29 March, 2017

හිරුණිකා මවක් වීමට සැරසෙයි - ඡායාරූප අන්තර්ජාලයේ

පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කාලෙන් කාලෙට කාගේත් අවධානය දිනාගන්නා පුවත් මවන්නියක්.

මේ දිනවල සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටින ඇය සිය සමාජ ජාල ගිණුම් වෙත නවතම ඡායාරූප කහිපයක් එක් කර තිබෙනවා.

එම ඡායාරූප පහතින් දැක්වෙයි.

Hirunika Premachandra Preeminent-02

Hirunika Premachandra Preeminent-01

නිල් චිත්‍රපට නිපදවන දෙදෙනෙක් මාට්ටු - මඩකලපුව කාන්තාවකගේ චිත්‍රපටයක් නිකුත්කරලා

arrested men

අසභ්‍ය චිත්‍රපට නිශ්පාදනය කිරීමට සම්බන්ධ තරුණයන් දෙදෙනෙකු මඩකලපුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජංගම දුරකථනවලින් කාන්තාවන්ගේ ඡායාරූප ලබාගෙන ඒවා යොදා ගනිමින් සැකකරුවන් චිත්‍රපට නිශ්පාදනය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මඩකලපුව ප්‍රදේශයේ කාන්තාවකගේ නමින් මෑතකදී අසභ්‍ය චිත්‍රපටයක් නිකුත්කර ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී තිබුනා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මංගල උත්සවවල වීඩියෝ පටිගත කරන්නන් බවට ද සඳහන්.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මඩකලපුව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා. (හිරු)

අක්කා වගේ වෙන්න කැමති ශනුද්‍රි

Shanudri - Sheshadripriyasad

යොවුන් රංගන ශිල්පිනියක සේම ගායිකාවක ලෙසද එකසේ ජනප්‍රිය ශනුද්‍රි ප්‍රියාසාද් මේ වනවිට නැවතත් සුපුරුදු පරිදි කලා කටයුතුවලට දායකව සිටින්නීය. ඇය මේ දිනවල නිතර දකින මුහුණක් බවට පත්ව සිටින අතරේ දෙරණ නාළිකාවේ විකාශය වෙන සාරංග මෙන්ඩිස්ගේ ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යය තුළිනි. 

කලා කටයුතු සඳහා වැඩි කාලයක් වැය කරන්නට සූදානමින් සිටින ශනුද්‍රි සිය වැඩිමහල් සහෝදරිය වන දිනක්ෂි මෙන් ජනප්‍රිය හා සම්මානනීය රංගන ශිල්පිනියක් වීමට ආසාවෙන් සිටින්නීය.

“දිනක්ෂි අක්කාට පසුගිය කාලයේදී සම්මාන 5ක් 6ක් හිමිවුණා. ඒ ගැන ගොඩක්ම මට සතුටුයි. මටත් අක්කා වගේම සම්මාන දිනාගැනීමේ ආසාව තියෙනවා. පසුගිය කාලේ කලා කටයුතු මුකුත්ම කළෙ නැහැ. මොකද අධ්‍යාපන කටයුතුවලට වැඩිපුර යොමු වෙලා හිටිය නිසා. 

දැන් අධ්‍යාපන කටයුතු නිමාකළ නිසා ආයෙත් මේ දවස්වල කලා කටයුතු සමග සම්බන්ධ වෙලා වැඩ කරනවා. ලොකුම ඉලක්කය තමයි ඉතින් සම්මානයක් හිමිවෙන රඟපෑමක් කරන එක.”

"තමුසෙ කොහොමද ඕයි මාව වීඩියෝ කරන්නේ" - මහ මග පුරවැසියටන්ට තඩිබාන ලංකාවේ මදාවි පොලිසිය

Traffic Police Beaten Attack

පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් කාලෙන් කාලෙට විවිධ කතා මතුවෙනවා.

