01 November, 2016

කායවර්ධන තරඟාවලියකින් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනගිය යකඩ ගැහැණිය සිය කටුක ගමන ගැන කිව්ව කථාව

"මට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ කරන්න ලැබුණොත් හදවතින්ම සතුටු වෙනවා."

"ලංකාවේ අය තේරුම් ගන්නේ නැහැ මෙහි වැදගත්කම"

ඇමරිකාවේ පැවති කායවර්ධන තරඟාවලිය නියෝජනය කරමින් බිකිණි අංශයෙන් තරඟ වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන දිල්රුක්ෂි, එහිදී ජයග්‍රහණ 05ක් වාර්තා කිරීමට සමත්වුණා.

කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි දිල්රුක්ෂි, හිරු ගොසිප් අප සමඟ කළ කතා බහයි මේ.......

solaman-arachchige-dilrukshi-aka-iron-lady-female-bodybuilding


_හිරුගොසිප්

සිනමා නිළියක් කියලා මාව හඳුන්වනවටයි මං කැමැති

ඔයා හිතන විදියට අමීෂා කාවින්දි කිව්වම මිනිසුන්ට මතක් වෙන්නේ කාවද?

මම රඟපාපු චරිත වෙන්න ඇති නේද?. මම හිතන්නේ සුදුහංසි චිත්‍රපටයේ මලීෂාගේ චරිතය සහ ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටයේ ජිනාගේ චරිතයට මිනිස්සු කැමැතියි.

ඔයා කැමැති ඔයාව කවුරු විදියට හඳුන්වනවටද?

මම කැමැතියි මාව සිනමා නිළියක් ලෙස හඳුන්වනවට. ඒ වගේම මම රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් ලෙස හඳුන්වනවටත් කැමැතියි.

ජීවිතයේ කළ තෝරා ගැනීම් ගැන සතුටු වෙන්න පුළුවන්ද?

ඔව් සමහර තැන් තිබුණා. අවස්ථාව ආවා, ඒත් මම තෝරා ගත්තේ නැහැ. ඒ ගැන දුකයි. ඒ ඇරෙන්න මගේ තෝරාගැනීම් ගැන මම සතුටු වෙනවා.

ක්‍ෂේත්‍රයට එන්න දුක් වින්ද කාලයක් තිබ්බද?

ඇත්තටම කියනවා නම් මම කට්ටක් කෑවේ නෑ. මම නර්තන ශිල්පිනියක්නේ. ඉතින් මම චිත්‍රපට පසුබිම් නර්තනයට දායක වුණා. එතැනදි මාව දැකලා තමයි සුරේෂ් කුමාරසිංහගේ ඩබල් ගේම් චිත්‍රපටයට මාව තෝරා ගත්තේ.

සැමියා විදියට අර්ජුන් කමලනාත් තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණද?

සීනි බෝල චරිතවලට මම කැමැති නැහැ. මට ඕන හොඳ පිරිමියෙක්. ස්වරූපයෙන් විතරක් නෙවෙයි එයා වැඩවලිනුත් හොඳ පිරිමියෙක්.

එයා කැමැතිම ඔයාගේ ගති ලක්‍ෂණ මොනවද?

මම අනුන්ගේ ඕපදූප හොය හොය එයා එක්ක කියන්නේ නෑ. ඒකට එයා හරිම කැමැතියි.

වැඩිපුරම චිත්‍රපටවල විතරක්ම දකින්න ලැබෙන්නේ ඇයි?

මම ආවේ ඩබල් ගේම් චිත්‍රපටයෙන්නේ. එතැනින් පස්සේ මට දිගටම චිත්‍රපට ලැබුණා. ඒ නිසා චිත්‍රපට නිළියක් වීම මට වටිනවා. ලොකු තිරයක කාලෙකින් දකින එක හොඳයි.

හැමෝම බර අඩුකර ගන්න හිතන කාලේ අමීෂා විතරක් මහත්වෙන්නේ මොකද?

මම හුඟක් කෙට්ටු වුණාම කැතයි. මහතට ඉද්දී ලස්සනයි කියලා සමහර අය කියනවා. ඒත් නොවැම්බර්වල පටන් ගන්න ෆිල්ම් එකට කෙට්ටු වෙන්න ඕන නිසා දැන් ජිම් යනවා.

හඳහන් විශ්වාස කරනවාද?

අනිවාර්යයෙන්ම මගේ හඳහනේ තිබුණු හුඟක් දේවල් හරි ගියා. විශේෂයෙන් මගේ හඳහනේ කිව්වා මට ගැළපෙන්නේ කලා ක්‍ෂේත්‍රය කියලා.

ලැබිලා තියෙන ජනප්‍රියත්වය ගැන සතුටුයිද?

ඔව්, සතුටුවෙන්න පුළුවන්. මම හුඟක් ජනප්‍රිය නෑ. ගානට ජනප්‍රියයි. තරහකාරයෝ නෑ. මාධ්‍ය වුණත් මාත් එක්ක හොඳයි.

වැඩිපුරම මුදල් වියදම් කළේ මොනවටද?

මගේ රත්රන් ආභරණ ටික හදන්න තමයි. මම රඟපාලා ලැබුණු සල්ලි සැමියා දුන්නු සල්ලි, අම්මා තාත්තා දුන්නු සල්ලි සේරම දාලා මම ඒවා හැදුවා.

පවුලෙන් දුරස් වෙලා නිසා අම්මා, තාත්තා ගැන බලන්නේ කොහොමද?

අම්මෝ ඒ දෙන්නා මගේ ජීවිතේ. මම නිතරම එයාලව බලන්න යනවා. අඩුපාඩු සොයා බලනවා. දුරකතනයෙන් පවා කතා කරනවා. දරුවෙක් විදියට මම එයාලට යුතුකම් ඉටු කරනවා.

