29 April, 2017

බහුබලී ලංකාවේ ප්‍රදර්ශනය අත්හිටුවයි - සිනමාහල් විරෝධයක

bahubali-2

ඊයේ සිට (28) ප්‍රදර්ශනය ආරම්භ කළ ‘බහුබලී 2’ ද කන්ක්ලූෂන් (Baahubali 2: The Conclusion) චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කිරීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

ඒ චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබන සිනමා ශාලා 18ක ශාලා හිමිකරුවන් විසින් ප්‍රදර්ශනය කිරීමට විරෝධය දැක්වීම නිසාය.

අදාල විරෝධයට හේතුවී ඇත්තේ එම සිනමා පටය ලංකාවට ගෙන්වූ නසුරුල්ල නැමැති ව්‍යාපාරිකයා විසින් එහි ලාභ ප්‍රතිශත සිනමා ශාලාවලට අඩු කිරීම හා හිරෝස් හා රූබි යන සිනමා ශාලාවලට අදාළ සිනමා පටය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසාය.

ලංකාවේ ප්‍රධානම දමිළ චිත්‍රපට ප්‍රදර්ශන සිනමා ශාලාවක් වන සිනේ සිටි ශාලාවද මේ විරෝධයට එක්වි ඇත.

මෙය ඉන්දියානු සිනමාහල් 6500කත්, ඇමරිකානු සිනමාහල් 1100 කත්, තවත් ලොව වටා සිනමාහල් 1400ක් ඇතුළුව සිනමාහල් 9000ක එකවර ප්‍රදර්ශණය කරමින් ඉන්දියානු සිනමා ඉතිහාසයේ වාර්ථා අතරට එක්කිරීමටද සූදනම් කර තිබුනි.

ලොව වටා ප්‍රදර්ශනයෙන් පලමු දින පමණක් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවා යනු ඇතැයි බොක්ස් ඔෆිස් විචාරකයන් මේ බාහුබලී පිළිබඳ මත පලකරතිබුණි.



(mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බහුබලී ලංකාවේ ප්‍රදර්ශනය අත්හිටුවයි - සිනමාහල් විරෝධයක"

    Post a Comment