26 October, 2016

මහසෝනාට සහ රීරි යකාට T-56ක් පූජා කරලා : සිව් පුද්ගල ඝාතනයෙන් පසු හෙළි වූ අමුතු කතාව

මට්ටක්කුලිය ප්‍රදේශයේ පසුගිය දා සිදු වූ සිව් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් ප්‍රබල පාතාල කි‍්‍රයාකාරිකයෙකු වන ප‍්‍රසාද් කුමාර නොහොත් කුඩු රොෂාන් ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුරයේ දී.

කුඩු රොෂාන් නමැත්තා මහසෝනා සහ රීරි යකා යන යක්ෂයින් අදහන්නෙකු බව යි වාර්තා වන්නේ.

මෙම ඝාතනය සඳහා ටී-56 වර්ගයේ අවියක් යොදාගෙන ඇති බවට සැක කෙරෙන අතර ඝාතනය සිදු කිරීම සඳහා එම අවිය භාවිත කිරීමට පෙර එය
කඩවත ප්‍රදේශයේ දේවාලයක තබා පේ කොට තිබෙන බව පැවසෙනවා.

ඝාතනය සිදු වූ දින මෙම අවිය කුඩු රොෂාන් වෙත ලබා දී ඇත්තේ පෙර කී දේවාලයේ කපුවාගේ බෑණාවන තැනැත්තෙකු විසින්.

අපරාධය සිදු කළ පසු ද කුඩු රොෂාන් නැවත එම දේවාලය වෙත ගොස් ගිනි අවිය මහසෝනාට සහ රීරි යකාට පූජා කොට ඇති බව ද වාර්තා වෙනවා.

evil

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මහසෝනාට සහ රීරි යකාට T-56ක් පූජා කරලා : සිව් පුද්ගල ඝාතනයෙන් පසු හෙළි වූ අමුතු කතාව"

    Post a Comment