25 October, 2016

බංගලියෝ හඬා වැටෙද්දී සුද්දෝ නියම මහත්වරු වූ හැටි

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාව යැයි හඳුන්වනු ලබනවා. ඒ බව ඔප්පු කරවන කතා පුවත් ක්‍රිකට් පිටියෙන් විටින් විට අපට අසන්නට දකින්නට ලැබෙනවා.

ඊයේ (24) නිමාවූ එංගලන්ත – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේදී ද එවැනි සිදුවීමක් වාර්තා වුණා.

තරඟයේ අවසන් දිනය වූ ඊයේ (24) දිනයේ ජයග්‍රහණය සඳහා බංගලාදේශ කණ්ඩායම ලකුණු 33ක් අවශ්‍ය වූ අතර ඔවුන් අතැතිව තිබුණේ කඩුලු දෙකක් පමණයි.

කෙසේ වෙතත් බංගලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සහා ලකුණු 22ක් පමණ අවැසි මොහොතේ එංගලන්ත තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් බංගලාදේශ කණ්ඩායෙම් බලාපොරොත්තු බිඳ හෙලමින් පන්දු තුනක් තුළ ඉතිරි කඩුලු දෙකම දවා ගනු ලබනවා.

බංගලාදේශයේ ෂෆිෆුල් ඉස්ලාම් අවසන් කඩුල්ල දැවී යන විට අනෙක් අන්තයේ නොදැවී ක්‍රීඩා කරමින් සිටියේ සබීර් රහාමාන්. 

සිය මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩාකළ සබීර් රහාමාන් බංගලාදේශ පිලේ බලාපොරොත්තු ඉහළ නංවමින් ඉතා විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටියා.

ඔහු ඒ වන විට නොදැවී ලකුණු 64ක් ලබාගෙන සිටියේ පන්දු 200කට මුහුණ දෙමින්.

කෙසේ වෙතත් අවසන් කඩුල්ල දැවී යාමත් සමග එංගලන්තය ජය සමරද්දි සබීර් රහමාන් ඉතා සංවේදී වූ අයුරු දැකගත හැකිවුණා.

ඒ මොහොතේ එංගලන්ත ක්‍රීඩකයන් ඔහු වෙතට ගොස් සුභාශිංෂණ පලකරන අයුරුද දැකගත හැකිවුණා.

මෙම අවස්ථාව ක්‍රිකට් පිටියේ ජීවගුණය පෙන්වූ අවස්ථාවක් ලෙසයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

එම අවස්ථාවේ ඡයාරූප පහතින් දැකගත හැකියි.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 293ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් බංගලාදේශ කණ්ඩායම ලකුණු 248ක් ලබාගත්තා.

අනතුරුව දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත පිල ලකුණු 240ක් ලබාගත් අතර ජයග්‍රහණය සඳහා බංගලාදේශ පිලට ලකුණු 286ක ඉලක්කයක් හිමිවුණා.

sabbir-rahman-crying-03

sabbir-rahman-crying-05

sabbir-rahman-crying-04

sabbir-rahman-crying-02

sabbir-rahman-crying-01

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බංගලියෝ හඬා වැටෙද්දී සුද්දෝ නියම මහත්වරු වූ හැටි"

    Post a Comment