05 April, 2017

කිරිකැටියා බිම තබා නංගිගේ සැමියා සමඟ හෝටල් කාමරයේ යහන්ගත වූ නිකවැරටියේ මව

Sex couple with Child baby

අවුරුදු 36 ක් වුනාට මේ කියන අම්මන්ඩිට තියෙන්නේ 26 ක වගේ සුන්දර පෙනුමක්. එකපාරක් බැලූවොත් දෙපාරක් බලන්න හිතෙන තරමට මේ අම්මන්ඩි ලස්සනයි. බැදලා ඉන්නේ අහිංසක මනුස්සයෙක්. ඒ මනුස්සයා දුක් වින්දේ මේ අම්මන්ඩිට සැප සම්පත් දෙන්න හම්බකරන්න. ඒ වුනාට මේ අම්මන්ඩිට කන්න බොන්න විතරක් තිබිලා මදි වුනා. ඒ හින්දම මේ අම්මන්ඩිගේ නංගිගේ මිනිහත් එක්ක හොර රහසේ හාද වුනා.

නංගිගේ මිනිහට අවුරුදු 48 යි. හැබැයි ඉතින් පේ‍්‍රම කුරුල්ලා මේ අනියම් සැමියා මේ අම්මන්ඩිට තෑගි බෝග එහෙම මදි නොකියන්නම ගෙනත් දුන්නා. මේ අතරේ මේ කියන කතා නායිකාවට පුංචි පුතෙකුත් හම්බ වුනා. පුතාට මාස 04 ක් වෙනකොට මේ අම්මන්ඩිගේ කසාද මනුස්සයා තව තවත් මහන්සි වුනේ දරුවෙකුත් ඉන්න නිසා හුගක් හම්බ කරන්න. 

මේ අපූරු අම්මන්ඩිට අමතකයි දැන් තමන් මාස 04 ක දරුවෙක්ගේ අම්මා කෙනෙක් කියලා. දවසක් හොර මනුස්සයා කෝල් එකක් දෙනවා වෙනසකටත් එක්ක අද අපි හෝටල් කාමරේකට යමුද කියලා. අම්මන්ඩිට හරි සතුටුයි. ඒත් ප‍්‍රශ්නයක් තියනවා මාස 04 රේ දරුවා තියලා යන්න කෙනෙකුත් නෑ. පැය දෙක තුනේ වැඬේ නේ කියලා හිතලා 38 හැවරිදි අම්මන්ඩි 48 පෙම්වතත් එක්ක ජීවිතය විදින්න හෝටල් කාමරයකට යනවා අර පුංචි දරුවත් අරං.

හෝටල් කාමරේ බිම පුංචි එකාට සෙල්ලම් කර කර ඉන්න සෙල්ලම්බඩුවක් දීලා අම්මන්ඩියි සොර සැමියයි යහන් ගත වුනා. ටික වේලාවක් යද්දි පුංචි එකා බඩගින්නටයි අම්මගේ උණුහුමයි නැතුව අඩනවා. නංගිගේ මිනිහත් එක්ක උණුහුම හොයන අම්මන්ඩිට දරුවගේ ඇඩිල්ල ගානක්වත් නෑ. මේ හෝටලයේ අයිතිකාරය දරුවගේ ඇඩිල්ල ඇහුනම කෙරුවේ පොලිසියට කෝල් කරන එක. කොහොම හරි තුන්දෙනාම පොලිසියට අරගෙන ගියා.

තමන්ගේ මොහොතක සුවය වෙනුවෙන් අහිංසක දරුවා නොතකා හැරීම පාපයක් අපරාධයක් කියලා පොලිසියේ මහත්වරු මේ අම්මන්ඩිට තරයේ අවවාද කලා. අවසානයේ 48 හැවරදි හොර සැමියයි 36 යේ අම්මන්ඩියි පාරවල් දෙකකින් පොලිසියෙන් පිට වෙලා යනවා.

මේ සිද්ධිය වුනේ නිකවැරටිය පොලිස් වසමේ. නිකවැරටියේ පුංචි දරුවා අරගෙන ගෙදර ගියපු මේ අම්මන්ඩි මේ සිද්ධියෙන් පස්සෙවත් තමන්ගේ දරුවා ගැන හිතුවොත් හොදයි.

කින්නියාවේ ළිඳකින් මතුවුණේ නිධානයක්ද?