ඉතින් මේ දිනවල අන්තර්ජාලයේ නාරාහේන්පිට ප්‍රදේශයේ රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එක්තරා යතුරුපැදි හිමිකරුවෙකු මාර්ගයේ වරදක් කිරීම නිසා ඔහුව නතර කරගෙන දඩයක් ගසන්නට සූදානම් වන අයුරුත් ඔහු එම අවස්ථාවේ තමන් එම වැරැද්ද නොකළ බවට කරන තර්කයකුත් දැක්වෙන වීඩියෝවක් හුවමාරු වෙමින් පවතිනවා.

මෙහිදී යතුරුපැදිකරු සිදු කලේ වරදක්ද නැද්ද යන්න තොරතුරු අනාවරණය වන්නේ නැහැ.

කෙසේවෙතත් මෙම වීඩියෝවේ වැදගත් කාරණාව වන්නේ තමන්ට පොලිසියෙන් අසාධාරණ දඩයක් ලැබෙන්නට යන බව සිතා එම සිදුවීම තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කරන්නට යතුරුපැදිකරු උත්සාහ දැරීමත් එම අවස්ථාවේ එය වීඩියෝගත කිරීමට විරෝධය පා පොලිස් නිලධාරියා කැමරා ෆෝනයට අතින් ගසා පුද්ගලයාටද පහරදීමට තැත්කර වීඩියෝගත කිරීම වළක්වාලනු ලැබීමයි.

මේ කාලයේ ඕනෑම කෙනෙකුට ජංගම දුරකථන වීඩියෝවක් ඕනෑම මොහොතක ලබාගන්නට තිබෙන පහසුකම තුළ මේ ආකාර වීඩියෝගත කිරීමක් සිදු කිරීම වරදක්වන්නේද නැද්ද යන්න ගැන මේ වීඩියෝව ඔස්සේ සමාජ මාධ්‍ය තුළ දැන් අලුත්ම කථාබහක්ද මතුව තිබෙනවා.

එහි වීඩියෝවයි මේ.

පාසල් ඇඳුමින් පෙම්වතාගේ නිවසට ගිය සිසුවිය ගැන ඇමතුමක්

srilanka school girl with uniforme boyfriend

ඉමදුව කෝඹල ප්‍රදේශයේ සිය පෙම්වතාගේ නිවසට පාසල් නිළ ඇදුම පිටින් ගමන් කරන ලද පාසල් සිසුවියක් සම්බන්ධයෙන් 119 ඇමතුමට ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂණ සිදුකර බව ඉමදුව පොලිසිය පවසයි.

මෙම සිසුවිය ඉමදුවට ආසන්න පළාත් සභා පාසලක ඉගෙනුම ලබමින් සිට ඇති අතර අදාල ඇමතුම ට අනුව ඉමදුව පොලිස් ස්ථානාධිති එච්.වී.කේ උපුල් කුමාර මහතා සහ නිළධාරීන් අදාල පෙම්වතාගේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාව වන විට පාසල් නිළ ඇදුමෙන් පැමිණි සිසුවිය, පෙම්වතා සහ පෙම්වතාගේ දෙමාපියන් එම නිවසේ සිට ඇත.

ඔවුන් කිසියම් සාකච්චාවක නිරත වී සිට ඇත.

පසුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පාසල් සිසුවියගේ ද දෙමාපියන් කැදවා පෙම්වතාගේ ද දෙමාපියන් සමග සාකච්චා කර සිසුවිය දෙමාපියන් වෙත බාර දීමට කටයුතු කර ඇත.

- ලංකින්ද නානායක්කාර (ඉමදුව සමුහ)

මහින්දව අනුකරණය කළ තෝමස් ආදි සිසුවාට එරෙහිව බුකිය පත්තු වූ හැටි – ‘‘කවුරු මොනා කිව්වත් ජනතාව අපි එක්ක නම් එක පයිසෙකට සැලෙන් නෑ අපෙ හාමුදුරුවනේ‘‘ (Photos)

දිවයින පුරා පාසල් බොහොමයක පාසල් මහා ක්‍රිකට් තරඟ එසේත් නැතිනම් බිග් මැච් සහ රථ වාහන පෙළපාලි (පැරඩේ) මේ දිනවල පැවැත්වෙනවා.

