30 April, 2017

අනාරාධිත ඇමැති

Uninvited Minister Faizer

මීතොටමුල්ලෙ කුණු වැඩේ ගැන පළාතෙ ජනතාවගෙ සහගාගිත්වයෙන් අරලිය මන්දිරේ ලොකු මීටිමක් තිබුණා... ඒකට රටේ දෙවැනි මහත්තය වගේම පළාතෙ මන්ත්‍රි මරික්ස් එහෙමත් ඇවිත් හිටිය.

මේ ආරාධිත පිරිස අතරෙ අනාරාධිතවම තවත් ඇමැති සයිස් මහත්තයෙක් ඇවිත් උන්න... එයා පළාත් පාලනේට වගකියන කෙනෙක්...

උන්නැහේ මෙතැන්ට ආව විතරයි එතන හිටපු පළාත් වාසීන්ට මල පැන්නලු... විපතට පත් ජනතාවගෙ නායකයෙක් නැගිටල මේ අනාරාධිත ඇමතිට ලුණු ඇඹුල් ඇතිව කියන්න ගත්ත... අපි මේ කුණු කන්ද අදින්න කියල උද්ඝෝෂණ කරනකොට ජනතාවට මෙයාල සලකපු හැටි අපට මතකයි මෙයත් එකයි නගරාධිපතිත් එකයි.... කියල කියාගෙන යනකොට පළාත් පාලන ලොක්ක ඒකට උත්තර බඳින්න හැදුව. ඒත් රටේ දෙවැනි මහත්තය ඒකට ඉඩදුන්නෙ නැහැ. අන්තිමේදී ඇමැති තැනට මල පැනල උන්හිටි තැන් අමතක වෙලා රුස්වීමෙන් නැගිටල ගියා කියනවා... (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අනාරාධිත ඇමැති"

    Post a Comment