29 September, 2016

ඔබේ ආදරෙන් මා දැවේ ගීතයෙන් කාගේත් සිත් වසඟ කරගත් කසුන් මිතුරන් හඬවමින් ජීවිත ගමනට සමුදෙයි

දෑසට නැගෙන කදුලු කැට හදවතේ සගවා පතනෙමි නිවන් සුව..!!!

අත් දෙක අතහැරුණා අත්වැලට බර දැනුනා..

ජීවිත ගමනෙදි අපිට සිද්ධවෙන සමහර දේවල් හිතාගන්නවත් බෑ. සමහර හිතවත්කම් අපෙන් සදහටම වෙන්වෙලා යන්නේ මතකයක් වගේම කඳුලක් ඉතිරි කරමින්.

පාරකට බැස්සම එහෙමත් නැත්නම් වාහනයක් අතට ගත්තම විමසිලිමත්කම වගේම අවධානයත් තියෙන්නම ඕනේ.

එහෙම නැති වුණොත් වෙන්නේ ජීවිතවලින් වන්දිගෙවන්න.

ඒ විදිහට පේරාදෙණිය සරසවියේ සිසුවෙක් ජිවිතෙන් සමුඅරන් තිබුණේ හැමෝගෙම හදවත්වලට සංවේගයක් ඉතිරි කරමින්.

පේරාදෙණිය කැම්පස් එකේ ආදරය වෙනුවෙන් නිර්මාණය වුණු " ඔබේ ආදරෙන් මා දැවේ" කියන වීඩියෝවෙන් කා අතරත් නමක් දිනාගත්ත කෙනෙක් තමයි කසුන් ද සොයිසා.

රත්නපුර පැත්තේ පදිංචි වෙලා හිටපු කසුන් ශිෂ්‍ය ක්‍රියාකාරකම් නිසා නමක් දිනාගත්තු කෙනෙක්.

කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබන කසුන් පසුගිය දවසක ජීවිත ගමනට සමුදීලා තිබුණේ ලොරි රථයකට යටවෙලා.

නේවාසිකාාරයේ ඉඳන් යතුරුපැදියෙන් පේරාදෙණියට ගිය කසුන් අතරමගදි ලොරියක ගැටිලා ඒ ලොරියටම යටවෙලා තිබුණේ කසුන්ගේ යාළුවෝ හැමෝම හඬවමින්.

කසුන්ට තාම වයස අවුරුදු 23 යි.

හිතාගන්නවත් බැරිවිදිහට කසුන්ට සිද්ධ වෙච්ච දේ නිසා ඇතිවුණු වේදනාවත්, දුකත් කසුන්ගේ යාළුවෝ ෆේස්බුක් ගිණුමේ සටහන් කරලා තිබුණා.












-හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඔබේ ආදරෙන් මා දැවේ ගීතයෙන් කාගේත් සිත් වසඟ කරගත් කසුන් මිතුරන් හඬවමින් ජීවිත ගමනට සමුදෙයි"

    Post a Comment