එසේ නියම කළ දඩය ගෙවීමට ප්‍රමාණවත් මුදලක් සෙබළා සතුව නොමැති නිසා අවශ්‍ය ඉතිරි මුදල අදාළ දඩය නියම කළ පොලිස් සැරයන් විසින් ලබා දීමේ පුවතක් තලාතුඔය පොලිසියෙන් වාර්තා වනවා.
අදාල සෙබළා මාරතුවෙල එලමුල්ල පදිංචිකරුවෙකි.
අදාල සෙබළා මාරතුවෙල එලමුල්ල පදිංචිකරුවෙකි.
පදියපැලැල්ලේ සිටින තම ඥාතියකුගේ නිවෙසට ගොස් එන අතර මෙම සිද්ධියට මුහුණ පා ඇත.
දඩ පත්‍රිකාව ලද පසුව ඔහු විසින් විමසා ඇත්තේ තමා ගිරාඳුරුකෝට්ටේ සඳුන්පුර පුහුණු කඳවුරේ පුහුණුව ලබන හමුදා සෙබළකු බවත් එදින නැවැත කඳවුරට යෑමට ඇති නිසාත් නැවැත දින 14ක් ඇතුළත පැමිණ මෙම දඩ මුදල් ගෙවීමට තමාට නිවාඩු නොලැබෙන හෙයින් අදම මෙම

දඩ මුදල ගෙවා නිදහස් විය හැකිද යන්නයි.
වෙලාව සවස 03 පමණ වී තිබූ බැවින් තැපැල් කාර්යාල වසානැති නිසා ඊට බාධාවක් නැතත් ඔහු අත අදාළ දඩ මුදල ගෙවීමට ප්‍රමාණවත් මුදල් තිබී නැත.
ඔහුගේ අපහසුතාව තේරුම් ගත් තලාතුඔය පොලිසියේ පොලිස් සැරයන් (6065) අබේවික්‍රම තමාගේ මුදල් පසුම්බිය ගෙන ඉතිරි මුදල ඔහුට ලබා දී ඉක්මනින් තැපැල් කාර්යාලයට ගොස් දඩ මුදල් ගෙවා පැමිණෙන ලෙස පවසා ඇත.

_නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "නියම කළ දඩය ගෙවන්න සල්ලි නැති සෙබළාට සල්ලි දුන් උතුම් පොලිස් නිලධාරියා"
Post a Comment