29 March, 2017

විමල්ට දිගටම සේලයින් : ඉල්ලීම් නොතකයි

wimal weerawansa sick-02

උපවාස කරමින් සිටියදී බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද අටවන දිනටත් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වේ.

මේ හේතුව නිසා වීරවංශ මහතාට සේලයින් දීම දිගටම සිදු කරන බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

මන්ත්‍රීවරයා මේ වන විට ජලය පමණක් පානය කරන අතර දියර ආහාර පවා කිසිවක් නොගනී.

බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කල වහාම ජාතික රෝහලට මන්ත්‍රීවරයා ගෙන යාම සදහා බන්ධනාගාර නිලධාරීන් සූදානමින් සිටිති.

සෞඛ්‍ය තත්වය පිරිහීලා :


තමාට ඇප ලබා නොදීම නිසා තව දුරටත් බන්ධනාගාරය තුළ උපවාසයේ යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් එම උපවාසය නතර කරන ලෙස බන්ධනාගාර නිලධාරීන් ඉල්ලා සිටියත් ඔහු එම ඉල්ලීම තරයේම ප්‍රතික්‍ෂේප කර ඇත.

විමල් වීරවංශ මහතා මෙම උපවාසයේ යෙදී සිටියහොත් ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහී යැමට ඉඩ තිබෙන නිසා උපවාසය නතර කරන ලෙස ඔහුට දැනුම් දුන් බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙක්‌ කියා සිටියේය.

උපවාසය කිරීමෙන් මෙම ප්‍රශ්නයට විසඳුමක්‌ නොලැබෙන බවට බන්ධනාගාර නිලධාරීන් විමල් වීරවංශ මහතාට කරුණු පහදා දුන්නත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ බව බන්ධනාගාර ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. (srilankamirror)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විමල්ට දිගටම සේලයින් : ඉල්ලීම් නොතකයි"

    Post a Comment