ඒ නිසාම ෆේස්බුක් ඇතුළු අන්තර්ජාලයේ හැම තැනම වගේ දකින්න ලැබෙන්නේ මේ අයගේ ඡායාරූප.

මේ අතරේ මාතර සෙන්ට් තෝමස් විද්‍යාලය ගියපු පැරඩේ එකේ සිදුවුණ සිදුවීමක් මේ වන විට ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ කතා බහට ලක්වෙමින් තිබේනවා.

මේකට හේතුව වෙලා තියෙන්නේ අදාළ විද්‍යාලයේ ආදි සිසුන් දෙදෙනෙක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විදියට හැඳ පැළදගෙන ඔවුන්ගේ හැසිරීම් අනුකරණය කළ නිසා.

මේ අයගේ එම ඡායාරූප අන්තර්ජාලයේ ජනප්‍රිය වීමත් සමග සමහරු ඔවුන්ට දොස් කියලා තිබුණා.ඒ විතරක් නෙමෙයි ඇතැම් ෆේස්බුක් පේජ් වල පවා මීට විරුද්ධව කතා කරලා තිබුණා.

ඒ අතරේ සමහරු මෙය විනෝදයක් කරගෙන තිබුණා.

කොහොම වුණත් මේ වැඩේ කරපු අය නම් කියලා තිබුණේ විනෝදයට මේ දේ කළ බවත්,කිසිවෙකුට අපහාස කිරීමේ අරමුණෙන් මෙය නොකළ බවත්ය. (nethgossip)























විමල්ට දිගටම සේලයින් : ඉල්ලීම් නොතකයි

wimal weerawansa sick-02

උපවාස කරමින් සිටියදී බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද අටවන දිනටත් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වේ.

මේ හේතුව නිසා වීරවංශ මහතාට සේලයින් දීම දිගටම සිදු කරන බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

මන්ත්‍රීවරයා මේ වන විට ජලය පමණක් පානය කරන අතර දියර ආහාර පවා කිසිවක් නොගනී.

බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කල වහාම ජාතික රෝහලට මන්ත්‍රීවරයා ගෙන යාම සදහා බන්ධනාගාර නිලධාරීන් සූදානමින් සිටිති.

සෞඛ්‍ය තත්වය පිරිහීලා :


තමාට ඇප ලබා නොදීම නිසා තව දුරටත් බන්ධනාගාරය තුළ උපවාසයේ යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් එම උපවාසය නතර කරන ලෙස බන්ධනාගාර නිලධාරීන් ඉල්ලා සිටියත් ඔහු එම ඉල්ලීම තරයේම ප්‍රතික්‍ෂේප කර ඇත.

විමල් වීරවංශ මහතා මෙම උපවාසයේ යෙදී සිටියහොත් ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහී යැමට ඉඩ තිබෙන නිසා උපවාසය නතර කරන ලෙස ඔහුට දැනුම් දුන් බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙක්‌ කියා සිටියේය.

උපවාසය කිරීමෙන් මෙම ප්‍රශ්නයට විසඳුමක්‌ නොලැබෙන බවට බන්ධනාගාර නිලධාරීන් විමල් වීරවංශ මහතාට කරුණු පහදා දුන්නත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ බව බන්ධනාගාර ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. (srilankamirror)

අතුරුදන් වූ පුද්ගලයා පිඹුරු බඩෙන් මතුවෙයි – ඉන්දුනීසියාවම කැළඹූ මීටර් 7 බිහිසුනු පිඹුරා





පිඹුරෙකුගේ උදරයකින් මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බිහිසුන් පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තාවෙයි.

25 හැවිරිදි අක්බාර් සලුබිරෝ අතුරුදන් වී තිබුනේ පසුගිය ඉරිදා දිනයේදීය.අතුරුදන් වෙද්දී ඔහු සිට ඇත්තේ සුලාවේසි නම් දූපතේ දුෂ්කර ගමකය.