අර්ජුන්ගෙන් වැඩිපුරම බැනුම් අහන්නේ මොනවටද?

මට හැමදේම අමතක වෙනවා කියලා බැනුම් අහනවා. සමහර විට එයා පවරන වැඩ, ගමන් බිමන් යන දවස් පවා මට අමතක වෙනවා.

අමීෂා පොඩි කාලේ මොනවගේ චරිතයක්ද?

මම කතෝලික. ආගමට හරිම ළැදි දරුවෙක්. දහම් පාසල් ගියා. පල්ලියේ ගීතිකා කණ්ඩායමේ හිටියා. හුඟක් අය හිතුවේ මම සිස්ටර් කෙනෙක් වෙයි කියලා.

වැඩිවියට පත්වුණු දවස මතකද?

ඔව්. එතකොට මම නවය වසරේ. අම්මා බෞද්ධ නිසා ආච්චි අම්මලා මාව කාමරේ දාගෙන වහගෙන ඉඳලා පාන්දර නැව්වා. අම්මෝ එදා නම් මම ලොකු කට්ටක් කෑවා.

ඒ කාලේ ගෙදරින් තහංචි වැටුණද?

තහංචි දැම්මේ නැහැ. තහංචි දාන්න තරම් දේවල් මම කළෙත් නෑ. දාන සෙල්ලම් සේරම දැම්මේ ලොකු වුණාට පස්සේනේ.

ජනප්‍රිය වෙන්න මොනවද කළේ?

වැඩ කළා. මම ජනප්‍රිය වෙන්නේ හොඳින් වැඩ කරලා. මට ෆේස්බුක් ගිණුමක්වත් නැහැ. ඒවාගෙ ෆොටෝස් දාගෙන දඟලන්න මම ආස නෑ. මම ජීවත් වෙන්නේ ඉන්නවද නැද්ද නැති ගානට

බිරියක් විදියට මවක් වෙන්න අදහසක් නැද්ද?

ඒ දේවල් මේ සිද්ධ වුණා වගේම සිද්ධ වෙයි. මම සුළු වැඩ ප්‍රමාණයක් කළ කෙනෙක්. ඒ නිසා තව අවුරුදු දෙකක් විතර වැඩ කරලා ඊට පස්සේ ඒ ගැන හිතනවා.




හංසි ආටිගල - මව්බිම
ඡායා - අශාන් ගමගේ

උපේඛා අමාරුවෙන් නහය විදගත්තු හැටි මෙන්න

උපේඛා නිර්මාණි කියන්නේ ලංකාවේ කවුරුත් දන්න ප්‍රසිද්ධි චරිතයක් නේ. 

ගොඩ දෙනෙක් ඇයගේ නිහතමානීකමට බොහෝ සෙයින් ආදරය කරනවා.

ඔන්න උපේඛා පසුගිය දවසක එයාගේ නහය විදින්න සැලෝන් එකකට ගිහින්. 

මේ පහතින් තියෙන්නේ අපේ උපේඛා බොහොම අමාරුවෙන් නහය විදගත්ත හැටි.

upeka-nirmani-piercing

නියම කළ දඩය ගෙවන්න සල්ලි නැති සෙබළාට සල්ලි දුන් උතුම් පොලිස් නිලධාරියා

පුහුණුව ලබන යුද හමුදා සෙබළකු රියැදුරු බලපත්‍රයක් නොමැතිව ත්‍රිරෝද රථයක් පදවමින් සියටියදී පොලිස් නිලධාරියකු විසින් දඩ පත්‍රිකාවක් ලබාදී තිබෙනවා. 

එසේ නියම කළ දඩය ගෙවීමට ප්‍රමාණවත් මුදලක් සෙබළා සතුව නොමැති නිසා අවශ්‍ය ඉතිරි මුදල අදාළ දඩය නියම කළ පොලිස් සැරයන් විසින් ලබා දීමේ පුවතක් තලාතුඔය පොලිසියෙන් වාර්තා වනවා.

අදාල සෙබළා මාරතුවෙල එලමුල්ල පදිංචිකරුවෙකි. 

පදියපැලැල්ලේ සිටින තම ඥාතියකුගේ නිවෙසට ගොස් එන අතර මෙම සිද්ධියට මුහුණ පා ඇත.

දඩ පත්‍රිකාව ලද පසුව ඔහු විසින් විමසා ඇත්තේ තමා ගිරාඳුරුකෝට්ටේ සඳුන්පුර පුහුණු කඳවුරේ පුහුණුව ලබන හමුදා සෙබළකු බවත් එදින නැවැත කඳවුරට යෑමට ඇති නිසාත් නැවැත දින 14ක් ඇතුළත පැමිණ මෙම දඩ මුදල් ගෙවීමට තමාට නිවාඩු නොලැබෙන හෙයින් අදම මෙම දඩ මුදල ගෙවා නිදහස් විය හැකිද යන්නයි. 

වෙලාව සවස 03 පමණ වී තිබූ බැවින් තැපැල් කාර්යාල වසානැති නිසා ඊට බාධාවක් නැතත් ඔහු අත අදාළ දඩ මුදල ගෙවීමට ප්‍රමාණවත් මුදල් තිබී නැත. 

ඔහුගේ අපහසුතාව තේරුම් ගත් තලාතුඔය පොලිසියේ පොලිස් සැරයන් (6065) අබේවික්‍රම තමාගේ මුදල් පසුම්බිය ගෙන ඉතිරි මුදල ඔහුට ලබා දී ඉක්මනින් තැපැල් කාර්යාලයට ගොස් දඩ මුදල් ගෙවා පැමිණෙන ලෙස පවසා ඇත.

police-station-thalathuoya

_නෙත්ගොසිප්

31 October, 2016

මට්ටක්කුලියේ ඝාතන රැල්ල වාද්දූවටත් පැමිණෙයි?

