර ගන්නෙ නැත්තෙ ඇයි..?

ඒගොල්ලො යාලුවො නිසා කිසිම පියවරක් ගන්න බෑනේ.

rohani-weerasinghe

16යේ දැරිය 04ක් පාළු පාසලක රෑ එළිවෙනකං දූෂණය කරලා

- අම්මා නිවසින් ගිය පසු සිව්දෙනකු නිවසට ඇවිත්
- 16 හැවිරිදි දියණිය පැහැරගෙන ගොස්‌ අතවර කරලා 
- එක්‌ අයෙක්‌ අත්අඩංගුවට

පුද්ගලයන් හතරදෙනෙක්‌ 16 හැවිරිදි තම බාල වයස්‌කාර දියණිය පැහැරගෙන ගොස්‌ දූෂණය කර ඇතැයි හිනිදුම ප්‍රදේශයේ පදිංචි එම දැරියගේ මව්පියන් විසින් හිනිදුම පොලිසියට පැමිණිලි කොට ඇත. 

එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ හිනිදුම පොලිසිය ලැබුණු තොරතුරුවලට අනුව වැටලීමක්‌ කොට සැකපිට එක්‌ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධයට සම්බන්ධ තිදෙනකු ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇතැයි පොලිසිය පවසයි.

දූෂණයට ලක්‌වී ඇත්තේ හිනිදුම ප්‍රදේශයේ පදිංචි බාලවයස්‌කාර පාසල් දැරියකි. 

ආරංචි මාර්ග සඳහන් කරන්නේ මව නිවසින් බැහැර ගිය අවස්‌ථාවක්‌ බලා පැහැර ගෙන ගිය මෙම දැරිය ප්‍රදේශයේ එතරම් ජනාකීර්ණ නැති ස්‌ථානයක ඇති පාසල් ගොඩනැඟිල්ලක්‌ තුළ රැයක්‌ තිස්‌සේ මෙම සිව්දෙනා විසින්ම දූෂණය කොට ඇති බවය. 

දැරිය ප්‍රතිකාර සඳහා රෝහල් ගතකොට ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කළ බව පොලිසිය පවසයි.

හිනිදුම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. ප්‍රියංක කුමාර අත්තනායක මහතා විසින් මෙහෙයවන පොලිස්‌ කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

rape-harresments

තවලම - ආරියසෝම නාගොඩවිතාන

දුව කෙළෙසූ පියාට ආත්ම ගාණකින් වත් ගෙවන්න බැරි දඬුවමක් ලැබිලා

සිය දියණියට ලිංගික අතවර කළ පියෙකුට, ආත්ම ගණනාවකින්වත් ගෙවිය නොහැකි දඬුවමක් නියමකොට තිබෙනවා. 

41වැනි විහෙහි පසුවන අදාල පුද්ගලයාට වසර 1,503ක සිර දඬුවමක් ලබාදී ඇත්තේ කැලිෆෝනියාවේ ෆ්‍රෙස්නෝහි අධිකරණයක් මගින්.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා පවසා ඇත්තේ මෙම තැනැත්තා සමාජයට අති භයානක පුද්ගලයකු බවයි. 

එවකට 16වැනි වියෙහි පසුවූ සිය දියණිය, 2009 සිට 2013 දක්වා කාලයේ සතියකට දෙතුන්වරක් අදාළ පුද්ගලයා විසින් කෙළෙසා ඇති බවයි අධිකරණයේදී ඔප්පු වී තිබෙන්නේ. 

මේ වන විට 23වැනි වියෙහි පසුවන දියණිය අධිකරණය හමුවේ පවසා ඇත්තේ සිය පියා කිසි දිනක තමන්ගේ දුක සහ වේදනාව ගැන කනස්සලලට පත් නොවුණු බවයි.

මෙය කැලිෆෝනියා අධිකරණ ඉතිහාසයේ වැඩිම කාලයකට ලබාදුන් දඬුවම ලෙස ඉතිහාස ගතවනබවයි වාර්තා වන්නේ.