කෙසේ වෙතත් ඔහු ගැන කිසිදු තොරතුරක් නොමැති කළ සිදුකල සොයාබැලීමේදී ,ඔහුගේ මිතුරන් හා ගම්වැසියන් මෙම පිඹුරා ඔහුගේ වත්තේ සිටියදී සොයාගෙන ඇත.

අනතුරුව ඔවුන්ට මතුවූ සැකයක් මත පිඹුරාගේ බඩ කපා බැලීමේදී අක්බාර්ගේ මියගිය සිරුර දැකගැනීමට ලැබී ඇත.

මෙම පිඹුරා මීටර් 7ක් පමණ දිග යැයි විදෙස් වාර්තා පවසයි. (nethgossip)







ගම හාමිනේට රඟපාලා සම්මානත් ගත්තා - නිරෝෂන් දික්වැල්ල

niroshan dickwella-04

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සතු වූ ලෝපතල ක‍්‍රීඩකයා කුමාර සංගක්කාර ක‍්‍රිකට් පිටියට අවතීර්ණ වූයේ මහ නුවර ත‍්‍රිත්ව විද්‍යාලයෙනි. ඉන්පසුව ඔහු සමාජයීය ක‍්‍රිකට් තරග සඳහා නියෝජනය කළේ කොළඹ එන්.සී.සී. ක‍්‍රීඩා සමාජයයි. වමතින් පිත්ත හැසිරවූ ඔහු කඩුළු රැුකීමේ කාර්යයෙහි නිරත විය. වත්මනෙහි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නිරෝෂන් දික්වැල්ල ක‍්‍රීඩකයාද එලෙසින් ත‍්‍රිත්වයෙන් පැමිණ, එන්.සී.සී. සමාජය නියෝජනය කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූයේ කඩුළු රකින්නෙකු ලෙසය. ලෝ පූජිත වූ සංගාගේ ක‍්‍රීඩාශීලි රිද්මය රැුගෙන වත්මනෙහි ක‍්‍රිකට් පිටිය හැඩ කරන නිරෝෂන් දික්වැල්ල ‘‘සඳැල්ල’’ කතා බහකට එක් වූ මොහොතකි මේ.

නිරෝෂන් කියන්නද? දික්වැල්ල කියන්නද?

දැන් යන විදියට නම්, දික්වැල්ල කියන නම හොඳයි. පාසල් කාලයේදී නම් වැඩි දෙනෙක් කතා කළේ නිරෝෂන් කියලයි. ඒත් අද හැමෝම කතා කරන්නෙ ‘‘දික්වැල්ල’’ කියලයි.

නම දික්වැල්ල වුණාට එන්නෙ මහනුවරින්, කොහොමද ඒක සිද්ධ වුණේ?

අපේ පවුල් පසුබිම ගත්තොත් සීයා ආච්චිගෙ වගේම අපේ පවුලේ අය පැවත එන්නෙ නුවරින්. වාසගම දික්වැල්ල වුණාට මම දන්නා තරමින් දකුණේ නෑදැයින් නැහැ. අනාගතයේදී මට පහත රටින් නෑදැයෙක් හමුවේවි කියලා හිතනවා.

ඒ කියන්නෙ සහකාරිය දකුණෙ කෙනෙක් කියන එකද?

නැහැ, නැහැ, එහෙම කෙනෙක් නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අය කතා කරන්නෙ ‘‘දිකා’’ කියලා නේද?

ඔව්.

ත‍්‍රිත්වයේදී ඔබ ‘‘විශේෂිත’’ චරිතයක් වුණා. එහෙම නේද?

ඇත්තෙන්ම ක‍්‍රිකට් නිසා තමයි එහෙම වුණේ. 13න් 15න් සහ 17න් පහළ සියලූම කණ්ඩායම් නියෝජනය කළා. ඒ නිසා පාසලේ බොහෝ දෙනෙක් මාව හඳුනා ගත්තා. ඒ එක් එක් අවස්ථාවලදී කැපී පෙනුණ දක්ෂතා පෙන්වීම ඊට හේතු වුණා.

මම අහන්නෙ ක‍්‍රිකට් ගැන නෙවෙයි. පාසලේදී දැණුම-මිනුම ආදී තරගවලට සහභාගී වීම නිසා වඩා ප‍්‍රකට වුණා නේද?

