30 October, 2016

ටමීම් – මොමිනුල් ‘සංගා – මහේලගේ‘ ලෝක වාර්තාවක් ළඟටම එයි!

බංගලාදේශ කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන තරඟය මේ වන විට පැවැත්වෙනවා.

මෙම තරඟායේදී බංගලාදේශ පිතිකරුවන් වන මොමිනුල් හක් හා ටමීම් ඉක්බාල්, හිටපු සුපිරි ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධනගේ හා කුමාර් සංගක්කාරගේ වාර්තාවක් අභියසටම පැමිණි පුවතක් වාර්තා වනවා..

මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළේ බංගලාදේශ කණ්ඩායමයි.එහිදී ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 220ක් ලබාගත්තා.

බංගලාදේශ පිල වෙනුවෙන් ටමීම් ඉක්බාල් ලකුණු 104ක්ද මොමිනුල් හක් ලකුණු 66ක්ද රැස්කර ගැනීමට සමත් වුණා.

ඔවුන් දෙදෙනා අතර පැවති සම්බන්ධතාවය ලකුණු 170ක්.

බංගලාදේශය ලබාගත් මුළු ලකුණු සංඛයාවෙන් ඔවුන් දෙදෙනා එක්කල ලකුණු සංඛයාව දැක්වුනේ 77.27% ලෙසය.

මෙය කණ්ඩායමක් රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු එක්කළ ලකුණු සංඛ්‍යාවේ දෙවන ප්‍රතිශතාත්මක අගය ලෙස දැක්වුණා.

මෙහි වාර්තාව තබා ඇත්තේ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනයි.

ඒ 2002 වසරේ දකුණු අප්‍රිකාව හා පැවති ටෙස්ට් තරඟයකදීයි.

එම තරඟයේදී ශ්‍රී ලංකා කන්ඩායම ලකුණු 216කට දැවී යන අතර,සංගක්කාර හා මහේල ලකුණු 168ක සම්බන්ධතාවක් පවත්වා තිබුණා.

එය මුළු ලකුණු සංඛ්‍යාවෙන් 77.78% ලෙස දැක්වුණා.

mominul-haque-tamim-iqbal-02

_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ටමීම් – මොමිනුල් ‘සංගා – මහේලගේ‘ ලෝක වාර්තාවක් ළඟටම එයි!"

    Post a Comment