Kinniya well erupt treasure

නිධානයකින් ගොඩ ගන්නට ඇතැයි සැක කෙරෙන ප්‍රතිමා කිහිපයක් සහ කඩුවක් කින්නියා සුරංගල් ප්‍රදේශයේ පාසලක ළිඳක තිබී පෙරේදා (03දා) හමු වූ බව කොට්ඨාස විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි.

අඟල් 12ක් උසැති - අඟල් අටක් පළලැති බුද්ධ ප්‍රතිමාවක් හා එම උස හා පළලැති සීවලි ප්‍රතිමාවක්, ගවයන් දෙදෙනකු, ඇතෙකු සහ කඩුවක් මෙසේ හමු වූ බව පොලිසිය පවසයි. 

සොයාගත් සියලුම ප්‍රතිමා සහ භාණ්ඩ ලෝහමය ඒවා වන අතර එම භාණ්ඩවල ලෝහ වර්ගය හා පෞරාණික බව පිළිබඳව පරීක්ෂණ සිදුකෙරේ.

කින්නියා අල් ඉර්ෆාන් විදුහල භූමියේ පිහිටි ළිඳක් පිරිසුදු කිරීමට ජලය ඉසිමින් සිටි අවස්ථාවේ මේ ප්‍රතිමා හමු වූ බවට විද්‍යාලයේ විදුහල්පතිවරයා පොලිසිය දැනුවත් කර තිබේ. 

ඉදිරි විමර්ශන කටයුතු සඳහා ප්‍රතිමා සියල්ල කින්නියා පොලිසිය භාරයට ගෙන ඇති අතර කින්නියා පොලිසිය වැඩිදුර විමර්ශන කරනු ලබයි.

ත්‍රිකුණාමලය _ ලක්මාල් කේ. බදුගේ (මව්බිම)

ගොළු අම්මා දිනක් වයසැති බිලිඳාට පොල්ලකින් පහරදී මරා ගිනි තියලා



මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මලියතිව්, 09 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි කථනාබාධිත කාන්තාවක් තමන් බිහිකළ දිනක් වයසැති දරුවාට පොල්ලකින් පහරදී ඝාතනය කොට ගිනි තබා සිටියදී පෙරේදා (03දා) අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවැසුවේ අදාළ කාන්තාව පසුගිය 02 වැනිදා රාත්‍රියේ සිය නිවෙසේ වැසිකිළිය තුළ දරුවා බිහිකොට අනතුරුව දරුවා පොහොර උරයක ඔතා ගෙවත්තේ තිබූ කුකුළු කොටුවේ සඟවා ඇති බවයි.
එසේ සඟවා තිබියදී දරුවා හඬා ඇති අතර අදාළ කාන්තාව උදෑසන දරුවා කුකුළු කොටුවෙන් එළියට රැගෙන පොල්ලකින් පහරදී ඝාතනය කොට ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

දිනක් වයසැති දරුවාට පහරදෙන ආකාරය සැකකාර කාන්තාවගේ වයස අවුරදු 14ක් වන දියණිය දැක ඇති අතර අදාළ දැරිය පාසල් ගොස් සිදුවීම සම්බන්ධයෙන් පාසලේ ගුරුවරයකු දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ ගුරුවරයා විසින් පොලිසිය දැනුවත් කොට ඇත.

අනතුරුව පොලිසිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි සමඟ එම නිවෙස වෙත ගොස් පරීක්ෂා කිරීමේදී සැකකාර කාන්තාව විසින් දරුවා මරා පුලුස්සන ලද ස්ථානය සොයාගත් බවද පොලිසිය පැවැසීය.

පොලිසිය පැවැසුවේ අදාළ කාන්තාව සිය වැඩිමහල් දරුවා පාසල් යෑමෙන් අනතුරුව බිලිඳු මළ සිරුර ගෙවත්තෙන් මඳක් ඔබ්බෙන් පිහිටි පාළු මාර්ගයක් ආසන්නයට ගෙන ගොස් ගිනි තබා තිබූ බවයි.
ගිනි තැබීම හේතුවෙන් බිලිඳු මළ සිරුර දැවී ගොස් තිබූ අතර සිරුරු කොටස් පමණක් හමුවූ බව පොලිසිය පැවැසීය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත්‍රාත් එම්. සම්සුදීන් මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වූ අතර මළ සිරුරු කොටස් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙසට නියෝග කොට ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අනිද්දා (07දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මුලතිව් මහෙස්ත්‍රාත් එම්. සම්සුදීන් මහතා නියෝග කරනු ලැබීය.

