29 April, 2017

එක ශුක්‍රාණු බිංදුවක් හදන්න රුධිර බින්දු 500ක් ඕනෑද? - මෙන්න ඇත්ත

Sperm production

නාකි කියන්නේ නොහැකියි කියන එකනේ. සොබාවිකව වයස්ගත වීම නිසා ශරීරය අබල දුබල බවට පත්වීමයි මෙතැනදී සිදුවන්නේ. නමුත් එච්චර වයසකුත් නැතිව හම රැළි වැටිලා කෙස් සුදුවෙලා ඇඟ දිරාපත් වෙලා අබල දුබල වෙච්ච අයත් දකින්න පුළුවන්. මේ තත්ත්වය සාමාන්‍ය සමාජයේ හඳුන්වන්නේ අකලට මහළු වීම හැටියටයි. මේ නිසා අකලට මහළුවීම කියන මාතෘකාවත් දැන් ව්‍යාජ ලෙඩ රෝග පෙන්වා තෙල්බේත් සත්කාර කරන ජාවාරම්කාරයන්ගේ මඩි තර කරන සල්ලි ගරන මන්ත්‍රයක් හැටියට දක්වන්න පුළුවන්.

අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම නිසා ඇඟ කෙට්ටුවීමත් අකලට වයසට යාමත් ඒ නිසාම දරුඵල අහිමිවීමත් සිදුවෙනවාද? විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ කවදත් සුපුරුදු හිනාව දෙගුණ කරමින්.

අපි ඉස්කෝලේ යන කාලේ පන්තියේ ළමයි අතර කතාවක් පැතිරිලා තිබුණා. එක ශුක්‍ර බිංදුවක් හදන්න රුධිර බින්දු 500ක් ඕනෑය කියලා. ඉතින් මාර වැඩක්නේ අනෙක් හැමෝම වගේ මමත් බය වුණා. මොකද මෙහෙම ගියොත් ලේ කලඳක් ඇගේ ඉතිරිවෙන එක්ක නෑනේ කියලා. ඔය මිත්‍යාව බිඳුනේ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය චන්න විජේසිංහගේ මනෝවිද්‍යා දේශනයකට සවන් දුන්නාටත් පසුවයි. මේක තනිකරම මිත්‍යාවක්.

ඔන්න ඕක තමා ඇත්ත. සමාජය තුළ මේ වගේ භිතිකා පැතිරිලා . නමුත් මේවා කිසිම විද්‍යාත්මක පදනමක් නැති කතා. 

පළමුව ස්වයං වින්දනය කියන්නේ ලෙඩක් නෙවේ. නිරෝගි කෙනෙක් තමා එයට යොමු වෙන්නේ. ලෙඩ්ඩුන්ට මේ වැඩේ බෑ. ඒ වගේම ධාතු පිටවීම නිසා ඇගේ පෝෂණයට හානියක් වෙන්නේ නෑ. ඇඟ කෙට්ටු වෙලා හම රැලි වැටිලා වයසට යන්නේ නෑ. එහෙමනම් ඉතින් කෙළ ගහන්නත් බැහැනේ. ඔය කෙළ ගහන තරමට කට්ටිය ඉතිරි වෙන එකතුත් නෑ.

ඒ වගේම අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම කියලා දෙයකුත් නෑ. ඒක ශරීර සෞඛ්‍යට අහිතකර ලෙස බලපාන්නේ නෑ. ස්වයං වින්දනයේ යෙදෙන්නේ ශරීරය නිරෝගීව නිසි පරිදි පවතින අයයි. සිරුර ලෙඩ වුණාම මනස ලෙඩ වුණාම ලිංගික ආශාව නැතිවෙනවා. එක්වරක් ස්වයං වින්දනයට පසු ටික වෙලාවක් යනතුරු ඒ සඳහා පෙළඹවීමක් එන්නේ නෑ. නමුත් ඔහුගේ කය මනස නැවත ඒ සඳහා සූදානම් වුණාම නැවතත් ඒ සඳහා අවශ්‍යතාව උදාවෙනවා. 

ඒ වගේම ස්වයං වින්දනය නිසා ධාතු ශක්තිය හීන වෙනවා නැති වෙනවා කියන්නේ අමූලික බොරු කතාවක්. හොඳින් මතක තබාගන්න මේක කිසිම විදියකට රෝගී තත්ත්වයක් නෙවෙයි. එහෙම නොවෙනවා නම් තමා ලෙඩේ. මේ නිසා තමන්ගේ ශරීරය කෙට්ටු වෙයි අකලට මහළු වෙයි කියලා බොරුවට බයවෙලා හිතත් අවුල් කරගෙන සාමාන්‍ය ස්වභාවික ජීවිතේ අවුල් කරගන්න එපා. කොටින්ම වයසට යාම සමඟ මේ කියන ධාතුවල සම්බන්ධයක් නෑ.

ඊළඟට වැදගත් කාරණයක් තියෙනවා. ස්වයං වින්දනය අස්වාභාවික ලෙස ඇබ්බැහි වීමක් ලෙස භාවිතා කරන්නට පෙලඹෙන අය ඉන්නවා. තැනක් නොතැනක් බලලා මෙලෙස හැසිරෙනවා. මේ තත්ත්වය මානසික රෝගී තත්ත්වයක් විය හැකියි. භින්නොන්මාදය, OCD වශයෙන් හඳුන්වන රෝගවලදී මේ පෙළැඹීම දක්නට පුළුවන්. ඒ වුණත් ඒ ක්‍රියාවෙන් අදාළ පුද්ගලයාට හානියක් නෑ. ඔහුගේ මනසට අවශ්‍ය ප්‍රතිකාර ලබාදී ස්වභාවික පාලනය ඇති කිරීම තමා හොඳම දේ. (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එක ශුක්‍රාණු බිංදුවක් හදන්න රුධිර බින්දු 500ක් ඕනෑද? - මෙන්න ඇත්ත"

    Post a Comment