30 April, 2017

“අනේ මට අවුරුදු උත්සවේට යන්න දෙන්න” – SF ලොක්කා හඬයි – වැළපෙයි – වැද වැටෙයි!

SF Lokka-Iron Ranasinghe-02

ලෝක පූජිත කරාතේ උපදේශකවරයකු ගිනස් ලෝක වාර්තාලාභියකු හා රාත්‍රි සමාජ ශාලා හිමිකරුවකු වූ වසන්ත සොයිසා අමානුෂික අන්දමින් ඝාතනයට ලක්වන්නේ හරියටම වසර එකහමාරකට පමණ ඉහතදීයි.

දක්ෂ සටන් ශූරයකු වූ ඔහුගේ ඝාතනයත් සමඟ සමාජයේ කරළියට එන්නේ අනුරාධපුර කාර්මික පෙදෙසේ පදිංචිව සිටින එස්.එෆ්. ලොක්කා නමින් හඳුන්වන ඉරෝන් රණසිංහ නමැති යුද හමුදා සේවයෙන් පැන ආ සෙබළායි.

මාස ‍ගණනාවක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිටි එස්.එෆ් ලොක්කා මීට මාස හතරකට පමණ ඉහතදී අනුරාධපුර මහාධිකරණයෙන් ඇප ලබා එළියට පැමිණ මේ වනවිට යළිත් බන්ධනාගාර ගත කර ඇත්තේ ජීප් රථය පැහැර ගැනීම නිසායි.

පසුගිය දා ඔහුව අත්අඩංගුවට ගන්නා විට අහිංසකයන් බිය ගන්වමින් සිංහ නාද කරමින් සිටි එස්.එෆ්. ලොක්කා බළලුන්ට අසුවූ කොස් ඇට මීයකු මෙන් බියවී වෙවුළමින් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට දෙනෝ දහසක් බලා සිටිද්දී දණගසා වැඳ වැටුණු බවයි වාර්තා වන්නේ.

ඔහුගේ ජවනිකා සියල්ල ඉවර කරන්නට පොලිසිය කටයුතු කරතියි ඔහු සිතූ නිසා බයෙන් ත්‍රස්ත වී වෙව්ලා ඔහු හඬා ඇති බවද පැවසෙනවා.

“සර් මගේ අවුරුදු උත්සවයක් තියෙනවා 29 වැනිදා ඒක ඉවර කරලා මම පොලිසියට භාර වෙන්න හිටියේ.” යනුවෙන් එස්.එෆ්. ලොක්කා පොලිසියට සඳහන් කර තිබෙනවා.

පෙරේදා (27) සවස එස්.එෆ්. ලොක්කා අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හර්ෂණ ධනුෂ්ක රත්නායක හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව නැවැත වරක් එස්.එෆ්. ලොක්කාව අනුරාධපුර මහ උළුගෙදර යවන්නට විනිසුරුවරයා නියෝග කර සිටියා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“අනේ මට අවුරුදු උත්සවේට යන්න දෙන්න” – SF ලොක්කා හඬයි – වැළපෙයි – වැද වැටෙයි!"

    Post a Comment