වාද්දුව දුම්රිය ස්ථානයේදී අද (31) උදෑසන පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

වෙඩි තැබිමෙන් මියගොස් ඇත්තේ කැළණිතිස්ස බලාගාරයේ සේවයකළ ජයන්ත මාක් ද සිල්වා නමැත්තෙක්.

ඔහු මට්ටක්කුලියේ පසුගියදා සිදුවූ පංච පුද්ගල ඝාතනයේ ප්‍ර‍ධාන සැකකරු වන ප‍්‍රසාද් කුමාර නොහොත් කුඩු රොෂාන්ගේ ඥාතියකු බවයි වාර්තාවන්නේ.

පසුගියදා මට්ටක්කුලිය වෙඩි තැබීමෙන් මියගිය ආර්. පී. නුවන් සංජීව නොහොත් චූටි උක්කුන් විසින් කුඩු රොෂාන්ගේ පියා මීට වසර කිහිපයකට පෙර මරාදමා තිබෙනවා.

ඒවෙනුවෙන් පලිගැනීමක් ලෙස ඊට පසුදිනම චූටි උක්කුන්ගේ මව කුඩු රොෂාන් විසින් මරා දමා තිබෙනවා.

wadduwa-murder-2

“උතුරේදී හමුදාවට පහරදෙන හැටි“ ගැන හමුදාව පැහැදිළි කරයි

උතුරේ රාජකාරියේ නියුතු හමුදා නිලධාරියකුට සිවිල් වැසියන් විසින් පහරදෙන අයුරු බව පවසමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ දිනවල ඡායාරූප කිහිපයක් සංසරණය වෙිමින්පවතිනවා.

හමුදා මාධ්‍ය ප්‍ර‍කාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්මින් පවසා ඇත්තේ දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් හමුදා නිලධාරීන්ට කරනලද පහරදීමක් සම්බන්ධයෙන් වාර්තා නොවන බවයි.

අදාළ ඡායාරූප සම්බන්ධයෙන් අදහස් දැක්වමින් හමුදාවේ උසස් නිලධාරියකු පැවසා ඇත්තේ, මෙවැනි නිල ඇඳුමක් මෙරට ආරක්ෂක අංශ භාවිත නොකරන බවයි. 

මෙරට ආරක්ෂක අංශ ඡායාරූපයෙහි දැක්වෙන ආකාරයෙන් අත් නැවීම ද සිදු නොකරන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

එමෙන්ම මින් එක් ඡායාරූපයක්, බංග්ලාදේශ හමුදාව සම්බන්ධයෙන් 2007 වසරේදී බීබීසී පුවත් සේවය විසින් වාර්තා කර ඇති ඡායාරූපයක් බවයි වාර්තා වන්නේ.

soldier-beating-bangladesh-05

soldier-beating-bangladesh-01

soldier-beating-bangladesh-02

soldier-beating-bangladesh-03

බීබීසි පුවත් සේවය සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කර තිබූ අයුරු.

soldier-beating-bangladesh-04

රූම් ගිය දුවගේ වීඩියෝව තාත්තා දැක්කට පස්සෙ වුණ දේ

පාසල් කාලය තුළදීම ආදර හැඟීමක් ඇතිවූ ගිහාන්ට ලසිතාගෙන් ආදරය විමසන්නට සිතේ හයියක් තිබුණේ නැහැ.

මේ නිසා ඔහුගේ යහළුවන්ගෙන් නිතර නිතර විහිළුවට ලක්වීමට සිදුවිය. ඒ නිසා ගිහාන් තනිවම ලසිතාට ආදරය කළේ ඇගේ දිහා බලමිනි.

එලෙස කළ ආදරය ගිහාන් දන්නෙම නැතුව බොහෝ කල් ගත වී කාලය ගෙවී ගියා. ඒ අතරතුරදී දවසක් ඔහුගේ මිතුරෙක් මෙලෙස පවසා තිබුණේ විහිළුවටයි.

"මචන් ඔයාගේ පොඩි කාලේ ප්‍රේම කිරිල්ලට තාම ආදරෙයි කිව්වේ නැද්ද ? කල්පනා කර කර ඉඳලා වැඩක් නෑ. වෙන දෙයක් වෙන්න අහන්න ඕන. පරක්කු වුනොත් සොරි තමයි." යනුවෙනි.

මේ වචන පෙළ ඔහුගේ සිතට තදින්ම වැදුන නිසා ඔහු තමන් විසින් මුමුණමින් හිතේ අධිෂ්ටානයක් ඇතිකර ගත්තා.

ඒ මම හෙට ලසිතාගෙන් කොහොමහරි කැමැත්ත අහනවා යන අධිෂ්ටානයයි. පසුදා උදෑසනම අවදි වූ ගිහාන්ගේ මවට මෙය කුතුහලයක්වුණා.

"මොකද පුතා කවදාවත් නැතිව.පාන්දරින්ම අවදි වෙලා." තම පුතාගේ ආදර හැඟුම මවට තේරුම් ගැනීමට පහසුවුනේ නැහැ.

කණ්ණාඩිය ඇසලට ගිය ගිහාන් අද ලසිතා හමුවෙන නිසා ලස්සනට යන්න ඕන ලසිතා දෙතුන් වරක් කණ්ණාඩිය දෙස බලා තවත් ලස්සනට සූදානම් වුණා.

වෙනදා මෙන් නොව ලස්සනට පාසල් ගිය ගිහාන්ට යාළුවන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමිවුණා.

"ඒයි බලපල්ලා අද කොල්ලගේ ලස්සන.අද නම් ලසිතා කැමති වෙනවා අනිවා."

