30 April, 2017

X - Files තවත් අලුත් කොටස්‌ දහයක්‌ ළඟදීම

david duchovny - gillian anderson

X - Files වෘත්තාන්තයේ තවත් කොටස්‌ දහයක්‌ නිර්මාණය කිරීම සඳහා ෆොක්‌ස්‌ සමාගම සූදානම් වනවා.මේ කථා මාලාව විකාශනය කරනු ඇත්තේ මේ වසර අවසානයේ හෝ 2018 වසර මුලදීයි.

Season II යටතේ මෙම කොටස්‌ දහය නිර්මාණය වනු ඇති.මෙම කථා මාලාව සඳහාද තමන් සහභාගි වන බව පිළිගත් ගිලියන් ඇන්ඩර්සන් හා ඩේවිඩ් ඩවුකෝනි තම සිය ටිව්ටර් ගිණුම් හරහා තහවුරු කර තිබෙනවා.

2016 දී X - Files දහවැනි කථා මාලාව විකාශනය වූ අතර ඒ සඳහා දැවැන්ත ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක්‌ ලැබුණා.X - Files කථා මාලාව විකාශය ආරම්භ වූයේ 1993 දීයි.මෙතෙක්‌ කථා මාලා දහයක්‌ යටතේ කොටස්‌ 208 විකාශය වී තිබෙනවා.

ෆොක්‌ස්‌ මොල්ඩර් හා ඩේනා ස්‌කලී නොමැතිව කිසි දිනක X-files ජනප්‍රිය කර නොහැකි නිසා ෆොක්‌ස්‌ සමාගම මෙහි චරිත වෙනස්‌ කිරීමට කිසිම උත්සාහයක්‌ නොකරන බවයි පැවසෙන්නේ. (nethgossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "X - Files තවත් අලුත් කොටස්‌ දහයක්‌ ළඟදීම"

    Post a Comment