29 March, 2017

පාසල් ඇඳුමින් පෙම්වතාගේ නිවසට ගිය සිසුවිය ගැන ඇමතුමක්

srilanka school girl with uniforme boyfriend

ඉමදුව කෝඹල ප්‍රදේශයේ සිය පෙම්වතාගේ නිවසට පාසල් නිළ ඇදුම පිටින් ගමන් කරන ලද පාසල් සිසුවියක් සම්බන්ධයෙන් 119 ඇමතුමට ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂණ සිදුකර බව ඉමදුව පොලිසිය පවසයි.

මෙම සිසුවිය ඉමදුවට ආසන්න පළාත් සභා පාසලක ඉගෙනුම ලබමින් සිට ඇති අතර
අදාල ඇමතුම ට අනුව ඉමදුව පොලිස් ස්ථානාධිති එච්.වී.කේ උපුල් කුමාර මහතා සහ නිළධාරීන් අදාල පෙම්වතාගේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාව වන විට පාසල් නිළ ඇදුමෙන් පැමිණි සිසුවිය, පෙම්වතා සහ පෙම්වතාගේ දෙමාපියන් එම නිවසේ සිට ඇත.

ඔවුන් කිසියම් සාකච්චාවක නිරත වී සිට ඇත.

පසුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පාසල් සිසුවියගේ ද දෙමාපියන් කැදවා පෙම්වතාගේ ද දෙමාපියන් සමග සාකච්චා කර සිසුවිය දෙමාපියන් වෙත බාර දීමට කටයුතු කර ඇත.

- ලංකින්ද නානායක්කාර (ඉමදුව සමුහ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පාසල් ඇඳුමින් පෙම්වතාගේ නිවසට ගිය සිසුවිය ගැන ඇමතුමක්"

    Post a Comment