31 October, 2016

මට්ටක්කුලියේ ඝාතන රැල්ල වාද්දූවටත් පැමිණෙයි?

වාද්දුව දුම්රිය ස්ථානයේදී අද (31) උදෑසන පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

වෙඩි තැබිමෙන් මියගොස් ඇත්තේ කැළණිතිස්ස බලාගාරයේ සේවයකළ ජයන්ත මාක් ද සිල්වා නමැත්තෙක්.

ඔහු මට්ටක්කුලියේ පසුගියදා සිදුවූ පංච පුද්ගල ඝාතනයේ ප්‍ර‍ධාන සැකකරු වන ප‍්‍රසාද් කුමාර නොහොත් කුඩු රොෂාන්ගේ ඥාතියකු බවයි වාර්තාවන්නේ.

පසුගියදා මට්ටක්කුලිය වෙඩි තැබීමෙන් මියගිය ආර්. පී. නුවන් සංජීව නොහොත් චූටි උක්කුන් විසින් කුඩු රොෂාන්ගේ පියා මීට වසර කිහිපයකට පෙර මරාදමා තිබෙනවා.

ඒවෙනුවෙන් පලිගැනීමක් ලෙස ඊට පසුදිනම චූටි උක්කුන්ගේ මව කුඩු රොෂාන් විසින් මරා දමා තිබෙනවා.

wadduwa-murder-2

Share this

  • ◄ ► Facebook
  • ◄ ► Twitter
  • ◄ ► Google
  • 0 Comment to "මට්ටක්කුලියේ ඝාතන රැල්ල වාද්දූවටත් පැමිණෙයි?"

    Post a Comment