ගිහාන් කිසිත් නොකියා ගියේ ලසිතාට අද කෙසේ හෝ ආදරය ප්‍රකාශ කරනවා ලෙස සිතාගෙනය. පාසල් කාලයේදී විවේක වෙලාව ලසිතාට ආදරෙයි කියන්න හොඳම වෙලාව බව සිතු ගිහාන් තම සිහින කුමරිය සොයා ගියේ තනිවමයි.

ඒ වෙද්දී ලසිතා තම මිතුරියන් සමඟ දිවා ආහාරය ගැනීමට පන්ති කාමරයට යමින් සිටයේය. ගිහාන් විසින් සෙමින් හඬ අවදි කරමින් ලසිතාට පමණක් ඇසෙන සේ කතා කළේය,

මොහොතින් ගිහාන්ගේ සිහින කුමරිය ඔහුගේ දෙස ආපසු හරි බැලුව අතර කාලයක් තිස්සේ හංගාගෙන සිටි ආදර හැඟුම මේ වෙද්දී දොරේ ගලා ගියේ " ලසිතා මන් ඔයාට කියන්න හිට්යේ මන් ඔයාට ගොඩක් ආදරෙයි." ලෙසයි.

ලසිතා කිසිවක්ම නොකියා සිනාවෙමින් පන්ති කාමරයේ මිතුරියන් අතරේ නොපෙනී ගියා. ඇගේ නෙත් අගිස්සේ දැල්වුණේ මමත් ඔයාට ආදරෙයි කියන දේ බව ගිහාන්ට එදා දැනුණා.

එය ගිහාන් තුළ තව තවත් ආදර හැඟීම් ඇති කළා. නමුත් සති දෙකක් විටර යද්දී තවමත් ලසිතාගෙන් ගිහාන්ට පිළිතුරක් ලැබුණේ නැහැ.

නමුත් ඒ වෙද්දී ලසිතා තුළත් ගිහාන් ගැන පුංචි ආදරයක් ඇති වෙලා ඉවරයි. ඒ නිසා ගිහාන්ටද තමන් මෙච්චර කල් බලාගෙන සිටි පිළිතුර ඔහුට ලැබුණා.

ඔවුන් දෙදෙනා පාසල් කාලයේදීම පෙම්වතුන් බවට පත්වුණා. දින සති සහ මාස ලෙස ආදරයත් එක්කම මේ දෙදෙනාගේ ආදර කතාව ගොඩනැගෙන්න පටන් ගත්තා.

ලසිතා යන හැම අමතර පන්තියකටම ගිහාන්ද ගියා. විවේකයක් ලැබුණු හැම මොහොතකදීම දෙදෙනා කතා කරමින් පෙම් සිහින ලෝකේ අතරමන්වුණා.

නිවසට ගිය පසුත් දුරකථනයෙන් ද ප්‍රේම ලෝකයේ අතරමන්වුණා. ලසිතා කියන හැම වදනක්ම ගිහාන්ගේ සිතට එකතු කළේ මිහිරක්. මේ දෙදෙනාට නොදැක් සිටීමට තරම් ආදරය දළු ලා වැඩෙන්නට වුණා.

මේ නිසා දෙන්න විවිධ තැන්වල හමුවී කතා කළා. ඔවුන් එලස හමුවුණු තැන් තමයි සිනමාහල්, සහ තාවකාලික ලැගුම්හල්ය. මේ තැන්වලදී ඔවුහු නිදහසේ ආදරය විඳගත්තා.

මේ දෙන්නාගේ ප්‍රේමය නිදහසේ දින සති සහ මාස වලින් නොදැනීම කාටත් හොරාම ගලාගෙන ගියා.

දවසක් ලසිතාගේ පියා සිය මිතුරන් සමඟ පුංචි සාදයක් පවත්වා තිබුණා. ඒ අතර පැමිණ සිටි විවිධ අය ඔවුන්ගේ තොරතුරු කතා කරමින් ඉද්දි එක අයෙක් විසින් සිය ජංගම දුරකථනය ගෙන සිය මිතුරන්ට අලුත් චිත්‍රපටයක් පෙන්වන්නටවුණා.

අනෙක් සියලුදෙනාම ඔහුගේ ජංගම දුරකථනයේ ඇති අලුත් චිත්‍රපටය කුමක්ද යන්න බැලීමට එකතුවුණේ මොහොතකින්, ඒ අතරේ ලසිතාගේ පියාත් සිටියා.

ඔහුට දුටු දෙයින් නෙත් අදහා බැනීමට නොහැකිවුණා. ඒ වීඩියෝව තුළින් දකින්නට ලැබුණේ තම දියණියගේ නිරුවතයි. ඔහු සියල්ල රහසේ දරාගෙන හොඳටම මත්වෙන තෙක් මත් වතුර පානය කරමින් සිට ගෙදර ගොස් තිබුණා.

නමුත් මේ ගැන තම දියණියගෙන් විමසීමට පියාට හැකිවුණේ නැහැ. ඔහු හැමදාම මත් වතුර බිමට යොමුවුණා. දියණිය විසින් තම පියාගේ මේ වෙනස දැකපු නිසා තාත්තා ඇයි මේ තරම් බොන්නේ.

හැමදාම බොන එක නවත්තන්නකො ලෙඅ පියාට දියණියගෙන් අවවාදයක් එක දවසක ලැබුණා. එදා ලසිතාගේ පියා ලසිතාට කඩා පාන්නේ රකුසෙකු ලෙසිනි.

"උඹ පන්ති යනවා කියලා ගහින් එක එකා එක්ක අවලම් නැටුම් නටනවද ?" යනුවෙන් අසමින් තදින් අතුල් පහරක්ද ලසිතාට පියාගෙන් එල්ලවුණා.

