30 April, 2017

කැළණි පාලම් ගැට්ටේ ගසා ඝාතනය කර ගඟට විසිකළ දරුවාගේ සිරුර හමු වෙයි (PHOTOS)

Child killed Kelani bridges

පවුල් ආරවුල් මත සිත් තැවුලට පත්වී තම හය හැවිරිදි පුත්‍රයා කඩුවෙල කැළණි පාලම් ගැට්ටේ ගසා ඝාතනය කර කැළණි ගඟට දමා තමන්ද ගඟට පැන සියදිවි හානිකර ගැනීමට තැත්කල කාන්තාව බියගම පොලිසිය විසින් පසුගිය දින (29) අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙසේ අත්අඩංගුවට පත්වුයේ වැලිවේරිය ඇඔරාලුව දකුණ අංක 19/31 පදිංචිකාරියක් වන සුමුදු ප්‍රියමාලා බෝධි බැඳිගේ නැමැති 39 හැවරිදි තිදරු මවක්.

අවට සිටි පිරිසක් මෙම කාන්තාව බේරාගෙන ඇති අතර ඉහත ලිපිනයේ පදිංචිව සිටි එදිරිමුණි ලක්ෂාන් චානක සොයිසා නැමැති (6) හැවිරිදි සිසුවා ජලකඳ තුල අතුරුදන් වී ඇතිබව පොලිසිය පැවසුවේ.

තමන් ජීවත්වීමට කිසිම ආශාවක් නොමැති බැවින් පුතා සමඟ මෙලෙස දිවි හානි කර ගැනීමට උත්සාහ කළ බව එම කාන්තාවගේ විවාහක සැමියා ඇයත් සමඟ මේ වනවිට නොමැති අරත 23 වියැති පුතෙක් සහ තවත් ප්‍රත්‍රයෙකු නැදෑ සහෝදරියකට හදාවඩා ගැනීමට ලබාදී ඇති බවට පවසා තිබිණා.

මියගිය දරුවාගේ දේහය ඊයේ 30 දින අඵයම නාවික හමුදාවේ කිමිදුම් ඒකකයේ නිලධාරින් සහ බියගම පොලිසිය එක්වී කැළණි ගංඟා පතුලේ කිමිදී සොයාගෙන තිබු අතර මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

අත්අඩංගුවට පත් කාන්තාව මහර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇයව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ. (nethgossip)

17 හැවිරිදි දැරියක් දින 40 ක් 400 වතාවක් දුෂණය කර වධ දී මරා දැමූ ලොව අමානුෂිකම ඝාතනය සිදුකල හැටි හෙළිවෙයි (Photos)

Junko Furuta

ලෝකයේ මෙතෙක් අතිශය අමානුෂික ලෙස දුෂණයට ලක්වූ තරුණියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා.

නමින් Junko Furuta වූ ඇයගේ ආදරය බලාපොරොත්තුවෙන් පැමිණි තරුණයකු විසිනි ඇයට මෙලෙස අමානුෂික ලෙස වධ හිංසා පමුණුවා ඇත්තේ තවත් තරුණයින් තිදෙනෙකුද සමගින්.

1988 නොවැම්බර් 22 (පළමු දිනය)

1988 නොවැම්බර් 22 දින පැහැරගත් ඇය නිවසක සිරකර තබන අතර පැහැරගත් කෙනා ඇයට තමන්ගේ පෙම්වතිය වන ලෙස බලකර තිබෙනවා.

තමන් කැමැත්තෙන් පැන ආ බව තම දෙමව්පියන්ට පවසන ලෙස ඇයට බලකර ඇති අතර කුසගින්නේ සිටි තරුණියට ආහාර වශයෙන් ලබා දී ඇත්තේ කැරපොත්තන් සහ මුත්‍රා පමණයි.

පසුව සියලු දෙනා ඉදිරියේ නිරුවත් වනලෙස ඇයට බලකර ඇති අතර ඉන්පසු ඇය 400 වතාවක් පමණ දූෂණයට ලක්කර තිබෙනවා.

සිගරැට් දල්වනයක් මඟින් ඇයගේ සිරුර පුළුස්සා ඇති අතර ඇයගේ ලිංගෙන්ද්‍රිය තුළට නොයෙක් දේවල් ඇතුළු කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

1988 දෙසැම්බර් 11 (11 වන දිනය)

කොන්ක්‍රීට් බිමක ඇයගේ මුහුණ තදින් වද්දමින් ගැනිය නොහැකි තරම් වාර ගණනාවක් ඇයට පහරදී තිබෙනවා.

පසුව ඇයගේ අත් බැඳ සිවිලිමේ එල්ලා ඇයගේ සිරුර බෑගයක් ලෙස භාවිතා කරමින් පහර දී තිබෙනවා.
ඇයගේ නාසයට ලේ පුරවා මුඛයෙන් පමණක් ශ්වසනය කිරීමට සලස්වා ඇති අතර ඇයගේ උදරයට ඩම්බෙල් උපකරණ අතහැර තිබෙනවා.

පිපාසයෙන් පෙළුණු ඇය ජලය පානය කිරීමට සැරසුණු විට ඔවුන් ඇයගේ ජල බඳුනට ඔවුන් වමනය කර තිබෙනවා.

පැනයන්න තැත්කළ අවස්ථාවේ ඇයව සිගරට් මගින් පුළුස්සා යටි පතුල් වලට ගිනිඇවිලෙන සුළු දියරයක් ඉස එයට ගිනි දල්වා තිබෙනවා.

1988 දෙසැම්බර් 10 (විසිවන දින)

දැඩි ලෙස වධහිංසා වලට ලක්වී ඇති ඇයට මොවුන්ගේ කරදර පීඩා වලින් මිදෙන්න අවස්ථාවක් ලැබුනේ නෑ.
මොවුන් නැවතත් ඇයට උණ බටවලින් පහරදී බර ආයුධයක් මඟින් අත් තලාදමා තිබෙනවා.

එයින් ඇයගේ ඇඟිලි පිපිරී ගොස් තිබෙනවා.මෙයින් නොනැනවතුනු ඔවුන් ලේ ගලන තුරු ඇයගෙ ලිංගේන්ද්‍රියට සහ ගුද මාර්ගයට රත් කල යකඩයක් ඇතුල්කර යකඩ මුගුරකින් ඇයට පහරදී එළිමහන් බැල්කනියේ සීතලේ නිදා ගැනීමට සලස්වා තිබෙනවා.

30 වන දිනය

මෙලෙස වධහිංසා වලට ලක්වූ ඇයගේ මුහුණට උණු ඉටි දමා ඇසිපිය සිගරැට්වලින් පුළුස්සා තිබෙනවා.
ඇයගේ පපු පෙදෙසට ඉඳිකටු තුඩවල්වලින් ඇණ අත් අඳුවක් මඟින් ඇයගෙ දකුණු තන පුඩුව කපා දැමා උණුසුම් බල්බයක් ඇයගේ ලිංගෙන්ද්රියට ඇතුළු කර තිබෙනවා.

කතුරක් ලිංගේන්ද්‍රියට ඇතුල් කිරීම නිසා ඇයගේ ලිංගයෙන් ලේ ගැලීම නිසා ඇයට මුත්‍රා කිරීමට නොහැකි වී තිබෙනවා.

40 වන දිනය

දින ගණනාවක් මෙලෙස වධහිංසා වලට ලක්වූ තමන්ව මරා දමන ලෙස ඇය වධකයන්ගෙන් ආයාචනා කර තිබෙනවා.

1989 ජනවාරි 01 දා තනියෙන් අවුරුදු උදාවට මුහුණ දුන් ඇය, ඇයගේ ශරීරය ඡේදනය කරනු ලැබුවා. බඩගාගෙන හෝ යාමට නොහැකි තත්ත්වයක් ඇයට උදා වී තිබෙන්නේ ඉන් පසුවයි.

44 වන දිනය 1989 ජනවාරි 04

පිරිමින් 4 දෙනෙක් විසින් ඇයගෙ ඡේදනය කල ශරීරයට යකඩ දණ්ඩකින් පහරදී තිබෙන අතර එයින් ඇයගේ මුඛයෙන් සහ නාසයෙන් අධික ලෙස ලේ ගැලීමක් සිදුවී තිබෙනවා.

මොවුන් සිගරැට් දල්වනයේ දියර ඇයගේ දෙපා, මුහුණ, අත්, උදරය ඉස ගිනි තබා තිබෙනවා. මෙලෙස පැය දෙකක් තිස්සේ මේ වධහිංසනයට මුහුණ දුන් ඇය එදිනෙන් පසු ඇය මිය ගියා.

තමන්ගේ දියණියට සිදුවී ඇති මේ අපරාධය දැනගත් ඇයගේ මව සිහිසුන් වීම නිසා ඇයට දැඩිව ප්‍රතිකාර කිරීමට පවා සිදුවී තිබෙනවා.

අවුරුදු 20කට වැඩි කාලයක් ගත වුවත් නීතිය ඇයට සාධාරණයක් ඉටුවී නැහැ. ඇයගේ මිනීමරුවන් දැන් නිදහස් වෙලා. නමින් Junko Furuta වූ ඇය එ වන විට 17 හැවිරිදි උසස් අධ්‍යාපනය හදාරන ජපන් ශිෂ්‍යාවක්.

-උපුටා ගැනීම අන්තර්ජාලයෙන් –

X - Files තවත් අලුත් කොටස්‌ දහයක්‌ ළඟදීම

david duchovny - gillian anderson

X - Files වෘත්තාන්තයේ තවත් කොටස්‌ දහයක්‌ නිර්මාණය කිරීම සඳහා ෆොක්‌ස්‌ සමාගම සූදානම් වනවා.මේ කථා මාලාව විකාශනය කරනු ඇත්තේ මේ වසර අවසානයේ හෝ 2018 වසර මුලදීයි.

Season II යටතේ මෙම කොටස්‌ දහය නිර්මාණය වනු ඇති.මෙම කථා මාලාව සඳහාද තමන් සහභාගි වන බව පිළිගත් ගිලියන් ඇන්ඩර්සන් හා ඩේවිඩ් ඩවුකෝනි තම සිය ටිව්ටර් ගිණුම් හරහා තහවුරු කර තිබෙනවා.

2016 දී X - Files දහවැනි කථා මාලාව විකාශනය වූ අතර ඒ සඳහා දැවැන්ත ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක්‌ ලැබුණා.X - Files කථා මාලාව විකාශය ආරම්භ වූයේ 1993 දීයි.මෙතෙක්‌ කථා මාලා දහයක්‌ යටතේ කොටස්‌ 208 විකාශය වී තිබෙනවා.

