30 October, 2016

“ගුරුවරිය බඩ කළේ මමද” – හරීන්ගේ උපන්දිනය අස්සේ එළියට ආ අසුන්දර කතාව

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ උපන් දිනය ඊයේ (28) දිනට යෙදී තිබුණා.

ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතූවන අතර සිටි ගුරුවරියක් හිටපු මහ ඇමතිවරයෙකුගේ අමානුෂික හැසිරීමක් පිළිබඳව ද සිහිපත් කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එම ගුරුවරිය සඳහන් කර ඇත්තේ

“සමහරු අතිශය මානූෂීය කාරාණා තුළදීත් කුණුහරුප කීවේය. මා තණමල්විල සිටින සමයක බඩ දරු ගුරුවරියකගේ අවුරුදු අටකට පසු මාරුවීම පිළිබඳව ආයාචනයක් ඇසු එක්තරා මහ ඇමැතිවරයෙක් ඔය නෝනා බඩදරු කළේ මං නෙවෙයිනේ. ඒ නිසා ඔය දරුවා ගැන මට කැක්කුම් කොහේද”

යනුවෙන් ඇසූ බවයි.

නිනී සෙනවිරත්න නම් වන එම ගුරුවරිය හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සුබ පතමින් පෙන්වා දී ඇත්තේ ලංකාවේ දේශපාලන මඩ ගොහොරුව පිළිබඳ ඇගේ දැක්මයි.

harin-fernando-19

එම සටහන පහතින් කියවිය හැකියි.



මෙය දේශපාලන පෝස්ටුව ක් නොවේ..

දේශපාලනය පසකින් තබා මනුස්සකම උතුරන හෘදයාංගමයෙකු වෙනුවෙනි..

ඔහු පළවෙනියටම ඡන්ද ව්‍යාපාරයට එනවිට මා පොඩි එකෙකි. .. 

බ්‍රැන්ඩන් බර්ග් වත්තෙ බංගලාවේ පැවැති රැස්වීම ට මා යන්නෙ හරීන් බලන්නටය. හරීන් යනු එකල අපට අමුත්තෙකි. විජමු පරම්පරාවේ බොහෝ අය හා එවක ප්‍රබල දේශපාලකයන් මා හැඳින්වුයේ සෙනවිගේ දුව ලෙසය. 

ඒ තරම් ප්‍රබල දේශපාලන වටපිටාවක් මගෙ පියා තුළ තිබුණ අතර ඔහු පසුපස මා හරීන් බලන්න ට වත්තෙ බංගලාවට ගියෙමි. උසස්පෙළ පංතියේ උන් මට ජන්ද අයිතිය ලැබුණ දවසක හරීන් ට ජන්දයක් දෙන්නට හිතා ගත්තෙ එදාය.

ඉන් වසර ගණනකට පසු මගේ ජන්ද අයිතිය ඒ සිතුවිල්ල මත මුදා හැරියද කිසිදු දේශපාලන රැස්වීමකට මා නොගියෙමි. පළාත් සභාවට මා 2014 දවසක යන්නෙ මහ ඇමැති ධූරය හරීන් දරන සමයකය. මා කාර්යාලයට ඇතුළ් වන විටම ඔහු බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා උත්සවය සඳහා පිටත් වෙන අයුරු දුටිමි. 

මම මගේ කාර්ය සඳහා ලේකම්වරයාගේ කුටියට ගිය විට එහි වැඩම කළ හාමුදුරුවන් වහන්සේ නමක් හරීන් මහ ඇමැති තුමා හමුවිය යුතු ම බව දැඩිව පවසා උන්නේය. ඇමැති තුමා ගිය බව මමද උන්වහන්සේට පැවසු නමුදු එතුමා එය කනකට නොගෙන සිය අදහසේම උන්හ. ලේකම් වරයා සිය ජංගම දුරකථනයෙන් හරීන්ට කතා කරනු මම ද අසා උන්නෙමි. 

විනාඩි පහක දහයක ප්‍රමාදයකට පසු හරීන් ලේකම් වරයාගේ කාමරයේ උන්නේය. පුදුමය එයය. ඔහු නිළවත්කම පසෙකලා බුද්ධ පුත්‍රයා වෙනුවෙන් නැවත පැමිණ සිටියේය. හාමුදුරුවන් ට විශේෂ ඉල්ලීමක් නොතිබු අතර පිරිත් කියා ආශිර්වාදය දෙනතුරු ඔහු සිටින්නට තරම් ඉවසිල්ලක් සහිත විය. ඒ කාමරයේ මා උන් බව ඔහු දකින්නෙ අනතුරුවය. 

නිනී .. ඔහුට බුකියේ පමණක් හමුවන මා අපූරුවට මතක තිබුණී. කොහොමද නංගි.. ආවේ ඇයි අසන්නට තරම් තවත් ඉවසුමක් ඔහුට විය. ඉන්පසු ද මා ඔහුට හමුවන්නෙ එකවරකි. ඒ අමාත්‍යාංශය තුළය.

" කෝ අපේ නිනී... පෝළිමේ ඉන්නවා දැක්කා"
ඈත සිට හෝ කතා කර යෑමේ පුරුද්ද ඔහු සතුය.

තවත් වරක ඔහු සහභාගී වන උත්සවයක ප්‍රමාදය ගැන මා මැසිවිලි තබා බුකියේ තැබු සටහනට ඔහු කෝප වෙතැයි මා අසළ උන් බොහෝ අය මට දොස් නැඟු අතර පෝස්ටුව අයින් කරන ලෙස විදුහල්පතිවරයාද බැණ වැදුන නමුත් මගෙ හිතුවක්කාරකමට මම දිගටම දොස් මුරය තැබුවෙමි.

" ඔයාව මාරු කරයි නංගි කැළැවකට" මා අසළ උන් වැඩිහිටි ගුරුවරියක මට තරවටු කළාය.

එහෙත් ඔහු කළේ රැස්වීම ට පැමිණ සිදුවු ප්‍රමාදයට සමාව ඉල්ලීම පමණය.

ඔහු සුවිශේෂි වන්නෙ එවන් මනුස්සකම මතය. දේශපාලනය කෙසේ වෙතත් මානූෂීය හිතවත්කම් අපූරු ය. 

පෙර මහ ඇමැති වරු න්ගෙ සිනාවක් දකින්නට නැත. සමහරු රජවරු සේය. සමහරු අතිශය මානූෂීය කාරාණා තුළදීත් කුණුහරුප කීවේය. 

මා තණමල්විල සිටින සමයක බඩදරු ගුරුවරියකගේ අවුරුදු අටකට පසු මාරුවීම පිළිබඳව ආයාචනයක් ඇසු එක්තරා මහ ඇමැතිවරයෙක් ඔය නෝනා බඩදරු කළේ මං නෙවෙයිනේ. 

ඒ නිසා ඔය දරුවා ගැන මට කැක්කුම් කොහේද අසා හිරිකිත වාග් රටා මැව්වේය. එවන් මිනිස්සු අතර මනුස්සකම ගෙනා හරීන් ඔබට සුභ උපන් දිනයක්.

(සුභ පැතුම මගේ පෞද්ගලික ප්‍රාර්ථනාවක් බැවින් ඔබේ පෞද්ගලික දේශපාලනික මත සඳහා මේ පෝස්ටුව යොදා නොගන්න)

_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“ගුරුවරිය බඩ කළේ මමද” – හරීන්ගේ උපන්දිනය අස්සේ එළියට ආ අසුන්දර කතාව"

    Post a Comment