29 March, 2017

"තමුසෙ කොහොමද ඕයි මාව වීඩියෝ කරන්නේ" - මහ මග පුරවැසියටන්ට තඩිබාන ලංකාවේ මදාවි පොලිසිය

Traffic Police Beaten Attack

පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් කාලෙන් කාලෙට විවිධ කතා මතුවෙනවා.

ඉතින් මේ දිනවල අන්තර්ජාලයේ නාරාහේන්පිට ප්‍රදේශයේ රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එක්තරා යතුරුපැදි හිමිකරුවෙකු මාර්ගයේ වරදක් කිරීම නිසා ඔහුව නතර කරගෙන දඩයක් ගසන්නට සූදානම් වන අයුරුත් ඔහු එම අවස්ථාවේ තමන් එම වැරැද්ද නොකළ බවට කරන තර්කයකුත් දැක්වෙන වීඩියෝවක් හුවමාරු වෙමින් පවතිනවා.

මෙහිදී යතුරුපැදිකරු සිදු කලේ වරදක්ද නැද්ද යන්න තොරතුරු අනාවරණය වන්නේ නැහැ.

කෙසේවෙතත් මෙම වීඩියෝවේ වැදගත් කාරණාව වන්නේ තමන්ට පොලිසියෙන් අසාධාරණ දඩයක් ලැබෙන්නට යන බව සිතා එම සිදුවීම තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කරන්නට යතුරුපැදිකරු උත්සාහ දැරීමත් එම අවස්ථාවේ එය වීඩියෝගත කිරීමට විරෝධය පා පොලිස් නිලධාරියා කැමරා ෆෝනයට අතින් ගසා පුද්ගලයාටද පහරදීමට තැත්කර වීඩියෝගත කිරීම වළක්වාලනු ලැබීමයි.

මේ කාලයේ ඕනෑම කෙනෙකුට ජංගම දුරකථන වීඩියෝවක් ඕනෑම මොහොතක ලබාගන්නට තිබෙන පහසුකම තුළ මේ ආකාර වීඩියෝගත කිරීමක් සිදු කිරීම වරදක්වන්නේද නැද්ද යන්න ගැන මේ වීඩියෝව ඔස්සේ සමාජ මාධ්‍ය තුළ දැන් අලුත්ම කථාබහක්ද මතුව තිබෙනවා.

එහි වීඩියෝවයි මේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""තමුසෙ කොහොමද ඕයි මාව වීඩියෝ කරන්නේ" - මහ මග පුරවැසියටන්ට තඩිබාන ලංකාවේ මදාවි පොලිසිය"

    Post a Comment