ලසිතා එම පහරින් සිහි නැතුව බිම ඇදගෙන වැටුණා. තම දියණිය අසලට පැමිණි මව විසින් එදා දියණිය කාමරයට රැගෙන ගොස් සනසා තිබුණා. නමුත් ලසිතාගේ පියා හැමදාම බොන එක තවත් වැඩි කළා. එලෙස මත් ගතියෙන් සමඟ යතුරුපැදියෙන් ගෙදර එන දිනෙක් මෝටර් රථයක වැඩි මිය ගියේ සියලු දෙනාටම රහසක් ඉතිරි කරමින්ය.

පියාගේ මරණයත් සමඟ ලසිතා ගැන විවිධ කතාවන් ගමේ එක එක අය විසින් තැනින් තැන කතා කළා. මේනිසා එක දවසක තම මවට සියල්ලම හෙළි කළේ බැරිම තැනයි.

"අම්මේ මම එයත් එක්ක එක එක තැන්වලට ගියා, මන් ගිහාන්ට ගොඩක් ආදරෙයි. මන් එයත් එක්ක එහෙම ගිය දවසක එයා මම ෆෝන් එකෙන් වීඩියෝ කළා"

මවට සිය දුව කියනදේ දරාගත නොහැකිවුණා. මේනිසා කාලය ගතවන විඅට ලසිතාගේ සහ ගිහාන්ගේ ප්‍රේමය දෙදරා යන්නට වුණා. ගිහාන් හමුවූ දවසක ලසිතා ගිහාන්ට සාප කළා.

"ඔයා මමත් විනාශ කළා. මගේ තාත්තාත් නැති කළා. ඔයා ආදරේ කළේ නෑ මට" යනුවෙනි.

ලසිතාගෙන් කවදාවත් ගිහාන් මෙවැනි දෙයක් අපේක්ෂා කළේ නැහැ. මේ නිසා ඇයගේ වදන් ගැන සිතුවේ ඇය විසින් තමන්ට පිහියෙන් ඇන්නා නම් මීට වඩා හොඳයි යන්නය.

අවසානයේ ගිහින් විසින් සියලු වැරදි පිළිගෙන තිබුණා. ඔහු ලසිතාගෙන් සමාව ඉල්ලුවා. ඔහු නිවසට පැමිණ තමන් විසින් කළ වීඩියෝ කිරීම මිතුරන් අතරේ බෙදීගිය හැටි කල්පනා කළා. සියලු වැරදිවලට වගකිව යුත්තා තමන් බව ගිහාන්ට වැටහුණා. ඔහු කල්පනා කළේ කෙසේ ලසිතාට මුහුණ දෙන්නේද යනුවෙනි. ඒ වෙද්දී නින්දා යාමට ආසන්නව සිටි ඔහුගේ දුරකථනයට ඇමතුමක් ලැබුණා. ඒ ඔහුගේ මිතුරෙකු විසිනි.

"ලසිතා වස බීලා. මොනවහරි කරපන්" යනුවෙන් ඇමතුම අවසන් වුනේ ගිහාන්ට තරු විසි කරමිනි. මේ දුක දරාගත නොහැකිවූ ගිහාන්ද වස බී තිබුණා.

නමුත් දෙදෙනාම මියගියා නැහැ, තම පුතා වස බිව්වේ ලසිතා සහ ඇතිවූ ප්‍රේමය නිසා බව දැනගත් ඔහුගේ මව්පියන් ගිහාන් විදේශ ගත කළා. මාස කිහිපයකට පසු ලසිතා සුව වුණා.

නමුත් ලසිතාගේ සරසවි සිහිනය කඩා වැටී අවසන්. අනාගතයම අඳුරු වී අවසන්. ඒ සියල්ල අඳුරු සිතුවමක් වුණා.

සුවවුණු ඇය මොහොතකට කල්පනා කළේ, "ඉස්සර මෙන් තමන්ට තිබුණු ලස්සන රූපය දැන් නැතිවී ගිහින්. තම ආදරණීය පියාත් තමන්ට අහිමි වෙලා. පණ මෙන් ආදරය කළ ගිහාන්ද මේ වෙද්දී ඇයට නැහැ." යනුවෙනි.

කඳුළු අතරින් නිහඬව ඉකිබින්දා. නමුත් සියල්ල අකාලයේ වියැකී ගොස් අවසන්. මේ නිසා ජීවිතය එක් දවසකින් හෝ අඳුරු විය හැකිය. ප්‍රේම කරන්න. හැබැයි ප්‍රේමයෙන් අන්ධ වෙලා ලස්සන වෙන්න තියෙන ජීවිත නැති කර ගන්න එපා.

ඒක සත්‍ය ප්‍රේමය නොවේ. ජංගම දුරකථනය අපේ ජීවිත වල බොහෝ දේ තීරණය කරනු ඇති.

sex-couple

“වීරවංශ - තුම්මුල්ලේ විමලේ” කළ විකිපීඩියා පිටුව

අන්දෝලනාත්මක පුවත් මවන විමල් වීරවංශ මහතා ගැන පසුගිය දින කිහිපයේම වඩාත් කතා බහට ලක්වුනේ ඒ මහතාගේ නිවසේදී තරුණයකු මිය යෑමේ සිද්ධිය මුල්කරගෙනයි.

එම උණුසුම මැකී යන්නටත් පෙර මේ වාර්තා වන්නේ වීරවංශ මහතා සම්බන්ධයෙන් තොරතුරු ඇතුලත් අන්තර්ජාලයේ විකිපීඩියා පිටුව ගැනයි.