මේ යුගයෙහි උපරිම ආයු කාලය ලෙස සැලකෙන්නේ වසර 120ක් වුවද, එතරම් වයසක් ජීවත්වන්නකු හෝ සොයා ගැනීමට හැකියාවක් නැහැ. 

දැනට ලොව සිටින වයස්ගතම පුද්ගලයින්ගේ ලයිස්තුවේ සිටිනා වයසින් වැඩිම ඉතාලි ජාතික කාන්තාවගේ වයස අවුරුදු 116ක්. 

එලෙස ගත්කල මොහු උපදින හැම ආත්මයකම පරමායුෂ වින්දද ඔහුට ආත්ම 13ක කාලයක් සිරදඬුවම් විඳිය යුතුයි.

පොල් වෙනුවට රඹුටන් ගන්න තවත් ගිලන් රථයක් අඹිලිපිටියෙන්ම

ඇඹිලිපිටිය රෝහලේ ගිලන් රථ රියදුරෙක් රෝගියෙක් රැගෙන යන අතරතුර, පොල් ගන්න සිද්ධියක් පහුගිය කාලේ ලොකු කතාබහකට ලක් වුණා.

ඒ සිද්ධියට සම්බන්ධ රියදුරා ගිලන් රථ රියදුර රාජකාරියෙන් අයින් කරලා මේ වෙන කොට පරීක්ෂණයකුත් පැවැත්වෙනවා.

මේ අතරේ අද ඒ ආ සමාන තවත් වීඩියෝවක් මුහුණුපොතට එක්කරලා තියෙනවා.

එහි සදහන් තොරතුරු වලට අනුව නම් මේකත් ඇඹිලිපිටිය රෝහලේම ගිලන් රථයක්.

අලුත උපන් ළදරුවෙක් රත්නපුර රෝහලට රැගෙන යන අතරතුර ගිලන් රථයෙ කාර්යමණ්ඩලය රඹුටන් වගයක් මිලදී ගන්නවා.

මේ දර්ශන ලබාගත් කාලය ගැන නම් තාම හරියට හෙළිදරව් වෙලා නැහැ.


ambulance-missed-use


බංගලියෝ හඬා වැටෙද්දී සුද්දෝ නියම මහත්වරු වූ හැටි

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාව යැයි හඳුන්වනු ලබනවා. ඒ බව ඔප්පු කරවන කතා පුවත් ක්‍රිකට් පිටියෙන් විටින් විට අපට අසන්නට දකින්නට ලැබෙනවා.

ඊයේ (24) නිමාවූ එංගලන්ත – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේදී ද එවැනි සිදුවීමක් වාර්තා වුණා.

තරඟයේ අවසන් දිනය වූ ඊයේ (24) දිනයේ ජයග්‍රහණය සඳහා බංගලාදේශ කණ්ඩායම ලකුණු 33ක් අවශ්‍ය වූ අතර ඔවුන් අතැතිව තිබුණේ කඩුලු දෙකක් පමණයි.

කෙසේ වෙතත් බංගලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සහා ලකුණු 22ක් පමණ අවැසි මොහොතේ එංගලන්ත තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් බංගලාදේශ කණ්ඩායෙම් බලාපොරොත්තු බිඳ හෙලමින් පන්දු තුනක් තුළ ඉතිරි කඩුලු දෙකම දවා ගනු ලබනවා.

බංගලාදේශයේ ෂෆිෆුල් ඉස්ලාම් අවසන් කඩුල්ල දැවී යන විට අනෙක් අන්තයේ නොදැවී ක්‍රීඩා කරමින් සිටියේ සබීර් රහාමාන්. 

සිය මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩාකළ සබීර් රහාමාන් බංගලාදේශ පිලේ බලාපොරොත්තු ඉහළ නංවමින් ඉතා විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටියා.

ඔහු ඒ වන විට නොදැවී ලකුණු 64ක් ලබාගෙන සිටියේ පන්දු 200කට මුහුණ දෙමින්.

කෙසේ වෙතත් අවසන් කඩුල්ල දැවී යාමත් සමග එංගලන්තය ජය සමරද්දි සබීර් රහමාන් ඉතා සංවේදී වූ අයුරු දැකගත හැකිවුණා.

