29 April, 2017

ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනියක් ජිවිතක්ෂයට

vikram chatterjee - sonika chauhan

ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ මෝස්‌තර නිරුපිකාවක් වන සෝනිකා සිං ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද උදෑසන කොල්කටා නුවරදී සිදුවූ මෝටර් රථ අනතුකින් ඇය ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ ඉන්දීය රංගන ශිල්පියෙක් වන වික්‍රම් චාටර්ජී ද මෝටර් රථයේ සිට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අනතුර සිදුවූ ස්ථානයේදීම සෝනිකා මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ වික්‍රම් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

අධික වේගය නිසා මෙම අනතුර සිදුව ඇති අතර සෝනිකා සිං මිය යනවිට 28 වන වියේ පසුවූ බව සදහන්.

ඇයගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. (mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනියක් ජිවිතක්ෂයට"

    Post a Comment