30 April, 2017

ෂාරුක් එක්ක මට මොන විහිලුද?

Priyanka Chopra-02

රජත් - ඔබ මිනිස්සුන්ට ඇදකරන පුරුද්දත් පුංචි කාලේ ඉඳන් තියෙන එකක්ද?
ප‍්‍රියංකා - ඔව්. ඒකත් පුංචි කාලයේ ඉඳන් තියෙන පුරුද්දක්.

රජත් - ඔබ එක වැඩසටහනකදී ශාරැක් ඛාන් වගේ රඟපාලා පෙන්නුවා.
ප‍්‍රියංකා - ඔව් මම එහෙම කළා.

රජත් - ඔහු වේදිකාව දිහා බලාගෙන හිතන්න ඇති මේ මොකක්ද වෙන්නේ මාව විහිළුවට ලක් කරනවා නේද කියලා.
ප‍්‍රියංකා - දෙවියන්ට ස්තුතිවෙන්න ඔහු ඒ ගැන එහෙම හිතුවේ නැහැ. ඒත් මම ඔහුට විහිළුවක් නෙවෙයි කළේ.

රජත් - ඔබ සල්මාන්ගේ චරිතයත් රඟදකවලා පෙන්නුවා. ඒකටත් මිනිස්සු ගොඩාක් කැමතිවුණා.
ප‍්‍රියංකා - ඇත්තටම මට ඒ සම්මාන උළෙල ගැන ගොඩක් සතුටුයි. එකම දේ කරන්න වුණාම මම තෘප්තිමත් වෙන්නේ නැහැ. එතකොට මටම එපා වෙනවා. හැම සම්මාන උළෙලකටම අපි එනවා. ගීතවලට නර්තනයේ යෙදෙනවා. ආපහු යනවා. මම ගොඩාක් සම්මාන උළෙලවලවල ඉදිරිපත් කිරීම් කරලා තියෙනවා. මට එකකට එකක් වෙනස් දේවල් තමයි ඒ හැම එකකම කරන්න ඕන වුණේ. මම මගේ රසිකයින් කැමතිවෙන විදියේ දේවල් කළ එක ගැන මට සතුටුයි.

රජත් - සල්මාන් ඒ නිසා කේන්ති ගත්තේ එහෙම නැහැ නේද?
ප‍්‍රියංකා - මම හිතනවා නැහැ කියලා. ඔහුගෙන් මම ඒ ගැන ඇහුවේත් නැහැ. ඔහු මට මොකුත්ම කිව්වෙත් නැහැ.

රජත් - කත්‍රිනා ඔබත් සමඟ වැඩ කරන එක ප‍්‍රතික්ෂේප කළා කියලා පුවත්පත්වල තියෙනවා,
ප‍්‍රියංකා - ඒක ඔබතුමා කත්‍රිනාගෙන්නේ අහන්න ඕන සර්. ඔය ප‍්‍රශ්නයට මම කොහොමද උත්තර දෙන්නේ? ඔබ ඊට පස්සේ මම වැරදිකාරයෙක් කියයි. මම ඇය සමඟ වැඩ කරන එක ප‍්‍රතික්ෂේප කළා නම් මගෙන් ඔය ප‍්‍රශ්නය ඇහුවම මට උත්තර දෙන්න තිබුණා සර්.

රජත් - ඒත් එක ෆිල්ම් එකක ඔබත් සමඟ වැඩ කරන එක ඇය ප‍්‍රතික්ෂේප කළා නේද?
ප‍්‍රියංකා - ඇය ෆිල්ම් එකේ වැඩ කරන එක ප‍්‍රතික්ෂේප කළේ මම හින්දද නැද්ද කියන එක ඔබතුමාට ඇයගෙන්ම තමයි අහන්න වෙන්නේ.

රජත් - ඔබට මොකක්ද ඒ ගැන හිතෙන්නේ?
ප‍්‍රියංකා - මම නම් හිතන්නේ නැහැ මම නිසා කිසිම කෙනෙක් එහෙම කරයි කියලා. අනික කත්‍රිනා ගොඩාක් ජනප‍්‍රිය තරුවක්. මම හිත්න්නේ නැහැ ඇය එහෙම කරයි කියලා.

රජත් - ඇය එහෙම කරන්නේ නැත්නම් කරීනා එහෙම කරන්නේ ඇයි?
ප‍්‍රියංකා - සර් ඒකත් ඔබ අහන්න ඕන කරීනාගෙන්නේ. ඔබ හැමෝගෙන්ම අහන්න ඕන ප‍්‍රශ්න මගෙන් අහනවනේ. මමද උසාවියේ ඉන්නේ? නැත්නම් ඔවුන්ද?

