30 September, 2016

ලංකාවේ හැදූ නිල් චිත්‍ර‍පටයක පිටපත් 6000ක් වෙළඳපොළේ..! නළුවා නිළිය සහ අධ්‍යක්ෂ මාට්ටු (PHOTOS)

අසභ්‍ය චිත‍්‍රපටයක් රූගත කරන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත වේයන්ගොඩ ප‍්‍රදේශයේ නිවසක් වැටලූ වේයන්ගොඩ පොලිසිය චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පියා, රංගන ශිල්පියා, ශිල්පිණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස නිෂ්පාදනය කළ තවත් චිත‍්‍රපටයක පිටපත් 6000 ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

මොවුන් නිපදවූ එක් චිත්‍ර‍පටයක පිටපතක් අන්තර්ජාලයට ද මුදාහැර ඇති අතර එය නැරඹූ පුද්ගලයෙකු රූගත කළ ස්ථානය අනුමාන කර ඒ බව වේයන්ගොඩ පොලිසියට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.







-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලංකාවේ හැදූ නිල් චිත්‍ර‍පටයක පිටපත් 6000ක් වෙළඳපොළේ..! නළුවා නිළිය සහ අධ්‍යක්ෂ මාට්ටු (PHOTOS)"

    Post a Comment