හොඳ කථිකයෙක් වුණා නේද? කතා කරන්න නම් දක්ෂ වුණා. කථික තරගත් දැණුම මිනුම තරග සඳහාත් මගේ නිවාසය සඳහා ඉදිරිපත් වුණා. ඒකත් එක් හේතුවක් තමයි.

ඒ නිසා බොහෝ ජයග‍්‍රහණ එහෙමත් ලබා ගත්තා නේද?

සම්මාන, සහතික කීපයක් ලබා ගත්තා. නමුත් වැඩිපුරම වගේ ජීවිතය ගෙවුණේ ක‍්‍රිකට් සමගයි.

පාසල් සංගීත කණ්ඩායමේ හිටියා කියලත් ආරංචියි?

අනේ මට වාදනය කරන්නත් ගයන්නත් බැහැ.

එතකොට පාසලේදී නාට්‍යවල රඟපෑවෙත් නැද්ද?

පාසලේදී නාට්‍ය කීපයක රඟපෑවා.

‘‘ගම හාමිනේ’’ ලෙස චරිතයක් රඟපාලා සම්මානයකුත් ලබාගත්තාලූ? නේද?

අපේ පාසල පිරිමි පාසලක්නෙ. ඉතින් නාට්‍යයක් කරද්දී කාන්තා චරිත රඟපෑමට සිද්ධ වුණෙත් පිරිමි නළුවන්ටයි. එක්තරා අවස්ථාවක මම පාසලේ නාට්‍යයක ගම හාමිනේ ලෙස රඟපෑවා. ඒ වෙනුවෙන් හොඳම රංගනය සඳහා සම්මානයක් පවා ලබා ගත්තා.

‘‘ත‍්‍රිත්වයේදී’’ සංගා ගැන මතකය මොන වගේද?

මම පාසලට ඇතුළත් වුණේ 97 දී විතර. ඒ වන විට කුමාර සංගක්කාර මහතා පාසලින් ඉවත්වෙලා. නමුත් පාසලට ආ අවස්ථාවලදී මට ඔහු හමුවූ අවස්ථා තිබුණා. ජාතික කණ්ඩායමට ඒමට පෙර, කුමාර, මහේල, ඩිල්ෂාන් ක‍්‍රීඩා කළ තරග නැරඹීමට මම පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයට වගේම කොළඹ පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයටත් පැමිණි අවස්ථා තිබුණා. ඒ තරමටම මම ආසා කළා. වාසනාවකට පසුව ඉක්මනටම ශ්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමේ වාසනාව මට ලැබුණා.

පාසලෙන් ඉවත්වන විටම ඔබට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණෙ ‘‘එන්.සී.සී.’’ ක‍්‍රීඩා සමාජයටයි. සංගා ක‍්‍රීඩා කළෙත් එම ක‍්‍රීඩා සමාජයටයි. මොකද හිතෙන්නෙ ඒ ගැන?

ඒ වෙනුවෙන් අවස්ථාව ලැබුණෙ සම්පත් පෙරේරා පුහුණුකරු නිසයි. එතුමා තමයි මාව ඊට යොමු කළේ. මගේ වාසනාවට සංගා ඇතුළු ප‍්‍රවීණයින් රැසක් භක්‍ක්‍ එකේ හිටියා. වයස 19 දී ඇවිත් ඒ අය එක්ක ක‍්‍රීඩා කරන්නට ලැබීම ලොකු වාසනාවක් වුණා.

‘‘සංගා සහ ඔබ’’ එකට ක‍්‍රීඩා කරලා තියෙනවද?

එක්තරා අවස්ථාවක බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයකදී ඔහු සමග මටත් ක‍්‍රීඩා කරන්න ලැබුණා. අපි දෙන්නාම එදා ශතක ලබා ගත්තා.

ඔබ විලාසිතා ගැන බොහොම උනන්දුලූ නේද?

අනිවාර්යයෙන්ම එය හොඳ දෙයක් කියලයි මට හිතෙන්නෙ.