වයස අවුරුදු 37ක් පමණ වන සැකකාර කාන්තාවගේ ස්වාමිපුරුෂයා වසර හයක පමණ කාලයකට පෙර මියගොස් ඇති බවද අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.වී.ඩී. ජගත් විජේගුණරත්න මහතා, පුදුකුඩිඉරිප්පු පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස හෙට්ටිආරච්චි මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති. 

වවුනියාව - මාධව කුලසූරිය 

බිරියත් දියණියත් භාර ගන්න අකැමැති වූ ‘බුලත් විටි මාමාගේ’ සිරුර භාරගෙන මහ ඉහළින් අවසන් කටයුතු සිදුකරයි



බිරිය සිය සැමියාගේත් දියණිය සිය පියාගේත් මෘත දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කරද්දී මිනිසත්කම හදවතේ ඇති අනුරාධපුර පැරැණි නගර බස් නැවතුම ඉදිරිපිට එක්සත් ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් එක්වී (බුලත්විටි මාමා) මෘත ශරීරය භාරගෙන සියලුම චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව පසුගියදා (2දා) සවස අනුරාධපුර විජයපුර නිසල නිම්නයේදී (විජය පුර කනත්ත) භූමදානය කළේය.

පසුගිය 30දා හදවත් රෝගයකට ලක්වී අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වූ නාගොල්ලායාය ගලේවෙල ලිපිනයේ උපත ලැබූ උඩුගම කෝරාලලාගේ ‍දොන් නන්දසිරි (71) යන අයගේ දේහය ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයෝ එක්වී මිහිදන් කිරීමට කටයුතු කළහ. බුලත්විට මාමා මියයන තෙක්ම අනුරාධපුර පැරැණි නගරයේ බුලත්විට අලෙවි කිරීමේ නිරත වූ මරණකරු කා අතරත් ප්‍රසිද්ධියට පත්වූයේ ගලේ මාමා යන අන්වර්ථ නමිනි.

සිරුර භාර ගැනීමට මියගිය ගලේ මාමාගේ ඥාතීන් නොපැමිණීම නිසා දින තුනකට ආසන්න කාලයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ සිරුර තැන්පත් කර තිබියදී ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයකු ඔහුගේ උපන් ගමට ගොස් ඔහුගේ ඥාතීන් හමුවී ඔවුන් කැඳවාගෙන පැමිණ තිබේ. මරණ පරීක්ෂණයෙන් අනතුරුව මරුණකරුගේ සිරුර භාර ගැනීමට ඥාතීන් අකැමැති වීම නිසා ත්‍රිරෝද රථ ගාල ආසන්නයේ බුලත්විට විකුණු­ ගලේ මාමාගේ සිරුර ගෞරව සහිතව භූමදානය කිරීමට ත්‍රිරෝද රථ සංගමයේ සියලුම සාමාජිකයන් තීරණය කර තිබිණි.

මීට වසර විස්සකට පමණ ඉහතදී උපන් ගමවූ ගලේවෙල සිට අනුරාධපුර නගරයට පාපැදියෙන් පැමිණි මරණකරු එතැන් පටන් පැරැණි අනුරාධපුර නගරයේ බුලත්විට විකුණු­­ මාටින් මාමාගේ ගෝලයා වශයෙන් කටයුතු කර තිබිණි. මාටින් මාමා මියගිය පසුව ත්‍රිරෝද රථ ගාලේ සාමාජිකයන්ම ඔහුට බුලත්විට විකුණා ජීවත් වීමට අවස්ථාව සලසා දී තිබිණි. ඒ අනුව ඔහු මියයන තෙක්ම බුලත්විට විකුණමින් නගරයේ ජීවත් වී තිබේ.

"අපි ඥාතීන් හොයාගෙන ගලේවෙලට ගියා. ඔහුගේ බිරිය, දුව, මුනුපුරන් මුණගැසුණා. මරණ පරීක්ෂණය සඳහා ඔවුන්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට කැඳවාගෙන ආවා. නමුත් ඔවුන් සියලුම දෙනා මරණය භාර ගැනීමට අකැමැති වීම නිසා අපි තීරණය කළා සංගමයේ සියලු දෙනා එක්වී චාරිත්‍රානුකූලව සිරුර භූමදානය කරන්න.

