31 October, 2016

“chat room නෑ bed room විතරයි”- මේ බදුල්ලේ ඇමතිතුමාගේ කතාවයි

“මම chat room නෑ. bed room විතරයි”. මෙහෙම කියන්නේ අමාත්‍ය ඩිලාන් පෙරේරා.

පුවත්පතක් සමග සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

තාක්ෂණික භාවිතය ගැන ඇමති ඩිලාන් එහිදී සඳහන් කළ කරුණු අතරින් කිහිපයක් පහතින් කියවිය හැකියි.

• ගන්නා ඡායාරූප අන්තර්ජාලයට, විශේෂයෙන්ම ෆේස් බුක් upload කරනවාද?

නෑ. මගේ ෆෝන් එකෙන් අන්තර්ජාලයට යන්න බැහැ. රුපියල් 8000ක විතර පරණ ෆෝන් එකක් තියෙන්නේ. ස්මාර්ට් ෆෝන් එකක් නෙමෙයි.

• වැඩියෙන් භාවිත කරන්න කැමැති laptop ද? desktop ද?

desktop එකකුත් නෑ. laptop එකකුත් නෑ.

• අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න වැඩියෙන්ම භාවිත කරන්නේ පරිගණකයද? ජංගම දුරකථනයද?

අන්තර්ජාල භාවිතයක් නෑ. කාර්යාල වැඩවලට විතරක් කාර්යාලයේ පරිගණක භාවිතා කරනවා.

• face book භාවිත කරනවාද?

face book ඉන්නවා. ඒ කාර්යාල වැඩ සඳහා පමණයි. මගේ face book ගිණුම මට වඩා භාවිත කරන්නේ මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය තමයි.

• දවසකට පැය කීයක් අන්තර්ජාලයේ විශේෂයෙන්ම face bookඑකේ ගත කරනවාද?

නෑ. අන්තර්ජාලයේ කාලය ගතකරන්නේ නෑ.

• face book භාවිත කරන අවස්ථාවලදී chat කරනවාද?

chat කරනවා ෆෝන් එකෙන්. තව… කවුරුහරි හම්බවුණාම chat කරනවා. ඒ ඇරෙන්න මම chat room නෑ. bed room විතරයි.

• වෙබ් අඩවිවලින් ප්‍රවෘත්ති බලනවාද?

බලන්නේ නෑ. මොකද වෙබ්වල තියෙන්නේ තනිකර මඩ.

• දිනකට පැය කීයක් රූපවාහිනිය බලනවාද?

රූපවාහිනිය සාමාන්‍යයෙන් වෙලාව තියෙන විදිහට බලනවා. පැය එකහමාරක් වගේ. news තමයි බලන්නේ. CNN, BBC බලනවා. ඉන්දියන් news බලනවා.

• power bank, blue tooth, hands free වගේම තවත් නොයෙක් ගැජට් අද වෙළෙඳපොළේ තිබෙනවා. ඔබ මෙවැනි ගැජට් භාවිත කරනවාද?

ඒ ගැජට් මට නෑ. power bank තියා මොන band එකක්වත් නෑ. මට තියෙන්නේ ඇලිස් band විතරයි. blue tooth නෑ. තියෙන්නේ මගේ tooth විතරයි.

• තමන්ගේ තාක්ෂණික භාවිතය ගැන ඔබට මොකද හිතෙන්නේ?

මම නවීන තාක්ෂණයට ඉතාමත් ගරු කරනවා. නවීන තාක්ෂණයෙන් ප්‍රයෝජන ගත යුතුයි කියලා විශ්වාස කරනවා. 

මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය හරහා තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නවා. 

ඒත් මම බදුල්ලේ ඉපදිච්ච පරණ මිනිහෙක් විදිහට නවීන තාක්ෂණය භාවිත කරන්න බයයි. 

නමුත් කාර්ය මණ්ඩලය හරහා තාක්ෂණයෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න කෙනෙක්. 

මම හිතනවා නව පරපුර නවීන තාක්ෂණයෙන් ගොඩක් ප්‍රයෝජන ගතයුතුයි කියලා.

dilan-perera-02

_සිළුමිණ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“chat room නෑ bed room විතරයි”- මේ බදුල්ලේ ඇමතිතුමාගේ කතාවයි"

    Post a Comment