ඊයේ දින විමල් වීරවංශ මහතා පිළිබඳව වූ විකිපීඩියා පිටුව විකෘති කිරීමකට ලක් කොට තිබු‍ණේ එහි තිබූ වීරවංශ මහතාගේ නමට ඉදිරියෙන්‍ෙ
 “තුම්මුල්ලේ විමලේ” යන නාමය සහ තවත් පහත් නම් කිහිපයක් ද එක් කරමින්. 

එමෙන්ම විමල් වීරවංශ යනු මෙරට පහත්ම දේශපාලනඥයා ලෙසත් එහි දත්ත වෙනස්කොට තිබුණා.

විකිපීඩියා යනු ලොව පුරා සිටින ඕනෑම අයෙකුට සිය දායකත්වය සැපයිය හැකි ප්‍රජා විශ්වකෝෂයක්.

එබැවින් එහි මෙවැනි විකෘති කිරීම් බොහෝ විට වාර්තා වෙනවා.

කෙසේ වෙතත් පැය කිහිපයක් ඇතුළත වීරවංශ මහතාගේ විකිපීඩියා පිටුව යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබුණා.

ඊට අදාළ ඡායාරූප පහතින්.

wimal-weerawansa-wekepdia

“chat room නෑ bed room විතරයි”- මේ බදුල්ලේ ඇමතිතුමාගේ කතාවයි

“මම chat room නෑ. bed room විතරයි”. මෙහෙම කියන්නේ අමාත්‍ය ඩිලාන් පෙරේරා.

පුවත්පතක් සමග සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

තාක්ෂණික භාවිතය ගැන ඇමති ඩිලාන් එහිදී සඳහන් කළ කරුණු අතරින් කිහිපයක් පහතින් කියවිය හැකියි.

• ගන්නා ඡායාරූප අන්තර්ජාලයට, විශේෂයෙන්ම ෆේස් බුක් upload කරනවාද?

නෑ. මගේ ෆෝන් එකෙන් අන්තර්ජාලයට යන්න බැහැ. රුපියල් 8000ක විතර පරණ ෆෝන් එකක් තියෙන්නේ. ස්මාර්ට් ෆෝන් එකක් නෙමෙයි.

• වැඩියෙන් භාවිත කරන්න කැමැති laptop ද? desktop ද?

desktop එකකුත් නෑ. laptop එකකුත් නෑ.

• අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න වැඩියෙන්ම භාවිත කරන්නේ පරිගණකයද? ජංගම දුරකථනයද?

අන්තර්ජාල භාවිතයක් නෑ. කාර්යාල වැඩවලට විතරක් කාර්යාලයේ පරිගණක භාවිතා කරනවා.

• face book භාවිත කරනවාද?

face book ඉන්නවා. ඒ කාර්යාල වැඩ සඳහා පමණයි. මගේ face book ගිණුම මට වඩා භාවිත කරන්නේ මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය තමයි.

• දවසකට පැය කීයක් අන්තර්ජාලයේ විශේෂයෙන්ම face bookඑකේ ගත කරනවාද?

නෑ. අන්තර්ජාලයේ කාලය ගතකරන්නේ නෑ.

• face book භාවිත කරන අවස්ථාවලදී chat කරනවාද?

chat කරනවා ෆෝන් එකෙන්. තව… කවුරුහරි හම්බවුණාම chat කරනවා. ඒ ඇරෙන්න මම chat room නෑ. bed room විතරයි.

• වෙබ් අඩවිවලින් ප්‍රවෘත්ති බලනවාද?

බලන්නේ නෑ. මොකද වෙබ්වල තියෙන්නේ තනිකර මඩ.

• දිනකට පැය කීයක් රූපවාහිනිය බලනවාද?

රූපවාහිනිය සාමාන්‍යයෙන් වෙලාව තියෙන විදිහට බලනවා. පැය එකහමාරක් වගේ. news තමයි බලන්නේ. CNN, BBC බලනවා. ඉන්දියන් news බලනවා.

• power bank, blue tooth, hands free වගේම තවත් නොයෙක් ගැජට් අද වෙළෙඳපොළේ තිබෙනවා. ඔබ මෙවැනි ගැජට් භාවිත කරනවාද?

ඒ ගැජට් මට නෑ. power bank තියා මොන band එකක්වත් නෑ. මට තියෙන්නේ ඇලිස් band විතරයි. blue tooth නෑ. තියෙන්නේ මගේ tooth විතරයි.

• තමන්ගේ තාක්ෂණික භාවිතය ගැන ඔබට මොකද හිතෙන්නේ?

මම නවීන තාක්ෂණයට ඉතාමත් ගරු කරනවා. නවීන තාක්ෂණයෙන් ප්‍රයෝජන ගත යුතුයි කියලා විශ්වාස කරනවා. 

මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය හරහා තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නවා. 

ඒත් මම බදුල්ලේ ඉපදිච්ච පරණ මිනිහෙක් විදිහට නවීන තාක්ෂණය භාවිත කරන්න බයයි. 

නමුත් කාර්ය මණ්ඩලය හරහා තාක්ෂණයෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න කෙනෙක්. 

මම හිතනවා නව පරපුර නවීන තාක්ෂණයෙන් ගොඩක් ප්‍රයෝජන ගතයුතුයි කියලා.

dilan-perera-02

_සිළුමිණ

30 October, 2016

“ගුරුවරිය බඩ කළේ මමද” – හරීන්ගේ උපන්දිනය අස්සේ එළියට ආ අසුන්දර කතාව

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ උපන් දිනය ඊයේ (28) දිනට යෙදී තිබුණා.

ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතූවන අතර සිටි ගුරුවරියක් හිටපු මහ ඇමතිවරයෙකුගේ අමානුෂික හැසිරීමක් පිළිබඳව ද සිහිපත් කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එම ගුරුවරිය සඳහන් කර ඇත්තේ

“සමහරු අතිශය මානූෂීය කාරාණා තුළදීත් කුණුහරුප කීවේය. මා තණමල්විල සිටින සමයක බඩ දරු ගුරුවරියකගේ අවුරුදු අටකට පසු මාරුවීම පිළිබඳව ආයාචනයක් ඇසු එක්තරා මහ ඇමැතිවරයෙක් ඔය නෝනා බඩදරු කළේ මං නෙවෙයිනේ. ඒ නිසා ඔය දරුවා ගැන මට කැක්කුම් කොහේද”

යනුවෙන් ඇසූ බවයි.

නිනී සෙනවිරත්න නම් වන එම ගුරුවරිය හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සුබ පතමින් පෙන්වා දී ඇත්තේ ලංකාවේ දේශපාලන මඩ ගොහොරුව පිළිබඳ ඇගේ දැක්මයි.

harin-fernando-19

එම සටහන පහතින් කියවිය හැකියි.



මෙය දේශපාලන පෝස්ටුව ක් නොවේ..

දේශපාලනය පසකින් තබා මනුස්සකම උතුරන හෘදයාංගමයෙකු වෙනුවෙනි..

ඔහු පළවෙනියටම ඡන්ද ව්‍යාපාරයට එනවිට මා පොඩි එකෙකි. .. 

බ්‍රැන්ඩන් බර්ග් වත්තෙ බංගලාවේ පැවැති රැස්වීම ට මා යන්නෙ හරීන් බලන්නටය. හරීන් යනු එකල අපට අමුත්තෙකි. විජමු පරම්පරාවේ බොහෝ අය හා එවක ප්‍රබල දේශපාලකයන් මා හැඳින්වුයේ සෙනවිගේ දුව ලෙසය. 

ඒ තරම් ප්‍රබල දේශපාලන වටපිටාවක් මගෙ පියා තුළ තිබුණ අතර ඔහු පසුපස මා හරීන් බලන්න ට වත්තෙ බංගලාවට ගියෙමි. උසස්පෙළ පංතියේ උන් මට ජන්ද අයිතිය ලැබුණ දවසක හරීන් ට ජන්දයක් දෙන්නට හිතා ගත්තෙ එදාය.

ඉන් වසර ගණනකට පසු මගේ ජන්ද අයිතිය ඒ සිතුවිල්ල මත මුදා හැරියද කිසිදු දේශපාලන රැස්වීමකට මා නොගියෙමි. පළාත් සභාවට මා 2014 දවසක යන්නෙ මහ ඇමැති ධූරය හරීන් දරන සමයකය. මා කාර්යාලයට ඇතුළ් වන විටම ඔහු බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා උත්සවය සඳහා පිටත් වෙන අයුරු දුටිමි. 

මම මගේ කාර්ය සඳහා ලේකම්වරයාගේ කුටියට ගිය විට එහි වැඩම කළ හාමුදුරුවන් වහන්සේ නමක් හරීන් මහ ඇමැති තුමා හමුවිය යුතු ම බව දැඩිව පවසා උන්නේය. ඇමැති තුමා ගිය බව මමද උන්වහන්සේට පැවසු නමුදු එතුමා එය කනකට නොගෙන සිය අදහසේම උන්හ. ලේකම් වරයා සිය ජංගම දුරකථනයෙන් හරීන්ට කතා කරනු මම ද අසා උන්නෙමි. 

විනාඩි පහක දහයක ප්‍රමාදයකට පසු හරීන් ලේකම් වරයාගේ කාමරයේ උන්නේය. පුදුමය එයය. ඔහු නිළවත්කම පසෙකලා බුද්ධ පුත්‍රයා වෙනුවෙන් නැවත පැමිණ සිටියේය. හාමුදුරුවන් ට විශේෂ ඉල්ලීමක් නොතිබු අතර පිරිත් කියා ආශිර්වාදය දෙනතුරු ඔහු සිටින්නට තරම් ඉවසිල්ලක් සහිත විය. ඒ කාමරයේ මා උන් බව ඔහු දකින්නෙ අනතුරුවය. 

නිනී .. ඔහුට බුකියේ පමණක් හමුවන මා අපූරුවට මතක තිබුණී. කොහොමද නංගි.. ආවේ ඇයි අසන්නට තරම් තවත් ඉවසුමක් ඔහුට විය. ඉන්පසු ද මා ඔහුට හමුවන්නෙ එකවරකි. ඒ අමාත්‍යාංශය තුළය.

" කෝ අපේ නිනී... පෝළිමේ ඉන්නවා දැක්කා"
ඈත සිට හෝ කතා කර යෑමේ පුරුද්ද ඔහු සතුය.

තවත් වරක ඔහු සහභාගී වන උත්සවයක ප්‍රමාදය ගැන මා මැසිවිලි තබා බුකියේ තැබු සටහනට ඔහු කෝප වෙතැයි මා අසළ උන් බොහෝ අය මට දොස් නැඟු අතර පෝස්ටුව අයින් කරන ලෙස විදුහල්පතිවරයාද බැණ වැදුන නමුත් මගෙ හිතුවක්කාරකමට මම දිගටම දොස් මුරය තැබුවෙමි.

" ඔයාව මාරු කරයි නංගි කැළැවකට" මා අසළ උන් වැඩිහිටි ගුරුවරියක මට තරවටු කළාය.

එහෙත් ඔහු කළේ රැස්වීම ට පැමිණ සිදුවු ප්‍රමාදයට සමාව ඉල්ලීම පමණය.

ඔහු සුවිශේෂි වන්නෙ එවන් මනුස්සකම මතය. දේශපාලනය කෙසේ වෙතත් මානූෂීය හිතවත්කම් අපූරු ය. 

පෙර මහ ඇමැති වරු න්ගෙ සිනාවක් දකින්නට නැත. සමහරු රජවරු සේය. සමහරු අතිශය මානූෂීය කාරාණා තුළදීත් කුණුහරුප කීවේය. 

