29 March, 2017

මහින්දව අනුකරණය කළ තෝමස් ආදි සිසුවාට එරෙහිව බුකිය පත්තු වූ හැටි – ‘‘කවුරු මොනා කිව්වත් ජනතාව අපි එක්ක නම් එක පයිසෙකට සැලෙන් නෑ අපෙ හාමුදුරුවනේ‘‘ (Photos)

දිවයින පුරා පාසල් බොහොමයක පාසල් මහා ක්‍රිකට් තරඟ එසේත් නැතිනම් බිග් මැච් සහ රථ වාහන පෙළපාලි (පැරඩේ) මේ දිනවල පැවැත්වෙනවා.

ඒ නිසාම ෆේස්බුක් ඇතුළු අන්තර්ජාලයේ හැම තැනම වගේ දකින්න ලැබෙන්නේ මේ අයගේ ඡායාරූප.

මේ අතරේ මාතර සෙන්ට් තෝමස් විද්‍යාලය ගියපු පැරඩේ එකේ සිදුවුණ සිදුවීමක් මේ වන විට ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ කතා බහට ලක්වෙමින් තිබේනවා.

මේකට හේතුව වෙලා තියෙන්නේ අදාළ විද්‍යාලයේ ආදි සිසුන් දෙදෙනෙක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විදියට හැඳ පැළදගෙන ඔවුන්ගේ හැසිරීම් අනුකරණය කළ නිසා.

මේ අයගේ එම ඡායාරූප අන්තර්ජාලයේ ජනප්‍රිය වීමත් සමග සමහරු ඔවුන්ට දොස් කියලා තිබුණා.ඒ විතරක් නෙමෙයි ඇතැම් ෆේස්බුක් පේජ් වල පවා මීට විරුද්ධව කතා කරලා තිබුණා.

ඒ අතරේ සමහරු මෙය විනෝදයක් කරගෙන තිබුණා.

කොහොම වුණත් මේ වැඩේ කරපු අය නම් කියලා තිබුණේ විනෝදයට මේ දේ කළ බවත්,කිසිවෙකුට අපහාස කිරීමේ අරමුණෙන් මෙය නොකළ බවත්ය. (nethgossip)























Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මහින්දව අනුකරණය කළ තෝමස් ආදි සිසුවාට එරෙහිව බුකිය පත්තු වූ හැටි – ‘‘කවුරු මොනා කිව්වත් ජනතාව අපි එක්ක නම් එක පයිසෙකට සැලෙන් නෑ අපෙ හාමුදුරුවනේ‘‘ (Photos)"

    Post a Comment