ෆොක්‌ස්‌ මොල්ඩර් හා ඩේනා ස්‌කලී නොමැතිව කිසි දිනක X-files ජනප්‍රිය කර නොහැකි නිසා ෆොක්‌ස්‌ සමාගම මෙහි චරිත වෙනස්‌ කිරීමට කිසිම උත්සාහයක්‌ නොකරන බවයි පැවසෙන්නේ. (nethgossip)

උඹ ජෝ කසාද බඳින්න ඕන...

Girl Alone sad

මිටියාවත සිට ඉහළ අහසට නෙත් විහිදා බැලූ මගේ ඇස්වලට හමුවුණේ දිලිසෙන වලාකුළු. සියුම් රත්තරන් කුඩු ඇඟිලි තුඩු අගට ගෙන විසිරවූ කලෙක මෙන් ඒ වලාකුළු රන් පැහැයෙන් දිලිසෙමින් තිබුණා. මගේ හිතත් ඒ මොහොතේ වලාකුළක් තරමටම සැහැල්ලු වී තිබුණා. අපි හිටියේ සුළඟත් සමඟ හිනාවෙමින්.

අපි ජීවිතේ නිස්කාරණේ අත්හැරපු කාලය වැඩියි කියලා මට වෙලාවකට හිතෙනවා...
කාලය කියන්නේ හුළඟ වගේ දෙයක්
මට දුක අපි ඒක පරිස්සමින් පාවිච්චි නොකරපු එක ගැන 

ඇයි උඹ දුක හිතන්නෙ?
හිතන්නෙ නෙවෙයි හිතනවා
ජීවිතේ කියන්නෙ අපිට සැලසුම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි දුල්යානා.. වෙලාවකට එයා කියන දේත් අපිට අහන්න වෙනවා.
මම කැමතියි ජීවිතේ සිද්ධ වෙච්ච දේවල් ගැන ආයෙත් ආයෙත් හිතන්න 

උඹ ගොළු බෙල්ලෙක් වගේ හැම තිස්සෙම උඹ ඇතුළෙම හිරවෙන්න හදන්නෙ ඇයි?
මටත් තේරෙන්නෙ නැත්තෙ ඔය වගේම වෙන දෙයක් 

ඒ කිව්වේ?
උඹ කොහොමද හැමතිස්සෙම යන්ත්‍රයක් වගේ හැසිරෙන්නේ කතා කරන්නෙ?
උඹලා හැමෝටම පේන්නෙ එහෙම... ඒත් උඹලා කාටවත් මගේ හදවත පේන්නෙ නෑ
මට සමාවෙයන් 

උඹටවත් මාව තේරුම් ගන්න බැරි නම් අනිත් අය ගැන මම මොනවා කියන්නද?
කොච්චර ළඟින් හිටියත් අපි කාටවත් අපිව හරියට තේරුම් ගන්න බෑ ජානා. එහෙම තේරුම් ගන්න පුළුවන් වුණානම් අපි මෙහෙම ජීවිතේ ඇතුළෙ තනි වෙයිද?
ජානා...
හ්ම්... 

ඔයා මොනවද වාහනය නතර කළාම මට කියන්න දෙයක් තියෙනවා කීවේ?
ඔව්... 

ඔව් කිව්වේ?
දුල්යානා දැන් උඹට අතීතය අත්හැරලා දාන්න කාලය ඇවිත් 

උඹ මොකක් ගැනද කියන්නෙ?
උඹ දැන් ප්ලැට් එකේ ගෙවපු ජීවිතේ අමතක කරපන් 
ඒ ජීවිතේ මම අමතක කරලා හුඟක් කල් 
නෑ උඹ තාමත් ඒ ජීවිතය මත්තෙ හැප්පෙනවා 

මම උඹට කලිනුත් දවසක් කීවා මතක මැරෙන්නෙ නෑ කියලා
ඒක වෙනම දෙයක්... ඒත් අතීතය වෙනුවෙන් අනාගතය විකුණන එක වෙනම දෙයක්
මම දැන් ජීවත්වෙන්න හදන්නෙ අතීතයක් වෙනුවෙන්වත් අනාගතයක් වෙනුවෙන්වත් නෙවෙයි ජානා මට ඕනැ මේ මොහොත විතරයි 

ජීවිතේ මොහොතවල් වලින් ගණන් හදන්න එපා දුල්යානා. අපිට හිස්බව දරාගන්න බැරි මොහොතක් එනවා
උඹ මොකක්ද මේ කියන්න හදන්නෙ?
මම කියන කෙනා උඹ කසාද බඳින්න ඕන
උඹ මොකද මේ හිටපු ගමන් කසාදයක් ගැන කතා කරන්නෙ?
උඹ ජෝ කසාද බඳින්න ඕන...
ජෝ කීවෙ අර පියතුමා
ඔව්.... 

උඹ මොනවද මේ කියවන්නෙ?
මම කතා කරන්නෙ පිස්සුවෙන් නෙවෙයි දුල්යානා හොඳ සිහියෙන්
මොකක් මම අර පියතුමා බඳින්න ඒ මොකටද?
උඹ කොහොමත් කැමතියිනේ පල්ලියේ ජීවිතේට
ඔව්... ඒත් මම ෆාදර් කෙනෙක් කසාද බඳින්න කැමති නෑ
නෑ එක වෙන්නම ඕනෑ... ඊට පස්සෙ උඹ මේ රටින් යන්නත් ඕන
ඔයාට ඇත්තටම පිස්සුද ජානා මොනවද මේ කියවන්නෙ?
උඹ නිදහස් ජීවිතයක් හොයන ගෑනියක් නෙවෙයි
උඹ කොහොමද මගේ ගැන එහෙම කියන්නෙ... උඹ කොහොමද මගේ ජීවිතේ ගැන එහෙම බලහත්කාර තීරණ ගන්නෙ?
මේ අහපන් දුල්යානා... ඇය මගේ අත තදින් අල්ලගත්තා

Translation — Chandana waravitage ()

දවසේ කාටූන් – 2017.04.30

දවසේ කාටූන් බලන්න පිවිසෙන්න අපගේ කාටූන් පිටුවට.

Watch to cartoons of the day, visit our Cartoons page.





අනාරාධිත ඇමැති

Uninvited Minister Faizer

මීතොටමුල්ලෙ කුණු වැඩේ ගැන පළාතෙ ජනතාවගෙ සහගාගිත්වයෙන් අරලිය මන්දිරේ ලොකු මීටිමක් තිබුණා... ඒකට රටේ දෙවැනි මහත්තය වගේම පළාතෙ මන්ත්‍රි මරික්ස් එහෙමත් ඇවිත් හිටිය.

මේ ආරාධිත පිරිස අතරෙ අනාරාධිතවම තවත් ඇමැති සයිස් මහත්තයෙක් ඇවිත් උන්න... එයා පළාත් පාලනේට වගකියන කෙනෙක්...

උන්නැහේ මෙතැන්ට ආව විතරයි එතන හිටපු පළාත් වාසීන්ට මල පැන්නලු... විපතට පත් ජනතාවගෙ නායකයෙක් නැගිටල මේ අනාරාධිත ඇමතිට ලුණු ඇඹුල් ඇතිව කියන්න ගත්ත... අපි මේ කුණු කන්ද අදින්න කියල උද්ඝෝෂණ කරනකොට ජනතාවට මෙයාල සලකපු හැටි අපට මතකයි මෙයත් එකයි නගරාධිපතිත් එකයි.... කියල කියාගෙන යනකොට පළාත් පාලන ලොක්ක ඒකට උත්තර බඳින්න හැදුව. ඒත් රටේ දෙවැනි මහත්තය ඒකට ඉඩදුන්නෙ නැහැ. අන්තිමේදී ඇමැති තැනට මල පැනල උන්හිටි තැන් අමතක වෙලා රුස්වීමෙන් නැගිටල ගියා කියනවා... (deshaya)

ෂාරුක් එක්ක මට මොන විහිලුද?

Priyanka Chopra-02

රජත් - ඔබ මිනිස්සුන්ට ඇදකරන පුරුද්දත් පුංචි කාලේ ඉඳන් තියෙන එකක්ද?
ප‍්‍රියංකා - ඔව්. ඒකත් පුංචි කාලයේ ඉඳන් තියෙන පුරුද්දක්.

රජත් - ඔබ එක වැඩසටහනකදී ශාරැක් ඛාන් වගේ රඟපාලා පෙන්නුවා.
ප‍්‍රියංකා - ඔව් මම එහෙම කළා.

රජත් - ඔහු වේදිකාව දිහා බලාගෙන හිතන්න ඇති මේ මොකක්ද වෙන්නේ මාව විහිළුවට ලක් කරනවා නේද කියලා.
ප‍්‍රියංකා - දෙවියන්ට ස්තුතිවෙන්න ඔහු ඒ ගැන එහෙම හිතුවේ නැහැ. ඒත් මම ඔහුට විහිළුවක් නෙවෙයි කළේ.

රජත් - ඔබ සල්මාන්ගේ චරිතයත් රඟදකවලා පෙන්නුවා. ඒකටත් මිනිස්සු ගොඩාක් කැමතිවුණා.
ප‍්‍රියංකා - ඇත්තටම මට ඒ සම්මාන උළෙල ගැන ගොඩක් සතුටුයි. එකම දේ කරන්න වුණාම මම තෘප්තිමත් වෙන්නේ නැහැ. එතකොට මටම එපා වෙනවා. හැම සම්මාන උළෙලකටම අපි එනවා. ගීතවලට නර්තනයේ යෙදෙනවා. ආපහු යනවා. මම ගොඩාක් සම්මාන උළෙලවලවල ඉදිරිපත් කිරීම් කරලා තියෙනවා. මට එකකට එකක් වෙනස් දේවල් තමයි ඒ හැම එකකම කරන්න ඕන වුණේ. මම මගේ රසිකයින් කැමතිවෙන විදියේ දේවල් කළ එක ගැන මට සතුටුයි.

රජත් - සල්මාන් ඒ නිසා කේන්ති ගත්තේ එහෙම නැහැ නේද?
ප‍්‍රියංකා - මම හිතනවා නැහැ කියලා. ඔහුගෙන් මම ඒ ගැන ඇහුවේත් නැහැ. ඔහු මට මොකුත්ම කිව්වෙත් නැහැ.

රජත් - කත්‍රිනා ඔබත් සමඟ වැඩ කරන එක ප‍්‍රතික්ෂේප කළා කියලා පුවත්පත්වල තියෙනවා,
ප‍්‍රියංකා - ඒක ඔබතුමා කත්‍රිනාගෙන්නේ අහන්න ඕන සර්. ඔය ප‍්‍රශ්නයට මම කොහොමද උත්තර දෙන්නේ? ඔබ ඊට පස්සේ මම වැරදිකාරයෙක් කියයි. මම ඇය සමඟ වැඩ කරන එක ප‍්‍රතික්ෂේප කළා නම් මගෙන් ඔය ප‍්‍රශ්නය ඇහුවම මට උත්තර දෙන්න තිබුණා සර්.