ඒ මොහොතේ එංගලන්ත ක්‍රීඩකයන් ඔහු වෙතට ගොස් සුභාශිංෂණ පලකරන අයුරුද දැකගත හැකිවුණා.

මෙම අවස්ථාව ක්‍රිකට් පිටියේ ජීවගුණය පෙන්වූ අවස්ථාවක් ලෙසයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

එම අවස්ථාවේ ඡයාරූප පහතින් දැකගත හැකියි.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 293ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් බංගලාදේශ කණ්ඩායම ලකුණු 248ක් ලබාගත්තා.

අනතුරුව දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත පිල ලකුණු 240ක් ලබාගත් අතර ජයග්‍රහණය සඳහා බංගලාදේශ පිලට ලකුණු 286ක ඉලක්කයක් හිමිවුණා.

sabbir-rahman-crying-03

sabbir-rahman-crying-05

sabbir-rahman-crying-04

sabbir-rahman-crying-02

sabbir-rahman-crying-01

24 October, 2016

තාත්තා සහ අම්මා මැරූ පළිය ගන්න මරා ගන්නා මට්ටක්කුලියේ පාතාල ගැටුමේ ඉතිහාසය මෙන්න

පාතාල කණ්ඩායම් දෙකක සාමාජිකයින් අතර මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (23) ඇතිවූ වෙඩි තැබීමට හේතුව මීට වසර ගණනාවකට පෙර සිදුවූ මිනීමැරුමක් බව වාර්තා වනවා.

මෙම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍ර‍ධාන සැකකරු ලෙස සැලකෙන තුප්පහි ආරච්චිගේ සුමිත් කුමාර නොහොත් රොෂාන් නමැත්තාගේ පියා මීට වසර කිහිපයකට පෙර, මරා දමා තිබෙනවා. 

ඒ අාමි සම්පත්ගේ ගෝලයකු බව පැවසෙන, මට්ටක්කුලියේ ගැටුමින් මියගිය නුවන් සංජීව (චූටි උක්කුං) විසින්. ඒ ගැටුමට මැදී වූ රොෂාන්ද බරපතල තුවාල ලබා රෝහල්ගතව සිට තිබෙනවා.

රොෂාන්ගේ පියා මැරූ දිනට පසු දිනම රොෂාන්ගේ සඟයින් පිරිසක් විසින් නුවන් සංජීවගේ මව මරා දමා ඇත්තේ රොෂාන්ගේ පියා මරා දැමීමමට එකට එක කිරීමක් ලෙසිනි. 

මෙම මිනීමැරුම් දෙකට කොටුවූ නුවන් සහ රොෂාන් මෑතක් වනතෙක්ම සිට ඇත්තේ රක්ෂිත බන්ධනාගාරගතවය.

අසල්වැසියන් වන නුවන් සහ රෝෂාන් දෙදෙනාටම ආසන්න ක්‍රීඩාපිටියක ඊයේ දිනයේ එල්ලේ තරගයක් පවත්වා තිබෙනවා. 

නුවන් ඇතුළු ඔහුගේ සඟයින් තමන් ආ වාහනයක අසලටවී එල්ලේ තරගය නරඹමින් සිට ඇත්තේ අධික ශබ්ධයෙන් රේඩියෝවද ක්‍රියාත්මක කරමින්ය. 

නුවන් ඇතුළු පිරිස එම අවස්ථාවේ නිරායුධව සිට ඇති අතර, රෝෂාන් ප්‍ර‍මුඛ පිරිස විසින් තම ප්‍ර‍තිවාදීන්ට වෙඩිතබා ඇත්තේ එම අවස්ථාවේදීය.

මෙම වෙඩි තැබීමෙන් සිව් දෙනෙකු මියගොස් ඇති අතර, තවත් කිහිප දෙනෙකුම තුවාල ලබා තිබෙනවා.

mattakkuliya-under-world-01

mattakkuliya-under-world-04

mattakkuliya-under-world-03

mattakkuliya-under-world-02