සිංදු කියන්න බැහැ කිව්වට සිංදු අහන්න හරි ආසලූ නේද?

අපි තරගයකට යද්දි වුණත් විවේකයක් ලැබුණොත් අපි කරන්නෙ ගීත අහන එක තමයි. එක්කෝ අපේ ශ්‍රී ලංකා ටීම් එකේ අය එකතු වුණාම ගීත ගයන අවස්ථා එහෙමත් තියෙනවා. ඩිල්ෂාන් මුණවීරට, මිලින්ද සිරිවර්ධනට හොඳට ගයන්න පුළුවනි. ඒ වගේම මිලින්දට වාදනය කරන්නත් පුළුවනි. කොහොමටත් ගිටාරයකුත් කණ්ඩායමට තියෙනවා. මම ඉතින් ගීත අහන එක තමයි කරන්නෙ.

ඩිල්ස්කූප් එක දැන් ඔබත් ගහනවනෙ? දැන් ඒකට කියන්නේ මොන ස්කූප් කියලද?

ඒක ඇත්තටම ඩිල්ෂාන් අයියා ගෙනා පහරක්. පසුව බොහෝදෙනා ඒ පහරට යොමුවුණා. දැන් මම ඒ පහර ගහද්දී ‘‘දිකාස්කූප්’’ කියලා සමහරු කියනවා.

වෙලාවකට ප‍්‍රතිවාදී කණ්ඩායම්වල ක‍්‍රීඩකයින් එක්ක ඔට්ටු වෙන්නත් යනවා වගේ අවස්ථා දැකලා තියෙනවා. ඔබ කොහොම කෙනෙක්ද?

ප‍්‍රතිවාදී කණ්ඩායමේ පන්දු යවන්නන් පන්දු රකින්නන් පන්දු යැවීමේදි මාව මෙල්ල කරන්න හදන එකටවත්. වචනයෙන් මෙල්ල කරන්න හදන එකටවත් මම ඉඩ දෙන්නෙ නැහැ. එයාලට වඩා මම අණසක පතුරවන්න ඕනෑ කියලයි හිතන්නෙ. පිත්තෙන් උත්තර දෙන්න මම නිතරම සූදානම්. ඒ අවස්ථාව පරාජය කිරීමට තමයි මම ක‍්‍රියා කරන්නෙ. මම කොහොමටත් මාව විශ්වාස කර ගෙන ක‍්‍රීඩා කරන කෙනෙක්. ඒ විශ්වාසය මත කණ්ඩායමට හැකි උපරිමය නෙළාදීම මගේ අරමුණයි.

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ (saaravita)

එදා මට අමානුෂික ලෙස "නවක වදය" කළ කැළණිය විශ්ව විද්‍යාලය අද මා ප්‍රණාමයට පාත්‍ර කරයි

Yashoda Wimaladharma - Award

ප්‍රවීණ රංගන වේදිනී යශෝධා විමලධර්මට කැළණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර ගෞරව ප්‍රණාමයකින් පිදුම් ලබා තිබෙනවා.

ඇයට මේ ගෞරව ප්‍රණාමය පුද කර ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංසදය විසිනුයි.

එසේම ඒ ගෞරව සම්මානය වෙනුවෙන් ඇය සිය ෆේස්බුක් ගිණුමේ යොදා තිබුණේ මෙවැනි සටහනක්.

'එදා මට අමානුෂික ලෙස වද හිංසා (නවක වදය) කළ, මා විශ්ව විද්‍යාලයෙන් නෙරපන්නට සහ මාගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්නට වෙර දැරෑ කැළණිය විශ්ව විද්‍යාලය, මගේ ආදරණීය පියාණන් සහ මේ දේශයට වටිනා ගුරැවරයෙකු අකාලයේ අහිමි කළ කැළණිය විශ්ව විද්‍යාලය අද මා ගෞරව ශාස්ත්‍ර ප්‍රණාමයට පාත්‍ර කරයි.

ජීවිතය පුදුමාකාරය..