රජත් - ඒත් එක ෆිල්ම් එකක ඔබත් සමඟ වැඩ කරන එක ඇය ප‍්‍රතික්ෂේප කළා නේද?
ප‍්‍රියංකා - ඇය ෆිල්ම් එකේ වැඩ කරන එක ප‍්‍රතික්ෂේප කළේ මම හින්දද නැද්ද කියන එක ඔබතුමාට ඇයගෙන්ම තමයි අහන්න වෙන්නේ.

රජත් - ඔබට මොකක්ද ඒ ගැන හිතෙන්නේ?
ප‍්‍රියංකා - මම නම් හිතන්නේ නැහැ මම නිසා කිසිම කෙනෙක් එහෙම කරයි කියලා. අනික කත්‍රිනා ගොඩාක් ජනප‍්‍රිය තරුවක්. මම හිත්න්නේ නැහැ ඇය එහෙම කරයි කියලා.

රජත් - ඇය එහෙම කරන්නේ නැත්නම් කරීනා එහෙම කරන්නේ ඇයි?
ප‍්‍රියංකා - සර් ඒකත් ඔබ අහන්න ඕන කරීනාගෙන්නේ. ඔබ හැමෝගෙන්ම අහන්න ඕන ප‍්‍රශ්න මගෙන් අහනවනේ. මමද උසාවියේ ඉන්නේ? නැත්නම් ඔවුන්ද?

රජත් - මම ඔබගෙන් ඇහුවොත් කාගේ හරි නමක් නිසා ඔබට ප‍්‍රශ්න ඇති වෙන්නේ කොහොමද? කත්‍රිනා, කරීනා, කංගනා. හැමෝම ඔබට ප‍්‍රශ්නයක් වෙනවනේ.
ප‍්‍රියංකා - කංගනා නිසා මට කොහොමද ප‍්‍රශ්නයක් වෙන්නේ? නැහැ නැහැ. මේ ඔබතුමා කියන්න කංගනායි මමයි අතර කවද්ද ප‍්‍රශනයක් ඇතිවුණේ?

රජත් - ඒකට එහෙම උත්තරයක් දුන්නේ අනිත් දෙන්නා එක්ක ප‍්‍රශ්නයක් ඇති වුණා කියන එකනේ නේද?
(හැමෝම හිනාවේ)
ප‍්‍රියංකා - මමත් මීඩියා වලින් තමයි දැන ගත්තේ ඔවුන්ට මම එක්ක ප‍්‍රශ්නයක් තියෙනවා කියලා. මට ඒ අය හම්බවුණාම නම් එහෙම ප‍්‍රශ්නයක් තියෙනවා කියලා දැනිලා නැහැ.

රජත් - ඒත් මීඩියාවල තියෙනවා ඔබ ෂූටිං කරන තැනකට කරීනා ආවා. ඔබ ඇයට පැය කිහිපයක් බලාගෙන ඉන්නදීලයි ඇයව හම්බවෙන්න ආවේ. මේ කතාව ඇත්තක්ද?
ප‍්‍රියංකා - මීඩියාවල අය කැමති භාගයක් වාඩිවෙලා කතා කරනවට. ඇයට තිබුණු ෂෝ එකට ඇය කලින් වෙලාව දීලා තිබුණේ. මම කරීනට ගිහින් කිව්වා බේබො ඔයා ගෙදර යන්න. මගේ ප‍්‍රඩක්ෂන් එකට වෙලාව යාවී. ඒ වෙලාවෙ ඇය ගෙදර ගිහින් උදේ ආවා. ඒ කතාව කවුරුවත් ලියන එකක්වත් කියන එකක්වත් නැහැ මීඩියාවල ඉන්න අය. එයාලට ලියන්න ඕන අපි අතර රණ්ඩුවක් වෙනවා කියලා විතරයි.

රජත් - හරි පැය භාගය තුළ මොනවද ඔබලා කතා කළේ?
ප‍්‍රියංකා - ගොඩාක් දේවල කතා කළා. ඇය වැඩ කරන ෆිල්ම් එකේ සෙට් එකට මම ගියා. එයා එයාගේ නිවාඩුවට කොහේද යන්නේ? මම කොහේද යන්නේ? මම වැඩ කරන ෆිල්ම් එක මොනවද? ඕවා කතා කළා

රජත් - ඔබ පිළිගත්තා ඔබ ගොඩාක් ලොකු හොරෙක් මිනීමරුවෙක් සහ රැවටිලිකාරියක් කියලා. ඒ වගේම ඔබ ගොඩාක් ආඩම්බර කෙනෙක්.
ප‍්‍රියංකා - තමන් කරන දේ තුළ තමන් ඒකට හොඳම කෙනා කියලා හිතන එක ආඩම්බරකමක්නම් ඔව් මම ආඩම්බරයි.

රජත් - ඔබ කියන්නේ මම තමයි නොම්මර එක. මට වඩා ඉහළින් කවුරුවත් නැහැ කියලද?
ප‍්‍රියංකා - මම කරන වැඩ තුළ හොඳම කෙනා වෙන්න මම කැමතියි. මට වැදගත් නැහැ වෙන කෙනෙක්ගේ ෆිල්ම් එකක් හිට් වුණාද නැද්ද කියන එක. මගේ ජීවිතයට දෙවියන් මට හැම දෙයක්ම දීලා තියෙනවා. මම මගේ වැඩවලට ගොඩාක් අවධානයක් දෙනවා ගොඩාක් ගරු කරනවා. වෙන අය ගැන මම කිසිම වෙලාවක කතා කරලත් නැහැ. කතා කරන්නෙත් නැහැ.

(නඩුව ඊළඟ සතියට කල්තැෙබ්) (deshaya)

කිඹුලාගේ බඩ පලා ගිම්හානි කුඩා දැරියගේ සිරුර ගත් හැටි (VIDEO)

Bulankaduwa Crocodile attack

ගල්නෑව – බුලන්කඩුව වැවේ දිය නාමින් සිටිය දී වයස අවුරුදු 13ක දැරිය රැගෙන ගිය කිඹුලා වෙඩි තබා මැරීමෙන් පසු දැරියගේ සිරුර කිඹුලාගේ බඩේ තිබියදී සොයා ගැනුණා. කිඹුලා දැරිය රැගෙන යාමෙන් පසු ඇගේ සිරුර සොයා ගැනීම සදහා ඊයේ දිනය තුල මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. මෙම කිඹුලන් සිටින ස්ථානයන් බැකෝ යන්ත්‍ර මගින් හාරා පරීක්ෂා කළ ද ඊයේ පස්වරු වන විටත් සොයා ගැනීමට නොහැකි වුණා.

ඉන් පසු දැරියගේ බාප්පා විසින් අද අළුයම කිඹුලා සොයා ගැනුණු අතර එහිදී කිඹුලාව වෙඩි තබා මැරූ බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමෙන් පසු කිඹුලා පරීක්ෂා කිරීමේ දී දැරියගේ සිරුර කිඹුලාගේ බඩ තුළ තිබී සොයා ගැනුණා.

පසුගිය 28 වැනිදා සවස 6.30ට පමණ දැරිය දිය නෑමට ගොස් ඇත්තේ මව, පියා සහ වැඩිමහල් සහෝදරයා සමගයි. එක්වරම දැරිය අතුරුදන්ව තිබෙනවා. ඇගේ පාවහන් යුගල දිය මත පාවෙමින් තිබූ බවයි පසුව නිරීක්ෂණය වී ඇත්තේ.

දිය නෑමට පෙර එහි කිඹුලෙකු සිටි බවට ඔවුන් දැක තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ එහි කිඹුලන් කිහිප දෙනෙකු සිටින බවයි. ගල්නෑව පොලිස් නිලධාරීන් යුද හමුදාව සමග එක්ව දැරිය සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ගල්නෑව විදුහලේ 07 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය පවුලේ එකම ගැහැණු දරුවායි.



සංස්ථා ලොක්කෝ 15 ක් අමාත්‍යංශ ලේකම්ලා 6 ක් ඉවතට

Post Remove Man Fall

ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ අමාත්‍යංශ ලේකම්වරුන් හය දෙනකු සහ රාජ්‍ය සංස්ථා මණ්ඩලවල අධිපතීන් 15 දෙනකු ඉදිරි දෙසතිය තුළ තනතුරැවලින් ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

මෙයින් අදාළ ලේකම්වරුන්ට දැනටමත් තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස නිල නොවන මට්ටමින් දැනුම් දී තිබේ. රාජ්‍ය සංස්ථා මණ්ඩල ගණනාවක ප්‍රධානීන්ටද එම නිවේදනයම යවා ඇතැයි දේශයට වාර්තා වෙයි.

මේ වනවිටත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා පදනම් ආයතනය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධානීන් වෙනුවට නව ප්‍රධානීන් පත්කර ඇත. ඉතිරි ආයතන වෙනුවෙන්ද සුදුස්සන් තෝරාගෙන තිබෙන බව ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග වාර්තා කියයි.

රාජ්‍ය මාධ්‍ය ක්ෂේත්‍රයේ ද පුළුල් වෙනසක් සිදුකරමින් මාධ්‍ය අමාත්‍යංශයේ හා මාධ්‍ය ආයතන දෙකක තනතුරු වෙනස් වීමට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ. මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයද වෙනස් වන තනතුරු අතරවන බව සඳහන්ය.

මේ හැර ජනාධිපති කාර්යාලය හා ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළම මට්ටමේ තනතුරු දෙක තුනක් සඳහා අලුත් මුහුණු එක්වීමට නියමිත යැයිද රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ජර්මනියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස දැනටමත් නම්කර ඇත.

මෙසේ ඉවත් කෙරෙන ඇතැම් ආයතන ප්‍රධානීන් වෙනත් ආයතනවලට පත්කර තිබේ. කිහිපදෙනකු ජනාධිපති කාර්යාලයටද අනුයුක්ත කිරීමට නියමිතය.

ඇමැති පට්ටම බේරගන්න සුපිරි කාර් තෑගි - පුටුව මාරුකළොත් පසු පෙළට යනවා

peugeot-gt-line-0-car

සිය අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයකට මුහුණදී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු විසින් දිවයිනේ ප්‍රධාන පෙළේ ආගමික නායකයන් ගණනාවකට නවීනතම සුඛෝපභෝගී මෝටර් රථ පරිත්‍යාග කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

මෙසේ පරිත්‍යාග කරන ලද වාහන සංඛ්‍යාව හයක් බව නිල නොවන ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. රජයේ තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු සමඟ මහනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවකට ගොස් ආගමික නායකයන් බැහැදැක අදාළ අමාත්‍යවරයා මෙම තෑග්ග පිරිනැමූ බව කියැවේ. තමතනතුර රැකගැනීමට මෙන්ම ආයෝජන ව්‍යාපෘතියකට ආගමික නායක සහය ලබාගැනීම කාර් තෑග්ගේ තවත් අරමුණක් බව තතුදත් ආරංචි මාර්ග කියයි.