මාමාගේ ළඟත් තිබුණු සල්ලිත් දාලා අඩුපාඩුවට අපිත් එක්කහු වෙලා මුදල් එකතු කරගෙන මල් ශාලාවෙන් සියලුම වැඩකටයුතු කරලා මිනිය ගෙනාවා පැරැණි බස් නැවතුමේ මාමා බුලත් විට වික්ක තැනට. මාමාගේ අවසන් කටයුතු සියලුම චාරිත්‍ර කරලා. ස්වාමීන්වහන්සේ නමක් ස්ථානයට වඩම්මවලා පින් පමුණුවලා පැන් වඩලා භූමදාන කටයුතු කළා. අපි මාමාට පින් පමුණුවලා හත් දවසට බණක් කියන්නත් කටයුතු කරනවා. සංගමයේ ලේකම්වරයා, භාණ්ඩාගාරික ඇතුළු සාමාජිකයන් හැමදෙනාම මේ කටයුත්තට සහයෝගය දුන්නා" යැයි සභාපතිවරයා පැවැසුවේය.

මෙම මෘත දේහය ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයන්ට අවසන් කටයුතු සිදුකිරීම සඳහා නීතිමය වශයෙන් ලබාදීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් කොස්තාපල් සංජන (7755) මහතා කටයුතු කළේය.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

පෙම්වතිය සහ පෙම්වතා දෙදෙනාම දූෂණය කරළා



මුම්බාය ආසන්නයේ හිස් ඉඩමක් අසල මළ සිරුරු දෙකක් හමුවෙලා. මේ සිරුරු පාසල් ශිෂ්‍යයෙකුගේ සහ ශිෂ්‍යාවකගේ. නිරුවතින් තිබූ මේ මළසිරුරු දෙකම දැඩි ලෙස විකෘති කරලා.

මේ දෙදෙනා පෙම්වතුන් බවත්, දින දෙකකට පෙර අවසන්වරට පාසල් ආ ඔවුන්, පාසලෙන් පසුව එක්ව පාසලෙන් පිටව ගිය බවටත් සාක්ෂි තියෙනවා.

ඉන්පස්සෙ ඔවුන්ව පණපිටින් දුටු කෙනෙකු ගැන විස්තරයක් නෑ. මේ දෙදෙනාව මරාදමා තිබුණේ හුස්ම හිරකිරීමෙන්.

ඒ වගේම මේ දෙදෙනාවම ලිංගික අතවරයන්ට ලක් කළ බවටත් සාක්ෂි තියෙනවා. මොවුන්ගේ ජංගම දුරකථන සහ වටිනා දෑ සියල්ල ම කොල්ලකාලා. මේ මරණ සිදුකිරීමට හේතුවක් තාම වාර්තා වෙලා නැහැ.







මුදලට බිරිඳ විකිණූ සැමියා අවසන් ගමන් ගිය හැටි

Mudered body found toilet pit

තිස්සමහාරාම යෝධකණ්ඩිය උද්දකන්දර ප්‍රදේශයේ තරුණ බිරියක් සැමියා මරා දමා සිය නිවෙසේ වැසිකිළි වළේ සඟවා ඇති බවට පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇති හෙයින් ඒ සම්බන්ධ පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව තංගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ධනපාල අබේවික්‍රම මහතා පැවැසීය.

පසුගිය පෙබරවාරි මස 16 වැනි දින නිවෙසින් පිටව ගිය තම ස්වාමිපුරුෂයා ආපසු නිවෙසට පැමිණ නැති බව පවසා සැකකාරිය තිස්සමහාරාම පොලිසියට මාර්තු මස 18 දින පැමිණිලි කර ඇත.