අද මට කැළණිය විශ්ව විද්‍යාලය පුද කළ මේ ශාස්ත්‍ර ගෞරව ප්‍රණාමය මගේ ගෞරවනීය පියාණන්ට උපහාරයක් වේවා..

මේ ගෞරව ප්‍රණාමය නිමිත්තක් කොට ගෙන විශ්ව විද්‍යාල සංස්කෘතියෙන් අමානුෂික නවක වදය තුරන් කරන්නට දැන්වත් ශක්තිමත් පියවර ගනු ඇතැයි මගේ ඒකායන ප්‍රාර්ථනයයි..!


එෆ්.බී.අයි. පොලිසියේ පරීක්‌ෂණවලින් පසු ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් පහවෙයි - ජෝන් ෂිලිස්‌ටර්

donald-trump-04

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයෙන් පහකිරීම සඳහා විමර්ශනයක්‌ පැවැත්වේ. මේ බව එරට ජාතික බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානියකු වූ ජෝන් ෂිලිස්‌ටර් හෙළිකර ඇත.

ට්‍රම්ප් රුසියාව සමඟ සබඳකම් පැවැත්වීම ගැන ඇමෙරිකානු බලධාරීන් විමර්ශනයක්‌ පවත්වන බව ඔහු තවදුරටත් අනාවරණ කර තිබේ.

එෆ්. බී. අයි. පොලිසිය සහ ඇමෙරිකානු කොන්ග්‍රසය එම පරීක්‌ෂණ සිදුකරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

මෙම පරීක්‌ෂණයේ ප්‍රතිඵලවලින් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් පහවන බව ද ෂිලිස්‌ටර් තවදුරටත් දක්‌වා තිබේ. (divaina)

28 March, 2017

දුර්වල පන්දු යැවුවොත් ගුටි ෂුවර්

nuwan kulasekara-05

නුවන් කුලසේකර, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නොමැකෙන සටහන් කීපයක් සටහන් කළ ක‍්‍රීඩකයෙක්. කුලසේකර අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ද ඔහු හිමිකරගෙන සිටියා. ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටින මෙම දකුණතින් වේග පන්දු යවන්නා මේ වන විට එක්දින සහ විස්සයි20 තරගවලට සහභාගි වෙනවා. මෙම සතියේ ‘හදසර ක‍්‍රිකට් තරුව විශේෂාංගයට අපි එක්ක ක‍්‍රිකට් පිලේ වඩාත් නිහතමානී ක‍්‍රීඩකයෙක් ලෙස නුවන් කුලසේකරයි. නුවන් එක්ක අපි කතා කළේ එයා කැමතිම වේග පන්දු යවන්නන් ගැනයි.

ඔබ වඩාත් කැමති විදේශීය සහ දේශීය වේග පන්දු යවන්නන් කවුද?

මම පොඩි කාලේ ඉඳලම කොදෙව් හිටපු වේග පන්දු යවන්නකු වන කර්ට්ලි ඇම්බ්‍රොස්ට කැමතියි. ඒ මොකද කිව්වොත් ඔහු ක‍්‍රීඩා කරන ආකාරය, ඒ වගේම ඔහුගේ වේග පන්දු යවන්නකු ලෙස දැවැන්ත ශරීරිය මගේ හිතට වැදිලා තිබුණා.

ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන්නන්ගෙන් රවී රත්නායක සහ රුමේෂ් රත්නායක යන ක‍්‍රීඩකයෝ පන්දු යවනවා බලන්න මම කැමතියි. ඒ ක‍්‍රීඩකයෝ පන්දුව දෝලනය කරන ආකාරය ඒ වගේම පන්දුව දෝලනය සඳහා පතිත කරන ස්ථානය වගේ දේවල් ගැන මම විශේෂ අවධානයක් යොමු කරනවා.

මෑත කාලයේදී වාස් අයියා (චමින්ද වාස්) සහ ලසිත් (ලසිත් මාලිංග) යන පන්දු යවන්නන්ට මම ගොඩක් කැමතියි.

ඔබ ජාතික කණ්ඩායමට පැමිණීමට පෙර අනුකරණය කළ ක‍්‍රීඩකයෙක් ඉන්නවද?