රජයේ ඉතා ප්‍රබල ඇමැතිකමක් දරන මෙම දේශපාලනඥයා බස්නාහිර පළාත නියෝජනය කරන්නෙකි. තමන් දැනට දරන අමාත්‍ය ධුරය ඉදිරි කැබිනට් සංශෝධනයේදී යම්හෙයකින් වෙනස් කළහොත් කිසිදු ඇමැති ධුරයක් භාරනොගෙන පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියාකරන බව ඔහු ස්වකීය පක්ෂ නායකයන්ට දැනටමත් දැනුම් දී ඇතැයි අදාළ පක්ෂ ආරංචි මාර්ග කියයි.

අාසියානු මලල ක්‍රීඩා සිහින සුන් - සුසන්තිකාලාගේ යුගයක් කවදා එයිද?

athletic couple

ශ්‍රී ලංකාවේ මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පුහුණුවීමට ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුත් ක‍්‍රීඩාංගණයක් නැත. එවැනි වාතාවරණයක් තුළ ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ආසියානු පදක්කමක් දිනාගැනීම වඩාත් අගය කළ යුතුය. ශ්‍රී ලංකාවේ එකම කෘත‍්‍රිම ධාවන පථය වන කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ ධාවන පථය දේශපාලන සෝදාපාළුවට ලක්ව දැන් වසර කීපයක් ගත වී අවසන්ය.

සුගතදාස ක‍්‍රීඩාගංණයේ කෘත‍්‍රිම ධාවන පථය එළා වසරක් හෝ පාවිච්චි කිරීමට නොහැකිවූ සිද්ධියේදී ‘ලාභ බඩුවෙ හිලක් තිබේ’ යැයි ජනවහරයේ ඇති කියමන මතකයට නැගේ. එම ජාතික අපරාදයේ වගකීම බාර ගැනීමට අද කිසිවකු නැත.

වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත් වීමෙන් පසුගිය වසරේ සුගතදාස ක‍්‍රීඩාගංණයේ කෘත‍්‍රිම ධාවන පථය නැවත එලීම සඳහා ටෙන්ඩර් කැඳවූ අතර එහි සිදුවූ මගඩියක් හේතුවෙන් එය අවලංගු කිරීමට සිදුවිය.
ඒ සඳහා මේ වන විට නැවතත් ටෙන්ඩර් කැඳවා අවසන් කර ඇති අතර එහි ප‍්‍රගතිය පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍යංශය පැහැදිලි කිරීම අවශ්‍යය.

චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ගොන් ප‍්‍රී මලල ක‍්‍රීඩා තරගාවලියේ ජින්හුවාහිදී පසුගිය සඳුදා පැවැති පළමු අදියර තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රන්, රිදී සහ ලෝකඩ පදක්කම බැගින් පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් වූහ.

එහිදී ශ්‍රී ලංකාවට එකම රන් පදක්කම ගෙන ඒමට ඉඳුනිල් හේරත් සමත් විය. ඉඳුනිල් මීටර 800 පිරිමි ඉසව්ව විනාඩි 1:50.69 කින් අවසන් කළේය. ඉඳුනිල් එම ජයග‍්‍රහණයෙන් පසුව පුහුණුවීම් සඳහා ක‍්‍රීඩාංගණයක් නොමැතිවීම සම්බන්ධයෙන් කතාකර තිබුණි. චීනයේ අති නවීන ධාවන පථවල ධාවනයේ යෙදෙන විට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාවේ අඩුව දැනීම සාමාන්‍ය තත්ත්වයකි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ රන් පදක්කම් බලාපොරොත්තුවක් වූ හිමාෂ ඒෂාන් මීටර 100 පිරිමි ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත්තේය. එහිදී හිමාෂ තත්පර 10.43ක කාලයක් වාර්තා කළේය. ඔහු ජැමෙයිකාවේ පුහුණුවෙන් පසුව සහභාගි වූ පළමු තරගය මෙය වන අතර බ‍්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි අදියරේදී රන් පදක්කම දිනා ගැනීමට බලාපොරොත්තු වන බව හිමාෂ පවසා තිබුණි.

මෙහිදී හිමාෂ චීන ක‍්‍රීඩකයකුට දෙවැනි වූ අතර රන් පදක්කම දිනාගත් චීන ක‍්‍රීඩකයා තත්පර 10.37කින් තරගය අවසන් කළේය.

ගයන්තිකා අබේරත්න මීටර 800 කාන්තා ඉසව්ව විනාඩි 2:03.78කින් අවසන් කරමින් තෙවැනි ස්ථානයට පත්ව ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.

අනූව දශකයේදී සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශ, සුගත් තිලකරත්න සහ රොහාන් ප‍්‍රදීප් කුමාර යන ක‍්‍රීඩකයෝ කෙටි දුර ධාවන ඉසව්වලින් ආසියානු ධාවන පථය දෙවනත් කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව තුළ දස්කම් ඇති මළල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අඩුවක් නම් නොමැත. එය කළමනාකරණය කිරීමට බලධාරීන් නොමැති වීම අවාසනාවන්ත තත්ත්වකි.

මළල ක‍්‍රීඩා නිලවරණයේදී තනතුරුවට පත්වීමට දක්වන උනන්දුව නිලධාරීන් ක‍්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් දස්වන්නේ නම් ශ්‍රී ලංකාවට නැවතත් සුසන්තිකාලගේ කාලයක් උදාකළ හැකිය.

සටහන: යොහාන් භාසුර (deshaya)

“අනේ මට අවුරුදු උත්සවේට යන්න දෙන්න” – SF ලොක්කා හඬයි – වැළපෙයි – වැද වැටෙයි!

SF Lokka-Iron Ranasinghe-02

ලෝක පූජිත කරාතේ උපදේශකවරයකු ගිනස් ලෝක වාර්තාලාභියකු හා රාත්‍රි සමාජ ශාලා හිමිකරුවකු වූ වසන්ත සොයිසා අමානුෂික අන්දමින් ඝාතනයට ලක්වන්නේ හරියටම වසර එකහමාරකට පමණ ඉහතදීයි.

දක්ෂ සටන් ශූරයකු වූ ඔහුගේ ඝාතනයත් සමඟ සමාජයේ කරළියට එන්නේ අනුරාධපුර කාර්මික පෙදෙසේ පදිංචිව සිටින එස්.එෆ්. ලොක්කා නමින් හඳුන්වන ඉරෝන් රණසිංහ නමැති යුද හමුදා සේවයෙන් පැන ආ සෙබළායි.

මාස ‍ගණනාවක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිටි එස්.එෆ් ලොක්කා මීට මාස හතරකට පමණ ඉහතදී අනුරාධපුර මහාධිකරණයෙන් ඇප ලබා එළියට පැමිණ මේ වනවිට යළිත් බන්ධනාගාර ගත කර ඇත්තේ ජීප් රථය පැහැර ගැනීම නිසායි.

පසුගිය දා ඔහුව අත්අඩංගුවට ගන්නා විට අහිංසකයන් බිය ගන්වමින් සිංහ නාද කරමින් සිටි එස්.එෆ්. ලොක්කා බළලුන්ට අසුවූ කොස් ඇට මීයකු මෙන් බියවී වෙවුළමින් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට දෙනෝ දහසක් බලා සිටිද්දී දණගසා වැඳ වැටුණු බවයි වාර්තා වන්නේ.

ඔහුගේ ජවනිකා සියල්ල ඉවර කරන්නට පොලිසිය කටයුතු කරතියි ඔහු සිතූ නිසා බයෙන් ත්‍රස්ත වී වෙව්ලා ඔහු හඬා ඇති බවද පැවසෙනවා.

“සර් මගේ අවුරුදු උත්සවයක් තියෙනවා 29 වැනිදා ඒක ඉවර කරලා මම පොලිසියට භාර වෙන්න හිටියේ.” යනුවෙන් එස්.එෆ්. ලොක්කා පොලිසියට සඳහන් කර තිබෙනවා.

පෙරේදා (27) සවස එස්.එෆ්. ලොක්කා අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හර්ෂණ ධනුෂ්ක රත්නායක හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව නැවැත වරක් එස්.එෆ්. ලොක්කාව අනුරාධපුර මහ උළුගෙදර යවන්නට විනිසුරුවරයා නියෝග කර සිටියා.

බූඩී ගේ ‘නිම්නයක හුදකලාව’ ළගදීම (VIDEO)

alone-in-a-valley

මිල්ලෙ සොයා ඔබ වෙත ගෙනා බූඩී කීර්තිසේනගෙ නවතම සිනමා නිර්මානය ‘නිම්නයක හුදකලාව’ ළගදීම තිරගත වීමට නියමිතය.

මෙහි සෞම්‍ය, සංගීතා, රවීන්ද්‍ර, සමනලී, ලක්ෂ්මන්, සචිනි, පාලිත, ජයලාල් සමඟ තිස්ස අබේසේකර මෙහි රංනයෙන් දායකවෙයි.

මැයි 19 සිට රිගල් සිනමා ලිඩො, ලිබර්ටි ලයිට්, රිගල් ගම්පහ, ප්ලාසා කලුතර, සිටි සිනමා ගල්කිස්ස, අතුලු සිනමාහල් 12ක තිරගත වේ.



(mirrorarts)

29 April, 2017

ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනියක් ජිවිතක්ෂයට

vikram chatterjee - sonika chauhan

ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ මෝස්‌තර නිරුපිකාවක් වන සෝනිකා සිං ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද උදෑසන කොල්කටා නුවරදී සිදුවූ මෝටර් රථ අනතුකින් ඇය ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ ඉන්දීය රංගන ශිල්පියෙක් වන වික්‍රම් චාටර්ජී ද මෝටර් රථයේ සිට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අනතුර සිදුවූ ස්ථානයේදීම සෝනිකා මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ වික්‍රම් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

අධික වේගය නිසා මෙම අනතුර සිදුව ඇති අතර සෝනිකා සිං මිය යනවිට 28 වන වියේ පසුවූ බව සදහන්.

ඇයගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. (mirrorarts)

පස්ස එළියේ දාන් ඉන්න Instagram රැල්ල Cheeky Exploits (18+ Photos)

කාලෙන් කාලෙට සමාජ ජාල හරහා එක එක ‍රැළි මතුවෙනවා. මේවා අතර හරි අපූරු ඒවත් දකින්න තියනවා.

Instagram හරහා මේ දවස්වල හුවමාරුවෙන අපූරු ඡායාරූප පෙළක් නිස දැන් නව ‍රැල්ලක් ඇතිවෙලා. ඒ තම පසුපස ප්‍රදේශයේ නිරුවත් ඡායාරූප ඉතා සුන්දර ස්ථානයක සිට කැමරාගත කර Instagram වෙත මුදාහැරීමයි.

ලොව වටා සිටින තම සාමාජිකයින්ගෙන් මෙසේ ලබා ගත් ඡායාරූප Cheeky Exploits නම් තම ගිණුමෙහි පළ කිරීමෙන් අනතුරුව තමයි මේ ‍රැල්ල බිහිවුණේ.

එම ඡායාරුප කිහිපයක් පහතින්.








කවින්ද්‍යා සිනමාවට

Kavindya Adikarai-2017.04.30

  • ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙකුගේ ඉල්ලීම අහක දාන්න බැහැ 
  • දිගටම සිනමාවේ ඉන්න එකක්‌ නැහැ

අතුල - සමිතාගේ දුව කවින්ද්‍යා අධිකාරී අපි දන්න විදිහට ගායනයෙන් තමයි ඉදිරියට එන්නේ. ඇය දැනටමත් ගීත කිහිපයක්‌ නිර්මාණය කරලා තියෙනවා. හැබැයි අපි මේ දැන් කියන්න යන්නේ කවින්ද්‍යාගේ අලුත්ම ගීතය ගැන නෙමෙයි. ඇගේ සිනමා ආගමනය පිළිබඳවයි.

කවින්ද්‍යා සිනමාවට එනවා කියලා තමයි ආරංචිය ?

ඔව්. ඒ ආරංචිය ඇත්ත.

මොකද ඒ ගැන හිතෙන්නේ ?

ඒ ගැන නම් ලොකු සතුටක්‌ තියෙන්නේ.

ඔබ මීට කලින් සිනමාවට එන්නේ නැහැ කියලා නේද කිව්වේ ?

ඔව්. එහෙම කිව්වා තමයි.

එහෙනම් ඇයි දැන් සිනමාවට එන්න අදහස්‌ කළේ ?

ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ සිනමාවට එන්න ලැබුණ හින්දා තමයි ඒ අදහසට අන්තිමේ කැමැතිවුණේ.

කවින්ද්‍යාට ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ සිනමාවට එන්න ලැබෙන්නේ. මේක ගොඩක්‌ දෙනෙක්‌ට ලැබෙන්නේ නැති අවස්‌ථාවක්‌?

අනිවාර්යයෙන්ම කියන්න ඕනෑ ඒක මම ලැබූ ලොකු භාග්‍යයක්‌. මොකද ජයන්ත චන්ද්‍රසිරි වැනි විශිෂ්ට අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ වැඩකරන්න ලැබීම ගැන හදවතින්ම සතුටුවෙනවා. මොකද මම මේ ක්‍ෂේත්‍රයේ හිටපු නැති කෙනෙක්‌. හැබැයි අම්මා සිනමාවට සම්බන්ධවෙලා හිටියා. ඒ වගේම මගේ ප්‍රේක්‍ෂකයන් වගේම අම්මාගේ ප්‍රේක්‍ෂකයන් සිනමාවෙනුත් මාව වැළඳගනීවි කියලා විශ්වාසයක්‌ මට තියෙනවා.

ජයන්ත චන්ද්‍රසිරි මේ ආරාධනාව කරපු ගමන් ඔබ එක පයින් කැමැතිවුණාද?

මුලින්ම අම්මාට තමයි මේ ගැන කිව්වේ.

අම්මා මොකද කිව්වේ ?

අම්මා තමයි එකවරම කැමැති වුණේ. මොකද එවැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ මගේ පළමු සිනමා රංගනය සිදුකරන්න ලැබීම ගැන අම්මා ඇත්තටම සතුටුවුණා. අම්මා කැමැතිවුණ නිසා තමයි මමත් කැමැතිවුණා.

ඔබ මෙහි ප්‍රධාන භූමිකාව තමයි සිදුකරන්නේ ?

පොඩි බයක්‌ තියෙනවා. නැතිව නෙමෙයි. මොකද එක්‌වරම මේ වගේ විශිෂ්ට අධ්‍යක්‍ෂවරයකුගේ නිර්මාණයක ප්‍රධාන චරිතය ලැබෙනවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක්‌ නෙමෙයි. නමුත් එවැනි අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ ඉතා සැහැල්ලුවෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වේවි කියලා මගේ ලොකු විශ්වාසයක්‌ තියෙනවා.

අධ්‍යක්‍ෂවරයාට සාධාරණයක්‌ ඉටුකරන්න පුළුවන්වේවි කියලා හිතනවාද?

මට පුළුවන්වේවි කියලා හිතනවා.

කවින්ද්‍යාත් ඉදිරියේදී වෘත්තීය නිළියක්‌ වේවිද?

එහෙම අදහසක්‌ නැහැ. මම මුලිනුත් කිව්වානේ රගපෑමට එන්නේ නැහැ කියලා. මේ වගේ ආරාධනාවක්‌ ඉවත දාන්න බැහැ. මොකද මට ලොකු ගෞරවයක්‌ ඒ වගේ අධ්‍යක්‍ෂවරයෙක්‌ සමග වැඩකරන්න ලැබීම. ඒ වුණාට සිනමා ක්‍ෂේත්‍රයට ඒවි කියලා කියන්න අමාරුයි. හැබැයි ගායනයෙන් ඉදිරියට යාවි.

ළඟදීම අලුත් ගීතයක්‌ කරන්න සූදානමින් ඉන්නවා කියන්නේ ඇත්තද?

ඔව්. ඒකත් ළඟදීම මියුසික්‌ වීඩියෝවක්‌ සමග දැකගන්න ලැබේවි.

ගායිකාවක්‌ විදිහට ක්‍ෂේත්‍රයේ

රැඳෙන්න අවස්‌ථාව තිබිලත් නිළියක්‌ වෙන්න අවස්‌ථාව උදාවුණා. මොකද ඒ ගැන හිතන්නේ ?

මම හිතන්නේ අම්මත් පුංචි කාලේම තමයි මේ ක්‍ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වුණේ. ඉතිං අම්මිත් ගීත ගායනා කරමින් පාසල් යමින් තමයි ක්‍ෂේත්‍රයට පිවිසුණේ. ඉතිං මට හිතෙනවා අම්මාගේ තාත්තාගේ රඟපෑමේ හැකියාවන් මට පොඩ්ඩක්‌ හරි ඇති කියලා.

පසුගිය කාලයේ කිව්වා අම්මත් එක්‌ක ගීතයක්‌ කරනවා කියලා. ඒ අදහසට මොකද වුණේ ?

දැන් මම ඒ ගැන කතා කරලා කතා කරලා දිග්ගැස්‌සෙනවා. ඒ හින්දා ඒ ගැන කතා නොකරම ගීතය කරලා එළිදක්‌වන්න තමයි හිතාගෙන ඉන්නේ.

නිවේදන කටයුතුවලින් ඈත්වෙනවාද?

අපොයි නැහැ. මුලින්ම මම නිවේදිකාවක්‌ විදිහට සිරස ටීවී නාලිකාවේ වැඩසටහනකට සම්බන්ධ වුණා. දෙවැනියට මට ආරාධනාව ලැබුණේ ස්‌වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ. නිවේදනයෙන් තව ඉදිරියට යන්න තමයි මගේ කල්පනවා.

දැන් අධ්‍යාපන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඈත්වෙලාද?

අධ්‍යාපන කටයුතු අවසන් කරලා සංගීත උපාධිය හදාරමින් ඉන්නේ. ඒ වැඩකටයුතු තමයි මේ දිනවල සිදුකරන්නේ.

සංගීතය ක්‍ෂේත්‍රයට සම්බන්ධවීම හොඳද? නරකද?

නරකක්‌ කියලා හිතෙන්නේ නැහැ. මොකද අම්මයි තාත්තායි වෘත්තීය ගායන ශිල්පීන්. එහෙම හිතෙන්නේ නැහැ.

අම්මා වගේ ලොකු ගමනක්‌ දුවට යන්න හැකිවේවිද?

දැනටමත් අම්මාගේ සහ තාත්තාගේ රසික රසිකාවියන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අම්මාගේ තරමට යන්න බැරිවුණත් ඒ ළඟට යන්න තමයි මගේ උත්සාහය.

අම්මාත් එක්‌ක එකතුවෙලා ප්‍රසංගයක්‌ කළොත් නරකද?

ඒ වගේ අදහසක්‌ මගේ හිතේ තියෙනවා. ඒ ගැන දැන්ම කතා කරන්න බැහැ. ප්‍රසංගයක්‌ කරන්න හොඳ සූදානමක්‌ තියෙන්න එපායෑ. ඒ දේවල් ගැන ඉදිරියේදී කතා කරමු.

කවින්ද්‍යා අතුල සමිතාගේ දුව වීම ගැන ?

විශිෂ්ට ගායන ශිල්පියෙක්‌ සහ ශිල්පිණියකගේ දුව වීම මට ලොකු ගෞරවයක්‌. මම විශ්වාස කරනවා ඒ දෙන්නාගේ රසිකයන් මට ඒ විදිහටම ආදරය කරාවි කියලා.

කවින්ද්‍යා මේ දිනවල ආදරය විඳීනවා කියන්නේ ඇත්තද?

අපි ඒ ගැන පසුවට කතා කරමුනේ.

දිනේෂ් විතාන (divaina)

මට අධ්‍යක්ෂවරු අයුතු යෝජනා කරලා තියනවා - මට ලිප් කිස් කරන දර්ශන ලැබිලා තියනවා - මැණික්

manik wijewardana
  • ‘‘කවදාවත් නිරුවත් වෙන්න මට කතා කරලා නැ..“
  • ‘‘තවම පෙම්වතියක් නම් නෙමෙයි..“
  • ‘‘අම්මා මට ළගදි විටමින් එකක් අරන් දුන්නා..?“

මැණික් විජේවර්ධන කියන්නේ සිනමාවෙන් රංගනයට අවතීර්ණ වුණ රංගන ශිල්පිණියක් බව බොහෝ දෙනා දන්නවා. ඇය ඇතැම් අවස්ථාවල සමාජ ජාල වෙබ් අඩවි පවා කැලබුව චරිතයක්. මේ දවස්වල ඇය දකින්න නැති නිසා ඇය ගැන විස්තර සදහන් කරන්න හිරු ගොසිප් අපි කල්පනා කළා. මේ ඇගේ අදහස් හිරුගොසිප් වෙත කතා කළ අයුරුයි.