සිද්ධිය සම්බන්ධව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල් මංජුල (44974) මහතාට ලද තොරතුරු මත සිදු කෙරුණු පරීක්ෂණ අනුව සැමියා බීමත්කමින් නිවෙසට පැමිණ උදේ ආහාර ඉල්ලූ විට දෙදෙනා අතර දබරයක් ඇති වී සැමියා තල්ලු කර දැමීමෙන් පසු අසල ටැංකියේ වැදී බිම පතිත වීමෙන් පසු නිවෙසේ තිබූ කිතුල් පොල්ලකින් පහරදී මිය ගිය පසු අලුත කපන ලද වැසිකිළි වළට දමා පස්වලින් වසා දැමූ බවට බිරිය පාපෝච්චාරණය කර ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ වීරසිංහ ආරච්චිගේ ප්‍රියන්ත නොහොත් මිල්ගොයා (35) නමැති අයෙකි. මරා වැසිකිළි වළේ සඟවා ඇතැයි කියන සිරුර තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදී ගොඩගැනීමට නියමිත බවද ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය. සැකකාර බිරිය තිස්සමහාරාම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

බාල වයස්කාරියක් ලෙස ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නඟාගෙන ඇති කරගත් විවාහයක් මත දරුවන් සිවු දෙනකු සිටින මෙම අඹු සැමි යුවළ සිය සැමියාගේ දැනුවත්කම මත, බිරිය වෙනත් අය සඳහා ලබාදී මුදල් උපයාගෙන ඇති බවද අනාවරණය වී ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.

තංගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ධනපාල අබේවික්‍රම මහතාගේ උපදෙස් මත හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස්, තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන බස්නායක, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල් මංජුල (44974) පොලිස් සැරයන් සුමනසිරි (22789) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වති.

හම්බන්තොට _ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

මහනුවර නගරයට උමං මාර්ගයක්

Tunnel Road

දළදා මාලිගාව අවට පූජා භූමිය ආශ්‍රිත ප්‍රදේශයේ හා මහනුවර නගරයේ මාර්ග තදබදය වැළැක්වීම සඳහා මහනුවර නගරය යටින් දිවෙන උමං මාර්ගයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ඊයේ (4) ලද බව සභානායක සහ මහාමාර්ග, උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මහනුවර දළදා මාලිගාව ඉදිරිපස මාර්ගය කිසිසේත් විවෘත නොකරන බව පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළ ඇමැතිවරයා තැන්නේ කුඹුරේ සිට අම්පිටිය දක්වාත්, බෝගම්බර සිට ගැටඹේ දක්වාත් උමං මාර්ගයක් ඉදිකරන බවද සඳහන් කළේය.

ස්ථාවර නියෝග 23/2 යටතේ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා එසේ කීවේය.

දිනේෂ් ගුණවර්ධන මහතා - දළදා මාලිගාව සහ එය පිහිටි පූජා භූමිය මහා සංඝරත්නය පරම්පරාවෙන් පරම්පරාවට රැකදුන්නා. රජවරුන් දිවිහිමියෙන් රැක දුන්නා. සෑම රජයක්ම දළදා මාලිගාව සහ පූජා භූමිය රැක ගැනීමට බැඳී ඉන්නවා. නමුත් දැනට පූජා භූමිය බල ප්‍රදේශයේ වාහන ගමන් කිරීමේ මාර්ගය විවෘත කිරීමට උත්සාහ කරන බව අගමැතිතුමා දන්නවද මේ පාර විවෘත කිරීම සම්බන්ධව මහනායක හිමිවරු හා මහා සංඝරත්නය, දියවඩන නිලමේතුමා හා බෞද්ධ සංවිධාන විසින් නවතා දමන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, දළදා මාලිගාව ඉදිරිපස මාර්ගය විවෘත කරන්නේ නැහැ. පසුගිය ආණ්ඩුව මේ පාර වැහුණේ විකල්පයක් ලබාදෙන්නේ නැතුවයි. අවුරුදු විස්සක් මේ අය රට පාලනය කළා. පාර වහලා අද කියනවා තදබදයක් තියෙනවා කියලා. අපි උමං මාර්ගයක් හදනවා. පූජා භූමියේ මායිම් සකස් කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. මේ අය කළේ පූජා භූමිය වටේ සුරා සල් විවෘත කරලා කාර් රේස් පැද්ද එකයි. අද බොරුවට කිඹුල් කදුළු හෙළනවා. (සභාවේ ඝෝෂා)

කථානායක - පාර විවෘත කරන්නේ නැහැ කිව්වානේ.
සභානායක - අවුරුදු විස්සක් රට පාලනය කරලා අද තබදයක් ගැන අපෙන් අහනවා.

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න (lakbima)

‘මෝඩකමට සීමාවක් නැත‘ – ප්‍රේමදාස පිටියේ ඊයේ පැවති සයිටම් විරෝධයට එරෙහිව බුකිය පත්තු වූ හැටි (Photos)


සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ ප්‍රේමදාස පිටියේ පැවති තරඟයේදී වූ සිදුවීමක් පිළිබඳ මේ වන විට අන්තර්ජාලයේ දැඩි කතා බහක් ඇති වෙමින් පවතී.

මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එහිදී සයිටම් විරෝධී උද්ඝෝෂනයක් පවත්වන්නට කටයුතු කර තිබීම ඊට හේතුව වී තිබිණ.

ක්‍රිකට් විස්තර විචාරක රෝෂාන් අබේසිංහද මේ පිළිබඳව සිය ටිවිටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් කිය තිබුණේ ‘මෝඩකමට සීමාවක් නැත‘ යනුවෙනි.

එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ මෙම ඡායාරූප නැරඹූ බොහෝ දෙනා සඳහන් කර තිබුණේ මෙවැනි ක්‍රියාවන් ක්‍රීඩාවෙන් ඈත්විය යුතු බවය.


















මේ මීට එරෙහිව ෆේස්බුක් සමාජ ජාලයේ පළවී තිබූ නිර්මාණ කිහිපයක් සහ ෆේස්බුක් පරිශීලකයන්ගේ අදහස් කිහිපයක්ය.









(nethgossip)

සුප්‍රකට නිල් චිත්‍රපට නලු ජොනී සින්ස් ලංකාවට! (Photos)

Johnny Sins-09

සුප්‍රකට නිල් චිත්‍රපට නලුවකු වන ජොනී සින්ස් සහ ඔහුගේ බිරිඳ වන කිස්සා සින්ස් ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරත වීමට සූදානම් වන බවට අප වෙත තොරතුරු වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ සහ මධ්‍යම කදුකරයේ සුන්දරත්වය විදීම සඳහා මෙරට ප්‍රමුඛතම සත්කාරක සේවා සමාගමකට අයත් දකුණු පළාතේ සහ මධ්‍යම පළාතේ සුපිරි හෝටල් දෙකක්ද වෙන් කර ඇති බවට අනාවරණය වී ඇත. එලඹෙන මැයි මාසයේදී මෙම සංචාරය සිදුවීමට නියමිතව තිබේ.

සාමාන්‍යයෙන් ලොව පුරා බොහෝ ප්‍රසිද්ධ චරිත වරින් වර ඉතා රහසිගතව මෙරටට පැමින ස්වභාවික සුන්දරත්වය භුක්තිවිදින බව නොරහසකි.

විවිධ රටවල සංචාරය කිරීමට දැඩි ඇල්මක් දක්වන ජොනී සින්ස් සිය ලොව විවිධ රටවල සංචාරයන් අතරතුරදී ගත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

Johnny Sins-01

Johnny Sins-02

Johnny Sins-03

Johnny Sins-04

Johnny Sins-05

Johnny Sins-06

Johnny Sins-07

Johnny Sins-08

දිනක්ෂි මාධ්‍ය ගැන කලකිරීමෙන් තැබූ ෆේස්බුක් සටහන

Dinakshi Priyasad-07

පසුගිය දා පැවති ජනාධිපති සම්මාන උලේලෙදී දිනක්ෂි ප්‍රියසාද් ජුරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලැබුවා.

කෙසේ වෙතත් මේ සම්මානය සම්බන්ධයයෙන් මාධ්‍ය තුළින් හෝ අන්තර්ජාලය තුළින් ලොකු ප්‍රචාරයක් නම් ලැබුණේ නෑ.

ඒ නිසාමදෝ මේ සම්බන්ධයෙන් දිනක්ෂි ප්‍රියසාද් ඇයගේ ෆේස්බුක් පිටුවේ සටහනක් එක්කර තිබෙනවා.

ඒ සහයනේ මාධ්‍ය ගැනනම් ඇය ඒ තරම් හොඳ අදහසකින් ඉන්නව කියලා නම් කියන්න අමාරුයි

ඇයගේ ෆේස්බුක් සටහන පහතින් බලන්න.

Dinakshi Priyasad-FB Status Award

Image may contain: 1 person, smiling, standing

Image may contain: 1 person, smiling, standing

Image may contain: 1 person, standing and indoor

අමෙරිකානු – චීන ජනපති හමුවට රතු එළියක් දල්වමින් උ. කොරියාව මිසයිලයක් අත්හදා බලයි

North Korea missile tests

උතුරු කොරියාව යළිත් වරක් යළි බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට නැගෙනහිර වරායෙන් ගුවන්ගත කළ මිසයිලය සැතපුම් 40ක් ඉහළට ගොස් ජපන් මුහුදට පතිත වී ඇති බවයි.