රජත් - මම ඔබගෙන් ඇහුවොත් කාගේ හරි නමක් නිසා ඔබට ප‍්‍රශ්න ඇති වෙන්නේ කොහොමද? කත්‍රිනා, කරීනා, කංගනා. හැමෝම ඔබට ප‍්‍රශ්නයක් වෙනවනේ.
ප‍්‍රියංකා - කංගනා නිසා මට කොහොමද ප‍්‍රශ්නයක් වෙන්නේ? නැහැ නැහැ. මේ ඔබතුමා කියන්න කංගනායි මමයි අතර කවද්ද ප‍්‍රශනයක් ඇතිවුණේ?

රජත් - ඒකට එහෙම උත්තරයක් දුන්නේ අනිත් දෙන්නා එක්ක ප‍්‍රශ්නයක් ඇති වුණා කියන එකනේ නේද?
(හැමෝම හිනාවේ)
ප‍්‍රියංකා - මමත් මීඩියා වලින් තමයි දැන ගත්තේ ඔවුන්ට මම එක්ක ප‍්‍රශ්නයක් තියෙනවා කියලා. මට ඒ අය හම්බවුණාම නම් එහෙම ප‍්‍රශ්නයක් තියෙනවා කියලා දැනිලා නැහැ.

රජත් - ඒත් මීඩියාවල තියෙනවා ඔබ ෂූටිං කරන තැනකට කරීනා ආවා. ඔබ ඇයට පැය කිහිපයක් බලාගෙන ඉන්නදීලයි ඇයව හම්බවෙන්න ආවේ. මේ කතාව ඇත්තක්ද?
ප‍්‍රියංකා - මීඩියාවල අය කැමති භාගයක් වාඩිවෙලා කතා කරනවට. ඇයට තිබුණු ෂෝ එකට ඇය කලින් වෙලාව දීලා තිබුණේ. මම කරීනට ගිහින් කිව්වා බේබො ඔයා ගෙදර යන්න. මගේ ප‍්‍රඩක්ෂන් එකට වෙලාව යාවී. ඒ වෙලාවෙ ඇය ගෙදර ගිහින් උදේ ආවා. ඒ කතාව කවුරුවත් ලියන එකක්වත් කියන එකක්වත් නැහැ මීඩියාවල ඉන්න අය. එයාලට ලියන්න ඕන අපි අතර රණ්ඩුවක් වෙනවා කියලා විතරයි.

රජත් - හරි පැය භාගය තුළ මොනවද ඔබලා කතා කළේ?
ප‍්‍රියංකා - ගොඩාක් දේවල කතා කළා. ඇය වැඩ කරන ෆිල්ම් එකේ සෙට් එකට මම ගියා. එයා එයාගේ නිවාඩුවට කොහේද යන්නේ? මම කොහේද යන්නේ? මම වැඩ කරන ෆිල්ම් එක මොනවද? ඕවා කතා කළා

රජත් - ඔබ පිළිගත්තා ඔබ ගොඩාක් ලොකු හොරෙක් මිනීමරුවෙක් සහ රැවටිලිකාරියක් කියලා. ඒ වගේම ඔබ ගොඩාක් ආඩම්බර කෙනෙක්.
ප‍්‍රියංකා - තමන් කරන දේ තුළ තමන් ඒකට හොඳම කෙනා කියලා හිතන එක ආඩම්බරකමක්නම් ඔව් මම ආඩම්බරයි.

රජත් - ඔබ කියන්නේ මම තමයි නොම්මර එක. මට වඩා ඉහළින් කවුරුවත් නැහැ කියලද?
ප‍්‍රියංකා - මම කරන වැඩ තුළ හොඳම කෙනා වෙන්න මම කැමතියි. මට වැදගත් නැහැ වෙන කෙනෙක්ගේ ෆිල්ම් එකක් හිට් වුණාද නැද්ද කියන එක. මගේ ජීවිතයට දෙවියන් මට හැම දෙයක්ම දීලා තියෙනවා. මම මගේ වැඩවලට ගොඩාක් අවධානයක් දෙනවා ගොඩාක් ගරු කරනවා. වෙන අය ගැන මම කිසිම වෙලාවක කතා කරලත් නැහැ. කතා කරන්නෙත් නැහැ.

(නඩුව ඊළඟ සතියට කල්තැෙබ්) (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ෂාරුක් එක්ක මට මොන විහිලුද?"

    Post a Comment