29 March, 2017

අක්කා වගේ වෙන්න කැමති ශනුද්‍රි

Shanudri - Sheshadripriyasad

යොවුන් රංගන ශිල්පිනියක සේම ගායිකාවක ලෙසද එකසේ ජනප්‍රිය ශනුද්‍රි ප්‍රියාසාද් මේ වනවිට නැවතත් සුපුරුදු පරිදි කලා කටයුතුවලට දායකව සිටින්නීය. ඇය මේ දිනවල නිතර දකින මුහුණක් බවට පත්ව සිටින අතරේ දෙරණ නාළිකාවේ විකාශය වෙන සාරංග මෙන්ඩිස්ගේ ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යය තුළිනි. 

කලා කටයුතු සඳහා වැඩි කාලයක් වැය කරන්නට සූදානමින් සිටින ශනුද්‍රි සිය වැඩිමහල් සහෝදරිය වන දිනක්ෂි මෙන් ජනප්‍රිය හා සම්මානනීය රංගන ශිල්පිනියක් වීමට ආසාවෙන් සිටින්නීය.

“දිනක්ෂි අක්කාට පසුගිය කාලයේදී සම්මාන 5ක් 6ක් හිමිවුණා. ඒ ගැන ගොඩක්ම මට සතුටුයි. මටත් අක්කා වගේම සම්මාන දිනාගැනීමේ ආසාව තියෙනවා. පසුගිය කාලේ කලා කටයුතු මුකුත්ම කළෙ නැහැ. මොකද අධ්‍යාපන කටයුතුවලට වැඩිපුර යොමු වෙලා හිටිය නිසා. 

දැන් අධ්‍යාපන කටයුතු නිමාකළ නිසා ආයෙත් මේ දවස්වල කලා කටයුතු සමග සම්බන්ධ වෙලා වැඩ කරනවා. ලොකුම ඉලක්කය තමයි ඉතින් සම්මානයක් හිමිවෙන රඟපෑමක් කරන එක.”

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අක්කා වගේ වෙන්න කැමති ශනුද්‍රි"

    Post a Comment