31 October, 2016

“වීරවංශ - තුම්මුල්ලේ විමලේ” කළ විකිපීඩියා පිටුව

අන්දෝලනාත්මක පුවත් මවන විමල් වීරවංශ මහතා ගැන පසුගිය දින කිහිපයේම වඩාත් කතා බහට ලක්වුනේ ඒ මහතාගේ නිවසේදී තරුණයකු මිය යෑමේ සිද්ධිය මුල්කරගෙනයි.

එම උණුසුම මැකී යන්නටත් පෙර මේ වාර්තා වන්නේ වීරවංශ මහතා සම්බන්ධයෙන් තොරතුරු ඇතුලත් අන්තර්ජාලයේ විකිපීඩියා පිටුව ගැනයි.

ඊයේ දින විමල් වීරවංශ මහතා පිළිබඳව වූ විකිපීඩියා පිටුව විකෘති කිරීමකට ලක් කොට තිබු‍ණේ එහි තිබූ වීරවංශ මහතාගේ නමට ඉදිරියෙන්‍ෙ
 “තුම්මුල්ලේ විමලේ” යන නාමය සහ තවත් පහත් නම් කිහිපයක් ද එක් කරමින්. 

එමෙන්ම විමල් වීරවංශ යනු මෙරට පහත්ම දේශපාලනඥයා ලෙසත් එහි දත්ත වෙනස්කොට තිබුණා.

විකිපීඩියා යනු ලොව පුරා සිටින ඕනෑම අයෙකුට සිය දායකත්වය සැපයිය හැකි ප්‍රජා විශ්වකෝෂයක්.

එබැවින් එහි මෙවැනි විකෘති කිරීම් බොහෝ විට වාර්තා වෙනවා.

කෙසේ වෙතත් පැය කිහිපයක් ඇතුළත වීරවංශ මහතාගේ විකිපීඩියා පිටුව යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබුණා.

ඊට අදාළ ඡායාරූප පහතින්.

wimal-weerawansa-wekepdia

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“වීරවංශ - තුම්මුල්ලේ විමලේ” කළ විකිපීඩියා පිටුව"

    Post a Comment