26 October, 2016

නඩුකාරයෙක් වගේ ඉන්න හදන “ඇපපිට ඉන්න චිලී පොරක් වෙන්න“ තාප්පයේ ගහපු දැන්වීම

පුද්ගලයකුට පහරදීම හේතුවෙන් අත්අඩංගුවටපත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටි චිලී නමැති ගායකයා ඊයේ (25) ඇපමත මුදාහැරුණා.

මහමග ගමන් ගත් පෞද්ගලික බස්‌ රියැදුරකුට තර්ජනය කර පහර දී බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි චිලී හෙවත් තිවංක විදුෂ කඩුවෙල අධිකරණය මගින් මෙසේ මුදා හැරුණේ රුපියල් දසදහසක මුදල් සහ ලක්‍ෂ 5 ක ශරීර ඇප යටතේය.

පැමිණිල්ල කැඳවූ අවස්‌ථාවේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සන්ධ්‍යා තල්දුව සැකකරු දින 14 ක්‌ රිමාන්ඩ් භාරයට පත්වී ඇත්තේ පුද්ගලයකුට පහරදී සුළු තුවාල සිදු කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලකට අනුව බවත්, මෙය සමථ මණ්‌ඩලයට යොමු කර විසඳා ගැනීමට බලාපොරොත්තු වන නිසා ඇප පනතේ 14 දරන වගන්තිය යටතේ ඕනෑම කොන්දේසියක්‌ යටතේ ඔහු මුදාහැරීමට නියෝගයක්‌ ලබාදෙන ලෙසට ඉල්ලා සිටියා. 

තවද තම සේවාදායක සැකකරු ඉදිරි පරීක්‍ෂණවලදී පැමිණිලිකරුට හෝ වෙනත් කිසිම පාර්ශවයකට බලපෑම් හෝ තර්ජනය කිරීම් නොකරන බවට සහතික වන බවද ප්‍රකාශ කළා.

මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සජිත ජයවර්ධන අධිකරණයට පැවසුවේ මෙය සුළු පහරදීමක්‌ නොව ඔහුගේ දිව කැඩී මැහුම් දෙකක්‌ දමා තිබූ බවය.

“මොහු නිවසේ ජීවත් වන්නේ අධිකරණයක ඉහළ නිලධාරියකුටත් වඩා ඉහළ මට්‌ටමින්
 බවත්, ඔහු පදිංචි ගෙදර බිත්තියේ “නෝ පාකිං එස්‌එස්‌පී නුගේගොඩ” යනුවෙන් දැන්වීමක්‌ යොදා ඇති බවත් නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා. 

මෙලෙස දැන්වීම් පලකළ හැක්කේ අදාල කොට්ඨාශය භාර ජේෂ්‍යඨ පොලිස් අධිකාරීවරයාගේ අවසරය මත පමණි. 

පෞද්ගලික නිවසක තාප්පයේ එවැනි නියෝගයක් පලකිරීමට අවසර ලබාදෙන්නේද නැත.

සියලු කරුණු සැලකිල්ලට ගත් විනිසුරු ධම්මික හේමපාල සැකකරුට පනවන ලද රුපියල් 10000 ක මුදල් හා ලක්‍ෂ 05 ක ශරීර ඇප කොන්දේසිවලට අමතරව සෑම මසකම අවසාන ඉරිදා දින තලංගම පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට ද නියම කළා.

chillie-thilanka-nor-parking

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නඩුකාරයෙක් වගේ ඉන්න හදන “ඇපපිට ඉන්න චිලී පොරක් වෙන්න“ තාප්පයේ ගහපු දැන්වීම"

    Post a Comment