31 October, 2016

“උතුරේදී හමුදාවට පහරදෙන හැටි“ ගැන හමුදාව පැහැදිළි කරයි

උතුරේ රාජකාරියේ නියුතු හමුදා නිලධාරියකුට සිවිල් වැසියන් විසින් පහරදෙන අයුරු බව පවසමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ දිනවල ඡායාරූප කිහිපයක් සංසරණය වෙිමින්පවතිනවා.

හමුදා මාධ්‍ය ප්‍ර‍කාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්මින් පවසා ඇත්තේ දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් හමුදා නිලධාරීන්ට කරනලද පහරදීමක් සම්බන්ධයෙන් වාර්තා නොවන බවයි.

අදාළ ඡායාරූප සම්බන්ධයෙන් අදහස් දැක්වමින් හමුදාවේ උසස් නිලධාරියකු පැවසා ඇත්තේ, මෙවැනි නිල ඇඳුමක් මෙරට ආරක්ෂක අංශ භාවිත නොකරන බවයි. 

මෙරට ආරක්ෂක අංශ ඡායාරූපයෙහි දැක්වෙන ආකාරයෙන් අත් නැවීම ද සිදු නොකරන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

එමෙන්ම මින් එක් ඡායාරූපයක්, බංග්ලාදේශ හමුදාව සම්බන්ධයෙන් 2007 වසරේදී බීබීසී පුවත් සේවය විසින් වාර්තා කර ඇති ඡායාරූපයක් බවයි වාර්තා වන්නේ.

soldier-beating-bangladesh-05

soldier-beating-bangladesh-01

soldier-beating-bangladesh-02

soldier-beating-bangladesh-03

බීබීසි පුවත් සේවය සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කර තිබූ අයුරු.

soldier-beating-bangladesh-04

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“උතුරේදී හමුදාවට පහරදෙන හැටි“ ගැන හමුදාව පැහැදිළි කරයි"

    Post a Comment