29 April, 2017

මට අධ්‍යක්ෂවරු අයුතු යෝජනා කරලා තියනවා - මට ලිප් කිස් කරන දර්ශන ලැබිලා තියනවා - මැණික්

manik wijewardana
  • ‘‘කවදාවත් නිරුවත් වෙන්න මට කතා කරලා නැ..“
  • ‘‘තවම පෙම්වතියක් නම් නෙමෙයි..“
  • ‘‘අම්මා මට ළගදි විටමින් එකක් අරන් දුන්නා..?“

මැණික් විජේවර්ධන කියන්නේ සිනමාවෙන් රංගනයට අවතීර්ණ වුණ රංගන ශිල්පිණියක් බව බොහෝ දෙනා දන්නවා. ඇය ඇතැම් අවස්ථාවල සමාජ ජාල වෙබ් අඩවි පවා කැලබුව චරිතයක්. මේ දවස්වල ඇය දකින්න නැති නිසා ඇය ගැන විස්තර සදහන් කරන්න හිරු ගොසිප් අපි කල්පනා කළා. මේ ඇගේ අදහස් හිරුගොසිප් වෙත කතා කළ අයුරුයි.

මැණික්ව රංගනයට හදුන්වලා දුන්නේ සිනමාව. නමුත් ඔබව දැන් සිනමා තිරයෙන් පවා දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ඇයි..?
පහුගිය කාලේ මම චිත්‍රපටි දෙකකට සම්බන්ධ වුණා. රූගත කරලා අවසන් දැන් ඒවා. ළගදි දවසක විකාශය වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම කොහොමත් නිතරම දකින්න ඉන්න කෙනෙක් නෙමෙයි. ඉදහිටලා හොද නිර්මාණයකට සම්බන්ධ වෙනවා. ඒකයි නිතරම දකින්න නැත්තේ.


එහෙම නැතුව ප්‍රතික්ෂේප වෙලා නෙමෙයිද ..?
අප්පෝ මාව එහෙම ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ටෙලි නාට්‍ය වලට තමයි මට ගොඩක්ම ආරාධනා ලැබෙන්නේ. ඒත් මම කැමති නැහැ ඒවාට සම්බන්ධ වෙන්න. මම සිනමාවෙන් ආව නිසා සිනමාවෙන් විතරයි දකින්න ලැබෙන්නේ.

ඒ ලැබෙන ආරාධනා අතර වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ මොන වගේ චරිත වලටද...?
බටහිර පන්නයට ජිවත් වෙන චරිත තමයි මට වැඩිපුරම ලැබෙන්නේ. ඒකට හේතුව මගේ භාහිර පෙනුම වෙන්න ඇති.

ඔය ආරාධනා අතරේ නිරුවත් වෙන්න වගේම අසබ්‍ය දර්ශන තිබෙන චරිතවලට ආරාධනා ලැබෙනවත් ඇති නේද ...?
අපිට චරිත ලැබෙද්දී ඒ චරිතය පිටපතේ ලියැවිලා තියනවා. සමහර දර්ශන අධ්‍යක්ෂවරයාගේ කැමැත්ත මත ඉවත් කරලා රගපාන්න පුළුවන්. මට ලිප්කිස් කරන දර්ශන ලැබිලා තියනවා. නමුත් මම ඒවා කරේ නැහැ. අධ්‍යක්ෂ එක්ක කතා කරලා ඒවා ඉවත් කරලා රගපෑවා. ඔය රැල්ලට කැමති අය ඇති. නමුත් කවදාවත් නිරුවත් වෙන්න මට කතා කරලා නැහැ. ලැබුණත් යන්නෙත් නැහැ.

ඔබට අධ්‍යක්ෂවරුගෙන් අයුතු යෝජනා වැඩිපුර ලැබෙනවා කියන්නේ ඇත්තද ...?
මට අධ්‍යක්ෂවරු අයුතු යෝජනා කරලා තියනවා. සමහර විට මම නිතරම ඕපන් කතා කරන නිසා මමත් ඒවාට කැමති වෙයි කියලා හිතනවා ඇති. නමුත් මම ඒ වෙලාවට කියන්න ඕන දේ කියලා ඒ පුද්ගලයන්ගෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ නිර්මානවලටවත් මට කතා කරන්නේ නැහැ. ආයේ කතා කරන්නේ නැති වෙන්න තමයි මම උත්තර දෙන්නෙත්.මට ජනප්‍රියත්වය තියා ගන්න ඕන කියලා හිතන්නේ නැහැ. මම අහම්බෙන් රංගනයට ආ කෙනෙක්. එහෙමයි කියලා ඔය දේවල් කරන්න ඕන නැහැ.

ඔබගේ අසබ්‍ය වීඩියෝ පටයක් අන්තර්ජාලය පුරා ගියා. ඒ දේ කරේ හිතාමතා කතා බහට ලක් වෙන්නද..?
ඒ සිද්ධියේ සත්‍යතාවයක් නැහැ. මගේ වරදක් නැතිව සිදුවුණ සිදු වීමක් නිසා ඊට අදාල අයට එරෙහිව මම අධිකරණයේ නඩුවක් පවරලා තියනවා. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. නඩුව විභාග වෙලා අවසන් වෙනකල්.

තවම තනිකඩද ...?
ඔව්. තවම පෙම්වතියක් නම් නෙමෙයි. නමුත් ලබන අවුරුද්දෙවත් විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා. මම මනමාලයෝ හොයන එක නතර කරා. ගැලපෙන කෙනෙක්ව අම්මා හොයනවා මේ දවස්වල. ගොඩක් හොද කෙනෙක් අවංක ආදරයක් තියන කෙනෙක්ව තමයි මට ඕන. ඒ හැමදෙයක් වගේම අවබෝධය තියෙන්නත් ඕන. නැත්තම් පවුල් කන්න අමාරුයි.

කීදෙනෙකුට ආදරේ කරලා තියනවද ..?
මම තුන්දෙනෙකුට ආදරේ කරලා තියනවා. තුන්දෙනෙකුගේ පෙම්වතිය වුණා.

නළුවෝ ආදරේ ඉල්ලගෙන ඇවිත් නැද්ද ..?
නැහැ. කවදාවත්ම.

රූපය ලස්සනට තියාගන්න කීයක් වියදම් කරනවද ..?
ඇත්ත කිව්වොත් කවුරුවත්ම පිළිගන්න එකක් නැහැ. මම අඩුතරමින් පේෂල් එකක්වත් දන්නේ නැහැ.ක්‍රීම් වර්ග ආලේප කරන්නෙත් නැහැ. නමුත් මම හොදට වතුර බොනවා. මගේ සම ටිකක් වෙනස් වෙන්න පටන් ගත්ත නිසා අම්මා මට ළගදි විටමින් එකක් අරන් දුන්නා. එච්චරයි මම පාවිච්චි කරන්නේ.

ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
මම නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණත් ප්‍රතිචාරවල නම් කිසිම අඩුවක් නැහැ. මට නිවුන් සහෝදරියක් ඉන්නවා. මම වගේමයි. සමහර අය මම කියලා රැවටිලා එයත් එක්ක කතා කරනවලු. එයා ඉතින් බේරෙන්නේ ඒ මම නෙමෙයි මගේ අක්කා කියලයි. මම නිසා එයත් අපහසුතාවයට පත් වෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මට අධ්‍යක්ෂවරු අයුතු යෝජනා කරලා තියනවා - මට ලිප් කිස් කරන දර්ශන ලැබිලා තියනවා - මැණික් "

    Post a Comment