එහෙම කෙනෙක් කියලා විශේෂයක් නෑ. මම අනුකරණය කළේ නෑ. ඔවුන්ගෙන් ඇතැම් දේවල් ලබාගත්තා. වසීම් අක‍්‍රම්, වකාර් යුනිස්, බ්‍රේට් ලී සහ ජේම්ස් ඇණ්ඩසන් වැනි ක‍්‍රීඩකයන් පිළිබඳව අවධානය යොමු කළා.

පන්දුව දෝලනය කරන ආකාරය වගේ දේවල් තමයි ලබාගත්තේ.

ශ්‍රී ලංකාවේ තරුණ වේග පන්දු යවන්නන් ගැන අදහස කොහොමද?

අපිට පසුගිය වසර පහක පමණ තුළ තරුණ හොඳ වේග පන්දු යවන්නන් රැසක් ඉන්නවා. විශේෂයෙන් වයස 19 න් පහළ පිලෙන් දක්‍ෂ පන්දු යවන්නන් දෙන්නෙක් ආවා. ළහිරු කුමාර හොඳින් ක‍්‍රීඩා කරනවා. අසිත ප‍්‍රනාන්දු ටෙස්ට් සංචිතයේ සිටියා. ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්. ඒ ක‍්‍රීඩකයන්ට පුළුවන් වසර දෙකක් විතර යන විට ජාත්‍යන්තරට ඉතාමත්ම හොඳින් අනුගත වෙන්න.

ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙක් වන ඔබගෙන් තරුණ ක‍්‍රීඩකයන් උපදෙස් ලබාගත් අවස්ථා තිබෙනවද?

අනිවාර්යෙන්ම. මම කිසිඳු පැකිලීමක් නැතුව මගේ රටේ හෝ වෙනත් රටක හෝ ක‍්‍රීඩකයකු මගෙන් කිසියම් දෙයක් ඇහුවොත් කියලා දෙනවා. මම ඉගෙනගත්තු දේ කියලා දෙන්න මම වඩාත් කැමතියි.

පුහුණුවීම්වලදී අපේ යොවුන් ක‍්‍රීඩකයෝ මගෙන් පළමු ඕවර 10 පන්දු යවන විට සහ අවසන් ඕවර යවන විට කරන වෙනස්කම් පිළිබඳව අහනවා. මම ඉතාමත්ම කැමැත්තෙන් මගේ අත්දැකීම් ලබා දෙනවා.

ඔබට පන්දු යැවීමට වඩාත් අසීරු පිතිකරුවකු ඉන්නවද?

ජාත්‍යන්තර තලයේ ක‍්‍රිස් ගේල්, විරේන්ද්‍ර සෙවැග්, ඇඩම් ගිල්ක‍්‍රිස්ට් වැනි පිතිකරුවන්ට පන්දු යැවීම අසීරුයි. මොකද ඒ පිතිකරුවන්ට දුර්වල පන්දුවක් යැවුවොත් ගැලවීමක් ලැබෙන්නේ කලාතුරකින්. සෙසු පිතිකරුවෝ සහ මේ සුවිශේෂි පිතිකරුවෝ අතර වෙනස ඒකයි. දුර්වල පන්දු යැවුවොත් ගුටි කන්න තමයි වෙන්නේ.

මෑතක සිට පුහුණුවීම්වලදී නිරෝෂන් දික්වැල්ලට පන්දු යැවීම අසීරුවෙලා තියෙනවා.

ඔබට දැන් වයස 34 ක් ක‍්‍රීඩාවේ අනාගතය ගැන හිතලා තියෙනවද?

ඒක ඉතින් එහෙම කියන්න බෑ. ඒක කරන්න වෙලාවක් එයි. මම හිතපු නැති වෙලාවක ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට ආවා. හොඳින් පන්දු යැව්වා. දැනුත් උපරිමයෙන් ක‍්‍රීඩා කරනවා. අද ද හෙට ද කියලා කියන්න බෑ. (saaravita — Text — Yohan / Pic-internet)