මැණික්ව රංගනයට හදුන්වලා දුන්නේ සිනමාව. නමුත් ඔබව දැන් සිනමා තිරයෙන් පවා දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ඇයි..?
පහුගිය කාලේ මම චිත්‍රපටි දෙකකට සම්බන්ධ වුණා. රූගත කරලා අවසන් දැන් ඒවා. ළගදි දවසක විකාශය වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම කොහොමත් නිතරම දකින්න ඉන්න කෙනෙක් නෙමෙයි. ඉදහිටලා හොද නිර්මාණයකට සම්බන්ධ වෙනවා. ඒකයි නිතරම දකින්න නැත්තේ.


එහෙම නැතුව ප්‍රතික්ෂේප වෙලා නෙමෙයිද ..?
අප්පෝ මාව එහෙම ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ටෙලි නාට්‍ය වලට තමයි මට ගොඩක්ම ආරාධනා ලැබෙන්නේ. ඒත් මම කැමති නැහැ ඒවාට සම්බන්ධ වෙන්න. මම සිනමාවෙන් ආව නිසා සිනමාවෙන් විතරයි දකින්න ලැබෙන්නේ.

ඒ ලැබෙන ආරාධනා අතර වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ මොන වගේ චරිත වලටද...?
බටහිර පන්නයට ජිවත් වෙන චරිත තමයි මට වැඩිපුරම ලැබෙන්නේ. ඒකට හේතුව මගේ භාහිර පෙනුම වෙන්න ඇති.

ඔය ආරාධනා අතරේ නිරුවත් වෙන්න වගේම අසබ්‍ය දර්ශන තිබෙන චරිතවලට ආරාධනා ලැබෙනවත් ඇති නේද ...?
අපිට චරිත ලැබෙද්දී ඒ චරිතය පිටපතේ ලියැවිලා තියනවා. සමහර දර්ශන අධ්‍යක්ෂවරයාගේ කැමැත්ත මත ඉවත් කරලා රගපාන්න පුළුවන්. මට ලිප්කිස් කරන දර්ශන ලැබිලා තියනවා. නමුත් මම ඒවා කරේ නැහැ. අධ්‍යක්ෂ එක්ක කතා කරලා ඒවා ඉවත් කරලා රගපෑවා. ඔය රැල්ලට කැමති අය ඇති. නමුත් කවදාවත් නිරුවත් වෙන්න මට කතා කරලා නැහැ. ලැබුණත් යන්නෙත් නැහැ.

ඔබට අධ්‍යක්ෂවරුගෙන් අයුතු යෝජනා වැඩිපුර ලැබෙනවා කියන්නේ ඇත්තද ...?
මට අධ්‍යක්ෂවරු අයුතු යෝජනා කරලා තියනවා. සමහර විට මම නිතරම ඕපන් කතා කරන නිසා මමත් ඒවාට කැමති වෙයි කියලා හිතනවා ඇති. නමුත් මම ඒ වෙලාවට කියන්න ඕන දේ කියලා ඒ පුද්ගලයන්ගෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ නිර්මානවලටවත් මට කතා කරන්නේ නැහැ. ආයේ කතා කරන්නේ නැති වෙන්න තමයි මම උත්තර දෙන්නෙත්.මට ජනප්‍රියත්වය තියා ගන්න ඕන කියලා හිතන්නේ නැහැ. මම අහම්බෙන් රංගනයට ආ කෙනෙක්. එහෙමයි කියලා ඔය දේවල් කරන්න ඕන නැහැ.

ඔබගේ අසබ්‍ය වීඩියෝ පටයක් අන්තර්ජාලය පුරා ගියා. ඒ දේ කරේ හිතාමතා කතා බහට ලක් වෙන්නද..?
ඒ සිද්ධියේ සත්‍යතාවයක් නැහැ. මගේ වරදක් නැතිව සිදුවුණ සිදු වීමක් නිසා ඊට අදාල අයට එරෙහිව මම අධිකරණයේ නඩුවක් පවරලා තියනවා. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. නඩුව විභාග වෙලා අවසන් වෙනකල්.

තවම තනිකඩද ...?
ඔව්. තවම පෙම්වතියක් නම් නෙමෙයි. නමුත් ලබන අවුරුද්දෙවත් විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා. මම මනමාලයෝ හොයන එක නතර කරා. ගැලපෙන කෙනෙක්ව අම්මා හොයනවා මේ දවස්වල. ගොඩක් හොද කෙනෙක් අවංක ආදරයක් තියන කෙනෙක්ව තමයි මට ඕන. ඒ හැමදෙයක් වගේම අවබෝධය තියෙන්නත් ඕන. නැත්තම් පවුල් කන්න අමාරුයි.

කීදෙනෙකුට ආදරේ කරලා තියනවද ..?
මම තුන්දෙනෙකුට ආදරේ කරලා තියනවා. තුන්දෙනෙකුගේ පෙම්වතිය වුණා.

නළුවෝ ආදරේ ඉල්ලගෙන ඇවිත් නැද්ද ..?
නැහැ. කවදාවත්ම.

රූපය ලස්සනට තියාගන්න කීයක් වියදම් කරනවද ..?
ඇත්ත කිව්වොත් කවුරුවත්ම පිළිගන්න එකක් නැහැ. මම අඩුතරමින් පේෂල් එකක්වත් දන්නේ නැහැ.ක්‍රීම් වර්ග ආලේප කරන්නෙත් නැහැ. නමුත් මම හොදට වතුර බොනවා. මගේ සම ටිකක් වෙනස් වෙන්න පටන් ගත්ත නිසා අම්මා මට ළගදි විටමින් එකක් අරන් දුන්නා. එච්චරයි මම පාවිච්චි කරන්නේ.

ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
මම නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණත් ප්‍රතිචාරවල නම් කිසිම අඩුවක් නැහැ. මට නිවුන් සහෝදරියක් ඉන්නවා. මම වගේමයි. සමහර අය මම කියලා රැවටිලා එයත් එක්ක කතා කරනවලු. එයා ඉතින් බේරෙන්නේ ඒ මම නෙමෙයි මගේ අක්කා කියලයි. මම නිසා එයත් අපහසුතාවයට පත් වෙනවා.

මම ආරාධනා කරනවා මගේ නිරුවත සමඟ හොඳ ගනුදෙනුවකට - අනෝමා


දැන් ගෙවන ජීවිතය ගැන හිතට එකඟව සතුටුද?

මේ වෙනකොට මගේ වෘත්තීය ජීවිතයත් අරගලයක්. මට චරිතයක් ලැබුණම ඒ චරිතයේ සමාජ දේශපාලන අන්තර්ගතය වටහාගෙන මෙය රඟපෑම පළවෙනි අරගලයයි.

ඒ කියන්නේ ඔබේ ජීවිතයේ තියෙන්නේ ඉවරයක් නැති අරගල විතරයි?

ඔව්. ලංකාවේ ටෙලි හා සිනමා කර්මාන්තයේ මගේ රංගනයට අදාළව වෘත්තීය හිමිකම ලබාගැනීමත් මගේ ජීවිතේ අරගලයක්. මම මුලින් කිව්ව පළවෙනි අරගලයට අවශ්‍ය මම වගාකරගත්තු දැනුම, ගුරුහරුකම්, පර්යේෂණ කරන අරගලය තවමත් මට මූණදෙන්න පුළුවන් අරගලයක්. ඒත් වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම කියන අරගලය බහුපාර්ශ්විකයි. එයට මාධ්‍යයේත් සදාචාරයේත් උදවු ඕන වෙනවා.

තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයත් ඔබට අරගලයක් වුණාද?

තනි තටුවට ගෙවන්න තිබුණ වෘත්තීය ප්‍රශ්නේදි මේ රටේ නළු නිළි සංගම්වත් ජනමාධ්‍යවත් මට උදවු කළේ නෑ. ඒ මම ගැහැනියක් හින්දා. ඒත් මම සටන තනියම ගෙනියනවා.

මේ දවස්වල වැඩිය පේන්නෙ නැත්තෙ කලකිරිලද?

ගාමිණී ෆොන්සේකා මුණගැහුණ වෙලාවක ඔහු මට කිව්වා කවමදාකවත් නළු නිළි කියන ජාතිය වැඩිය පේන්න හැමතැනම ගැවසෙන්න ඕනෙ නැහැ කියලා. ඔහු ඇහුවේ තමුසේ දන්නවද ෆිල්ම් ස්ටාර්ස්ලා ලංකාවේ බිහිවුණේ ක්‍රිකට් ස්ටාර්ස්ලාට කලින් විත්තිය කියලා. හැබැයි ෆිල්ම් ස්ටාර්ස්ලා ක්‍රිකට් ස්ටාර්ස්ලාට දෙවැනි වුණේ කුසලතාවෙන් වගේම හැමතැනම හැමවෙලාවෙම පේන්න ගිහින් නෝණ්ඩි වුණ නිසා කියලා. නිතරම නොපෙනී ඉන්නේ ඒ නිසා මිසක් කලකිරීමෙන් නෙමේ.

අනෝමා වැඩියෙන්ම තෘප්තිමත් වෙන්නේ මොනවායින්ද?

මම වැඩියෙන්ම තෘප්තිමත් වෙන්නේ රඟපෑමෙන්. නිළියක් හැටියට මම වැඩියෙන්ම තෘප්තිමත් වෙන්නේ පරස්පර චරිත රඟපෑමෙන්. ඒ චරිතවලට තියෙන අගය මුදලින් ලැබුණම පූර්ණ තෘප්තියක් වෙන ඕනෑම කෙනෙක්ට වගේ මටත් ලැබෙනවා. එහෙම නැතිවුණාම මගේ රඟපෑමේ ශ්‍රමය සූරාකෑමට ලක්වෙනවා.

ඔබ රඟපෑ චරිතවලට ඔබට තෘප්තිමත් අගයක් ලැබුණද?

නෑ. මගේ ශ්‍රමය සූරාකෑමට ලක්වෙද්දී මම දුකට පත්වෙද්දී එය සූරාකෑ අධ්‍යක්ෂකවරයා හා නිෂ්පාදකයා මේ ධනපති ක්‍රමය ඇතුලේ පොහොසත්වෙලා තෘප්තියක් ලබනවා. ඉතින් මම වැඩියෙන්ම තෘප්තිය ලබන වෘත්තිය මගෙන් පරාරෝපණයවෙලා මම ඒකෙ ජීවිතයක් බවට පත්වෙනවා.

ඔබ රඟපෑ බොහෝ නිර්මාණ අධ්‍යක්ෂණය කළේ අශෝක හඳගම. ඒ කියන්නේ ඔබ සූරාකෑමට ලක්වුණේ අශෝක හඳගමගෙන් කියලද කියන්නේ?

අධ්‍යක්ෂක කියන අය කියනවා මගේ චිත්‍රපටයේ ඔයාට චරිතයක් තියෙනවා. ඒ හින්දා ඔයා මගේ චිත්‍රපටයේ ශ්‍රම වහලෙක්, ලිංගික වහලෙක් බවට පත්වෙන්න කියලා. මේකට හොඳම නිදර්ශනය තමයි අශෝක හඳගම. ඔහු හදපු වේදිකා, ටෙලි, සිනමා නිර්මාණවල ප්‍රස්තුතය වුණේ ධනපති පන්තියේ කූට ශ්‍රම, ලිංගික, වහල් භාවයයි. ඒ නිර්මාණ හරහා අද වෙනකොට ඔහු ඔප්පු කරලා තියෙනවා වෛයිවාහක නීතිමය ලියවිල්ලක් මගින් මාව ලිංගික වහලියක් බවට පත්කරගෙන මගේ රඟපෑම නැමැති කුසලතා පූර්ණ ක්‍රමය අනවරත ලෙස සූරාකනවා කියන එක.

ඉතින්... එහෙම සූරාකෑමකට ලක්වෙද්දී ඔබට රඟපෑමෙන් තෘප්තිමත් වෙන්න පුළුවන්ද?
බෑ. ඒක ඇත්ත. ඔහු සමාජයට අඟවනවා ඔහු සමාජවාදියෙක් කියලා. ඒත් අද වෙනකොට ඔහු නිර්මාණ හරහාම ඔප්පු කරලා තියෙනවා ඔහු ධනපති පන්තියේ එල්ලිලා ඉන්න කුරුමිණියෙක් බව. ඔබට තේරෙනවද ගැහැනුන්ගේ තෘප්තිය උරාබොමින් ලේ මාපිලුන් වගේ පිරිමි ගැවසෙන හැටි..?

ඇයි අනෝමා අඩනිරුවත මාකට් කරන්නේ?

මම කවමදාකවත් අඩනිරුවත මාකට් කළේ නෑ. මම මාකට් කළේ පූර්ණ නිරුවත. ඒත් මගේ වුවමනාවට නෙමෙයි, අශෝක හඳගමගේ වුවමනාවට. උගත් විචාරකයකු වූ ඔස්කා මෙන්ඩිස් ලියූ ශ්‍රී ලාංකික සිනමාවේ මෙතෙක් ප්‍රතිරූපණය වුණ පූර්ණ නිරුවත නමින් ලියූ විචාරය කියවිය යුතුයි.

ඔබ කාලෙන් කාලෙට අමුතු අමුතු ෆොටෝ අරගෙන සමාජ වෙබ්ජාලවලට මුදාහරිනවා. මොකක්ද මේකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නෙ? එහෙම පෙන්නන්න තරම් සුන්දර සිරුරක් ඔබට තියෙනවා කියලා ඔබ හිතනවද?

ඔබ අහලා තියෙනවද නළු කලාවේ රස නමය ගැන. එයින් ප්‍රමුඛතම රසයක් තමයි ශෘංගාර රසය. එය ලිංගිකත්වය පදනම් කරගත්තු රසයක්. ශෘංගාරය රසයක් කියලා නළු කලාවේ උගන්වද්දී එහි පදනම වන ලිංගිකත්වය ඉගෙන ගත නොයුතු වසන් කරගත යුතු කුණුහරුපයක් බව ඇතැමුන් උගන්වනවා. ඉතින් මේ ප්‍රතිවිරෝධය ඇතුළේ තනි තටුවේ මගේ පූර්ව නිරුවත සදාචාරවාදී කුහකයන්ට කුණුහරුපයක් වෙනවා. ඒ ප්‍රතිවිරෝධය ඇතුළේ තව ප්‍රතිවිරෝධයක් වුණා. ඒ තමයි ඒ දර්ශනය කියාපාන්න මේ චිත්‍රපටය නිර්මාණය කරපු හඳගම මම ඉදිරියේ කුහක සදාචාරවාදියෙක් වීමයි. එතකොට මගේ නිරුවත ඒ නිර්මාණය ඇතුළේ ලඝුවෙන්නේ ඇන්ටි හිරොයින් හෙවත් ප්‍රතිශෘංගාරාත්මක චරිතයකිනුයි. මිනිස්සු නිරුවත් හෝ අඩනිරුවත් හැම ගෑනු ඇඟක් දිහාම බලන්නේ ආසාවෙන්. ඒක තමා ඇත්ත.

ඔබ ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවද?

දැන් මම මතයක ඉන්නවා. මම රඟපාන්න ඕනේ හොඳ ලිංගික චිත්‍රපටයකයි. ගෘංගාර රසය හොඳින් ප්‍රේක්ෂකයා තුළ දනවන චරිතයක් ඇති චිත්‍රපටයකයි. බ්‍රජට් බාලෝ, සමන්ත ෆොක්ස් වැනි බටහිර සිනමාවේ කාමධේනුවන් ලෙස හඳුන්වපු නිළියන් රඟපෑ චිත්‍රපට වගේ. ලාංකික සිනමාවේ ස්ත්‍රී ප්‍රචණ්ඩත්වය සම්බන්ධ චිත්‍රපට හදවපු සිනමාවේදීන්ගේ මාකට්ස් සීක්‍රට් එක පුපුරවා හැරීමත් සැබෑ ස්ත්‍රීවාදී සිනමාවෙන් සිද්ධවිය යුත්තේ පුරුෂ මූලික සමාජය ලිංගික ප්‍රහස්ථයට පත්කිරීමත් කියන කාරණය උඩයි. ඉතින් මම ආරාධනා කරනවා හෙට දවසේ එවැනි සිනමාවේදියකුට මගේ නිරුවත සමඟ හොඳ ගනුදෙනුවකට.

ඒ පණිවිඩය කියාගන්න විදිහක් නැතුවද මෙච්චර කල් FB එකේ අර වගේ ෆොටෝ පාවිච්චි කළේ?

ඔව්.. ඒ පණිවිඩය කියන්න තමයි මම මගේ මුහුණපොතේ ශෘංගාරාත්මක ඡායාරූප පළකරන්නේ.

ඔබේ නිරුවත් ඡායාරූපයක් චිත්‍රයට නගන්නට සිත්තරුවෙක් කැමති වුණොත් ඔබ කැමති වෙනවද?

බර්ට් ගුණසේකර නම් ප්‍රවීණ ඡායාරූප ශිල්පියා මගේ ඡායාරූපයක් ඔහුගේ ඡායාරූප ප්‍රදර්ශනයට තිබ්බා. ඒකට මම හුඟාක් කැමතියි. ඒ වගේම චිත්‍ර ශිල්පීන් දහදෙනෙක් විතර දැනටමත් මගෙන් ඉල්ලීම් කරලා තියෙනවා මගේ නිරුවත් චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න කැමතියි කියලා. මට මගේ මිල ගණන්වලින් ඉහළම ගාණ ගෙවන්න පුළුවන් දක්ෂතම චිත්‍ර ශිල්පියාට මගේ කැමැත්ත දෙනවා.

මේ දවස්වල මොකද කරන්නේ?

පහුගිය දිනවල මම ටෙලිනාට්‍ය තුනක රඟපෑවා. 2015 අවුරුද්දේ මම චිත්‍රපටයකත් රඟපෑවා. ලොකුම ප්‍රශ්නය තමයි මේ වැඩකරපු නිෂ්පාදනවලින් මට හිමි මුදල ඉල්ලා ගැනීමයි. මේ දවස්වල ඒ අයගේ දුක් අඳෝනාවලට මම සවන් දෙනවා. ඒ අතරේ අලුත් චිත්‍රපටයක තිර පිටපතකුත් කියවනවා.

ජීවිතේ බලාපොරොත්තුව මොකක්ද?

මගේ එකම බලාපොරොත්තුව මගේ ආදරණීය පුතයි. එයාව හොඳින් හදාවඩා ගැනීමයි මගේ එකම බලාපොරොත්තුව. එයාට දැන් වයස අවුරුදු එකොළහයි. හැබැයි එයා ඉඳලා හිටලා මට ටිකක් කරදර කරනවා. ඒකට හේතුව කම්පියුටරයට වැටුණම එයාව පාඩම් වැඩවලට ගන්න ටිකක් අමාරුයි. ඒ වෙලාවටනම් අපි දෙන්නා සෑහෙන්න රණ්ඩුවක් කරනවා. ඒත් එයා හරි හොඳයි. මගේ එකම බලාපොරොත්තුව එයයි.

ජීවිතේ මුණගැහුණ සුන්දරම පිරිමියා කවුද?

මගේ ජීවිතේ මට මුණගැහුණ සුන්දරම පිරිමියා සුමිත් ජයලාල් අශෝක හඳගම.
















බහුබලී ලංකාවේ ප්‍රදර්ශනය අත්හිටුවයි - සිනමාහල් විරෝධයක

bahubali-2

ඊයේ සිට (28) ප්‍රදර්ශනය ආරම්භ කළ ‘බහුබලී 2’ ද කන්ක්ලූෂන් (Baahubali 2: The Conclusion) චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කිරීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

ඒ චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබන සිනමා ශාලා 18ක ශාලා හිමිකරුවන් විසින් ප්‍රදර්ශනය කිරීමට විරෝධය දැක්වීම නිසාය.

අදාල විරෝධයට හේතුවී ඇත්තේ එම සිනමා පටය ලංකාවට ගෙන්වූ නසුරුල්ල නැමැති ව්‍යාපාරිකයා විසින් එහි ලාභ ප්‍රතිශත සිනමා ශාලාවලට අඩු කිරීම හා හිරෝස් හා රූබි යන සිනමා ශාලාවලට අදාළ සිනමා පටය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසාය.

ලංකාවේ ප්‍රධානම දමිළ චිත්‍රපට ප්‍රදර්ශන සිනමා ශාලාවක් වන සිනේ සිටි ශාලාවද මේ විරෝධයට එක්වි ඇත.

මෙය ඉන්දියානු සිනමාහල් 6500කත්, ඇමරිකානු සිනමාහල් 1100 කත්, තවත් ලොව වටා සිනමාහල් 1400ක් ඇතුළුව සිනමාහල් 9000ක එකවර ප්‍රදර්ශණය කරමින් ඉන්දියානු සිනමා ඉතිහාසයේ වාර්ථා අතරට එක්කිරීමටද සූදනම් කර තිබුනි.

ලොව වටා ප්‍රදර්ශනයෙන් පලමු දින පමණක් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවා යනු ඇතැයි බොක්ස් ඔෆිස් විචාරකයන් මේ බාහුබලී පිළිබඳ මත පලකරතිබුණි.



