29 March, 2017

නිල් චිත්‍රපට නිපදවන දෙදෙනෙක් මාට්ටු - මඩකලපුව කාන්තාවකගේ චිත්‍රපටයක් නිකුත්කරලා

arrested men

අසභ්‍ය චිත්‍රපට නිශ්පාදනය කිරීමට සම්බන්ධ තරුණයන් දෙදෙනෙකු මඩකලපුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජංගම දුරකථනවලින් කාන්තාවන්ගේ ඡායාරූප ලබාගෙන ඒවා යොදා ගනිමින් සැකකරුවන් චිත්‍රපට නිශ්පාදනය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මඩකලපුව ප්‍රදේශයේ කාන්තාවකගේ නමින් මෑතකදී අසභ්‍ය චිත්‍රපටයක් නිකුත්කර ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී තිබුනා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මංගල උත්සවවල වීඩියෝ පටිගත කරන්නන් බවට ද සඳහන්.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මඩකලපුව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා. (හිරු)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නිල් චිත්‍රපට නිපදවන දෙදෙනෙක් මාට්ටු - මඩකලපුව කාන්තාවකගේ චිත්‍රපටයක් නිකුත්කරලා"

    Post a Comment