30 April, 2017

උඹ ජෝ කසාද බඳින්න ඕන...

Girl Alone sad

මිටියාවත සිට ඉහළ අහසට නෙත් විහිදා බැලූ මගේ ඇස්වලට හමුවුණේ දිලිසෙන වලාකුළු. සියුම් රත්තරන් කුඩු ඇඟිලි තුඩු අගට ගෙන විසිරවූ කලෙක මෙන් ඒ වලාකුළු රන් පැහැයෙන් දිලිසෙමින් තිබුණා. මගේ හිතත් ඒ මොහොතේ වලාකුළක් තරමටම සැහැල්ලු වී තිබුණා. අපි හිටියේ සුළඟත් සමඟ හිනාවෙමින්.

අපි ජීවිතේ නිස්කාරණේ අත්හැරපු කාලය වැඩියි කියලා මට වෙලාවකට හිතෙනවා...
කාලය කියන්නේ හුළඟ වගේ දෙයක්
මට දුක අපි ඒක පරිස්සමින් පාවිච්චි නොකරපු එක ගැන 

ඇයි උඹ දුක හිතන්නෙ?
හිතන්නෙ නෙවෙයි හිතනවා
ජීවිතේ කියන්නෙ අපිට සැලසුම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි දුල්යානා.. වෙලාවකට එයා කියන දේත් අපිට අහන්න වෙනවා.
මම කැමතියි ජීවිතේ සිද්ධ වෙච්ච දේවල් ගැන ආයෙත් ආයෙත් හිතන්න 

උඹ ගොළු බෙල්ලෙක් වගේ හැම තිස්සෙම උඹ ඇතුළෙම හිරවෙන්න හදන්නෙ ඇයි?
මටත් තේරෙන්නෙ නැත්තෙ ඔය වගේම වෙන දෙයක් 

ඒ කිව්වේ?
උඹ කොහොමද හැමතිස්සෙම යන්ත්‍රයක් වගේ හැසිරෙන්නේ කතා කරන්නෙ?
උඹලා හැමෝටම පේන්නෙ එහෙම... ඒත් උඹලා කාටවත් මගේ හදවත පේන්නෙ නෑ
මට සමාවෙයන් 

උඹටවත් මාව තේරුම් ගන්න බැරි නම් අනිත් අය ගැන මම මොනවා කියන්නද?
කොච්චර ළඟින් හිටියත් අපි කාටවත් අපිව හරියට තේරුම් ගන්න බෑ ජානා. එහෙම තේරුම් ගන්න පුළුවන් වුණානම් අපි මෙහෙම ජීවිතේ ඇතුළෙ තනි වෙයිද?
ජානා...
හ්ම්... 

ඔයා මොනවද වාහනය නතර කළාම මට කියන්න දෙයක් තියෙනවා කීවේ?
ඔව්... 

ඔව් කිව්වේ?
දුල්යානා දැන් උඹට අතීතය අත්හැරලා දාන්න කාලය ඇවිත් 

උඹ මොකක් ගැනද කියන්නෙ?
උඹ දැන් ප්ලැට් එකේ ගෙවපු ජීවිතේ අමතක කරපන් 
ඒ ජීවිතේ මම අමතක කරලා හුඟක් කල් 
නෑ උඹ තාමත් ඒ ජීවිතය මත්තෙ හැප්පෙනවා 

මම උඹට කලිනුත් දවසක් කීවා මතක මැරෙන්නෙ නෑ කියලා
ඒක වෙනම දෙයක්... ඒත් අතීතය වෙනුවෙන් අනාගතය විකුණන එක වෙනම දෙයක්
මම දැන් ජීවත්වෙන්න හදන්නෙ අතීතයක් වෙනුවෙන්වත් අනාගතයක් වෙනුවෙන්වත් නෙවෙයි ජානා මට ඕනැ මේ මොහොත විතරයි 

ජීවිතේ මොහොතවල් වලින් ගණන් හදන්න එපා දුල්යානා. අපිට හිස්බව දරාගන්න බැරි මොහොතක් එනවා
උඹ මොකක්ද මේ කියන්න හදන්නෙ?
මම කියන කෙනා උඹ කසාද බඳින්න ඕන
උඹ මොකද මේ හිටපු ගමන් කසාදයක් ගැන කතා කරන්නෙ?
උඹ ජෝ කසාද බඳින්න ඕන...
ජෝ කීවෙ අර පියතුමා
ඔව්.... 

උඹ මොනවද මේ කියවන්නෙ?
මම කතා කරන්නෙ පිස්සුවෙන් නෙවෙයි දුල්යානා හොඳ සිහියෙන්
මොකක් මම අර පියතුමා බඳින්න ඒ මොකටද?
උඹ කොහොමත් කැමතියිනේ පල්ලියේ ජීවිතේට
ඔව්... ඒත් මම ෆාදර් කෙනෙක් කසාද බඳින්න කැමති නෑ
නෑ එක වෙන්නම ඕනෑ... ඊට පස්සෙ උඹ මේ රටින් යන්නත් ඕන
ඔයාට ඇත්තටම පිස්සුද ජානා මොනවද මේ කියවන්නෙ?
උඹ නිදහස් ජීවිතයක් හොයන ගෑනියක් නෙවෙයි
උඹ කොහොමද මගේ ගැන එහෙම කියන්නෙ... උඹ කොහොමද මගේ ජීවිතේ ගැන එහෙම බලහත්කාර තීරණ ගන්නෙ?
මේ අහපන් දුල්යානා... ඇය මගේ අත තදින් අල්ලගත්තා

Translation — Chandana waravitage ()

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "උඹ ජෝ කසාද බඳින්න ඕන..."

    Post a Comment