(mirrorarts)

බ්‍රසීලයේ ගෝත්‍රික හටන්

Tribal fighting in Brazil-01

බ්‍රසිලයේ බ්‍රසීලියා අගනුවර පසුගිය අඟහරැවාදා ගෝත්‍රික සටන් බිමක සිරි ගත්තේය. ඇමේසන් මහවනය ආශ්‍රිතව දිවි ගෙවූ ගෝත්‍රිකයන්ගෙන් උදුරාගත් බිමේ බ්‍රසීලියා අගනුවර පිහිටා තිබේ. පසුගිය සතිය එරට ආදිවාසී සතිය ලෙස නම්කර තිබුණි. මේ ආදිවාසී සතිය ඔවුන් සැමැරුවේ විරෝධතා ව්‍යාපාරයක් මගිනි. දහස් ගණන් ගෝත්‍රික ආදිවාසීහු පාරට බැස උද්ඝෝෂණය කළේ තමන්ට අයත් භූමි ප්‍රදේශ යළි අත්පත් කරදෙන ලෙස බලධාරීන්ට බලකරමිනි.

මහා පරිමාන කෘෂිකර්මාන්ත කටයුතු වෙනුවෙන් තමන්ගෙ නිජභූමි යොදා ගැනීම සම්බන්ධයෙන් මේ විරෝධතාව පැවැත්විනි.

දුනු හී මානාගත්, ආදිවාසී ගෝත්‍රික ඇඳුමින් සැරැසුණු හාරදහසකට අධික පිරිසක් බ්‍රසීලියාහි පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රස් ගොඩනැගිල්ල වටලා එයට ඇතුළුවීමටද තැත්කළහ. කැරලි මර්දන පොලිසිය සුපුරැදු පරිදි බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට යෙදුණි. ගෝත්‍රිකයන් ලෙස සැරුසුණු පිරිස සිය දුනු හීතල භාවිතාවට ගෙන ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට යෙදුණි. ගෝත්‍රික කණ්ඩායම් 305කට පමණ අයත් පිරිස මේ විරෝධතාවට එක්ව සිටියහ. ඔවුන් සමග මිනී පෙට්ටි ගණනාවක්ද ගෙන එනු දක්නට ලැබිණි.

බ්‍රසීලය ලෝකයේ පාන් මල්ල කරන්නයි මේ අය හදන්නේ. ඒකට අපේ නිජභූමිය කොල්ලකන්න වහාම අරඹලා. අපේ අයිතීන් කොල්ලකාලා මදිවාට ජෛව විවිධත්වයටත් නීති පමුණුවලා. පාරට බැස සිටි පිරිස මෙහෙයවූ ක්‍රියාකාරිනියක වන ගුරානි ගෝත්‍රිකයන් නියෝජනය කරන මරිස් ඩි ඔලිවෙරියා සිය විරෝධතාව පිළිබඳව කරැණු දක්වා තිබුණි. තමන්ගේ නිජභූමි තමන්ට පැවැරෙන අන්දමින් සීමා මායිම් නැවත තීරණය කරන ලෙස ඔවුන් කරන මේ ඉල්ලීම පිළිබඳ අවසන් තීන්දුව ලබාදිම ජනාධිපතිවරයා සතුව ඇති බලතල යටතට ගැනෙන බව ඈ පෙන්වා දී තිබේ. 

Tribal fighting in Brazil-02

Tribal fighting in Brazil-03

(deshaya)

එක ශුක්‍රාණු බිංදුවක් හදන්න රුධිර බින්දු 500ක් ඕනෑද? - මෙන්න ඇත්ත

Sperm production

නාකි කියන්නේ නොහැකියි කියන එකනේ. සොබාවිකව වයස්ගත වීම නිසා ශරීරය අබල දුබල බවට පත්වීමයි මෙතැනදී සිදුවන්නේ. නමුත් එච්චර වයසකුත් නැතිව හම රැළි වැටිලා කෙස් සුදුවෙලා ඇඟ දිරාපත් වෙලා අබල දුබල වෙච්ච අයත් දකින්න පුළුවන්. මේ තත්ත්වය සාමාන්‍ය සමාජයේ හඳුන්වන්නේ අකලට මහළු වීම හැටියටයි. මේ නිසා අකලට මහළුවීම කියන මාතෘකාවත් දැන් ව්‍යාජ ලෙඩ රෝග පෙන්වා තෙල්බේත් සත්කාර කරන ජාවාරම්කාරයන්ගේ මඩි තර කරන සල්ලි ගරන මන්ත්‍රයක් හැටියට දක්වන්න පුළුවන්.

අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම නිසා ඇඟ කෙට්ටුවීමත් අකලට වයසට යාමත් ඒ නිසාම දරුඵල අහිමිවීමත් සිදුවෙනවාද? විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ කවදත් සුපුරුදු හිනාව දෙගුණ කරමින්.

අපි ඉස්කෝලේ යන කාලේ පන්තියේ ළමයි අතර කතාවක් පැතිරිලා තිබුණා. එක ශුක්‍ර බිංදුවක් හදන්න රුධිර බින්දු 500ක් ඕනෑය කියලා. ඉතින් මාර වැඩක්නේ අනෙක් හැමෝම වගේ මමත් බය වුණා. මොකද මෙහෙම ගියොත් ලේ කලඳක් ඇගේ ඉතිරිවෙන එක්ක නෑනේ කියලා. ඔය මිත්‍යාව බිඳුනේ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය චන්න විජේසිංහගේ මනෝවිද්‍යා දේශනයකට සවන් දුන්නාටත් පසුවයි. මේක තනිකරම මිත්‍යාවක්.

ඔන්න ඕක තමා ඇත්ත. සමාජය තුළ මේ වගේ භිතිකා පැතිරිලා . නමුත් මේවා කිසිම විද්‍යාත්මක පදනමක් නැති කතා. 

පළමුව ස්වයං වින්දනය කියන්නේ ලෙඩක් නෙවේ. නිරෝගි කෙනෙක් තමා එයට යොමු වෙන්නේ. ලෙඩ්ඩුන්ට මේ වැඩේ බෑ. ඒ වගේම ධාතු පිටවීම නිසා ඇගේ පෝෂණයට හානියක් වෙන්නේ නෑ. ඇඟ කෙට්ටු වෙලා හම රැලි වැටිලා වයසට යන්නේ නෑ. එහෙමනම් ඉතින් කෙළ ගහන්නත් බැහැනේ. ඔය කෙළ ගහන තරමට කට්ටිය ඉතිරි වෙන එකතුත් නෑ.

ඒ වගේම අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම කියලා දෙයකුත් නෑ. ඒක ශරීර සෞඛ්‍යට අහිතකර ලෙස බලපාන්නේ නෑ. ස්වයං වින්දනයේ යෙදෙන්නේ ශරීරය නිරෝගීව නිසි පරිදි පවතින අයයි. සිරුර ලෙඩ වුණාම මනස ලෙඩ වුණාම ලිංගික ආශාව නැතිවෙනවා. එක්වරක් ස්වයං වින්දනයට පසු ටික වෙලාවක් යනතුරු ඒ සඳහා පෙළඹවීමක් එන්නේ නෑ. නමුත් ඔහුගේ කය මනස නැවත ඒ සඳහා සූදානම් වුණාම නැවතත් ඒ සඳහා අවශ්‍යතාව උදාවෙනවා. 

ඒ වගේම ස්වයං වින්දනය නිසා ධාතු ශක්තිය හීන වෙනවා නැති වෙනවා කියන්නේ අමූලික බොරු කතාවක්. හොඳින් මතක තබාගන්න මේක කිසිම විදියකට රෝගී තත්ත්වයක් නෙවෙයි. එහෙම නොවෙනවා නම් තමා ලෙඩේ. මේ නිසා තමන්ගේ ශරීරය කෙට්ටු වෙයි අකලට මහළු වෙයි කියලා බොරුවට බයවෙලා හිතත් අවුල් කරගෙන සාමාන්‍ය ස්වභාවික ජීවිතේ අවුල් කරගන්න එපා. කොටින්ම වයසට යාම සමඟ මේ කියන ධාතුවල සම්බන්ධයක් නෑ.

ඊළඟට වැදගත් කාරණයක් තියෙනවා. ස්වයං වින්දනය අස්වාභාවික ලෙස ඇබ්බැහි වීමක් ලෙස භාවිතා කරන්නට පෙලඹෙන අය ඉන්නවා. තැනක් නොතැනක් බලලා මෙලෙස හැසිරෙනවා. මේ තත්ත්වය මානසික රෝගී තත්ත්වයක් විය හැකියි. භින්නොන්මාදය, OCD වශයෙන් හඳුන්වන රෝගවලදී මේ පෙළැඹීම දක්නට පුළුවන්. ඒ වුණත් ඒ ක්‍රියාවෙන් අදාළ පුද්ගලයාට හානියක් නෑ. ඔහුගේ මනසට අවශ්‍ය ප්‍රතිකාර ලබාදී ස්වභාවික පාලනය ඇති කිරීම තමා හොඳම දේ. (deshaya)

නුවර කුණු කන්දේ ටොනෙඩෝවක් - කුණු අහසට නගියි

Kandy dirt into the air

නුවර කුණු කන්දේ ටොනෙඩෝ වැනි තත්වය් ඇතිව තිබෙනවා.

එම අවස්තාවේ සිදුවූ සිදුවීම මෙලෙස කැමරාවක සටහන් වී තිබුණා.

දවසේ කාටූන් – 2017.04.29

දවසේ කාටූන් බලන්න පිවිසෙන්න අපගේ කාටූන් පිටුවට.

Watch to cartoons of the day, visit our Cartoons page.










දිමංක සහ සදුන් බරපතළ රිය අනතුරකට ලක්වෙයි! (Exclusive Photos)

Dimanka Sandun Accident

නවක ගායන ශිල්පීන් යුවලක් වන දිමංක වෙල්ලාලගේ සහ සදුන් පෙරේරා ඊයේ රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී බරපතළ රිය අනතුරකට මුහුණදී තිබේ.

අනතුරෙන් ගායන ශිල්පීන් දෙදෙනාට බරපතල හානි සිදුවී නැති අතර මෝටර් රථ දෙකට බරපතල හානි සිදුවී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී අදල ගායකයන් දෙදෙනාගෙම මොටර් රථ පදවා ඇත්තේ රියදුරන් විසින් බවද වාර්තා වේ.

එම අනතුරෙන් පසු ඔවුන් ගමන්ගත් මෝටර් රථ දෙකේ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

Dimanka Sandun Accident-2017-04-29-10-02-39