29 April, 2017

බ්‍රසීලයේ ගෝත්‍රික හටන්

Tribal fighting in Brazil-01

බ්‍රසිලයේ බ්‍රසීලියා අගනුවර පසුගිය අඟහරැවාදා ගෝත්‍රික සටන් බිමක සිරි ගත්තේය. ඇමේසන් මහවනය ආශ්‍රිතව දිවි ගෙවූ ගෝත්‍රිකයන්ගෙන් උදුරාගත් බිමේ බ්‍රසීලියා අගනුවර පිහිටා තිබේ. පසුගිය සතිය එරට ආදිවාසී සතිය ලෙස නම්කර තිබුණි. මේ ආදිවාසී සතිය ඔවුන් සැමැරුවේ විරෝධතා ව්‍යාපාරයක් මගිනි. දහස් ගණන් ගෝත්‍රික ආදිවාසීහු පාරට බැස උද්ඝෝෂණය කළේ තමන්ට අයත් භූමි ප්‍රදේශ යළි අත්පත් කරදෙන ලෙස බලධාරීන්ට බලකරමිනි.

මහා පරිමාන කෘෂිකර්මාන්ත කටයුතු වෙනුවෙන් තමන්ගෙ නිජභූමි යොදා ගැනීම සම්බන්ධයෙන් මේ විරෝධතාව පැවැත්විනි.

දුනු හී මානාගත්, ආදිවාසී ගෝත්‍රික ඇඳුමින් සැරැසුණු හාරදහසකට අධික පිරිසක් බ්‍රසීලියාහි පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රස් ගොඩනැගිල්ල වටලා එයට ඇතුළුවීමටද තැත්කළහ. කැරලි මර්දන පොලිසිය සුපුරැදු පරිදි බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට යෙදුණි. ගෝත්‍රිකයන් ලෙස සැරුසුණු පිරිස සිය දුනු හීතල භාවිතාවට ගෙන ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට යෙදුණි. ගෝත්‍රික කණ්ඩායම් 305කට පමණ අයත් පිරිස මේ විරෝධතාවට එක්ව සිටියහ. ඔවුන් සමග මිනී පෙට්ටි ගණනාවක්ද ගෙන එනු දක්නට ලැබිණි.

බ්‍රසීලය ලෝකයේ පාන් මල්ල කරන්නයි මේ අය හදන්නේ. ඒකට අපේ නිජභූමිය කොල්ලකන්න වහාම අරඹලා. අපේ අයිතීන් කොල්ලකාලා මදිවාට ජෛව විවිධත්වයටත් නීති පමුණුවලා. පාරට බැස සිටි පිරිස මෙහෙයවූ ක්‍රියාකාරිනියක වන ගුරානි ගෝත්‍රිකයන් නියෝජනය කරන මරිස් ඩි ඔලිවෙරියා සිය විරෝධතාව පිළිබඳව කරැණු දක්වා තිබුණි. තමන්ගේ නිජභූමි තමන්ට පැවැරෙන අන්දමින් සීමා මායිම් නැවත තීරණය කරන ලෙස ඔවුන් කරන මේ ඉල්ලීම පිළිබඳ අවසන් තීන්දුව ලබාදිම ජනාධිපතිවරයා සතුව ඇති බලතල යටතට ගැනෙන බව ඈ පෙන්වා දී තිබේ. 

Tribal fighting in Brazil-02

Tribal fighting in Brazil-03

(deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බ්‍රසීලයේ ගෝත්‍රික හටන්"

    Post a Comment