24 October, 2016

කඨින පිංකමට ගිය සමල්ක කටානම හඬවමින් නොඑන ගමන් යයි

නොසිතූ මොහොතක එන සමහර කරදර නිසා ජීවිත පවා නැතිවෙලා යනවා. 

ඒ විදිහට සිද්ධවුණු අනතුරක් නිසා ඊයේ අවුරුදු 19 ක තරුණයෙක් ජීවිත ගමනට තිත තියලා තිබුණා. ප්‍රීමන් සමල්ක ජීවත්වුණේ කටාන කෝන්ගොඩමුල්ල පැත්තේ.

නර්තනයට උපන් හැකියාවක් තිබුණු සමල්ක ඊයේ කටානේ තිබුණු කථින පිංකමකට සහභාගී වෙලා තිබුණේ නර්තනාංගයක් ඉදිරිපත් කරන්න.

ඒ වැඩේ ඉවරවෙලා බයික් එකෙන් ආපහු ගෙදර එන්න ආපු සමල්කට ආපු නිදිමතට එයාගේ ඇස්දෙක පියවුණේ ආයෙමත් කවමදාවත් දෙනෙත් විවර නොවෙන්නමයි.

නින්දගිහින් සමල්ක පදවපු බයික් එක ලයිට් කණුවක හැප්පිලා එයා ජීවිත ගමනින් සමුඅරන් තිබුණා.

මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සමල්ක පසුගිය සිකුරාදා නැටුම් ප්‍රායෝගික පුහුණුවටත් සහභාගී වෙලා.

ජීවිතේ දාලා යන්න කළින් කඩේක නතර කරලා තේ එකකුත් බීලයි ඇවිත් තියෙන්නේ.

හැමෝගෙම ආදරය දිනාගත්තු සමල්කගේ මේ වෙන්වීම එයාගේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට දරාගන්න අමාරුයි.

පවුලේ බලයා වුණු සමල්ක කඨින පිංකමකට සහභාගී වෙලා ගෙදර එද්දි සිද්ධවුණු මේ කරදරේ ගැන සමල්කගේ යාළුවෝ මුහුණුපොත පුරාම සටහන් තබලා තිබුණා.

katana-bike-accident-samalka

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කඨින පිංකමට ගිය සමල්ක කටානම හඬවමින් නොඑන ගමන් යයි"

    Post a Comment