උතුරු කොරියාව මෙලසෙ මිසයිලයක් අත්හදා බලා ඇති බව නිවේදනය කරනු ලැබ ඇත්තේ, දකුණු කොරියානු සහ අමරිකානු ආරක්ෂක බලධාරීන් විසිනි.

මෙය උතුරු කොරියානු න්‍යෂ්ටික අත්හදාබැලීම් මාලාවේ නවතම අත්හදාබැලීම වන අතර උතුරු කොරියාව පවසන්නේ, සිය අත්හදා බැලීම් සමාකාමී බවයි.

එහෙත් බටහිර රටවල් උතුරු කොරියාවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තැති ගැන්මකට ලක්ව සිටින අතර මෙය න්‍යෂ්ටික අවි භාවිතය වර්ධනය කර ගැනීමේ උත්සාහයක් බවට බටහිරින් චෝදනා එල්ල වේ.

අත්අහදා බැලීම සිදු වන්නේ, චීන ජනාධිපති ෂි ජින්පිං අමෙරිකානු සංචාරය ආරම්භ කිරීමට සූදානමින් සිටියදී වීම විශේෂත්වයකි.

හමුවේදී චීන සහ අමෙරිකානු ජනාධිපතිවරුන් උතුරු කොරියානු න්‍යෂ්ටික සහ මිසයිල ක්‍රියාකාරම් පාලනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරනු ඇති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව කිසිදු ආකාරයේ න්‍යෂ්ටික හෝ මිසයිල අත්හදාබැලීමක් සිදු කිරීම උතුරු කොරියාවට අවසර හිමි නොවේ.

කෙසේ වෙතත් මේ වනවිට උතුරු කොරියාව එකී තහනම නොතකමින් දිගින් දිගටම න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරමින් පවතී.

මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු...

Lady Dead Maranaya

1971 අප්‍රේල් අරගලය විසින් ඇතිකරනු ලැබූ සමාජය වඩා සාධනීය දිශානතියට හැරවීමේ චලනය පිළිබඳව සංවේදීව සිතීමට අප හට අවධාරණය කරයි.

අදත් හෙටත් මතු අනාගතයේදීත් ඒ අසමාන විරුවන් පිළිබඳව ඒ "ශ්‍රේෂ්ඨ පරාජය" පිළිබඳව වඩා ගැඹුරෙන් වඩා පුළුල්ව වඩා පරිණත දෘෂ්ටියකින් සිතිමට හැකිවෙනු ඇත.

අවනීතියෙන් අසාධාරණයෙන් පීඩා වින්ද සුවහසක්‌ මිනිසුන් උදෙසා වඩාත් යහපත් හෙට දිනක්‌ වෙනුවෙන් තම දිවි පුද දුන් ඒ අව්‍යාජ මිනිසුන් පිළිබඳ මතකය ඒ තුළින් ඔවුන් සදාකල් ජනතා සිත්සතන් පුබුදු කරනු ඇත.

මේ ඒ පිළිබඳ ලියැවුණ නන්දන වීරසිංහයන විසින් විරචිත "කිරි සුව`දැති රාත්‍රිය" නම් ග්‍රන්ථයේ දක්‌නට ලැබෙන "බක්‌මහේ කටහඬ” නම් අතිශය සංවේදී කවි පෙළයි මේ......

එරබදු අතු නැමී රෑ හුළඟේ හැපෙන

ගඟබඩ නුඹේ උණු ලේ පුසුඹම දැනෙන

හිමිහිට පුංචි රතුමල් පෙති දිග හැරෙන

මේ බක්‌ මහෙත් ඉවුරෙන් අත වනනු මැන

ඒ බක්‌ මහේ රෑ හඳ දියවෙන කලට

නුඹේ සිරස පාවී ආවා තොටට

තියුණු නිවුණු සීතල දෑසෙහි රුවට

ඇවිළුනා පැතුම ගිනි දැල්ලක ලෙසට

අවියෙන් වනසන්න බෑ උතුම් අරමුණු

හඬගා කියන නුඹේ හඬ අහසේ හැපෙනු

ඇසුණා ඒ හඬේ නෑ මිය ගිය ලකුණු

මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු