මෙම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන තුප්පහි ආරච්චිගේ සුමිත් කුමාර නොහොත් රොෂාන් නමැත්තාගේ පියා මීට වසර කිහිපයකට පෙර, මරා දමා තිබෙනවා.
ඒ අාමි සම්පත්ගේ ගෝලයකු බව පැවසෙන, මට්ටක්කුලියේ ගැටුමින් මියගිය නුවන් සංජීව (චූටි උක්කුං) විසින්. ඒ ගැටුමට මැදී වූ රොෂාන්ද බරපතල තුවාල ලබා රෝහල්ගතව සිට තිබෙනවා.
රොෂාන්ගේ පියා මැරූ දිනට පසු දිනම රොෂාන්ගේ සඟයින් පිරිසක් විසින් නුවන් සංජීවගේ මව මරා දමා ඇත්තේ රොෂාන්ගේ පියා මරා දැමීමමට එකට එක කිරීමක් ලෙසිනි.
රොෂාන්ගේ පියා මැරූ දිනට පසු දිනම රොෂාන්ගේ සඟයින් පිරිසක් විසින් නුවන් සංජීවගේ මව මරා දමා ඇත්තේ රොෂාන්ගේ පියා මරා දැමීමමට එකට එක කිරීමක් ලෙසිනි.
මෙම මිනීමැරුම් දෙකට කොටුවූ නුවන් සහ රොෂාන් මෑතක් වනතෙක්ම සිට ඇත්තේ රක්ෂිත බන්ධනාගාරගතවය.
අසල්වැසියන් වන නුවන් සහ රෝෂාන් දෙදෙනාටම ආසන්න ක්‍රීඩාපිටියක ඊයේ දිනයේ එල්ලේ තරගයක් පවත්වා තිබෙනවා.
අසල්වැසියන් වන නුවන් සහ රෝෂාන් දෙදෙනාටම ආසන්න ක්‍රීඩාපිටියක ඊයේ දිනයේ එල්ලේ තරගයක් පවත්වා තිබෙනවා.
නුවන් ඇතුළු ඔහුගේ සඟයින් තමන් ආ වාහනයක
අසලටවී එල්ලේ තරගය නරඹමින් සිට ඇත්තේ අධික ශබ්ධයෙන් රේඩියෝවද ක්‍රියාත්මක කරමින්ය.
නුවන් ඇතුළු පිරිස එම අවස්ථාවේ නිරායුධව සිට ඇති අතර, රෝෂාන් ප්‍රමුඛ පිරිස විසින් තම ප්‍රතිවාදීන්ට වෙඩිතබා ඇත්තේ එම අවස්ථාවේදීය.
මෙම වෙඩි තැබීමෙන් සිව් දෙනෙකු මියගොස් ඇති අතර, තවත් කිහිප දෙනෙකුම තුවාල ලබා තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් සිව් දෙනෙකු මියගොස් ඇති අතර, තවත් කිහිප දෙනෙකුම තුවාල ලබා තිබෙනවා.




Share this
|
|
0 Comment to "තාත්තා සහ අම්මා මැරූ පළිය ගන්න මරා ගන්නා මට්ටක්කුලියේ පාතාල ගැටුමේ ඉතිහාසය මෙන්න"
Post a Comment