26 October, 2016

නරුමයින්ගේ පහර දීමකින් හිස්කබලක් නොමැතිව දුක් විඳිනා තරුණයෙක්

අම්බලන්ගොඩ ප්‍රදේශයේ තරුණයෙකුට පුද්ගලයන් සිව්දෙනෙක් විසින් පහරදීම නිසා මේවනවිට ඉතාමත් අවාසනාවන්ත ලෙස මව්පිය සෙවණේ ඇප උපස්ථාන ලබමින් ජීවත්ව සිටීමට සිදුවුණු පුවතක් වාර්තාවුණා.

18 හැවිරිදි මේ තරුණයා මීට වසරකට පමණ පෙරදී තරුණියක් දෙස බැලූ වරදට පුද්ගලයන් සිව්දෙනෙක් විසින් පොල්ලකින් පහරදී තිබෙනවා.

එම පහර දීම නිසා ඔහුගේ හිසට බරපතල ලෙස තුවාල සිදුවූ බවයි ඔහුගේ මව්පියන් සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇඳ උඩ අසරණව සිටින්නේ ඉෂාන් කුමාර නමැති අයෙක් වන අතර මේ වෙද්දී සැත්කම් කිහිපයක්ම සිදුකළ බවයි ඔවුන් තවදුරටත් පැවසුවේ.

පපඩම් කර්මාන්ත ශාලාවක සේවකයෙක් ලෙස සිය ජීවිකාව කළ ඔහු අද වනවිට ඉතාමත් අසරණවෙලා. ඒ ඔහුට ප්‍රතිකාර සඳහා මුදල් හිඟවීමෙනි.

දැනට මේ තරුණයා ජිවත් වන්නේ හිස්කබලක් නොමැතිවයි.

තුවාල ලැබූ හිස් කබල ඉවත් කර කෘතීම හිස් කබලක් සවි කළද එය නරක්වීම නිසා තවත් ශල්‍යකර්මයකින් එම හිස්කබල ඉවත්කර ඇත.

මේ හේතුවෙන් ඔහුගේ හිස සවිමත්ව තිබෙන්නේ සම මගින් පමණි.

අවස්ථා කිහිපයකදී ශල්‍යකර්ම කිහිපයක් කර තිබෙන්නේ විවධ පුද්ගලයන්ගේ ආධාර ලබා ගැනීමෙනි.

මෙලෙස අසරණව සිටින තරුණයාට තවත් වැඩිමහල් සහෝදරයෙක් සහ තවත් සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා.

මේ තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට කව්රුන් හෝ ඉදිරිපත් වන්නේ නම් එය විශාල පිනකි.

ඔහුගේ බෙහෙත් සඳහා මාසයකට විශාල මුදලක් වැය වන නිසා ඔහුගේ මව්පියන් ඉතාම අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ වගේම සිය දරුවාට උපස්ථාන කිරීමට සිදුවන නිසා මවට සහ පියාට නිවසින් බැහැරටවත් යාමට නොහැකිවීමෙන් ඔවුන් තවදුරටත් අසරණ වී තිබෙනවා.

තරුණයාගේ පියාට රැකියාවකට යාමට නොහැකිව ඇත්තේ ඇස් පෙනීම දුර්වල නිසාය.

මේ හේතුවෙන් ඔවුන් මේ දිනවල ජිවත්වන්නේ කව්රුන් හෝ දෙන දෙයක් නිසයි.

ඔහුගේ අනෙක් සහෝදරියන්ටද ඔහුට පිහිට වීම සඳහා ඒ තරම් වත්කමක් නැති නිසා කාගෙන් හෝ පිහිටක් ඉල්ලා සිටින්නේ ඉතා කරුණාවෙන්ය.

එම තරුණයාගේ ඡායාරූප කිහිපයක් පහතින්......
skull-without-suffering-youth



























ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නරුමයින්ගේ පහර දීමකින් හිස්කබලක් නොමැතිව දුක් විඳිනා තරුණයෙක්"

    Post a Comment