මා තණමල්විල සිටින සමයක බඩදරු ගුරුවරියකගේ අවුරුදු අටකට පසු මාරුවීම පිළිබඳව ආයාචනයක් ඇසු එක්තරා මහ ඇමැතිවරයෙක් ඔය නෝනා බඩදරු කළේ මං නෙවෙයිනේ. 

ඒ නිසා ඔය දරුවා ගැන මට කැක්කුම් කොහේද අසා හිරිකිත වාග් රටා මැව්වේය. එවන් මිනිස්සු අතර මනුස්සකම ගෙනා හරීන් ඔබට සුභ උපන් දිනයක්.

(සුභ පැතුම මගේ පෞද්ගලික ප්‍රාර්ථනාවක් බැවින් ඔබේ පෞද්ගලික දේශපාලනික මත සඳහා මේ පෝස්ටුව යොදා නොගන්න)

_නෙත්ගොසිප්

අපි ආවේ ඉන්දියාවෙන් නොවෙයි – රාවණාගේ සෙවැණැල්ල වැටි රාස්සගලින් ඓතිහාසික සාක්ෂි රැසක් හමුවෙයි

ලංකාවේ ඉතිහාසය ආරම්භ වන්නේ උතුරු ඉන්දීය සංක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙසය යන සාම්ප්‍රදායික මතය අලුත්ම පර්යේෂණයක් නිසා බිඳවැටෙන තත්ත්වයක් උදා වී ඇති බව මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

මීට අදාළව සිදු කෙරුණු පර්යේෂණයන්හි විද්‍යාත්මක සොයා ගැනීම්වලින් ඉහත මතයට අභියෝග කළ හැකි අන්දමේ ඓතිහාසික සාක්ෂි අනාවරණය කරගෙන ඇති බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව මීට අවුරුදු 6,000කට පමණ ඉහත කාලවකවානුවකදී කඳුකර ප්‍රදේශවලට වඩාත් බලපා තිබෙන දේශගුණික වෙනස්කම් කිහිපයකට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙතෙක් මෙරට ජීවත් වූ ගල් යුගයේ මිනිසුන් සිය තාක්ෂණික සංස්කෘතික පරිවර්තනයක් දෙසට යොමු වූ ආකාරයද ගවේෂණය කිරීමට මේ පර්යේෂණවලින් හැකිවූ බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

බළන්ගොඩ, රාස්සගල, ඉලුක්කුඹුර, ලුණුගල්ගේ, පරගහමඩිත්ත ගල්ගේ, අලුගල්ගේ, මැද්දකන්ද යන ස්ථානවල සිදුකළ කැණීම්වලින් මේ ගැන තහවුරු විය හැකි සාක්ෂි ලැබී තිබේ.

මේ පිළිබඳ විශාල අදහසක් ඇමෙරිකාවට කාල නිර්ණය කර ගැනීම සඳහා යවා ඇති සොයාගත් පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් ඉදිරියේදී තවදුරටත් සහතික කරගත හැකිවනු ඇතැයි ඒ මහතා පැවැසීය.

මේ අනුව උතුරු ඉන්දියාවෙන් පැමිණි අයගෙන් මෙහි ජනාවාස ඇතිවීම නිසා මෙරට ඉතිහාසය පටන් ගන්නේ ඉන්දියානු සංක්‍රමණිකයන් නිසා බවට ඇති මතය නිවැරැදි නොවන බවත් පැවැසීය.

raj-somadeva-apes

_නෙත්ගොසිප්

ටමීම් – මොමිනුල් ‘සංගා – මහේලගේ‘ ලෝක වාර්තාවක් ළඟටම එයි!

බංගලාදේශ කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන තරඟය මේ වන විට පැවැත්වෙනවා.

මෙම තරඟායේදී බංගලාදේශ පිතිකරුවන් වන මොමිනුල් හක් හා ටමීම් ඉක්බාල්, හිටපු සුපිරි ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධනගේ හා කුමාර් සංගක්කාරගේ වාර්තාවක් අභියසටම පැමිණි පුවතක් වාර්තා වනවා..

මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළේ බංගලාදේශ කණ්ඩායමයි.එහිදී ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 220ක් ලබාගත්තා.

බංගලාදේශ පිල වෙනුවෙන් ටමීම් ඉක්බාල් ලකුණු 104ක්ද මොමිනුල් හක් ලකුණු 66ක්ද රැස්කර ගැනීමට සමත් වුණා.

ඔවුන් දෙදෙනා අතර පැවති සම්බන්ධතාවය ලකුණු 170ක්.

බංගලාදේශය ලබාගත් මුළු ලකුණු සංඛයාවෙන් ඔවුන් දෙදෙනා එක්කල ලකුණු සංඛයාව දැක්වුනේ 77.27% ලෙසය.

මෙය කණ්ඩායමක් රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු එක්කළ ලකුණු සංඛ්‍යාවේ දෙවන ප්‍රතිශතාත්මක අගය ලෙස දැක්වුණා.

මෙහි වාර්තාව තබා ඇත්තේ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනයි.

ඒ 2002 වසරේ දකුණු අප්‍රිකාව හා පැවති ටෙස්ට් තරඟයකදීයි.

එම තරඟයේදී ශ්‍රී ලංකා කන්ඩායම ලකුණු 216කට දැවී යන අතර,සංගක්කාර හා මහේල ලකුණු 168ක සම්බන්ධතාවක් පවත්වා තිබුණා.

එය මුළු ලකුණු සංඛ්‍යාවෙන් 77.78% ලෙස දැක්වුණා.

mominul-haque-tamim-iqbal-02

_නෙත්ගොසිප්